ෆොන්සේකාට රුපවාහිනියක්

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධාන නායක සරත් ෆොන්සේකාට බන්ධනාගාරය තුළ රූපවාහිනී නැරඹීම සඳහා අවස්ථාව ලබා දෙන ලෙස ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල බන්ධනාගාරය බලධාරීන්ට අද නියෝග කළහ. බන්ධනාගාරයේ අනෙකුත් සිරකරුවන්ට රූපවාහිනී නැරඹීමේ අවස්ථාව ලැබී ඇති බැවින් සරත් ෆොන්සේකාට ද එම අවස්ථාව ලබාදෙන ලෙසයි විත්තියේ නීතිඥ නලින් ලද්දුවහෙටිටි අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. බන්ධනාගාර තුළ රූපවාහිනී නැරඹීමට අවස්ථාව හිමි වන්නේ කිසියම් පුද්ගලයෙකු පරිත්‍යාගයක් ලෙස ලබාදුන හොත් පමණයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකාට ද එවැනි පරිත්‍යාගයක් ලැබෙන්නේ නම් අදාල ඉල්ලීම පිළිබඳ ගැටලූවක් නොමැති බව අධිකරණයේදී ප‍්‍රකාශ විය. Tell a Friend