තරුණියක් දුෂණය කල ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියා - ජේ . ඩී සී ජයසිංහ

| සමන්ත කෝනාර
සහාය දර්ශිනි විමලසුරිය

තවත් ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් දිනයක් නිමාවට පත් විය. ගැහැනු දරුවන් සුරකිමු" යන තේමාව යටතේ අද දිවයින පුරා උත්සව පැවැත්විය. නමුත් ස්ත්‍රී දුෂණ සහ ළමා අපයෝජන අඩුවක් දක්නට නැත. ගෙවී ගිය 2011 වසරේ පමණත් ස්ත්‍රී දුෂණ 1673ක් සිදු වී ඇත. ළමුන් 1085 දෙනෙක් 2011 වසරේදී දූෂණය වී තිබෙන බවත් තවත් ළමුන් 1503 දෙනෙක් ලිංගික අපචාර සහ බරපතළ ලිංගික අපයෝජනයන්ට ලක්ව ඇති බවත් ‍පොලිස් තොරතුරු මාධ්‍ය අංශය පවසයි. අධිකරණයේ විභාග වන නඩු වලින් හතරෙන් එකක් ළමා අපයෝජන නඩු බව වාර්තා වේ. නමුත් ස්ත්‍රී දුෂයන්ට සහ ළමා අපයෝජකයන්ට එදිරිව නිතිය ක්‍රියාත්මක වීම බොහෝ විට සිදු නොවේ. දේශපාලන බලය මත බොහෝ ස්ත්‍රී දුෂකයන් නීතියෙන් ගැලවී සුරක්ෂිතව සිටිති. එවැනි එක ස්ත්‍රී දූෂකයෙකි ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජේ . ඩී සී ජයසිංහ නම් නිලධාරියා.

මිනුවන්ගොඩ මල්දෙනියගේ ප්‍රියදර්ශනී මුදල් හදල අතින් දුප්පත් නමුත් රූපයෙන් පොහොසත් ව සිටි තරුණියකි. ඇය ගෙදර පැවති අඟ හිඟකම් නිසා අධ්‍යාපනය අතහැර කටුනායක ගාමන්ට් රැකියාවකට ගියාය. ප්‍රියදර්ශනී මුළු පඩියම වැය කලේ දුප්පත් මවට සහ පියාට යන්තමට කඩයට ණය නොවී ජිවත් වීම සඳහාය. ගාමන්ට් කෙල්ලන් යනු කෙලි බඩු ලෙස සැලකු කාමතුරයෙකු වන මුද්දරගම පදිංචිව සිටි ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියෙකු වන ජේ . ඩී සී ජයසිංහ බොහෝ දිනවල සවස් වරුවේ කටුනායක ප්‍රදේශයේ තම වාහනයෙන් සැරිසැරුවේ කෙල්ලන් දඩයම් කිරීමටය. එවැනි අවස්ථාවකදී ජේ . ඩී සී ජයසිංහගේ නෙත රූමත් මල්දෙනියගේ ප්‍රියදර්ශනී වෙත යොමු විය. කෙසේ හෝ ඇයව ග්‍රහණයට ගැනීම ඔහු මාන බැලිය. දින කීපයක් උත්සහ කිරීමෙන් පසු ප්‍රියදර්ශනී සමග කතා කිරීමට ඔහු සමත් විය.

මේ කාලයේ ජේ . ඩී සී ජයසිංහ නොහොත් ජාවිගොඩගේ දොන් චාල්ස් ජයසිංහ සේවය කලේ සෞක්‍ය අමාත්‍යංශයේ පරිපාලන නිලධාරියෙකු ලෙසටය. ඔහු මල්දෙනියගේ ප්‍රියදර්ශනී තරුණියට මිනුවන්ගොඩ රෝහලේ කම්කරු තනතුරක් ලබා දිය හැකි බව කියා සිටියේය. රජයේ රැකියාවක් ලබා ගැනීමට පෙරුම්පුරමින් සිටි තරුණිය මේ කරුණාවන්ත මහතාගේ වචන විස්වාස කලාය. ඔහු ඇයට රැකියාවක් ලබා දෙන බවට පොරොන්දු විය. මේ අනුව දිනක් සෞක්‍ය අමාත්‍යංශයේ සම්මුක පරීක්ෂණයකට ඒමට කියා ඔහු මිනුවන්ගොඩ මල්දෙනියගේ ප්‍රියදර්ශනී ගෙන්වාගෙන මරදාන ප්‍රදේශයේ ලැගුම්හලකට ගෙන ගොස් ඇයව බලහත්කාරයෙන් දුෂණය කළේය. අනාගතය ගැන දහසක් බලපොරොත්තු තබා සිටි තරුණිය තමා කපටියෙකුට රැවටුණු බව තේරුම් ගත්තාය. නමුත් ඒ වන විට ඇය ප්‍රමාදය.

