මේ පරීක්ෂණය සඳහා වෛද්‍ය ලාල් ඒකනායක, මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න, නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස හා කර්නල් හේමන්ත වීරසිංහ යන මහත්ම මහත්මීහු ඊයේ නවදිල්ලිය බලා පිටත් වූහ.
නවදිල්ලි නුවර තහනම් උත්තේජන පාලන අධිකාරියේදී මේ විශේෂ පරීක්ෂණය පැවැත්වෙන අතර එහිදී ‘බී’ සාම්පලයේ තහනම් උත්තේජන ඇති බවට තහවුරු වුවහොත් මංජු වන්නිආරච්චිට දඬුවමක් ලබාදීමට නිර්දේශ කෙරේ.
එහෙත් එයට පෙර ජාත්‍යන්තර තහනම් උත්තේජන ආයතනයට අභියාචනාවක් ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහතා පැවසීය.
කිලෝ ග්‍රෑම් 56 බැන්ටම්වේට් බොක්සිං තරගයේදී රන් පදක්කම දිනූ මංජු වන්නිආරච්චිගේ් ‘ඒ’ මුත්‍රා සාම්පලයේ සැන්ඩ්‍රොලෝන් තහනම් උත්තේජකය තිබු බවට වාර්තාවකින් දැක්වුණි.
එම චෝදනාව මංජු වන්නිආරච්චි ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් අද පැවැත්වෙන ‘බී’ මුද්‍රා සාම්පල පරීක්ෂණය පැවැත්වීමට නියම විය.

Post a Comment