The Most/Recent Articles

Showing posts with label sports. Show all posts
Showing posts with label sports. Show all posts

ලන්ඩන් ඔලිම්පික් ගැන ප්‍රේක්ෂක සටහනක්

ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය බව කියමින් සන්වර්දනයේ ඉහලින්ම සිටින බව කියමින් මේ රටේ මිනිස්සුන්ව [ ගොන්නුන්ව ] ගොනාට අන්දන ආණ්ඩුව ශ්‍රී ලංකාව යනු තවමත් සන්වර්දනයේ ගේට්ටුව වත් දැකල නැති තැනක සහ ලෝකයේ ඉතාම දුප්පත් තැනක සිටින බව පැහැදිලිවම මේ ඔලිම්පික් තරඟයේදී ඔප්පු කරමින් සිටින බව දැන් මුළු ලෝකයම දන්නවා සහ දකිමින් සිටිනවා …. එයට හේතු කීපයක් තියෙනවා.

1 – ඔලිම්පික් තරඟයක් යනු ඒ සඳහා ඉදිරිපත් කරන්නේ තම රටේ හොඳම ක්‍රීඩකයන් බවට කිසිම සැකයක් නැත ….නමුත් ශ්‍රී ලංකාවෙන් අංශ ගණනාවක තරඟ අංශ ඉතා විශාල ප්‍රමාණයක් ඇති මේ 2012 ඔලිම්පික් තරගාවලියේදී ඉදිරිපත් කිරීමට සිටින්නේ තරඟ කරුවන් 7 ක් පමණි … පිහිනුම් කරුවන් දෙදෙනාම ඉතාම පහත් ලෙස තරඟ අවසන් කර පරාජයට පත්විය … මගේ කල්පනාව නම් එම පිහිනුම් කරුවන් දෙදෙනා මේ ඔලිම්පික් තරඟ සඳහා ඉදිරිපත් නොකලා නම් හොඳයි යන්නය ..වසර 30 ක් යුද්දය පවතී රටක දක්ෂ හමුදාවක් සිටින රටක් බව කියන ලංකාවෙන් ඉලක්කයට වෙඩි තැබීමේ අංශ සඳහා ඉදිරිපත් කිරීමට දක්ෂ ක්‍රීඩකයන් නැත .. යන්තම් කොහෙන් හෝ එක අයෙක්ව සොයාගෙන ඉදිරිපත් කලද එම ක්‍රීඩකයාද ඉදිරිපත් වූ ක්‍රීඩකයන් 45 දෙනා අතරින් 43 වෙනි ඉස්තානයට පත්විය ..බැඩ්මින්ටන් වලින් තිලිනි අන්ත පරාජයක් ලැබිය ….. එයින් යන්තම් හෝ එක තරඟයක් ජයගත්තේ නිලුක පමණි …. එයද ලෝකයේ 8 වන දක්ෂ ක්‍රීඩකයාට විරුද්දව 48 වන ස්ථානයේ පසුවන නිලුක ජයගත්තේ සබැ වාසනාවකට බව සිතේ …. දුවන්න ,පනින්න , බර උස්සන්න , සහ ජුඩෝ , රෙස්ලින් සහ අනිත් සියලුම තරඟ අංශ සඳහා ඉදිරිපත් කිරීමට තරම් වත් සුදුසු ක්‍රීඩකයන් ලංකාවේ නැත …

2 – ලංකාවෙන් ඉදිරිපත් කරන ක්‍රීඩකයන් පළමු වටයේ පරදින බව දන දැනත් ක්‍රීඩකයන් 7 දෙනෙක් සඳහා ලංකාවේ ක්‍රීඩා ඇමති සහ නිලදාරීන් 30 දෙනෙක් ලන්ඩන් බලා සැපක් ගැනීමට ගුවන් ගත වීම …මෙහිදී කිවයුතු නින්දිතම සහ ලජ්ජා සහගතම කරුණ නම් රට වෙනුවෙන් ඉදිරිපත් කරන ක්‍රීඩකයාගේ පුහුණු කරු ව මේ සඳහා සහබාගි කර නොගත් එකම ලෝකයේ දුප්පත් , නොදියුණු රට ශ්‍රීලංකාව බව රටටත් ලෝකයටත් පෙන්වීමයි ….සියලුම තරඟ සඳහා ඉදිරිපත් වන ලෝකයේ සියලු රටවල ක්‍රීඩකයන්ගේ පුහුණු කරුවන් තරගයක් අතරතුර ඔවුන්ට ශක්තිය දීමට සහ උපදෙස් දීමට ඔවුන් පිටුපස හැම තරන්ගයකදිම පෙනී සිටිද්දී ලංකාවේ ගොස් ඇත්තේ එම ක්‍රීඩකයාගේ ක්‍රීඩා සංගමයේ සබාපති සහ අනුග්‍රාහක බව මම දැනගත්තේ නිලුකගේ තරඟය නිසාය …. මෙහිදී මම පුදුමයට පත්වීමි … මම පමණක් නොව මේ බව දන්නවා නම් ලෝකයේ සියලු දෙනා [ ලංකාව හැර ] පුදුම වෙන බවත් මම දනිමි … මෙයනම් ආසියාවේ පමණක් නොව ලෝකයේම ආශ්චර්යක් බව කිවයුතුමයි ….බැඩ්මින්ටන් සංගමයේ සබාපති යනු රේගු නිලදාරියෙකි …. ඔහු රේගුවේ රාජකාරි පසෙකලා නිලුකගේ පුහුණු කරුට ගෙදර නිදාගැනීමට සලස්වා එංගලන්තයේ සැපක් ගැනීමට ගොස් ඇත …. එසේ ගොස් බැඩ්මින්ටන් තරඟ අවසන් උවද ඔලිම්පික් අවසන් වෙනතෙක් එම්ගලන්තයේ රැඳී සිටි … මෙහිදී කිවයුතු වටිනාම දෙයනම් ජපානයෙන් ඉදිරිපත් කල ක්‍රීඩකයන් 305 දෙනාගෙන් තරග අවසන් වෙන වෙන හැටියට ඔවුන්ව එංගලන්තයෙන් වහාම ඉවත්කර ගනී … පදක්කමක් ගත් නොගත් සියලු ක්‍රීඩකයන්ව තරඟයෙන් පසුදාම තම රටට ගෙන්වාගනී …. මෙය මම අත්දුටුවෙමි ….අනිකුත් දියුණු රටවල් ද එසේ කරමින් සිටි … මේ අයුරින් කෙසේ හෝ නිලදාරින්ට ඔලිම්පික් යාම සඳහා කෙසේ හෝ ක්‍රීඩකයන් 7 ක් තෝරාගෙන පට්ටි පිටින් ලන්ඩන් ගොස් ඔලිම්පික් ඉවරවෙනකම් රටේ සල්ලි වලින් එහෙ සැප ගන්නේ ලංකාව ඇතුළු නොදියුණු , දුප්පත් රටවල් කීපයක් පමණි …. මෙය සත්‍යයකි….

3 – කෙසේ හෝ අවසානයේ කීමට ඇත්තේ ඔලිම්පික් තරඟාවලියේදී ලංකාවට ඉදිරි අනාගතයේ හෝ රන් පදක්කම් ලබා ගැනීමට අවශ්‍යනම් ඔලිම්පික් වලට ඇතුල් කලයුතු අංශ කීපයක් ඇත …. ඒවා පහත සඳහන් කරමි ….1 බොරු කීමේ තරඟය 2 මිනිස්සුන්ව ගොනාට ඇන්දවීමේ තරඟය 3 – මිනීමැරීමේ තරඟය 4 – නයට ගෙන සැප ගැනීමේ තරඟය 5 – ගැනුන් සහ පොඩි ළමයින් දුෂණය කිරීමේ තරඟය 6 – නීතියක් නැතුව අයාලේ පාරේ වාහන පැදවීමේ තරඟය 7 – ලොක්කන්ට....දීමේ තරඟය 8 – ජරාව කෑමේ තරඟය …. තව ගොඩක් තරඟ අංශ තිබුනත් සඳහන් කිරීමට වෙලාවක් නැතිවීම ගැන සමාවෙන්න …

මෙම ඉහත සඳහන් ක්‍රීඩා අංශ ඔලිම්පික් වලට ඇතුල් කළහොත් ලංකාවට නිතරඟයෙන් ජයගත හැකිවෙයි සිතමි … සමහර වෙලාවට 3 වන ලෝකයේ නොදියුණු සහ ඉතා දුප්පත් රටවල් කීපයක් පමණක් තරඟයක් දීමට ඉදිරිපත් විය හැක. ඔලිම්පික් තරඟාවලියේදී ඉදිරිපත් කිරීම සහ ලංකාවේ සිරස සහ රුපවාහිනිය එය ඉදිරිපත් කරන සහ විචාරය කරන අයුරු දකිනා විට ලංකාව තවම ඉතා නොදියුණු මට්ටමක බවද නොකියාම බැරිය




තාත්තාගෙන් පුතාට -- ලාංකික ගඩාෆිගේ පුතා දේශද්‍රෝහියෝ නම් කරයි

දිවයින පුවත්පත විසින් වාර්තා කර ඇති පුවත කිසිඳු සංශෝධනයකින් තොරව පහත පල වේ.

අවස්‌ථාව දීලත් එන්නේ නැත්තේ දේශද්‍රෝහියෝ - යෝෂිත රාජපක්‍ෂ

ජාත්‍යන්තර රග්බි ක්‍රීඩාවේදී කැපී පෙනෙන දක්‍ෂතා දැක්‌වීමට ශ්‍රී ලංකාවට නොහැකි වීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ රට දෙවැනියට දමා ක්‍රීඩා සමාජයට ප්‍රමුඛස්‌ථානය ලබාදීමට ක්‍රීඩකයන් පෙළැඹී සිටීම බව පවසන ශ්‍රී ලංකා රග්බි කණ්‌ඩායම් නායක යෝෂිත රාජපක්‍ෂ එසේ කරනවුන් සියල්ලම දේශෙද්‍රෝහීන්ගේ කොටසට වැටෙන බවද සඳහන් කළේය.

මෙම මස 15 වැනිදා සිට පිලිපීනයේදී පැවැත්වෙන එච්. එස්‌. බී. සී. ආසියානු ෆයිව් නේෂන් රග්බි තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කණ්‌ඩායම අද (09 දා) පිටත්ව යන අතර ඊට පෙර 'දිවයින' හමුවේ ශ්‍රී ලංකා නායකයා ඉහත අදහස්‌ දැක්‌වීය.

'ගොඩක්‌ ක්‍රීඩකයන් ජාතික කණ්‌ඩායමට වඩා තමන්ගේ අන්තර් සමාජ කණ්‌ඩායම් ප්‍රධාන කරගෙන තියෙන්නේ. එහෙම වණාම කවදාවත් ජාත්‍යන්තර වශයෙන් ඉදිරියට යැමට ජාතික කණ්‌ඩායමක්‌ ගොඩනගන්න බැහැ. අවස්‌ථාවක්‌ දීලත් එන්නේ නෑ කියන්නේ ඔවුන් දේශද්‍රෝහියෝ කියලා කියන්න පුලූවන්' යනුවෙන් යෝෂිත පැවැසීය.

අදාළ තරගාවලිය සඳහා රග්බි තේරීම් කමිටුව විසින් ක්‍රීඩකයන් 23 දෙනෙකුගෙන් සමන්විත කණ්‌ඩායමක්‌ නම් කළද එහිදී දක්‍ෂතා ඇති ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් පිරිසක්‌ සිය පෞද්ගලික හේතු මත කියමින් කණ්‌ඩායමන් ඉවත්වීය. එම තත්ත්වය මත අලූත් කණ්‌ඩායමක්‌ නම් කිරීමට තේරීම් කමිටුවට සිදුවිය.

'මෙයින් ගොඩ එන්න නම් රටට ආදරය කරන පිරිසක්‌ ගොඩනගන්න ඕන. මොකද තමන්ගේ රටට ක්‍රීඩා කරන එක තමයි ප්‍රධාන. අපි පාසල් කාලයේ ක්‍රීඩා කරද්දීත් බලාගෙන හිටියේ රටට ගහන්නෙ කවද්ද කියලා. ඒ වගේ හැගීමක්‌ ඔය ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් අතර තියෙනවා කියලා මට නම් පෙන්නේ නැහැ'.

'හැකියාව තියෙන දක්‍ෂ ක්‍රීඩකයන් ඉදිරියට පැමිණ ක්‍රීඩා කළ යුතුයි. ගොඩක්‌ ක්‍රීඩකයන් ඉන්නවා රටට ක්‍රීඩා කිරීමේ අවස්‌ථාව නැතිව. අවස්‌ථාව දීලත් එන්නේ නෑ කියන්නේ හරිම කණගාටුදායක තත්ත්වයක්‌' යනුවෙන් යෝෂිත වැඩිදුරටත් පැවැසීය.

මෙම තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්‌ඩායමට තරග 3 කට ක්‍රීඩා කිරීමට සිදුවන අතර එහිදී පළමු තරගය මෙම මස 15 වැනිදා චීන තායිපේ කණ්‌ඩායම සමගින් මැනිලාහි රිසාල් ක්‍රීඩා පිටියේ පැවැත්වේ.

මෙහිදී තමාට හිමිව තිබෙන කණ්‌ඩායමේ ශක්‌තිය පිළිබඳවද අදහස්‌ දැක්‌වූ ශ්‍රී ලංකා නායකයා ,'ලැබිලා තියෙන කණ්‌ඩායම දිහා බැලූවාම පස්‌සේ ජාත්‍යන්තර තරග අත්දැකීම් අඩු සෑහෙන ක්‍රීඩකයන් පිරිසක්‌ ඉන්නවා. නමුත් මම විශ්වාස කරනවා අපි දැන් හොඳ තත්ත්වයක ඉන්නවා කියලා. මොකද අපි පසුගිය සති කිහිපයේදීම හොඳින් පුහුණුවීම් කළා. මේ තරගාවලියට යන්නේ ජයග්‍රහණය කිරීමේ බලාපොරොත්තුව ඇතිව,' යනුවෙන් යෝෂිත රාජපක්‍ෂ අවසන් වශයෙන් අදහස්‌ දැක්‌වීය.