තමාට සිදුවූ අසාධාරණය ගැන ජේ . ඩී සී ජයසිංහ ගේ බිරිඳ හමුවී තතු කීමට මල්දෙනියගේ ප්‍රියදර්ශනී ජේ . ඩී සී ජයසිංහ ජීවත් වන මීරිගම - මුද්දරගමට ගියාය. නමුත් ඔහුගේ බිරිඳ ඇයට මුහුණ දුන්නේ නැත. ඒ නිසා ඇය මුද්දරගම ග්‍රාම නිලධාරී එස් ඒ ජයතිස්ස මහතා හමු වී තමාට සිදු වූ ලිංගික අතවරය ගැන දැනුම් දීමක් කලාය. මුද්දරගම ග්‍රාම නිලධාරී එස් ඒ ජයතිස්ස යනු ජේ . ඩී සී ජයසිංහ ගේ සමීප මිතුරෙකු බව ප්‍රියදර්ශනී දැන සිටියේ නැත. ග්‍රාම නිලධාරී එස් ඒ ජයතිස්ස තරුණිය විසින් කල ලිබිත පැමිණිල්ල යට ගැසීමට උත්සහ කළේය. ඔහු ඇයට කළු ගලේ ඔලුව නොගසාගන්නා ලෙසටද අවවාදයක් කල බව එම අවස්ථාවේ එතන සිටි මුද්දරගම ප්‍රදේශවාසියෙක් පසුව පවසන ලදී. ග්‍රාම නිලධාරී එස් ඒ ජයතිස්සගෙන් සාධාරණයක් නොවන නිසා තරුණිය මීරිගම පොලිස් ස්ථානය වෙත යාමට සුදානම් විය. එයටද ග්‍රාම නිලධාරිවරයා බදා කළේය. නමුත් තරුණිය පොලිසියට ගියාය.

තරුණිය පොලිසියට පිටත් වීමත් සමගම ග්‍රාම නිලධාරියා දුරකතනයෙන් ජයසිංහ අමතා සියලු තොරතුරු කිවේය. ඔහු වහාම ක්‍රියාත්මක වී අදාල ස්ථාන දැනුවත් කළේය. මීරිගම පොලිසියට ගිය මල්දෙනියගේ ප්‍රියදර්ශනී තරුණියට කිසිම අනුග්‍රහයක් නොලැබිණි. යටත් පිරිසෙන් ඔවුන් අයගේ පැමිණිල්ල ලියා ගැනීමට පවා උනන්දු නොවුහ. ඇයට සැලකුවේ ගණිකාවකට මෙනි. මේ නිසා අසරණ වූ තරුණිය පොලිස් ස්ථානයෙන් පිට වුවාය. මේ අතර ස්ත්‍රී දුෂකයා ප්‍රියදර්ශනීට තර්ජනය කරමිනි යළි මුද්දරගමට පැමිණියහොත් අයගේ මුළු පවුලම මරා දමන බවට තර්ජනය කළේය. ස්ත්‍රී දුෂක ජේ . ඩී. සී ජයසිංහ නොහොත් ජාවිගොඩගේ දොන් චාල්ස් ජයසිංහ ගේ තර්ජන නිසා තරුණියට රැකියාවට පවා යාමට නොහැකි වුවාය. දුෂකයාගේ තර්ජන , අවමාන , නිසා තරුණියට තව දුරටත් ජීවත් වීම එපා විය. මේ හිරිහැර කරදර නිසා 1999 නොවැම්බර් 2 දින මල්දෙනියගේ ප්‍රියදර්ශනී වස පානය කිරීමෙන් දිවි නසා ගත්තාය. ඇයගේ මරණයත් සමගම ස්ත්‍රී දුෂණය යට ගැසීමට ජයසිංහ සමත් විය.

මෙම දුෂණයට විරුද්ද වූ මුද්දරගම ගම් වාසීන් විසින් නොයෙකුත් කාන්තා සංවිධාන දැනුවත් කිරීමෙන් පසු කාන්තා පරියේෂණ කේන්ද්‍රයේ පී පතිරණගේ සහ කමලිනි විජේතිලක යන මහත්ම මහත්මීන් විසින් 1999 වසරේ මල්දෙනියගේ ප්‍රියදර්ශනී විසින් මුද්දරගම ග්‍රාම නිලධාරී එස් ඒ ජයතිස්සට කල ලිබිත පැමිණිල්ලේ පිටපතක් ඉල්ලා සිටියද ඔහු එවැනි පිටපතක් තමා ළඟ නොමැති බව පවසා පරීක්ෂණයට කිසිදු සහයෝගයක් නොදැක්විය. මේ වන විට ජේ . ඩී. සී ජයසිංහ ගේ උපදෙස් මත ග්‍රාම නිලධාරී එස් ඒ ජයතිස්ස විසින් එම පිටපත විනාශ කරන්නට ඇති බව මුද්දරගම ප්‍රදේශයේ සමාජ සේවකයෙකු වන ටී. කේ විමලසේන මහතා අප සමග පැවසිය. එසේම තමන්ට විරුද්දව සාක්ෂි දෙන පුද්ගලයන් කසිප්පු නඩු වලට හිර කරන බවට ජේ . ඩී. සී ජයසිංහ විසින් කර ඇති විවෘත තර්ජනය නිසා බොහෝ ගම්වාසීන් දැන් නිහඬව සිටිති. එසේම දේශපාලන බලය භාවිතා කරමින් මුද්දරගම ප්‍රදේශයේ අසරණ ජනයා හිරිහැරයට ලක් කිරීමද ජයසිංහ විසින් සිදු කරන බව ගම්වාසීහු පවසති. බීමත්කම සහ සල්ලාලකම නිසා මුද්දරගම ප්‍රදේශයේ මිනිසුන් ජේ . ඩී. සී ජයසිංහව හඳුන්වන්නේ කුකුල් චාලි වශයෙනි.

මෙම පුද්ගලයා මිට වසර කීපයකට පෙර ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාල භූමියේදී වැඩිවියට පත් වූ සිසුවියකගේ පියයුරු මිරිකීම නිසා එම විදුහලේ විදුහල්පතිනී A.H.A ජයවර්ධන මහත්මිය විසින් ඔහුට තරයේ අවවාද කොට තිබුණු බවද වාර්තා වේ. එසේම ඔහු ඔහු වනසම්පත් හා පාරිසරික අමාත්‍යංශයේ සිටියදී සිදු කරන ලද මුල්‍ය වංචාවක් නිසා එවකට වනසම්පත් හා පාරිසරික අමාත්‍යංශයේ උසස් නිලධාරියෙකු වූ රත්නදාස මිල්ලවිටිය මහතාගේ පැමිණිලි කිරීම මත හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතා විසින් නින්දිත ලෙස පළවා හරින ලද පුද්ගලයෙකි. වර්තමානයේ මෙම ස්ත්‍රී දුෂකයා කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගේ ආවරණය යටතේ ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාලන) තනතුර දරයි. අවංක සහ කාර්යක්ෂම නිලධාරීන් පසෙකට ලා බීමත්කමට මුල් තැන දෙන ස්ත්‍රී දුෂකයෙකුට කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යංශයේ උසස් නිලයක් දීම පිළිබඳව එම අමාත්‍යංශයේ අවංක නිලධාරීහු කලකිරීමට පත්ව සිටිති.

ලංකාවේ වාර්ෂිකව ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් සිදු කෙරේ. නමුත් ස්ත්‍රී දුෂයන්ට සහ ළමා අපයෝජකයන්ට එදිරිව නිතිය ක්‍රියාත්මක වීම සිදු වීමක් පෙනෙන්නට නැත. බොහෝ ස්ත්‍රී දුෂකයන් එළිපිට නිදහසේ සිටිති. මේ අතරවාරයේ ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද කියන්නේ මෙවැනි කතාවකි.

" ජාත්‍යන්තර කාන්තා දිනය අප රටටත් ඉතාම වැදගත් දිනයක්. ලොව පුරා කාන්තාවන් කෙරෙහි අවධානයක් ඇතිකිරීම අරමුණු කරගත් මෙම දිනයේදී කාන්තාවන්ගේ යහපත උදෙසා විවිධ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමද සිදුකෙරෙනවා. මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේ ජාතික සැමරුම් උත්සවය ‘ගැහැනු දරුවා සුරකිමු’ තේමාව ඔස්සේ සැමරීමට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. එම ජාතික උත්සවය පැවැත්වෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදීයි. අග්‍රාමාත්‍යතුමන් ප්‍රමුඛ මැති ඇමැතිවරුන් ආරාධිතයන් රැසක්ද මෙයට සහභාගිවනවා.අපේ අමාත්‍යාංශය කාන්තාවන් හා ළමයින් වෙනුවෙන් විවිධ සංවර්ධන ව්‍යාපෘතීන්, දැනුවත් කිරීමේ වැඩසටහන්, ඔවුන් සුරක්ෂිත කිරීමේ වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කරනවා. ගැහැනු දරුවා වෙනුවෙන් මෙහිදී වෙන්වුණු වැඩසටහන් සුවිශේෂී බවක් ගන්නවා. "

ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්දගේ මේ කතන්දර අසා ජේ . ඩී සී ජයසිංහ නොහොත් ජාවිගොඩගේ දොන් චාල්ස් ජයසිංහ (කුකුල් චාලි) වැනි ස්ත්‍රී දුෂකයන් අධෝ මුබයෙන් විසිල් ගසා සිනාසෙති.