සැකකරුවන් මුහුණු මගින් හඳුනගන්න නව මෘදුකාංගයක්

සැකකරුවන් හඳුනාගැනීම සඳහා ඇමෙරිකානු ආරක්ෂක අංශ හා පොලිසිය භාවිතයට ගන්නා පරිගණක මඟින් මුහුණු හදුනා ගැනීමේ තාක්ෂණය පොලිස් අපරාධ වාර්තා කොට්ඨාසයට හඳුන්වා දී ඇත.

සංවිධානාත්මක අපරාධකරුවන් හා අපරාධ විමර්ශන කටයුතු වල දී සැකකරුවන් හඳුනා ගැනීමට ලෝකයේ භාවිතයට ගෙන නවීන තාක්ෂණය මෙය වන අතර  මෙය හඳුන්වා දීමත් සමඟ එකම පුද්ගලයකු විවිධ නම්වලින්  පෙනී සිටිනවාද, ප්ලාස්ටික් ශල්‍යකර්මයකින් මුහුණ වෙනස් කර තිබෙනවාද ඇතුළු ඕනෑම මේ වෙනස්කමක් සිදු කළ ද, එම මෘදුකාංගය මගින් ක්ෂණිකවම පුද්ගලයා හඳුනාගනී. සිදු කරනු ලබන්නේ පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කිරීමකි.

රාශිය වල සිටින ප්‍රචණ්ඩකාරී පුද්ගලයන් පිළිබඳ පරිගණක පද්ධතියට යොමුකරන සීසීටීවී හෝ වීඩියෝ හෝ ඡායාරූප මගින් හඳුනාගැනීමේ අවස්ථාව උදා වී ඇත. මේ වන විට මේ සඳහා නිලධාරීන් ද පුහුණු කර සිටින සිටින නිසා රාජ්‍ය විරෝධී කැරළි උද්ඝෝෂණ, අයුතු ජනරාශිය වල සිටින ප්‍රචණ්ඩකාරි පුද්ගලයන් පිළිබඳ පරිගණක පද්ධතියට යොමු කරන සීසීටීවී හෝ වීඩියෝ හෝ ඡායාරූප මගින් හඳුනා ගැනීමේ අවස්ථාව උදා වී ඇත.

මෙම ව්‍යාපෘතිය සාර්ථක වන්නේ 2017 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා මේ සම්බන්ධව හොඳින් අධ්‍යයනය කොට මෙම තාක්ෂණය ශ්‍රී ලංකා පොලිසියට  හඳුන්වා දුන් බැවිනි. 

තුෂාන් ගුණවර්ධන

මෙම නවීන තාක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට මහඟු මෙහෙවරක් සිදු කරනු ලැබුවේ හිටපු පාරිභෝගික අධ්‍යක්ෂක තුෂාන් ගුණවර්ධන මහතා ය. මොහු මුහුණු මගින් සැකකරුවන් හඳුනා ගැනීමේ මෘදුකාංග පිළිබඳ මනා දැනුමක් සහ එය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳවහසල දැනුමක් ඇති පුද්ගලයෙකි.

2019.4.21 පාස්කු ප්‍රහාරයෙන් පසු වූ රොෂාන් ගුණතිලක මහතාගේ අදහසකට අනුව රොෂාන් ගුණතිලක මහතාගේ අදහස වූයේ මුහුණු මගින් සැකකරුවන් හඳුනා ගැනීමේ මෘදුකාංගයක අවශ්‍යතාවය ශ්‍රී ලංකා පොලිසියට ඇති බවයි.

මේ අදහස ඇතිව තුෂාන් ගුණවර්ධන මහතා විශේෂ කාර්ය බළකායේ එවකට අධ්‍යක්ෂකව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් මහතා හමුවීමට ගොස් මෙම තාක්ෂණයේ ඇති වටිනාකම ප්‍රකාශ කර ඇත.එහිදී මෙහි වටිනාකම තේරුම් ගත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් මහතා මෙවැනි මෘදුකාංගයක අවශ්‍යතාවය පවතින්නේ අපරාධ වාර්තා කොට්ඨාශයට බව තේරුම්ගෙන මොහු අපරාධ වාර්තා කොට්ඨාශය වෙත යොමු කරන ලදී.

