සිල්වියා ප්ලැත් යනු ඇමෙරිකානු කිවිඳියක, නවකතාකාරියක මෙන් ම කෙටිකතාකාරියකි. පාපෝච්චාරණ කාව්‍ය නිර්මාණ ශෛලිය විධිමත් ලෙස භාවිතා කිරීම නිසා ඇය ලෝක සාහිත්‍යයෙහි වැදගත් චරිතයක් බවට පත්ව සිටියා ය. ඇගේ මරණින් පසුව, එනම් 1982 දී පුලිට්සර් සම්මානය හිමිවන්නේ ඇය කාව්‍ය ලෝකය තුළ සොයා ගිය එම නව ගමන් මාර්ගය අගයනු පිණිස ය.
1932 ඔක්තෝබර් මස 27 වැනිදා බොස්ටන් හි උපත ලද ඇය වැඩිවියට පත් වූයේ මානසික ආතතියත් සමඟ ය. දෙවතාවක් සියදිවි හානිකර ගැනීමට උත්සාහ කළ ඇය තම සැමියා තමාගෙන් දික්කසාද වීමෙන් අනතුරුව විෂ වායුවක් ආඝ්‍රාණය කර බලාපොරොත්තුව ඉටු කර ගත්තාය. 1963 පෙබරවාරි 11 වැනිදා මිය යන විට ඇගේ වයස අවුරුදු තිහකි.
ඇගේ මරණින් දශක ගණනාවකට පසුව ඇය ස්ත්‍රීවාදී ව්‍යාපාරයේ වීරවරියක බවට පත්ව සිටී. ඊට මූලික වන්නේ ඈ විසින් මරණයෙන් ගැලවීම පිළිබඳ අතිශය සංකීර්ණ ලෙස විරචිත The Bell Jar ස්වයං චරිතාපදානය පාදක කර ගනිමින් වේදිකාගත වන මනෝ නාටකය නිසා ය. සිල්වියා ප්ලැත් නම් ගුස් කිවිඳියගේ චරිතය දෙස විමර්ශනාත්මක විග්‍රහයක යෙදුණු නූතන මනෝ වෛද්‍යවරු, ලේඛිකාවන්ට බහුලව ඇතිවන එම මානසික තත්ත්වය Selvia Plath Effect ලෙස හඳුන්වා දෙති.
Peter Orr විසින් 1962 දී The Poet Speaks කෘතිය වෙනුවෙන් කරන ලද සම්මුඛ සාකච්ඡාව.
ඔබ ලිවීම ආරම්භ කිරීමට හේතු වූයේ කුමක්ද?
එය ආරම්භ කළේ කුමක් නිසා දැයි මා දන්නේ නෑ. මා බොහෝම ළාබාල වියේදී නිකමට වාගේ ලිව්වා. පෙර පාසලේ දී මා උගත් කවිවලට මා ඇලුම් කළා. මා සිතුවා, මටත් ඒවා ලිවීමට හැකි යයි කියා. මගේ පළමු කවිය සහ පළමු ප්‍රකාශිත කවිය රචනා වුණේ මට වයස අටේදීයි. එතැන් පටන් මම වෘත්තීය මට්ටමින් කවි ලියුවා යයි කීවොත් මා නිවැරදියි.
ඔබ ආරම්භයේ දී ලියුවේ මොනවගේ දේවල් පිළිබඳව ද?
සොබාදහම, කුරුල්ලන්, මීමැස්සන්, වසන්තය, දියඇලි ආදිය පිළිබඳව. මා සිතන්නේ ලිවීමට අභ්‍යන්තරික අත්දැකීමක් නැති පුද්ගලයෙකුට ඒවා ඉතා අවිශේෂ වස්තූන්. වසන්තයේ පැමිණීම, හිසට ඉහළින් දිස්වන තාරකා, ප්‍රථම හිම වැටීම ආදිය කුඩා දරුවෙකුට මෙන් ම තරුණ කවියෙකුට ද ත්‍යාගයන් බවට පත්වෙනවා.
කාලයාගේ ඇවෑමෙන් ඔබ කිවිඳියක ලෙස ලිවීමට කැමැත්තක් දක්වන නිශ්චිත තේමාවන් තිබෙනවාද?
