ජයලත් ජයවර්ධනගේ පැමිණිල්ල ඉවත දමයි: ජනරාල් අත්අඩංගුවට ගැනීම මානව හිමිකම් උල්ලංගණයක් නොවේලු

අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මානව හිමිකම ඒකකය වෙත එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයලත් ජයවර්ධන විසින් කළ පැමිණිල්ල ප්‍රතික්ෂේප කොට තිබේ. අදාල පැමිණිල්ල ඉදිරිපත් කරමින් හෙතම ජනරාල් සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම සහ විභාගයට ගැනීම මානව හිමිකම් උල්ලංගණයවීමක් ලෙස දක්වා ඇති නමුත්, ඊට රජයේ පාර්ශවයෙන් පිළිතුරු ලබාදුන් ඇමති මහින්ද සමරසිංහගේ ඉතා දීර්ඝ කරුණු දැක්වීමකින් පසු එය එසේ නොවන බව 154 දෙනෙකුගෙන් සමන්විත අදාල කමිටුව විසින් පිළිගෙන තිබේ. Tell a Friend