ශ්‍රී ලංකා කණ්‌ඩායම - යෝෂිත රාජපක්‍ෂ(නායක-නාවික හමුදාව), හෙන්රි ටෙරන්ස්‌(හැව්ලොක්‌), කිෂෝර් ජෙහාන්(මහනුවර), නුෂාල් පීපගේ(යුධ හමුදා), සත්‍ය රණතුංග(නාවික හමුදාව), අසල පෙරේරා(මහනුවර), නාමල් රාජපක්‍ෂ(නාවික හමුදාව), හසිත පෙරේරා(අප්කන්ටි්‍ර ලයන්ස්‌), ෂාරෝ ප්‍රනාන්දු(අප්කන්ටි්‍ර ලයන්ස්‌), ගයාන් රත්නායක(මහනුවර), සුමේද මාලේවන(නාවික හමුදාව), සජිත් සාරංග(මහනුවර), දිරන් වර්ණකුලසූරිය(හැවුලොක්‌ස්‌), ශ්‍රීනාත් සූරියබණ්‌ඩාර(අප්කන්ටි්‍ර ලයන්ස්‌), සුරංග පුෂ්පකුමාර(නාවික හමුදාව), රෙහාන් වීරකෝන්(නාවික හමුදාව), දේව් ආනන්ද(නාවික හමුදවා), චරිත් සෙනෙවිරත්න(ගුවන් හමුදාව), දිනූෂ චතුරංග(නාවික හමුදාව), දිනේෂ් කුමාර(මහනුවර), සඳුන් හේරත්(හැව්ලොක්‌ස්‌), සාලිය හඳපාන්ගොඩ(යුද හමුදාව), රීසා මුබාරක්‌(සී.ආර්. ඇන්ඩ් එµa. සී), මොහොමඩ් ෂෙරිව්(සී. ආර් ඇන්ඩ් එµa. සී.), පිල් ග්‍රීනිං මහතා(පුහුණුකරු), සනත් මාටින් මහතා(සහාය පුහුණුකරු), ලෙනාඩ් රොද්‍රිගු මහතා(කළමනාකරු/ගුවන් හමුදාව)



සංගා - ද්‍රෝහියෙක් වීම


කුමාර් සංගක්කාර යනු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වේ. ඔහු ශ්‍රී ලංකාවේ නිත්‍ය නියාමක කඩුලු රකින්නා බවට දැන් පත්ව සිටියි. කණ්ඩායමේ සිටින, ජ්‍යෙශ්ඨම ක්‍රීඩකයින් තිදෙනාගෙන් එක් අයෙකි. නමුත්, සංගා මෙතැනදී කතා නායකයා බවට පත් කර ගනු ලබන්නේ ඒ කිසිවක් නිසා නොවේ. ලෝර්ඩ්ස් ක්‍රීඩාංගනයට අනුබද්ධ මැරිලිබෝන් ක්‍රිකට් සමාජය විසින් වාර්ෂිකව සංවිධාන කරනු ලබන “ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවය“ නම් දේශනය පැවැත්වීමට ඔහු ආරාධනා ලැබීය. මෙම ආරාධනා ලැබීම සුවිෂේශී සිද්ධියක් බවට පත් වන්නේ, මෙම දේශනය පැවැත්වීමට මීට පෙර ඇරයුම් ලැබූවන්ගේ නාමලේඛණය සැසදීමේදීය. එය පැති කීපයකින් වැදගත් වෙයි. එකක් නම්, තවදුරටත් සක්‍රීය වෘත්තියේ යෙදෙමින් සිටින ක්‍රීඩකයින් අතරින් මෙම දේශනය පැවැත්වීමට ඇරයුම් ලැබූ ලෝකයේ පළමු හා එකම ක්‍රීඩකයා කුමාර් සංගක්කාරය. ඔහු එම දේශනය වෙනුවෙන් ඇරයුම් ලද ලාබාලතම ක්‍රීඩකයා හෝ පුද්ගලයා වෙයි.

කුමාර් සංගක්කාර විසින් මෙරිලිබෝන්, ස්පිරිට් ඔෆ් ක්‍රිකට් දේශනය පසුගිය සදුදා පවත්වනු ලැබීය. මෙම දේශනය පැවැත්වීමට ඇරයුම් ලැබීය විසින් සංගා පොරක් බවට පත් කිරීමට සමත් විය. එනම්, මෙතෙක් නොවූ විරූ සුවිශේෂ අවස්ථාවක් සංගා දිනා ගැනීමත් සමගයි. නමුත් සංගා විසින් දේශනය පැවැත්වීමත් සමග, දැන් ඔහු පොරක් වීමේ සිට ද්‍රෝහියෙක් වීම දක්වා රැගෙන යාමට යම් ප්‍රයත්නයක් දරමින් සිටියි. ඔහු විසින් උක්ත කතාවේදී කියනු ලැබූ කරුණක් සම්බන්ධයෙන් - ක්‍රීඩා පරිපාලනය හොදහැටි කුපිත වී සිටියි. එනම්, ලංකාවේ ක්‍රිකට් වලින් දේශපාලනය වෙන් කළ යුතුයැයි යන සංගාගේ යෝජනාව - මහින්දානන්ද අලුත්ගමගේට ඩෝන් යැවීමට සමත් වී තිබේ. මාධ්‍ය නිවේදනයක් ලෙස - සංගාට විරුද්ධව පරීක්ෂණයක් පවත්වන්නයැයි අලුත්ගමගේ ක්‍රිකට් අතුරු කමිටුවට යෝජනා කළ බව දැනගත් වහාම මට හැගී ගියේ, “ඇත්ත තිත්තයි“ කියන කතාවයි.

සංගාගේ මුළු කතාව සම්පූර්ණයෙන් ඇසූවෙමි. එහි මුළු කාලය විනාඩි හැට දෙකකි. සංගා කතාව ආරම්භ කරනු ලබන්නේ, ලංකාවේ ඉතිහාසය පිළිබද සැකවින් නමුත් පුළුල් විග්‍රඑයක් කරනු ලැබීය. දෙදහස් පන්සිය වසරක ඉතිහාසයක් හිමි රාජ්‍යයට ක්‍රිකට් ක්‍රීඩාව හිමිව ඇත්තේ, බ්‍රිතාන්‍යයන් විසින් කරනු ලැබූ බලහත්කාරකමක ප්‍රතිඵලයක් ලෙස බව සංගා කියා සිටියේය. එම ක්‍රිකට් සුද්දාගේ ආකෘතියෙන් මුදවාගැනීමේ ගෞරවය හිමි විය යුත්තේ, අර්ජුන රණතුංගට බවත්, ලෝකයේම ක්‍රිකට් සැණකෙළි සිරියක් කරා රැගෙන යාමේ ප්‍රමුඛ වගකීමක් - අරවින්ද - ගුරුසිංහ - සනත් හා කලූ විසින් කරනු ලැබ ඇති බවත්, ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මාගතිය වෙනුවෙන් රංජන් මඩුගල්ල හා රොෂාන් මහානාම වැනි අය දැඩිව කැපවී ඇති බවත් දැඩිව කියා සිටියේ යැයි සංගා කීවේය. ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් දේශීය සලකුණ මුත්තයියා මුරලිදරන් බව සංගා නොබියව කීවේය. ඒ ක්‍රිකට් ගැන ක්‍රීඩකයින් ගැන සංගා කියූ වැදගත් දේය.

ක්‍රීඩාවේ ජීව ගුණය ගැන සංගා කතා කරමින් සිටියි. ක්‍රිකට්හි ජීව ගුණය පවත්වාගෙන යාම කෙරෙහි, ක්‍රීඩාවේ ස්වාධිනත්වය ක්‍රීඩාව කෙරෙහි පැවතිය යුතු බව සංගා විසින් කීවේය. සංගා එය ස්වර්ථයෙන් පහදනු ලැබීය. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවය දැන් දැන් බි්‍ වැටෙමින් තිබෙන්නේ - ක්‍රිකට් වෙත සිදු වෙමින් පවත්නා දේශපාලනික මැදිහත්වීම වැඩි වෙමින් පවතින නිසා බැව් හේ කියා සිටියේය. ජීව ගුණය පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රීඩාවේ ස්වාධිනත්වය දැන් දේශීය වශයෙන් හිමිව නැති බව හේ කියා සිටියේය. ෆයර් වනු ලදුව, මහින්දානන්ද අලුත්ගමගේ විසින් සංගා ගැන පරීක්ෂණයක් පවත්වන්න යැයි කියා තර්ජනය කර සිටින්නේ, එහෙයිනි. ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනීකරණය වී ඇති බැව් අමුතු කුණුහරුපයක් නොවේ. එය බැලූ බැල්මටම පවා දැක්ක හැකි ඉතාම සරල දෙයකි. නමුත්, මෙතෙක් කල් සිංහලෙන් හෝ සිංහල පත්තර වලින් පමණක් දකිමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් දේශපාලනීකරණය - ක්‍රිකට් මහගෙදරදී කියා පෑම මගින් ක්‍රීඩාව දේශපාලනීකරණය කරමින් සිටින මිනිසුන්ට එල්ල වූණු අතුල් පහරක් වැනිය. එම කතාව අතුල් පහරක් බැව් දැන් දැන් හොදින් දකිමින් සිටියි. මන්දයත්, ක්‍රීඩාව මෙතෙක් කල් දේශපාලනීකරණය වූ බැව් හෝ එසේ වෙමින් තිබෙන බැව් නොදකිමින් සිටි මහින්දානන්ද දැන් අවදි වී තිබේ.

මහින්දානන්දගේ අවදි වීම වැදගත් සිද්ධියකි. නමුත්, නින්දෙන් අවදි වූ මහින්දානන්ද දැන් පොල්ලක් අතැතිව සැරි සරයි. ඒ හොරා ඇල්ලීමේ මුවාවෙණී. නමුත්, මේ වන විටත්, මහින්දානන්ද පොල්ල උලුක් කර ගනිමින් මාන්නාගෙන සිටින්නේ හොරා දෙසට නොවේ. ඔත්තු කාරයා දෙසටයි. ඇතැම් විට - ඔත්තු කාරයා සුන්නද්ධුලි කිරීමෙන් හොරකම් ගැන කියවෙන දේ නවතින්නේ යැයි මහින්දානන්ද සිතා සිටිනවා විය හැක. ඒ මහින්දානන්දගේ දැනුමේ හැටිය.

දැන් අප විසින් සංගා නිතර්කයෙන්ම පොරක් කිරීමට පෙර ඔහු පොරක් වීම දක්වා කතාව ගොඩනැගෙන්නේ කෙසේ දැයි කියවා ගත යුතුව ඇත. සංගා යනු - ටෙනිස් ක්‍රීඩාවට ජාතික වර්ණ ඇති පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙකි. පසුව, නීති ශිෂ්‍යෙයක් ලෙස සුදුසුකම් ලබන සංගා රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම පිණිස සිය නීතිඥබාවයේ සිහිනය දැකීම බලහත්කාරයෙන් මගහැරියේය. සංගා ක්‍රිකට් නොගැහුවානම් - අද වන විට අප කුමාර් චොක්ෂානන්ද සංගක්කාර නමින් හදුනාගන්නේ, ප්‍රමුඛ යොවුන් නීතිඥවරයෙක් බැව් විශ්වාසය. ඔහු ලංකාවේ ක්‍රිකට් නායකයා වන්නේ - මහින්දානන්ද කැබ්නට් ඇමතිවරයෙකු වීමට බොහෝ කලකට පෙරයි. මහින්දානන්ද හොර ඡන්ද දමමින් චාටර් වෙමින් සිටියදී - ජීව ගුණයෙන් පිරිපුන් ක්‍රිකට් කණ්ඩායම ලෙස සංගාගේ නායකත්වයෙන් පිට පිට දෙවර්ශයක්ම ලංකාව ලෝක සම්මාන දිනා ගත්තේය. එනම්, මහින්දානන්ද අජීවිව සිටිය දී සංගා ජීවයෙන් සිටියා යන්නයි. මහින්දානන්ද බලයට කෑදර - තනතුරු හා තානාන්තර පිටුපස යමින් වැද වැටෙමින් සිටි මිනිසෙකි. නමුත්, සංගා යනු ලෝකයේ අංග දෙකට පැමිණි ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ස්ව මැදිහත්වීමෙන් අතහරිනු ලැබූ සුවිශේෂ මිනිසෙකි. සංගාට ක්‍රිකට් වෙනුවෙන් පෙනී සිටියිත. එහෙයින් ක්‍රිකට් යනු සංගාගේ ජීවිතයයි. ඔහු ඒ වෙනුවෙන් පෙනී සිටියි. මහින්දානන්දට එසේ පෙනී සිටීමට තමන් විසින් ආදරය කරනු ලබන හෝ විශිෂ්ඨත්වයක් දක්වනු ලබන දෙයක් නැත. එහෙයින් - යමකට පෙම් කිරීමට හෝ ඒ වෙනුවෙන් පෙනී සිටීමට හේ නොදනියි.

දැන් අප විසින් අනාගතයේදී මුහුණ දීමට සූදානම් විය යුත්තේ කවරක් වෙනුවෙන් ද. මා කල්තබා ම කියමි. සංගා යනු ද්‍රෝහියෙක් හෝ රට පාවාදුන්නෙකු ලෙසින් නම් කිරීමට ඉතාම අත්‍යාසන්න අවධියේ අප සිටිමු. ඒ වෙනක් නිසා නොවේ. ලංකාවේ ක්‍රිකට් විකිණීම නිසා හෝ ක්‍රිකට් පාවාදීම වැනි සිද්ධීන් නිසා නොවේ. සංගා විසින් ලංකාවේ ක්‍රිකට් යනු දේශපාලන මාෆියාවක් යැයි පවසමින් - ලෝකයේ සෑම තැනකම සිද්ධ වෙමින් පවතින්නේ මෙය යැයි කියා සිටියේය. ඉනික්බිති ඔහු කියා සිටියේ - මෙම දේශපාලන ඛේදවාචකයෙන් ක්‍රිකට් බේරාගැනීමෙන් පසු පමණක් - ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය ඇති වන බවයි. මා ද අවසානයේ කියා සිටින්නේ එයයි.

idea365.blogspot.com

Tell a Friend

නිලුකගේ අභියාචනය ප‍්‍රතික්ෂේප වේ

වසරක තරග තහනමකට ලක්ව සිටින ජාතික බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න විසින් තමන්ට පනවා තිබෙන තහනම ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයට ඉදිරිපත් කරන ලද අභියාචනයේ අඩුපාඩුකම් හේතුවෙන් එය ප‍්‍රතික්‍ෂේප කිරීමට සිදු වු බව එම සංගමයේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා පැවසීය
                                         

