කිෂානි වැලිවිටිගොඩ
දෛනිකව සුදු මාංශ සහිත ඇපල්, පෙයාර්ස් වැනි පලතුරු සහ එළවලු පාරිභෝජනය කිරීම මගින් ආඝාතය වර්ධනය වීමේ අවදානම සැලකිය යුතු මට්ටමකින් අඩු වන බව වාර්තා වේ.
වසර 10 ක් තුලදී අවුරුදු 20 ත් 65 ත් අතර නිරෝගී වැඩිහිටි පුද්ගලයින් 20,069 ක් යොදාගෙන සිදු කල අධ්‍යන කටයුතු වලින් ඕලන්ද ගවේශකයින් විසින් දිනපතා විවධ වර්ණ වලින් යුත් පලතුරු සහ එළවලු පාරිභෝජනය කිරීම මගින් ආඝාතය වර්ධනය වීමේ ප්‍රවනතාව පිළිබඳව තොරතුරු විශ්ලේෂණය කර තිබේ. එම ගවේෂණ වලින් ලැබුණු ප්‍රතිපල වලින් හෙළිදරව් වී ඇත්තේ දිනපතා සුදු මාංශ සහිත පලතුරු සහ එළවලු පාරිභෝජනයට ගැනීමෙන් ආඝාතය වැළඳීමේ අවධානම 52 % අවම කරන බවයි.
ඇපල්, පෙයාර්ස් සහ කෙසෙල් වැනි පලතුරුද පිපින්න්‍ය, මල් ගෝවා සහ බිම්මල් වැනි එළවලු වලින් දිනකට ග්‍රෑම් 25 ක් ලබා ගැනීම මගින් 9% කින් ආඝාතය වැළඳීමේ අවධානම අඩු කරන බව වැගේනින්ග් විශ්ව විද්‍යාලයේ විද්වතුන් ප්‍රකාශ කර ඇත.
Post a Comment