ලන්ඩන් ඔලිම්පික් ගැන ප්‍රේක්ෂක සටහනක්

ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය බව කියමින් සන්වර්දනයේ ඉහලින්ම සිටින බව කියමින් මේ රටේ මිනිස්සුන්ව [ ගොන්නුන්ව ] ගොනාට අන්දන ආණ්ඩුව ශ්‍රී ලංකාව යනු තවමත් සන්වර්දනයේ ගේට්ටුව වත් දැකල නැති තැනක සහ ලෝකයේ ඉතාම දුප්පත් තැනක සිටින බව පැහැදිලිවම මේ ඔලිම්පික් තරඟයේදී ඔප්පු කරමින් සිටින බව දැන් මුළු ලෝකයම දන්නවා සහ දකිමින් සිටිනවා …. එයට හේතු කීපයක් තියෙනවා.

1 – ඔලිම්පික් තරඟයක් යනු ඒ සඳහා ඉදිරිපත් කරන්නේ තම රටේ හොඳම ක්‍රීඩකයන් බවට කිසිම සැකයක් නැත ….නමුත් ශ්‍රී ලංකාවෙන් අංශ ගණනාවක තරඟ අංශ ඉතා විශාල ප්‍රමාණයක් ඇති මේ 2012 ඔලිම්පික් තරගාවලියේදී ඉදිරිපත් කිරීමට සිටින්නේ තරඟ කරුවන් 7 ක් පමණි … පිහිනුම් කරුවන් දෙදෙනාම ඉතාම පහත් ලෙස තරඟ අවසන් කර පරාජයට පත්විය … මගේ කල්පනාව නම් එම පිහිනුම් කරුවන් දෙදෙනා මේ ඔලිම්පික් තරඟ සඳහා ඉදිරිපත් නොකලා නම් හොඳයි යන්නය ..වසර 30 ක් යුද්දය පවතී රටක දක්ෂ හමුදාවක් සිටින රටක් බව කියන ලංකාවෙන් ඉලක්කයට වෙඩි තැබීමේ අංශ සඳහා ඉදිරිපත් කිරීමට දක්ෂ ක්‍රීඩකයන් නැත .. යන්තම් කොහෙන් හෝ එක අයෙක්ව සොයාගෙන ඉදිරිපත් කලද එම ක්‍රීඩකයාද ඉදිරිපත් වූ ක්‍රීඩකයන් 45 දෙනා අතරින් 43 වෙනි ඉස්තානයට පත්විය ..බැඩ්මින්ටන් වලින් තිලිනි අන්ත පරාජයක් ලැබිය ….. එයින් යන්තම් හෝ එක තරඟයක් ජයගත්තේ නිලුක පමණි …. එයද ලෝකයේ 8 වන දක්ෂ ක්‍රීඩකයාට විරුද්දව 48 වන ස්ථානයේ පසුවන නිලුක ජයගත්තේ සබැ වාසනාවකට බව සිතේ …. දුවන්න ,පනින්න , බර උස්සන්න , සහ ජුඩෝ , රෙස්ලින් සහ අනිත් සියලුම තරඟ අංශ සඳහා ඉදිරිපත් කිරීමට තරම් වත් සුදුසු ක්‍රීඩකයන් ලංකාවේ නැත …

