කිසිදා අමතක නොවන පරාජයක්‌

සිඩ්නි සටනේ ජයත් ශ්‍රී ලංකාවට තරගයේ වීරයා තරංග

චමිල කරවිට

කොමන්චෙල්ත් බැංකු කුසලාන එක්‌දින තරගාවලිය යටතේ සිඩ්නි ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායමට එරෙහිව ඩක්‌වර්ත් ලුවිස්‌ න්‍යායට අනුව ලකුණු 29 ක ජයක්‌ වාර්තා කළ කුමාර් සංගක්‌කාරගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්‌ඩායම තරග 3 කින් සමන්විත දෙරට අතර එක්‌දින තරගාවලිය 2-0 ක්‌ වශයෙන් ජය ගනිමින් ඉතිහාසයේ පළමු වතාවට ඔස්‌ටේ්‍රලියාවට එරෙහිව ඔවුන්ගේ මව්බිමේදීම එක්‌ දින තරගාවලි ජයක පහස විඳීමට ඊයේ (05 දා) සමත් වූවේය. ශ්‍රී ලංකා කණ්‌ඩායමක්‌ ඔස්‌ටේ්‍රලියාවට පැමිණ එක්‌දින තරගයකට සහභාගි වී ඇත්තේ ද (1995) මෙම තරගය පැවැති සිඩ්නි ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී වන අතර අදාළ පළමු එක්‌දින තරගාවලි ජය ද මෙම ක්‍රීඩාංගණයේදීම සටහන් කර ගැනීමට සමත් වීම දෛවෝපගත සිදුවීමක්‌ විය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්‌කාර ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර තරගයට වර්ෂාවෙන් බාධා ඇති වූ හෙයින් ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 41.1 කට සීමා වෙද්දී ශ්‍රී ලංකා පිතිකරුවෝ කඩුලු 3 කට ලකුණු 213 ක්‌ රැස්‌කර ගැනීමට සමත් වී සිටියහ. ඩක්‌වර්ක්‌ ලුවිස්‌ න්‍යාය අනුව ඔස්‌ටේ්‍රලියානු පිලට පන්දුවාර 38 කදී ලකුණු 240 ක ඉලක්‌කය හිමි වූ නමුත් එහිදී ඔවුන්ට පන්දුවාර 37 කුත් පන්දු 4 කදී රැස්‌කර ගැනීමට හැකිවූයේ සියලු දෙනා දැවී ලකුණු 210 ක්‌ පමණි.

මෙල්බර්න්හි පැවැති තරගය අනපේක්‍ෂිත අයුරින් කඩුල්ලකින් පරාජයට පත්වීම මත මෙම තරගය ජයග්‍රහණය කරමින් තරගාවලිය 1-1 ක්‌ වශයෙන් තියුණු තත්ත්වයකට ගෙන ඒමට ඔස්‌ටේ්‍රලියානුවන් පිඹුරුපත් සකසා තිබුණු නමුදු ඒ සියල්ල විනාශ කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ වසර 25 කට වඩා වැඩි කාලයක්‌ ඉක්‌ම ගියද ඔස්‌ටේ්‍රලියාවේදී වාර්තා කර ගැනීමට අපොහොසත් වූ අදාළ සුවිශේෂී තරගාවලි ජයග්‍රහණය තවත් තරගයක්‌ ඉතිරිව තිබියදීම ලබාගැනීමට සමත්වීම විශේෂත්වයක්‌ විය. ශ්‍රී ලංකා පිල ප්‍රථමයෙන්ම ඔස්‌ටේ්‍රලියානු පිලක්‌ සමගින් ඔස්‌ටේ්‍රලියාවේදී තරග වැදී ඇත්තේ 1985 වසරේ වන අතර ඒ දුලිප් මෙන්ඩිස්‌ගේ නායකත්වය යටතේය. එම තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 4 ක ජයක්‌ ලබා තිබේ. ශ්‍රී ලංකා පිලේ ප්‍රථම එක්‌දින තරග සංචාරය 1985 දී වාර්තා වුවත් දෙරට අතර එක්‌දින තරග ඉතිහාසය 1975 වසර දක්‌වා ඈතට විහිදී ගිය එකක්‌ විය. ශ්‍රී ලංකා කණ්‌ඩායමක්‌ ප්‍රථමයෙන් ඔසටේ්‍රලියානු කණ්‌ඩායමක්‌ මුණගැසී ඇත්තේ එම වසරේ ලන්ඩන්වලදීය.

ඊයේ දිනයේ ඔස්‌ටේ්‍රලියානු පිලේ පළමු කඩුල්ල ලෙස බ්‍රැඩ් හැඩන් (01) කුලසේකර විසින් යවන ලද ඔෆ් කටර් පන්දුවක්‌ කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ද අනතුරුව තම මිත්තණියගේ අවමංගල්‍යය හේතුවෙන් පළමු තරගයට සහභාගි නොවූ නායක රිකී පොන්ටින් ද (10) තිසරගේ පන්දුවක්‌ හමුවේ මිඩ්විකට්‌ පෙදෙසේ පන්දු රකිමින් සිටි චාමර සිල්වා අතට උඩපන්දුවක්‌ දී දැවී යැම මත ඔස්‌ටේ්‍රලියානු ඉනිමේ කඩාවැටීම ආරම්භ විය.

කණ්‌ඩායමේ සිටින පරිණත සහ ප්‍රහාරාත්මක පිතිකරුවන් දෙදෙනකු මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 32 ක්‌ව තිබියදී දැවී යැමෙන් මහත් අසරණ තත්ත්වයකට පත් වූ ඔස්‌ටේ්‍රලියානු පිලේ මැද පෙළ සහ පසුපෙළ ක්‍රීඩකයන්ට කළ හැකි කිසිවක්‌ නොවූ බැවින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ ආක්‍රමණශීලී පන්දු රටාව හමුවේ තම කඩුලු ආරක්‍ෂා කර ගැනීම පමණක්‌ කිරීමට ඔවුන්ට සිදුවිය.

පළමු පවර් ප්ලේ අවස්‌ථාව පන්දුවාර 8 ක්‌ සහ පන්දු යවන්නන්ගේ සහ පිතිකරුවන්ගේ අවස්‌ථාව පන්දුවාර 4 බැගින් හිමි වූ ඔස්‌ටේ්‍රලියානු ඉනිමේදී පළමු සහ පන්දු යවන්නන්ගේ පවර් ප්ලේ අවස්‌ථාව අවසන් වන විට රැස්‌කර ගැනීමට සමත් වූයේ කඩුලු 2 ක්‌ දැවී ලකුණු 52 ක්‌ පමණි.

ඩක්‌වර්ත් ලුවිස්‌ න්‍යාය අනුව තරගයේ ජය ලැබීමට නම් වැඩි ලකුණු වේගයක්‌ රඳවා තබා ගනිමින් ලකුණු රැස්‌ කළ යුතු වූ බැවින් එම තත්ත්වය වැඩි කිරීමට ඔස්‌ටේ්‍රලියානුවන් කටයුqතු කරද්දී ඉක්‌මණින් කඩුලු දවා ගැනීම ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා බෙහෙවින් ඉවහල් වන සාධකයක්‌ වන බැවින් එම අවස්‌ථාව තවදුරටත් තම කණ්‌ඩායම වෙත ලබාදීමට තිසර - මුරලිදරන් දෙදෙනා සමත් වූහ. මෙම තරගාවලිය පුරාවටම පන්දු යවන්නකු ලෙස සාර්ථක කර තිසර පෙරේරා නැවතත් මයිකල් ක්‌ලාක්‌ (25) දවාගැනීමට සමත් වූ අතර අනතුරුව මුරලිදරන් තරගාවලියේ කඩුලු දඩයම අරඹමින් වොට්‌සන්ගේ (40) සහ අවශ්‍යම කඩුල්ල වූ මයිකල් හසීගේ (15) කඩුලු දවා ගැනීමට සමත් වූයේය. තරග අවසානයේ මුරලි, තිසර, රන්දිව් සහ කුලසේකර අතර ඔස්‌ටේ්‍රලියානු පිලේ කඩුල් 2 බැගින් බෙදී ගිය අතර මාලිංගට තරගයේ ජය හිමි වූ මැකේගේ කඩුල්ල හිමිවිය.

