උතුරු මිහින්ලන්තයේ ඉඩම් ලියාපදිංචිය.

හර්ෂි සි. පෙරේරා

මේදිනවල ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙයි. දෙමල දේශපාලඥයින් තිදෙනෙකු එනම් වී. ආනන්දසංගරී, ඩී. සිද්දර්තන් සහ ටි. ස්රිතරන් යන අය ඔහුව මුණගැසිනි.

ඒ අවස්ථාවේ ඔවුන් රාජපක්ෂ ආණ්ඩුව සිංහලයින්ව උතුරේ දෙමල ජනයා ජිවත්වන ප්‍රදේශ වල පදිංචිකිරීමට ගන්නා උත්සාහයත් වාර්ගික අර්බුදය විසදීම වෙනුවට එය උත්සන්න කිරීමට ආණ්ඩුව ගන්නා වෑයම ඉන්දීය විදේශ ලේකම්ගේ අවදානයට ලක් කර ඇත.

මේ දිනවල උතුරේ ඉඩම් ලියාපදිංචිය මෙන්ම ජන ජිවිතයේ සෑම දෙයකටම හමුදාවේ සහබාගිත්වය දැකිය හැක.

වාර්ගික අර්බුදයට මුල්ගල තැබුවේ දිවංගත එස්. ඩබ්ලිවු. ආර්. ඩී බන්ඩාරනයකය. ඒ 1956 දී සිංහල පමණක් රාජ්‍ය බාෂාව කිරීම මගිනි. නමුත් ඔහු සිය දේපලද උගසට තබා ජනතාවට සේවය කලේය..

නමුත් වාර්ගික අර්බුදය උත්සන්න කිරීමට වර්තමානයේ කටයුතු කරන රාජපක්ෂ සහ ඔහුත් අතර වෙනසක් ඇත. ඒ රාජපක්ෂ රටේ බලය සහ දනය තමාගේ සහ සිය පවුලේ උදවියගේ අබිවුර්දිය සදහා යොදා ගැනීමයි.


Tell a Friend