එය ඇමෙරිකානු බලපෑම මත සිද්ධ වූ දෙයක් විය හැකියි. රොබර්ට් ලෝවෙල් ගේ Life Studies හි එන බරපතළ, බොහෝ පෞද්ගලික සහ අතිශය සංවේදී අත්දැකීම් මගේ සිත් ගන්නවා. ඈන් සෙක්ස්ටන් කිවිඳිය ඇය මවක ලෙස ලද අත්දැකීම් ඉතාම සංවේදී සහ මනෝමය ගැඹුරකින් යුතුව ඉදිරිපත් කරනවා. මා සිතන්නේ ඔවුන් කතා කරන එම අතිශය ගූඪ සහ අමුතු බවක් ගන්නා තහනම් තේමාවන් ඉතා ම සිත්ගන්නාසුලුයි.
එසේ නම් ඔබ කිවිඳියක ලෙස ඇමෙරිකානුවකු බවට පත්ව සිටිනවා?
එය ඉතා ම නුහුරු ස්ථානයක්. කෙසේ වෙතත් මා ඔබේ ප්‍රකාශය බාරගන්නම්.
ඔබේ වැඩි අවධානය යොමු වන්නේ කුමන රටටද?
භාෂාමය අතින් ගත් විට මා ඇමෙරිකානුවෙක්. මා ලියන – කියන ශෛලිය පරණ පන්නයේ ඇමෙරිකානු ශෛලියක්. මා දැන් එංගලන්තයේ ජීවත්වීමට එය ද හේතුවක් විය හැකියි. මගේ රුචියට අනුව නම් මා සිටින්නේ වසර පනහක් පමණ පිටුපසින්.
ඔබ කියන්නේ, සමකාලීන එංගලන්ත ලේඛකයා ඇමෙරිකාව සමඟ සසඳන විට පිටුපසින් සිටින බව ද?
නැහැ. මා සිතන්නේ එය එක්තරා ආකාරයක ඇඟට ම සිර වූ කබායක් වගෙයි. එංගලන්තයේ සෑම තැනක ම දැකගත හැකි වංශවත් බව, දැඩි පිරිසුදුකම සහ පිළිවෙළ මතුපිටින් පෙනෙනවාට වඩා ඉතා භයානකයි.
ලේඛිකාවක ලෙස ඔබ ඓතිහාසික වගතුග පිළිබඳ උනන්දු වෙනවාද?
මා ඉතිහාසඥයකු නොවෙයි. නමුත් ඓතිහාසික තොරතුරු කියවීමෙන් මා ඉමහත් ආස්වාදයක් ලබනවා. මා නැපෝලියන් පිළිබඳවත්, දෙවන ලෝක යුද්ධය පිළිබඳවත් උනන්දුවෙන් කියවනවා. වයසට යාමත් සමඟ මා වඩාත් ඓතිහාසිකයෙකු බවට පත් වෙමින් සිටිනවා. නමුත් මගේ ජීවිතයේ දෙවැනි දශකය ආරම්භයේ දී මා එසේ නොවෙයි.
දැන් ඔබ නිර්මාණය කරන කවිවලට පාදකවන්නේ ඔබේ අත්දැකීම්වලට වඩා, ඉතිහාස පොත්වල තොරතුරු ද?
නැහැ. කොහෙත් ම මා එවැන්නක් අදහස් කළේ නැහැ. මගේ කවිවලට පදනම වන්නේ අනුරාගී සහ සංවේදී අත්දැකීම්. වියරුව, හිංසනය ආදී වූ බිහිසුණු අත්දැකීමක් වුව ද කෙනෙකුට පාලනය කර ගැනීමට සහ මෙහෙයවීමට හැකි විය යුතු යයි මගේ විශ්වාසයයි. එය කළ යුත්තේ දැන-උගත්, බුද්ධිමත් මනසකින්.
එසේ නම්, ප්‍රාථමික, සංවේදී වූ ප්‍රතික්‍රියාවක පිටුපස බුද්ධිමය ශික්ෂාවක් තිබිය යුතුයි?
මා එය තරයේ විශ්වාස කරනවා. ශාස්ත්‍රඥයෙකු වීමටත්, පශ්චාත් උපාධිධරයකු වීමටත් මා තුළ තිබූ බලපෑම නිසා මාගේ එක් පැතිකඩයක් නිරන්තර එම ශික්ෂාවන්ට ගරු කිරීමට පෙලඹෙනවා.
ඔබ තුළ බලපෑමක් කළ ලේඛකයන් කවුද?
බොහොම සුළු පිරිසක් ඉන්නවා. මා පාසල් යන කාලයේ ඩිලන් තෝමස්, යීට්ස් සහ ඕඩන් වැනි නූතන ලේඛකයන්ගේ බලපෑමට ලක්වුණා. මා කෙතරම් ඕඩන්ට ඇලුම් කළා ද කීවොත්, මුලදී මා ලියූ කවි සිතාමතාම ඕඩන් ශෛලියට අනුගත කළා. දැන් මා නැවත ආපස්සට යමින් සිටිනවා. උදාහරණයක් ලෙස බ්ලේක් වැනි අය පිළිබඳ මා දැන් සොයනවා.