ශ්‍රී ලංකා ඉනිමට ශක්‌තිමත් ආරම්භයක්‌ ලබාදුන් තරංග - ඩිල්ෂාන් දෙදෙනා එකතුව පළමු කඩුල්ලට ලකුණු 98 ක්‌ (පන්දු 119 කදී) රැස්‌ කිරීම ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණය සඳහා ඉවහල් වූ තවත් සාධකයක්‌ විය. යම් හෙයකින් අදාළ ලකුණු සංඛ්‍යාව (213) ලබාගැනීමේදී ශ්‍රී ලංකා පිලේ වැඩි කඩුලු සංඛ්‍යාවක්‌ දැවී ගියේ නම් ඔස්‌ටේ්‍රලියානුවන්ගේ ඉලක්‌කය මීට වඩා අඩු අගයක්‌ ගනු ඇත. එම නිසා ආරම්භක පිතිකරුවන් දෙදෙනාගේ මෙන්ම තරංග - සංගක්‌කාරගේ තෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව වූ ලකුණු 71 (පන්දු 86 කදී) ලකුණු සම්බන්ධතාව ශ්‍රී ලංකාවට ප්‍රබල ලෙසින් වැදගත් විය.

පිතිකරුවන්ට හිමි පවර් ප්ලේ අවස්‌ථාව 41 වැනි පන්දු වාරයේදී ලබාගත්තද අතරතුර වර්ෂාව ඇද හැලීම මත ශ්‍රී ලංකාවට ක්‍රීඩා කළ හැකි වූයේ පන්දුවාරයකුත් එක්‌ පන්දුවක්‌ බැවින් එය තරමක පාඩුවක්‌ විය. සංගක්‌කාරගේ (45) දැවී යැමෙන් පිටියට පිවිසි ඇංජලෝ මැතිව්ස්‌ එම පන්දු හතදී උපරිම වාසිය ලබාගනිමින් පනදු 11 කදී ලකුණු 17 ක්‌ රැස්‌කිරීම ඔස්‌ටේ්‍රලියානු පිලේ ජයග්‍රාහී ඉලක්‌කය තවදුරටත් අසීරු කරවීමට සමත් විය.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භයේ පටන් වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන තෙක්‌ කඩුල්ල ආරක්‍ෂා කර ගත් උපුල් තරංග එහිදී තම 18 වැනි අර්ධ ශතකය සම්පූර්ණ කර ගැනීමට සමත් විය. පන්දු 112 කින් සමන්විත වූ තරංගගේ ඉනිමට හතරේ පහර 6 ක්‌ පමණක්‌ අන්තර්ගත වූ අතර එහිදී ලකුණු 61 ක්‌ ලබා සිටියදී හවුරිට්‌ස්‌ගේ පන්දුවකට කඩුලු රකින හැඩ්න්ට දුන් පහසු උඩපන්දුව ගිලිහී යැම මත තවදුරටත් පිටියේ රැඳී සිටීමට තරම් හේ වාසනාවන්ත විය. එහෙත් නැවතත් තරංගගේ පෞද්ගලික ලකුණු සංඛ්‍යාව 76 ක්‌ව සටහන්ව තිබියදී දුවද්දී දවා ගැනීමකට හසුකර ගැනීමට පහසුම අවස්‌ථාවක්‌ හිමි වූ නමුදු ක්‌ලාක්‌ විසින් රැගෙන කෙළින්ම කඩුල්ලට එල්ල කළ පන්දුව පන්දු යෑවූ වොට්‌සන්ගේ කකුලේ වැදී කඩුල්ලෙන් ඉවතට යැම මත තරංගගේ ඉනිම නොබිඳුණු ලකුණු 77 ක ඉනිමක්‌ බවට පත්විය. එය ඔහුට තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීම සඳහා ප්‍රමාණවත් විය.