තුෂාන් ගුණවර්ධන එවකට අධ්‍යක්ෂ  සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් සේරම් මහතා හමුවන අතර අපරාධ වාර්තා කොට්ඨාශය තුළ අපරාධකරුවන්ගේ ඡායාරූප එකතුවක් ඇති බවයි. මෙහි විශේෂත්වයක් වන්නේ මෙවැනි දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන් ගේ ඡායාරූප එකතුවක් පවතින එකම ස්ථානය ද මෙය වන නිසාය.

රුවන් කුමාර

මුහුණු හඳුනාගැනීමේ මුදුකාංගය මුදුකාංගය ලබාදිය යුතු මුදුකාංගය ලබා දිය යුතු හොඳම ස්ථානය අපරාධ වාර්තා කොට්ඨාශය බව හොඳින් තේරුම් ගන්නා තුෂාන් ගුණවර්ධන මහතා අපරාධ වාර්තා කොට්ටාශයේ ඡායාරූපාගාර ය භාරව ක්‍රියා කරන පොලිස් පරීක්ෂක ගීතාංග ලියනගේ සමඟ සාකච්ඡා කිරීමේදී එහිදී ඔහුට තේරුම් යන එක කාරණයක් වන්නේ මොවුන් ද මෙවැනි අධිතාක්ෂණික මෘදුකාංගයක් අවශ්‍යතාවයෙන් පෙළෙන බවයි.

මේ වන විටත් පොලිස් පරීක්ෂක ගීතාංග ලියනගේ 2017 වර්ෂයේ දී මුහුණු හඳුනා ගැනීමේ තාක්ෂණය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා ප්‍රංශයේ අන්තර්ජාතික පොලීසිය වෙත පිටව ගොස් තිබිණි. ඔහු මෙම තාක්ෂණය පිළිබඳව මනා දැනුමක් ලබාගෙන තිබූ නිසා රොෂාන් ගුණවර්ධන මහතා සමඟ මෙම ව්‍යාපෘතිය සාර්ථකව සිදු කිරීමට හැකියාව ලැබිණි.

2019 වර්ෂයේ දී මෙම ව්‍යාපෘතිය ආරම්භ කර  ද මෙය මෘදුකාංගය ශ්‍රී ලංකා පොලිසියට තබා ගැනීම ඉතා අපහසු කාර්යයක් විය. කීප වරක්ම  මෙය ලබා ගැනීම සඳහා උත්සාහ කළ ද සෑම උත්සාහයක්ම අසාර්ථක විය.

2021 වර්ෂයේ අපරාධ වාර්තා කොට්ඨාසයේ වර්තමාන අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් කුමාර මහතා මෙම අභියෝගය භාරගෙන මෙය ශ්‍රී ලංකා පොලිසිය අපරාධ වාර්තා කොට්ඨාශය තුළ ස්ථාපිත කිරීමට අවශ්‍ය සියලුම කටයුතු සලසා දෙන ලදී.

ගීතාංග ලියනගේ

අධි තාක්ෂණයෙන් යුතු කෘතිම බුද්ධිය ක්‍රියාත්මක වන මෙම මුහුණු මඟින් හඳුනා ගැනීමේ මෘදුකාංගය, ශ්‍රී ලංකා පොලිසියට හිමිවන අතර  මෙය  ශ්‍රී ලංකා පොලිසිය අපරාධ විමර්ශනය සහ අපරාධ නිවාරණය වෙනුවෙන් ගන්නා ලද මහඟු පියවරකි.

මේ වන විට නිලධාරීන් මේ සම්බන්ධව පුහුණු කර  පොලිස් පරීක්ෂක ගීතාංග ලියනගේ නිලධාරියා යටතේ මුහුණු හඳුනා ගැනීම සඳහා වෙනමම අංශයක් ශ්‍රී ලංකා පොලීසිය තුල ස්ථාපිත කර ඉතා සාර්ථකව පවත්වාගෙන යනු ලබයි.