පේ‍්‍රමදාස තණ තිරුවට විරෝධය


ලෝක කුසලාන කි‍්‍රකට් තරඟ පැවැත්වීම සඳහා තවමත් සූදානම් කරමින් පවතින කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගනයේ තීරුව ජාත්‍යන්තර මට්ටමේ තරඟ සඳහා කිසිසේත්ම සුදුසු තත්ත්වයේ නොපැවතීම හේතුවෙන් ශ‍්‍රී ලංකා පිලේ නායක කුමාර් සංගක්කාර හා උපනායක මහේල ජයවර්ධන ඒ සඳහා දැඩි විරෝධය පා ඇතැයි වාර්තාවේ.
Tell a Friend

ආසියානු ක්‍රීඩා උළෙල අද ඇරැඹේ

‘ක්‍රීඩාවේ වින්දනයෙන් සාමකාමී ආසියාවක් ’

“ ක්‍රීඩාවේ වින්දනය තුළින් සාමකාමී ආසියාවක්” යන තේමාව යටතේ 16 වැනි ආසියානු ක්‍රීඩා උළෙල චීනයේ ගුවැංෂු නගරය ආසන්නයේ පර්ල් නදිය අසල හැයිෂින්ෂා දූපතේදී අද ආරම්භ කෙරේ. රටවල් 45 ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 12000ක් පමණ සහභාගිත්වයෙන් පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල අද සිට මේ 27 වැනිදා දක්වා ගුවැංෂුහිදී පැවැත්වීමට කටයුතු සැලසුම්කොට ඇත.

චීනයේ බීජිංහිදී 2008 වසරේ ඔලිම්පික් උළෙල පවත්වා ලද සියලු අත්දැකීම් ඒකරාශීකොට විශ්මිත සමාරම්භක උළෙලක් නිර්මාණය කිරීමට පියවර ගෙන ඇතැයි සංවිධායකයෝ පවසති. එම ඔලිම්පික් උළෙලේ ආරම්භක හා සමාප්ති උත්සව නිර්මාණය කිරීමට දායකත්වය සැපයූ චෙන් වෙයියා මහතා ආසියානු ක්‍රීඩා උළෙලේ ද සමාරම්භක අවස්ථාව නිර්මාණකරණයේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරයි.

චීනයේ සම්ප්‍රදායානුකූල ක්‍රීඩා ලෙස සැලකෙන වුෂු, රගර්, චෙස් හා මවුන්ටන් පාපැදි ක්‍රීඩා සංකලනයකොට අසාමාන්‍ය සමාරම්භක මහෝත්සවයක් අද දින පවත්වන බවට මාද්‍ය මගින් ඉඟි පළකොට ඇත. තරගාවලිය යහපත් කාලගුණික තත්ත්වයක් යටතේ පැවැත්වීම සඳහා නවීන තාක්ෂණය යොදාගෙන තිබීම විශේෂත්වයකි.

කාලගුණය පාලනය කරගැනීම උදෙසා වැහි මුහුණතට විහිදුවන රොකට් හා වැහිවලාකුළු විනාශ කරන රසායන ද්‍රව්‍ය විසිරුවන ගුවන් යානා 5 ක් ඉහළ අහසේ ක්‍රියාත්මක කරවීමට ගුවාංෂු නගරය පිහිටා ඇති ගුවැංඩන් පළාතේ කාලගුණ කාර්යාංශය ඊයේ කටයුතු කළේ ය.

මේ තත්ත්වය මත වර්ෂාවෙන් ඉදිරි දින කිහිපයේදී තරගාවලියට කිසිදු බාධාවක් නොවනු ඇතැයි විශ්වාසය පළ වේ. ආසියානු ක්‍රීඩා තරගාවලියේදී ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රන් පදක්කම් 476 ක් ප්‍රදානය කෙරේ.

මෙතෙක් ආසියානු ක්‍රීඩා තරගාවලි ඉතිහාසයේ චීනය වැඩිම පදක්කම් ප්‍රමාණයක් දිනා ඉදිරියෙන් සිටී. ජපානය හා කොරියාව දෙවැනි හා තෙවැනි තැන සිටිති. අවසන් වරට දෝහාහි පැවැති ආසියානු තරගාවලියේදී චීනය රන් පදක්කම් 153 ක්, කොරියාව රන් පදක්කම් 51 ක් හා ජපානය රන් පදක්කම් 49 ක් දිනා ගත්හ. ශ්‍රී ලංකාව එම තරගාවලියේදී රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් 2ක් දිනා ගත්තේ ය. Tell a Friend

කිසිදා අමතක නොවන පරාජයක්‌

සිඩ්නි සටනේ ජයත් ශ්‍රී ලංකාවට තරගයේ වීරයා තරංග

චමිල කරවිට

කොමන්චෙල්ත් බැංකු කුසලාන එක්‌දින තරගාවලිය යටතේ සිඩ්නි ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායමට එරෙහිව ඩක්‌වර්ත් ලුවිස්‌ න්‍යායට අනුව ලකුණු 29 ක ජයක්‌ වාර්තා කළ කුමාර් සංගක්‌කාරගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්‌ඩායම තරග 3 කින් සමන්විත දෙරට අතර එක්‌දින තරගාවලිය 2-0 ක්‌ වශයෙන් ජය ගනිමින් ඉතිහාසයේ පළමු වතාවට ඔස්‌ටේ්‍රලියාවට එරෙහිව ඔවුන්ගේ මව්බිමේදීම එක්‌ දින තරගාවලි ජයක පහස විඳීමට ඊයේ (05 දා) සමත් වූවේය. ශ්‍රී ලංකා කණ්‌ඩායමක්‌ ඔස්‌ටේ්‍රලියාවට පැමිණ එක්‌දින තරගයකට සහභාගි වී ඇත්තේ ද (1995) මෙම තරගය පැවැති සිඩ්නි ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී වන අතර අදාළ පළමු එක්‌දින තරගාවලි ජය ද මෙම ක්‍රීඩාංගණයේදීම සටහන් කර ගැනීමට සමත් වීම දෛවෝපගත සිදුවීමක්‌ විය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්‌කාර ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර තරගයට වර්ෂාවෙන් බාධා ඇති වූ හෙයින් ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 41.1 කට සීමා වෙද්දී ශ්‍රී ලංකා පිතිකරුවෝ කඩුලු 3 කට ලකුණු 213 ක්‌ රැස්‌කර ගැනීමට සමත් වී සිටියහ. ඩක්‌වර්ක්‌ ලුවිස්‌ න්‍යාය අනුව ඔස්‌ටේ්‍රලියානු පිලට පන්දුවාර 38 කදී ලකුණු 240 ක ඉලක්‌කය හිමි වූ නමුත් එහිදී ඔවුන්ට පන්දුවාර 37 කුත් පන්දු 4 කදී රැස්‌කර ගැනීමට හැකිවූයේ සියලු දෙනා දැවී ලකුණු 210 ක්‌ පමණි.

මෙල්බර්න්හි පැවැති තරගය අනපේක්‍ෂිත අයුරින් කඩුල්ලකින් පරාජයට පත්වීම මත මෙම තරගය ජයග්‍රහණය කරමින් තරගාවලිය 1-1 ක්‌ වශයෙන් තියුණු තත්ත්වයකට ගෙන ඒමට ඔස්‌ටේ්‍රලියානුවන් පිඹුරුපත් සකසා තිබුණු නමුදු ඒ සියල්ල විනාශ කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ වසර 25 කට වඩා වැඩි කාලයක්‌ ඉක්‌ම ගියද ඔස්‌ටේ්‍රලියාවේදී වාර්තා කර ගැනීමට අපොහොසත් වූ අදාළ සුවිශේෂී තරගාවලි ජයග්‍රහණය තවත් තරගයක්‌ ඉතිරිව තිබියදීම ලබාගැනීමට සමත්වීම විශේෂත්වයක්‌ විය. ශ්‍රී ලංකා පිල ප්‍රථමයෙන්ම ඔස්‌ටේ්‍රලියානු පිලක්‌ සමගින් ඔස්‌ටේ්‍රලියාවේදී තරග වැදී ඇත්තේ 1985 වසරේ වන අතර ඒ දුලිප් මෙන්ඩිස්‌ගේ නායකත්වය යටතේය. එම තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 4 ක ජයක්‌ ලබා තිබේ. ශ්‍රී ලංකා පිලේ ප්‍රථම එක්‌දින තරග සංචාරය 1985 දී වාර්තා වුවත් දෙරට අතර එක්‌දින තරග ඉතිහාසය 1975 වසර දක්‌වා ඈතට විහිදී ගිය එකක්‌ විය. ශ්‍රී ලංකා කණ්‌ඩායමක්‌ ප්‍රථමයෙන් ඔසටේ්‍රලියානු කණ්‌ඩායමක්‌ මුණගැසී ඇත්තේ එම වසරේ ලන්ඩන්වලදීය.

ඊයේ දිනයේ ඔස්‌ටේ්‍රලියානු පිලේ පළමු කඩුල්ල ලෙස බ්‍රැඩ් හැඩන් (01) කුලසේකර විසින් යවන ලද ඔෆ් කටර් පන්දුවක්‌ කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ද අනතුරුව තම මිත්තණියගේ අවමංගල්‍යය හේතුවෙන් පළමු තරගයට සහභාගි නොවූ නායක රිකී පොන්ටින් ද (10) තිසරගේ පන්දුවක්‌ හමුවේ මිඩ්විකට්‌ පෙදෙසේ පන්දු රකිමින් සිටි චාමර සිල්වා අතට උඩපන්දුවක්‌ දී දැවී යැම මත ඔස්‌ටේ්‍රලියානු ඉනිමේ කඩාවැටීම ආරම්භ විය.

කණ්‌ඩායමේ සිටින පරිණත සහ ප්‍රහාරාත්මක පිතිකරුවන් දෙදෙනකු මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 32 ක්‌ව තිබියදී දැවී යැමෙන් මහත් අසරණ තත්ත්වයකට පත් වූ ඔස්‌ටේ්‍රලියානු පිලේ මැද පෙළ සහ පසුපෙළ ක්‍රීඩකයන්ට කළ හැකි කිසිවක්‌ නොවූ බැවින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ ආක්‍රමණශීලී පන්දු රටාව හමුවේ තම කඩුලු ආරක්‍ෂා කර ගැනීම පමණක්‌ කිරීමට ඔවුන්ට සිදුවිය.

පළමු පවර් ප්ලේ අවස්‌ථාව පන්දුවාර 8 ක්‌ සහ පන්දු යවන්නන්ගේ සහ පිතිකරුවන්ගේ අවස්‌ථාව පන්දුවාර 4 බැගින් හිමි වූ ඔස්‌ටේ්‍රලියානු ඉනිමේදී පළමු සහ පන්දු යවන්නන්ගේ පවර් ප්ලේ අවස්‌ථාව අවසන් වන විට රැස්‌කර ගැනීමට සමත් වූයේ කඩුලු 2 ක්‌ දැවී ලකුණු 52 ක්‌ පමණි.

ඩක්‌වර්ත් ලුවිස්‌ න්‍යාය අනුව තරගයේ ජය ලැබීමට නම් වැඩි ලකුණු වේගයක්‌ රඳවා තබා ගනිමින් ලකුණු රැස්‌ කළ යුතු වූ බැවින් එම තත්ත්වය වැඩි කිරීමට ඔස්‌ටේ්‍රලියානුවන් කටයුqතු කරද්දී ඉක්‌මණින් කඩුලු දවා ගැනීම ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා බෙහෙවින් ඉවහල් වන සාධකයක්‌ වන බැවින් එම අවස්‌ථාව තවදුරටත් තම කණ්‌ඩායම වෙත ලබාදීමට තිසර - මුරලිදරන් දෙදෙනා සමත් වූහ. මෙම තරගාවලිය පුරාවටම පන්දු යවන්නකු ලෙස සාර්ථක කර තිසර පෙරේරා නැවතත් මයිකල් ක්‌ලාක්‌ (25) දවාගැනීමට සමත් වූ අතර අනතුරුව මුරලිදරන් තරගාවලියේ කඩුලු දඩයම අරඹමින් වොට්‌සන්ගේ (40) සහ අවශ්‍යම කඩුල්ල වූ මයිකල් හසීගේ (15) කඩුලු දවා ගැනීමට සමත් වූයේය. තරග අවසානයේ මුරලි, තිසර, රන්දිව් සහ කුලසේකර අතර ඔස්‌ටේ්‍රලියානු පිලේ කඩුල් 2 බැගින් බෙදී ගිය අතර මාලිංගට තරගයේ ජය හිමි වූ මැකේගේ කඩුල්ල හිමිවිය.

ශ්‍රී ලංකා ඉනිමට ශක්‌තිමත් ආරම්භයක්‌ ලබාදුන් තරංග - ඩිල්ෂාන් දෙදෙනා එකතුව පළමු කඩුල්ලට ලකුණු 98 ක්‌ (පන්දු 119 කදී) රැස්‌ කිරීම ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණය සඳහා ඉවහල් වූ තවත් සාධකයක්‌ විය. යම් හෙයකින් අදාළ ලකුණු සංඛ්‍යාව (213) ලබාගැනීමේදී ශ්‍රී ලංකා පිලේ වැඩි කඩුලු සංඛ්‍යාවක්‌ දැවී ගියේ නම් ඔස්‌ටේ්‍රලියානුවන්ගේ ඉලක්‌කය මීට වඩා අඩු අගයක්‌ ගනු ඇත. එම නිසා ආරම්භක පිතිකරුවන් දෙදෙනාගේ මෙන්ම තරංග - සංගක්‌කාරගේ තෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව වූ ලකුණු 71 (පන්දු 86 කදී) ලකුණු සම්බන්ධතාව ශ්‍රී ලංකාවට ප්‍රබල ලෙසින් වැදගත් විය.