2 – ලංකාවෙන් ඉදිරිපත් කරන ක්‍රීඩකයන් පළමු වටයේ පරදින බව දන දැනත් ක්‍රීඩකයන් 7 දෙනෙක් සඳහා ලංකාවේ ක්‍රීඩා ඇමති සහ නිලදාරීන් 30 දෙනෙක් ලන්ඩන් බලා සැපක් ගැනීමට ගුවන් ගත වීම …මෙහිදී කිවයුතු නින්දිතම සහ ලජ්ජා සහගතම කරුණ නම් රට වෙනුවෙන් ඉදිරිපත් කරන ක්‍රීඩකයාගේ පුහුණු කරු ව මේ සඳහා සහබාගි කර නොගත් එකම ලෝකයේ දුප්පත් , නොදියුණු රට ශ්‍රීලංකාව බව රටටත් ලෝකයටත් පෙන්වීමයි ….සියලුම තරඟ සඳහා ඉදිරිපත් වන ලෝකයේ සියලු රටවල ක්‍රීඩකයන්ගේ පුහුණු කරුවන් තරගයක් අතරතුර ඔවුන්ට ශක්තිය දීමට සහ උපදෙස් දීමට ඔවුන් පිටුපස හැම තරන්ගයකදිම පෙනී සිටිද්දී ලංකාවේ ගොස් ඇත්තේ එම ක්‍රීඩකයාගේ ක්‍රීඩා සංගමයේ සබාපති සහ අනුග්‍රාහක බව මම දැනගත්තේ නිලුකගේ තරඟය නිසාය …. මෙහිදී මම පුදුමයට පත්වීමි … මම පමණක් නොව මේ බව දන්නවා නම් ලෝකයේ සියලු දෙනා [ ලංකාව හැර ] පුදුම වෙන බවත් මම දනිමි … මෙයනම් ආසියාවේ පමණක් නොව ලෝකයේම ආශ්චර්යක් බව කිවයුතුමයි ….බැඩ්මින්ටන් සංගමයේ සබාපති යනු රේගු නිලදාරියෙකි …. ඔහු රේගුවේ රාජකාරි පසෙකලා නිලුකගේ පුහුණු කරුට ගෙදර නිදාගැනීමට සලස්වා එංගලන්තයේ සැපක් ගැනීමට ගොස් ඇත …. එසේ ගොස් බැඩ්මින්ටන් තරඟ අවසන් උවද ඔලිම්පික් අවසන් වෙනතෙක් එම්ගලන්තයේ රැඳී සිටි … මෙහිදී කිවයුතු වටිනාම දෙයනම් ජපානයෙන් ඉදිරිපත් කල ක්‍රීඩකයන් 305 දෙනාගෙන් තරග අවසන් වෙන වෙන හැටියට ඔවුන්ව එංගලන්තයෙන් වහාම ඉවත්කර ගනී … පදක්කමක් ගත් නොගත් සියලු ක්‍රීඩකයන්ව තරඟයෙන් පසුදාම තම රටට ගෙන්වාගනී …. මෙය මම අත්දුටුවෙමි ….අනිකුත් දියුණු රටවල් ද එසේ කරමින් සිටි … මේ අයුරින් කෙසේ හෝ නිලදාරින්ට ඔලිම්පික් යාම සඳහා කෙසේ හෝ ක්‍රීඩකයන් 7 ක් තෝරාගෙන පට්ටි පිටින් ලන්ඩන් ගොස් ඔලිම්පික් ඉවරවෙනකම් රටේ සල්ලි වලින් එහෙ සැප ගන්නේ ලංකාව ඇතුළු නොදියුණු , දුප්පත් රටවල් කීපයක් පමණි …. මෙය සත්‍යයකි….

3 – කෙසේ හෝ අවසානයේ කීමට ඇත්තේ ඔලිම්පික් තරඟාවලියේදී ලංකාවට ඉදිරි අනාගතයේ හෝ රන් පදක්කම් ලබා ගැනීමට අවශ්‍යනම් ඔලිම්පික් වලට ඇතුල් කලයුතු අංශ කීපයක් ඇත …. ඒවා පහත සඳහන් කරමි ….1 බොරු කීමේ තරඟය 2 මිනිස්සුන්ව ගොනාට ඇන්දවීමේ තරඟය 3 – මිනීමැරීමේ තරඟය 4 – නයට ගෙන සැප ගැනීමේ තරඟය 5 – ගැනුන් සහ පොඩි ළමයින් දුෂණය කිරීමේ තරඟය 6 – නීතියක් නැතුව අයාලේ පාරේ වාහන පැදවීමේ තරඟය 7 – ලොක්කන්ට....දීමේ තරඟය 8 – ජරාව කෑමේ තරඟය …. තව ගොඩක් තරඟ අංශ තිබුනත් සඳහන් කිරීමට වෙලාවක් නැතිවීම ගැන සමාවෙන්න …

මෙම ඉහත සඳහන් ක්‍රීඩා අංශ ඔලිම්පික් වලට ඇතුල් කළහොත් ලංකාවට නිතරඟයෙන් ජයගත හැකිවෙයි සිතමි … සමහර වෙලාවට 3 වන ලෝකයේ නොදියුණු සහ ඉතා දුප්පත් රටවල් කීපයක් පමණක් තරඟයක් දීමට ඉදිරිපත් විය හැක. ඔලිම්පික් තරඟාවලියේදී ඉදිරිපත් කිරීම සහ ලංකාවේ සිරස සහ රුපවාහිනිය එය ඉදිරිපත් කරන සහ විචාරය කරන අයුරු දකිනා විට ලංකාව තවම ඉතා නොදියුණු මට්ටමක බවද නොකියාම බැරිය