ඔබේ කවි සිතින් කියවාගෙන යන විටත්, හඬ නඟා කියවන විටත් දැනෙන හැඟීම විවිධාකාරයි. ඔබ ඔබේ කවිය හඬ නඟා කියවීමට හැකි ලෙස ඉපැහැදිලිව ලියන්නේ සිතාමතාමද?
එසේ මා මාගේ මුල්කාලීන කවි තුළ නොකළ දෙයක් උදාහරණයක් ලෙස මගේ ප්‍රථම කෘතිය, The Colossus හි එන කිසිඳු කවියක් හඬ නඟා කිව නොහැකියි. මා ඒවා ලියුවේ හඬ නඟා කියවීමට නොවෙයි. නමුත් මෑතකදී මා නිර්මාණය කළ කවි මා ලියුවේ හඬ නඟා උච්චාරණය කරමින්.
හඬ නඟා කියවිය හැකි වීම හොඳ කවියක අත්‍යවශ්‍ය ලක්ෂණයක් යයි ඔබ සිතනවාද?
කවි හඬ නඟා කියවීමට හැකිවීමත්, ඒවා පටිගත කර ගත හැකි වීමත් ඉතාම ආශ්චර්යවත් දෙයක්. එක් අතකට එය ඉතිහාසය නැවත පැමිණීමක් නේද? මන්ද මුල් කාලයේ දී කවියාගේ කාර්යභාරය වුණේ මිනිසුන් පිරිසකට තම කවිය හඬ නඟා කියවීමනේ.
එසේත් නැත්නම් පිරිසක් ඉදිරියේ ගායනා කිරීමට?
අනිවාර්යයෙන් ම.
කවිය හැරුණු කොට ඔබ ලිවීමට ප්‍රියකරන වෙනත් දේ තිබෙනවාද?
ඇත්තෙන් ම මා නිතර ම ගද්‍යයට ඇලුම් කළා. යෞවන කාලයේ දී මම කෙටිකතා ප්‍රකාශයට පත් කළා. මට නිතර ම අවශ්‍ය වුණේ දීර්ඝ කෙටිකතා සහ නවකතා ලියන්නටයි. නවකතාවක් තුළ, ඔබට එදිනෙදා හමුවන ඕනෑම උපකරණයක් භාවිතා කළ හැකියි. නමුත් කවිය තුළ දැඩි පාලනයකට නතු වූ ශික්ෂාවක් තිබෙනවා. එහිදී ඔබට ලැබෙන්නේ අතිශය සීමාසහිත ඉඩක්. එම ඉඩ ඔබ ඉතා වේගයෙන් තරණය කළ යුතුයි.
ඔබ වෙනත් ලේඛකයන්ගේ ඇසුර බලාපොරොත්තු වෙනවාද?
මා වෛද්‍යවරුන්, හෙදියන්, නීතිඥයන් ආදීන්ගේ ඇසුර ලැබූවත් ලේඛකයන්ගේ ඇසුර නම් බලාපොරොත්තු වන්නේ නැහැ. මන්ද ලේඛකයන් සහ කලාකරුවන් යනු ලොව සිටින වඩාත්ම ආත්මරාශී කොට්ඨාසයයි. මා ඇසුරු කිරීමට කැමැති, කිසියම් ප්‍රායෝගික පරිචයකින් පරිපූර්ණ වූ සහ මා හට එමඟින් යමක් ඉගැන්විය හැකි පුද්ගලයන් පමණයි.
ලේඛිකාවක නොවූවා නම්, ඔබේ වෘත්තිය වන්නට තිබුණේ කුමක්ද?
මා වෛද්‍යවරියක වන්නට තිබුණා. මගේ මිතුරියක් සමඟ මමත් එම විශේෂ ඇඳුම් ඇඳ අලුත උපන් දරුවන් බැලීමට ගියා. නමුත් වෛද්‍යවරියක වීම සඳහා උගත යුතු සියලු දේ ඉගෙනීමට තරම් මා තුළ සංයමයක් තිබුණේ නැහැ. කෙසේ වෙතත් වෛද්‍යවරියක වීමට වඩා වෛද්‍යවරුන්ගේ ජීවිතය පිළිබඳ ලියා තැබීමෙන් මා තෘප්තිමත් වෙනවා.
පරිවර්තනය
හසිත පෙරේරා