"සමාවෙන්න, මම බයිසිකලේ විකුනලා හරි වියදම් කරන්නම්" - බදුරලිය පොලිසියේ මුණසිංහ.



හර්ෂි සි. පෙරේරා

වෛද්‍ය වරු පවසා ඇත්තේ ඉෂාන්ගේ කන් බෙරය පුපුරා ඇති බවයි. නාගොඩ රෝහලේ ඇස් කන් නාසය පිළිබද සායනයට පැමිණෙන ලෙස උපදෙස් දී ඇති අතර අවශ්‍ය වුවහොත් ශල්‍ය කර්මයක් කිරීමට ඉඩ තිබෙන බව වයිද්යවරු පවසා ඇත.

මුණසිංහ බදුරලිය පොලිසියේ සේවය කරන පොලිස්කාරයෙකි. 2011.08.21 දින බදුරලිය ප්‍රදේශයේ සංගීත සංදර්ශනයක් පැවැත්විණි.

එය නැරබීමට පැමිණි දේවිකා යන අයව මුණසිංහ නමැති පොලිස්කාරයා ඇද ගෙන ගොස් ඇත. දේවිකා යන අය එය නැරබීමට ගියේ ඉෂාන් ,හේමන්ත, ඉන්දික, ලලිත්, අජිත්, නිශාන්ති යන අසල්වාසීන් සමගයි.

දේවිකා මුණසිංහ නමැති පොලිස් කාරයාගෙන් මිදී පැමිණ ඇත. නමුත් එය බැලීමට ඉෂාන් සහ ඉන්දික ගොස් ඇති අතර ඉෂාන්ට මුණසිංහ නමැති පොලිස් කාරයා කනට ගසා ඇත.

පැළද විතානගේ ඉෂාන් විතාන 15 හැවිරිදි පාසල් ශිෂ්යෙකි. ඔහු කලවාන ජාතික පාසලේ 10 වන වසර ඉගෙනුම ලබයි. ඔහුගේ මව 39 හැවිරිදි පද්මා චන්ද්‍රානි වේ. ඔවුන් කෙලින්කන්ද අගලවත්තේ පදිංචිකරුවන් වේ.

ඉෂාන් සංගීත සංදර්ශනයට සහබාගි වී ගෙදර පැමිණ හොදින් කාලය ගත කල මුත් 2011.08.24 දින සවස වම් කන රිදෙන බව පවසා ඇති අතර පද්මා හේතුව විමසු විට මුණසිංහ නමැති පොලිස්කාරයාගේ පහරදීම හෙළිදරවු කර ඇත.

එදිනම පද්මා තම පුතුව බදුරලිය පොලිසියට රැගෙන ගොස් ඇත. එහි දින දෙකක් ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව 2011.08.26 දින ඉෂාන්ව නාගොඩ රෝහලට මාරු කර යවනු ලැබිණි. එහිදී අදිකරණ වයිද්‍ය නිලදාරී රෝගියාව බැලු අතර රෝහල් පොලිසියද කටඋත්තරයක් ගෙන තිබුණි.

වෛද්‍ය වරු පවසා ඇත්තේ ඉෂාන්ගේ කන් බෙරය පුපුරා ඇති බවයි. නාගොඩ රෝහලේ ඇස් කන් නාසය පිළිබද සායනයට පැමිණෙන ලෙස උපදෙස් දී ඇති අතර අවශ්‍ය වුවහොත් ශල්‍ය කර්මයක් කිරීමට ඉඩ තිබෙන බව වයිද්යවරු පවසා ඇත.

2011.08.25 දින පද්මා රෝහලේ සිට ගෙදර පැමිණෙන විට අතරමගදී හමුවූ මුණසිංහ නමැති පොලිස්කාරයා යතුරු පැදිය ඇය අසල නවතා, " මගේ අතින් වරදක් වුනා මට සමාවෙන්න මම බයිසිකලේ විකුනලා හරි වියදම් කරන්නම්" යනුවෙන් පවසා ඇත.

එදිනම මුණසිංහ නමැති පොලිස්කාරයාගේ බිරිද ඉෂාන් සිටි රෝහලේ වාට්ටුවට ගොස් සමාදානයෙන් බෙර ගමු නඩු මාර්ගයට යන්න එපායි පවසන ලදී. එවිට ඉෂාන් තමා කිසිවක් නොදන්නා බවත් තම මවට කියන ලෙසත් පවසා ඇත.

මෙම පොලිස් පහරදීම නිසා ඉෂාන්ගේ වම් කනේ ශ්‍රවන තත්වය ඉතා දුර්වල තත්වයේ පවතී.

මේ පිලිබදව නීතිමය පියවර ගන්නා ලෙසත් ඉෂාන්ගේ ආරක්ෂාව සහතික කරන ලෙසත් පද්මා අදාල බලදාරින්ගෙන් 2011.09.02 දින ඉල්ලා සිටියේය. අදාල බලදාරින් වන්නේ මානව හිමිකම් කොමිසම, පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පති කළුතර, පොලිස් අදිකාරී, මතුගම, ළමා සහ අපයෝජන නිවාරණ කාර්යාංශය, සහ ළමා ආරක්ෂක අදිකාරියයි.









Tell a Friend