පිතිකරුවන්ට හිමි පවර් ප්ලේ අවස්‌ථාව 41 වැනි පන්දු වාරයේදී ලබාගත්තද අතරතුර වර්ෂාව ඇද හැලීම මත ශ්‍රී ලංකාවට ක්‍රීඩා කළ හැකි වූයේ පන්දුවාරයකුත් එක්‌ පන්දුවක්‌ බැවින් එය තරමක පාඩුවක්‌ විය. සංගක්‌කාරගේ (45) දැවී යැමෙන් පිටියට පිවිසි ඇංජලෝ මැතිව්ස්‌ එම පන්දු හතදී උපරිම වාසිය ලබාගනිමින් පනදු 11 කදී ලකුණු 17 ක්‌ රැස්‌කිරීම ඔස්‌ටේ්‍රලියානු පිලේ ජයග්‍රාහී ඉලක්‌කය තවදුරටත් අසීරු කරවීමට සමත් විය.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භයේ පටන් වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන තෙක්‌ කඩුල්ල ආරක්‍ෂා කර ගත් උපුල් තරංග එහිදී තම 18 වැනි අර්ධ ශතකය සම්පූර්ණ කර ගැනීමට සමත් විය. පන්දු 112 කින් සමන්විත වූ තරංගගේ ඉනිමට හතරේ පහර 6 ක්‌ පමණක්‌ අන්තර්ගත වූ අතර එහිදී ලකුණු 61 ක්‌ ලබා සිටියදී හවුරිට්‌ස්‌ගේ පන්දුවකට කඩුලු රකින හැඩ්න්ට දුන් පහසු උඩපන්දුව ගිලිහී යැම මත තවදුරටත් පිටියේ රැඳී සිටීමට තරම් හේ වාසනාවන්ත විය. එහෙත් නැවතත් තරංගගේ පෞද්ගලික ලකුණු සංඛ්‍යාව 76 ක්‌ව සටහන්ව තිබියදී දුවද්දී දවා ගැනීමකට හසුකර ගැනීමට පහසුම අවස්‌ථාවක්‌ හිමි වූ නමුදු ක්‌ලාක්‌ විසින් රැගෙන කෙළින්ම කඩුල්ලට එල්ල කළ පන්දුව පන්දු යෑවූ වොට්‌සන්ගේ කකුලේ වැදී කඩුල්ලෙන් ඉවතට යැම මත තරංගගේ ඉනිම නොබිඳුණු ලකුණු 77 ක ඉනිමක්‌ බවට පත්විය. එය ඔහුට තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීම සඳහා ප්‍රමාණවත් විය.

මෙම තරගයේදී වෙනස්‌කම් 3 ක්‌ සිදුකරමින් ඔස්‌ටේ්‍රලියානු පිල තරගයට අවතීර්ණ වූ අතර එහිදී පළමු තරගයේදී කඩුලු 4 ක්‌ දවා ගනිමින් දස්‌කම් දැක්‌වූ ක්‍ෂේවියර් ඩොරති වෙනුවට නැවතත් හවුරිට්‌ස්‌ කණ්‌ඩායමට එක්‌වීම කැපී පෙනිණි. ඊට අමතරව ආබාධයක්‌ හේතුවන් පළමු තරගය ක්‍රීඩා කළ ෂෝන් මාස්‌ මෙන්ම ජෝන් හස්‌ටන්ගේ ස්‌ථාන සඳහා රිකී පොන්ටින් සහ ක්‌ලින්ට මැකේ කණ්‌ඩායමට එක්‌ව සිටියත් ශ්‍රී ලංකා පිල පසුගියදා මෙල්බර්න් තරගයට ක්‍රීඩා කළ කණ්‌ඩායමේ සංයුතියම මෙම තරගයට ක්‍රීඩා කරන ලදී.

ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව

උපුල් තරංග නොදැවී 86

තිලකරත්න ඩිල්ෂාන් ක.මු. කළා ප.හරුට්‌ස්‌ 42

කුමාර සංගක්‌කාර ඇ. මැකේ ප. වොට්‌සන් 45

ඇන්ජලෝ මැතිව්ස්‌ නොදැවී 17

අතිරේක 13

එකතුව පන්දුවාර 41.1 කදී කඩුලු 3 ට ලකුණ 213

කඩුලු වැටීම - 1-98, 2-116, 3-186

පන්දු යෑවීම

සිද්ලි - 7.1 1 31 0 මැකේ - 8 1 42 0

ජොන්සන් - 7 0 43 0 හරුට්‌ස්‌ - 9 0 48 1

ස්‌මිත් - 2 0 10 0 වොට්‌සන් - 8 0 34 2

ඔස්‌ටේ්‍රලියාව

ෂේන් වොට්‌සන් කඩුල්ල මුවා කළා ප. මුරලි 40

බ්‍රැඩ් හැඩින් ප. කුලසේකර 01

රිකී පොන්ටිං ඇ. සිල්වා ප. පෙරේරා 10

මයිකල් ක්‌ලාක්‌ ඇ. මුරලි ප. පෙරේරා 25

කැමරුන් වයිට්‌ ප. කුලසේකර 35

මයික්‌ හසී ඇ. මැතිව්ස්‌ ප. මුරලි 15

ස්‌ටීව් ස්‌වින් ඇ. සංගක්‌කාර ප. රන්දීව් 33

මිචෙල් ජොන්සන් දුවද්දී දැවී ගියා 23

නෙදන් හියුරිට්‌ස්‌ ඇ. පෙරේරා ප. රන්දීව් 04

ක්‌ලින්ට්‌ මැකේ නොදැවී 10

පීටර් සිඩ්ල් නොදැවී 04

අතිරේක 10

එකතුව පන්දුවාර 34.4 කදී සියල්ල දැවි 3 ට ලකුණ 210

එකතුව 210

කඩුලු වැටීම( (1-3), (2-32), (3-78), (4-80), (5-112), (6-155), (7-189), (8-189), (9-199)

පන්දු යෑවීම(

මාලිංග 7.3-0-33-1 කුලසේකර 8-1-48-2

පෙරේරා 8-0-39-2 මුරලි 7-0-30-2

රන්දීව් 7-0-53-2 Tell a Friend

මංජුගේ තීරණාත්මක පරීක්‍ෂණය අද නවදිල්ලියේ

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී තහනම් උත්තේජක භාවිතා කර තරග වැදුණේ යැයි චෝදනා ලාභී බොක්සිං ක්‍රීඩක මංජු වන්නිආරච්චිගේ ‘බී’ මුත්‍රා සාම්පලය පරීක්ෂා කිරීමේ තීරණාත්මක පරීක්ෂණය අද පෙරවරු 10.00 ට නවදිල්ලි නුවරදී පැවැත්වේ.

මේ පරීක්ෂණය සඳහා වෛද්‍ය ලාල් ඒකනායක, මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න, නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස හා කර්නල් හේමන්ත වීරසිංහ යන මහත්ම මහත්මීහු ඊයේ නවදිල්ලිය බලා පිටත් වූහ.

නවදිල්ලි නුවර තහනම් උත්තේජන පාලන අධිකාරියේදී මේ විශේෂ පරීක්ෂණය පැවැත්වෙන අතර එහිදී ‘බී’ සාම්පලයේ තහනම් උත්තේජන ඇති බවට තහවුරු වුවහොත් මංජු වන්නිආරච්චිට දඬුවමක් ලබාදීමට නිර්දේශ කෙරේ.

එහෙත් එයට පෙර ජාත්‍යන්තර තහනම් උත්තේජන ආයතනයට අභියාචනාවක් ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහතා පැවසීය.

කිලෝ ග්‍රෑම් 56 බැන්ටම්වේට් බොක්සිං තරගයේදී රන් පදක්කම දිනූ මංජු වන්නිආරච්චිගේ් ‘ඒ’ මුත්‍රා සාම්පලයේ සැන්ඩ්‍රොලෝන් තහනම් උත්තේජකය තිබු බවට වාර්තාවකින් දැක්වුණි.

එම චෝදනාව මංජු වන්නිආරච්චි ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් අද පැවැත්වෙන ‘බී’ මුද්‍රා සාම්පල පරීක්ෂණය පැවැත්වීමට නියම විය. Tell a Friend

OPINION: සල්ලලයින්ගේ ගොදුරු බවට පත්වන තුරුණු තරු


       ජාතික ක්‍රිඩා, අනුග්‍රාහකයින් සහ ලිංගිකත්වය       

විශේෂ ලියුම් කරුවෙකි විසිනි

ජාතික ක්‍රිඩා තලයේ සිටින ක්‍රිඩක ක්‍රීඩිකාවන් කාම ආශාවෙන් පෙලෙන අනුග්‍රාහකයින් නිසා මේ දිනවල දැඩි පිඩාවෙන් සිටින බව ටෝරිංටන් දෙසින් වාර්ථා වේ. මෙහිදි ඇතැමි අනුග්‍රාහකයින්ට බරපතල චෝදනා එල්ල වී තිබේ.

ඔවුන් සිය ධන බලයත් බලධාරින් සමග ඇති දැනහැදුනුමිකමුත් යොදා ගෙන අසරණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තම ලිංගික ආශාවන් ඉටු කර ගැනිමට යොදා ගනිති. මෙම ලිංගික සැහැසිකමි වලට වඩාත් ගොදුරු වන්නේ වයස අවුරුදු 17ත් 25ත් අතර ඉතා දුෂ්කර ප්‍රදේශ වලින් කොළඔ පැමිණෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ය.

මෙම චෝදනා එල්ල වි ඇති එක් ක්‍රීඩා අනුග්‍රහකයෙකු දක්ෂ කිමිදුමි කරුවෙක් මෙන්ම කොළඔ ජැටියට එන නැවි පිරිසිදු කිරිමට සේවකයින් යොදවන නැවි සමාගමි අයිතිකරුවෙකි. ඔහු කොටිපතියෙකි. ඔහු ක්‍රීඩිකාවන්ට මුදල් ලබාදි ඔවුන්ව වසගයට ගනි. එපමණක් නොව ජංගම දුරකථනද ලබා දෙයි. එසේදි උදේට දවල්ට රැට කෑවේදැයි දැයි නැතිනමි මොකද කරන්නේ, කෙහේද ඉන්නේ ආදී වශයෙන් විමසයි. මේ තත්වය අදාල ක්‍රීඩිකාවන්ට හිසරදයක් වි ඇත. මෙවැනි මුදල් හා ජංගම දුරකථන ප්‍රතික්ෂේප කිරිමකින් හා ලිංගික ඇසුරද ප්‍රතික්ෂේප කරන ක්‍රීඩිකාවන් ඉන්පසුව පළිගැනිමි වලට ලක්වේ. මෙම පළිගැනමි ලෙස විදේශ සංචාර අහිමි කරිම, රැකියාවල් අහිමි කරිම හා නඩු හබවලට පැටලවිම ආදියද වේ.

මෙවැනි තත්වයක් සදාචාරය ගැන පුන පුනා කතා කරන, රටේ දරුවන් පන්සලට පල්ලියට කොවිලට යායුතුයයි කියන බළධාරින් සිටින රටක සිදුවිම ඉතා හාස්‍යජනකය. අනෙක් අතට මේ නිසා දක්ෂ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජිවිත සමිපුර්ණයෙන්ම විනාශයට පත් වේ. තවද රටේ ක්‍රීඩාව අයාලේ යාමකි. වහාම මුල් පුටු හොබවන ක්‍රීඩා බළධාරින්ගේ අවධානය ඉතා ඉක්මනින් මේ සදහා යොමු විය යුතුව ඇත. Tell a Friend

IOA wants bigger swimming, athletics squad for CWG hosts

People stand behind newly erected barbed wire fences separating pedestrian walk and the road near Jawaharlal Nehru stadium, one of main venue for the Commonwealth Games, in New Delhi, India, Tuesday, Sept. 28, 2010. The games are scheduled to be held Oct.3-14.
(September 29, New Delhi - Bangalore, Sri Lanka Guardian) Even as names of participating athletes are being kept a closely-guarded secret by the Commonwealth Games Organising Committee, it has emerged that the Indian Olympic Association (IOA) has decided to add more athletes to the national squad. The move is intended to enable the hosts to have the largest contingent in the mega event.

Top officials of the Swimming Federation of India (SFI) and Athletics Federation of India (AFI) were among the first to get a surprise call from IOA officials after September 3 - the original date for all NOCs to submit entries by name - asking them to include more swimmers and athletes despite the fact that federations had already accommodated a good number through relaxed qualifying standards.

With Australia set to field a 52-member swimming squad, how can India, being the hosts, be left far behind? So the Swimming Federation of India (SFI) had sprung a surprise two weeks back when it included 17 more swimmers to a 26-member contingent. The 26 swimmers had been picked after a series of pruning exercises during the last two years. Their performance in three major events - junior and senior nationals and Federation Cup - was also taken into consideration while finalising the team. Though two of them - Richa Mishra and Jyotsna Pansare - were dumped from the squad after they were tested positive for methylhexamine, the federation had swiftly replaced them with two others, keeping the strength at 26.

It is learnt that the federation was reluctant to expand the squad but they succumbed to pressure. "They told us to give exposure to maximum number of Indian swimmers. So the selection committee met again to pick 17 more swimmers. But we have given opportunity only to deserving candidates," said SFI secretary Virendra Nanavati.

In a candid admission, Nanavati said he was apprehensive about the performance of the 17 swimmers. "I don't expect good performance from them," he said. He also cited the example of seven swimmers, who were included in the Indian team for the Commonwealth Youth Games in Pune in 2008. "They were last-minute inclusions and they fared miserably," he said.

Nanavati said the Commonwealth Games Federation has already given approval for the 17 new entries.

According to officials in the AFI, the federation has decided to add at least 13 more to the first list that had 95 names, including 10 in the women's 4x400m relay squad, against the permissible number of six. "After it was realised that India's total count is less than that of another NOC the IOA decided to act. Among those who were lucky to take part in the Games in athletics include a male pole vaulter and women's hurdler," sources told TOI.

Suspense continues

With the Delegation Registration Meetings (DRMs) set to continue till midnight on October 2 here in the city, the suspense on the start list, draw, seedings, order of events and competition schedules are in a total flux in most of the disciplines.

"As many as 12 sports are conducting their technical committee meetings on Oct 2 but with the DRM continuing till midnight the TCs won't be able to finalise the matters. This when most of the sports are set to roll from Oct 4. They should have kept a cut-off date for the DRMs to avoid this," they said adding that the result is that competition managers are unable to do any scheduling in the absence of entries.

The 11th hour work has also put the spectators, who want to catch the best of action, in fix. The spectators will have to buy the tickets without having any info on the match. "It's shocking that the OC has still not reeled out the big names to promote the Games despite the addition of more and more names to list of pull outs with each passing day," they said. Tell a Friend