ටී.ආර්. ඕ. හෙවත් දෙමළ පුනරුත්ථාපන සංවිධානයට ලැබුණු අරමුදල් එල්.ටී.ටී.ඊ.යට ලබාදීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින විත්තිකරුවන් 5 දෙනෙකු දුටුතැන වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහාධිකරණය අද (16) වරෙන්තු නිකුත් කළේය.
මුදල් විශුද්ධිකරණ පනත උල්ලංඝනය කිරිමේ චෝදනාව යටතේ මෙම විත්තිකරුවන් පස්දෙනා කඩිනමින් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය සියලූ ක‍්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙසයි මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර රහස් පොලීසියේ අධ්‍යක්ෂවරයාට නියෝග කළේය. මෙම විත්තිකරුවන් පස්දෙනා දෙමළ පුනරුත්ථාපන සංවිධානයේ ප‍්‍රධාන පෙළේ නායකයින් වෙති.
සිද්ධියට අදාළ නඩුව අද (16) කැඳවූ අවස්ථාවේදියි විත්තිකරුවන් අධිකරණය හමුවේ දිගින් දිගටම පෙනී නොසිටීම හේතුවෙනුයි මෙලෙස වරෙන්තු නිකුත් කරනු ලැබුවේ. මෙම නඩුව යළි ලබන වසරේ පෙබරවාරි මස 9 වැනිදා කැඳවනු ඇති.
Home Unlabelled ටී.ආර්. ඕ. පස්දෙනෙක් දුටුතැන ඇල්ලීමට වරෙන්තු.
ටී.ආර්. ඕ. පස්දෙනෙක් දුටුතැන ඇල්ලීමට වරෙන්තු.
By Sri Lanka Guardian • December 16, 2010 • • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment