The Most/Recent Articles

Showing posts with label KishaniWeliwitigoda. Show all posts
Showing posts with label KishaniWeliwitigoda. Show all posts

ඉන්දියාව : ඊශාන දිග ඉන්දියාවේ වාර්ගික ගැටුම් නිසා 50 දෙනෙකු මරුට


l කිෂානි වැලිවිටිගොඩ
ඊශාන දිග ඉන්දියාවේ අස්සාම් ප්‍රාන්තයේ දවස් නවයක් තුලදී පැවතුන වාර්ගික කෝලහාල හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 50 ක් දක්වා වැඩි වූ බව වාර්තා වේ. ඉන්දියානු අගමැති මන්මෝහන් සින්ග්හ් මෙම වාර්ගික අර්බුධය හේතුවෙන් පිඩාවට පත් ජනතාවගේ දුක සැප බැලීම සඳහා එම ප්‍රදේශයේ සංචාරයක යෙදුනි.

මෙම වාර්ගික කෝලහාලයෙන් ආරක්ෂා වීම සඳහා මේ වන විට ලක්ෂ 4 කට ආසන්න ප්‍රමාණයක් ඔවුන්ගේ නිවාස අතහැර ගොස් සහන කඳවුරු තුළ ජීවත් වේ. අගමැති මන්මෝහන් සින්ග්හ් පිඩාවට පත් ජනතාව අමතා ප්‍රකාශ කර සිටියේ මෙම වාර්ගික අර්බුධය පිළිගත නොහැකි දෙයක් සහ මෙය ඉක්මනටම නැවැත්විය යුතු දෙයක් බවත්ය.

මීට වර්ෂ 30 කට ඉහතදී අස්සාම් ප්‍රාන්තයේ පැවති වාර්ගික කෝලහාල හේතුවෙන් ප්‍රධාන වශයෙන් මුස්ලිම්වරුන් ඇතුළුව පුද්ගලයන් 2000 කට ආසන්න සංඛ්‍යාවක් ඝාතනයට ලක් විය.

ඉන්දියාව : ප්‍රනාබ් මුඛර්ජි නව ජනාධිපති ලෙස දිවුරුම් දෙයි.



l කිෂානි වැලිවිටිගොඩ

ඉන්දියාවේ හිටපු මුදල් අමාත්‍ය ප්‍රනාබ් මුඛර්ජි අද දින (25) දිල්ලි නගරයේ පිහිටා ඇති පාර්ලිමේන්තු ශාලාවේදී අග්‍ර විනිශ්චයකාරවරීය කපාදියා ඉදිරිපිටදී ඉන්දියාවේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් බවට විදෙස් පුවත් එජෙන්සි වාර්තා කරයි. උප ජනාධිපති හමිඩියා අන්සාරි , අගමැති මන්මෝහන් සිංග් සහ කැබිනට් අමාත්‍යවරුද නව ජනාධිපතිගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වූ ආරාධිතයන් අතර වෙති.

නව ජනාධිපති දිවුරුම් දුන් පසු ඔහු වෙනුවෙන් වෙඩි මුර 21 ක් පවත්වා උත්තමාචාර දැක්වීය. ඉන්දියාවේ ප්‍රථම ජනාධිපතිනියට ප්‍රතිභා පටෙල්ට පසුව ප්‍රනාබ් මුඛර්ජි පත් වන්නේ එරටේ 13 වෙනි ජනාධිපතිවරයා ලෙසය. ඔහු 1935 දී බටහිර බෙංගාලයේ උපත ලැබීය. 1969 වර්ෂයේදී පාර්ලිමේන්තුවට තේරී පත් වීමට පෙර ඔහු ගුරුවරයෙකු, මාධ්‍යවේදියෙකු ලෙස මෙන්ම නීතිඥයෙකු ලෙසද කටයුතු කර තිබේ. 

ඝානාව : හදිසි රෝග තත්වයක් හේතුවෙන් ජනාධිපති අභාවප්‍රාප්ත වෙයි.



l කිෂානි වැලිවිටිගොඩ

ඝානාවේ ජනාධිපති ජෝන් මිල්ස් අනපේක්ෂිත ලෙස හදිසියේ රෝගාතුරු වී පැය කිහිපයකින් මිය ගිය බවට වාර්තා වේ. ඔහු මෙසේ රෝගාතුරු වී ඇත්තේ ඇමෙරිකාවේ වෛද්‍ය පරීක්ෂණයට පෙනී සිට නැවත නිවසට පැමිණියාට පසුවය. මිය යන විට ඔහු 68 වැනි වියේ පසු විය.

ජෝන් මිල්ස් 2009 ජනවාරි මස ඝානාවේ ජනාධිපති ධුරයට පත් විය. ඝානාවේ ව්‍යවස්ථාවට අනුව උප ජනාධිපති ජෝන් ද්‍රමනි මාහාමා එරට නායකයා ලෙස කටයුතු කිරීමේ වගකීම භාර ගැනීමට නියමිතය.

නයිජීරියාව : ගංවතුර හේතුවෙන් පුද්ගලයන් 35 කට ආසන්න සංඛ්‍යාවක් මරුට


l කිෂානි වැලිවිටිගොඩ

මේ දිනවල මධ්‍ය නයිජීරියාවට බලපා ඇති අධික වර්ෂාව නිසා ගංවතුර ව්‍යසන තත්වයකට ගොදුරු වී තිබේ. මෙම කාලගුණ තත්වය හේතුවෙන් පුද්ගලයන් 35 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් මරුමුවට පත් වී ඇති අතර තවත් කිහිප දෙනෙකු අතුරුදහන් වී ඇති අතර නිවාස 200 කට ආසන්න සංඛ්‍යාවකට හානි සිදු වී ඇති බවට රතු කුරුස සංවිධානයේ නිලධාරීන් විසින් විදෙස් පුවත් එජෙන්සි වෙත වාර්තා කර තිබේ. 


අධික වැසි හේතුවෙන් වැසි වතුර සහ ලැමින්ගෝ වේල්ලේ ජලය පිටාර ගැලීම නිසා නගරයේ බොහෝ ප්‍රදේශ ජලයෙන් යට වී පවතී. අතුරුදහන් වී ඇති පුද්ගලයන් වාර්තා වීම නිසා රතු කුරුස සංවිධානයේ සහන සේවකයන් ඔවුන්ව සෙවීමට මෙහෙයුම් සිදු කරමින් පවතී. නයිජීරියාවට මාර්තු සිට සැප්තැම්බර් මාස දක්වා මෙම වැසි තත්වය පැවතීම සාමාන්‍ය සිද්ධියකි. 


නේපාලය : බස් රථයක් අනතුරට පත් වීමෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට


l කිෂානි වැලිවිටිගොඩ

මධ්‍ය නේපාලයේ අධික වේගයෙන් ගමන් ගත් බස් රථයක් රියදුරුට බස් රථයේ පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගය අසල තිබු ගඟකට වැටී අනතුරට ලක් වීමෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂට පත් වී තිබේ. මිය ගිය ය අතර පිරිමි පුද්ගලුඅන් 9 දෙනෙකු සහ කාන්තාවන් 6 දෙනෙකු සිටින බව වාර්තා වේ. බරපතල තුවාල ලබා සිටින පුද්ගලයන් 5 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත.

සෙනසුරාදා දින බස් රථයක් ප්‍රමාණය ඉක්මවා පුද්ගලයන් රැගෙන අධික වේගයෙන් ධාවනය වීම නිසා ගඟකට වැටීමෙන් අසල්වැසි ඉන්දියාවේ පවතී හින්දු ආගමික උත්සවයක් සඳහා එම බස් රථයේ ගමන් ගත් හින්දු වන්දනාකරුවන් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය. ඉරිදා (22) සිදු වූ මෙම මාර්ග අනතුර ඇතුළුව නේපාලයේ සතියක් තුළදී සිදු වූ මාර්ග අනතුරු වලින් මිය ගිය සංඛ්‍යාව 70 දක්වා ඉහල ගොස් තිබේ.

බ්රූනෙයි හෙලිකොප්ටර් අනතුරකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට


l කිෂානි වැලිවිටිගොඩ 

හෙලිකොප්ටර් යානයක් අනතුරට පත් වීමෙන් එහි ගමන් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර තවත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවට බ්රූනෙයි බලධාරීන් විදෙස් පුවත් එජෙන්සි වෙත ප්‍රකාශ කර තිබේ. මෙසේ අනතුරට ලක් වී ඇත්තේ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයකි. හමුදා ශිෂ්‍ය භටයන් 11 දෙනෙකු වනාන්තරයක පැවැත්වූ පුහුණු වීම් අවසන්කොට නැවත තම නිවෙස් බලා පැමිණීමේදී මෙම අනතුර සිදු වී තිබේ.

බ්රූනෙයි හි පාලක අධිරාජයා වන සුල්තාන් හස්සනාල් බෝල්කියාහ්, අනතුරින් දිවි ගලවා ගත් හමුදා ශිෂ්‍ය භටයින් දෙදෙනාගේ සුව දුක් බැලීමට ඔවුන් ප්‍රතිකාර ලබමින් සිටි රෝහලට ගොස් තිබේ. මෙම අනතුරින් ජීවිතක්ෂයට පත් වුවන්ගේ පවුල් වෙත පාලක අධිරාජයා වන සුල්තාන් බෝල්කියාහ් ශෝකය ප්‍රකාශ කළ බව ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

හෙලිකොප්ටර් යානය අනතුරට පත් වූ හේතුව තවමත් සොයාගෙන නැති අතර තව දුරටත් මේ සම්බන්ධව විමර්ශන කටයුතු සිදු වෙමින් පවතින බව ආරක්ෂක අමාත්‍යාංශය විදෙස් පුවත් වෙත අදහස් දැක්විය. 

බල්ගේරියාව : බසයක් තුළ බෝම්බයක් පුපුරා යාමෙන් ඊශ්රාල ජාතිකයන් 7 දෙනෙකු මරුට


l කිශානි වැලිවිටිගොඩ

බල්ගේරියාවේ ප්‍රධාන නගරය වන සොෆිආ නගරයට කිලෝ මීටර 400 ක් දුරින් පිහිටි බර්ගාස් ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදී ඊශ්රාල ජාතික සංචාරකයන් රැගත් බස් රථයක් තුළ  ඊයේ බෝම්බයක් පුපුරා යාමෙන් ඊශ්රාල ජාතිකයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව පුද්ගලයන් 30 කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලැබිය. බස් රථය තුළ පිපිරිම සිදු අවස්ථාවේදී පුද්ගලයන් 6 දෙනෙකුගේ මළසිරුරු සොයා ගත් අතර අතර තුවාල ලැබූ පිරිස අතර සිටි බරපතල තත්වයේ පසු වූ අයකු රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වූ බව ඊශ්රාල විදේශ අමාත්‍යාංශය නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් විය.

සිද්ධිය වන අවස්ථාවේදී බස් රථය තුළ පුද්ගලයන් 40 කට වැඩි පිරිසක් ගමන් කරමින් සිටි ඇති බවත් එම නිසා වාර්තා වී ඇති මරණ සංඛ්‍යාවේ ඉහළ යාමේ ප්‍රවනතාවයක් අපේක්ෂා කළ හැකි බව බල්ගේරියාවේ බලධාරීන් විදෙස් පුවත් එජෙන්සි වෙත අදහස් ප්‍රකාශ කර තිබේ. බස් රථය තුළ බෝම්බ පුපුරා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිම කණ්ඩායමක් විසින් වගකීම භාර ගෙන නොමැත.

අප්‍රිකාව : සුබ උපන්දිනයක් නෙල්සන් මැන්ඩෙලා !


l කිෂානි වැලිවිටිගොඩ

දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා ගේ 94 වෙනි ජන්ම දිනය අදට යෙදී තිබේ. ඔහුගේ උපන් දිනය නිමිත්තෙන් නිර්මාණය කරන ලද ගීතයක් දකුණු අප්‍රිකාව පුරා සිටින පාසැල් සිසුන් මිලියන 12 කට ආසන්න සංඛ්‍යාවක් එක්ව ගායනා කර උපහාර දැක් වූ බව විදෙස් පුවත් එජෙන්සි වාර්තා කරයි. විදෙස් පුවත් උපුටා දක්වන තොරතුරු වලට අනුව නෙල්සන් මැන්ඩෙලා ඔහුගේ උපන් ගමේ පවුලේ හිතවතුන් සමග උපන්දිනය නිහඬව සමරනු ඇති බව සඳහන් වේ.

ඇමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා සහ ජනාධිපති ආර්යා මිචෙල් ඔබාමා මැන්ඩෙලාගේ උපන්දිනයට සුභාශිංසනය පණිවිඩය නිකුත් කර තිබේ. ඊයේ දින (17) ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් හා නෙල්සන් මැන්ඩෙලා හමු වී තිබේ.