මෙම තරගයේදී වෙනස්‌කම් 3 ක්‌ සිදුකරමින් ඔස්‌ටේ්‍රලියානු පිල තරගයට අවතීර්ණ වූ අතර එහිදී පළමු තරගයේදී කඩුලු 4 ක්‌ දවා ගනිමින් දස්‌කම් දැක්‌වූ ක්‍ෂේවියර් ඩොරති වෙනුවට නැවතත් හවුරිට්‌ස්‌ කණ්‌ඩායමට එක්‌වීම කැපී පෙනිණි. ඊට අමතරව ආබාධයක්‌ හේතුවන් පළමු තරගය ක්‍රීඩා කළ ෂෝන් මාස්‌ මෙන්ම ජෝන් හස්‌ටන්ගේ ස්‌ථාන සඳහා රිකී පොන්ටින් සහ ක්‌ලින්ට මැකේ කණ්‌ඩායමට එක්‌ව සිටියත් ශ්‍රී ලංකා පිල පසුගියදා මෙල්බර්න් තරගයට ක්‍රීඩා කළ කණ්‌ඩායමේ සංයුතියම මෙම තරගයට ක්‍රීඩා කරන ලදී.

ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව

උපුල් තරංග නොදැවී 86

තිලකරත්න ඩිල්ෂාන් ක.මු. කළා ප.හරුට්‌ස්‌ 42

කුමාර සංගක්‌කාර ඇ. මැකේ ප. වොට්‌සන් 45

ඇන්ජලෝ මැතිව්ස්‌ නොදැවී 17

අතිරේක 13

එකතුව පන්දුවාර 41.1 කදී කඩුලු 3 ට ලකුණ 213

කඩුලු වැටීම - 1-98, 2-116, 3-186

පන්දු යෑවීම

සිද්ලි - 7.1 1 31 0 මැකේ - 8 1 42 0

ජොන්සන් - 7 0 43 0 හරුට්‌ස්‌ - 9 0 48 1

ස්‌මිත් - 2 0 10 0 වොට්‌සන් - 8 0 34 2

ඔස්‌ටේ්‍රලියාව

ෂේන් වොට්‌සන් කඩුල්ල මුවා කළා ප. මුරලි 40

බ්‍රැඩ් හැඩින් ප. කුලසේකර 01

රිකී පොන්ටිං ඇ. සිල්වා ප. පෙරේරා 10

මයිකල් ක්‌ලාක්‌ ඇ. මුරලි ප. පෙරේරා 25

කැමරුන් වයිට්‌ ප. කුලසේකර 35

මයික්‌ හසී ඇ. මැතිව්ස්‌ ප. මුරලි 15

ස්‌ටීව් ස්‌වින් ඇ. සංගක්‌කාර ප. රන්දීව් 33

මිචෙල් ජොන්සන් දුවද්දී දැවී ගියා 23

නෙදන් හියුරිට්‌ස්‌ ඇ. පෙරේරා ප. රන්දීව් 04

ක්‌ලින්ට්‌ මැකේ නොදැවී 10

පීටර් සිඩ්ල් නොදැවී 04

අතිරේක 10

එකතුව පන්දුවාර 34.4 කදී සියල්ල දැවි 3 ට ලකුණ 210

එකතුව 210

කඩුලු වැටීම( (1-3), (2-32), (3-78), (4-80), (5-112), (6-155), (7-189), (8-189), (9-199)

පන්දු යෑවීම(

මාලිංග 7.3-0-33-1 කුලසේකර 8-1-48-2

පෙරේරා 8-0-39-2 මුරලි 7-0-30-2

රන්දීව් 7-0-53-2 Tell a Friend