ඉන්දියාව : ඊශාන දිග ඉන්දියාවේ වාර්ගික ගැටුම් නිසා 50 දෙනෙකු මරුට


l කිෂානි වැලිවිටිගොඩ
ඊශාන දිග ඉන්දියාවේ අස්සාම් ප්‍රාන්තයේ දවස් නවයක් තුලදී පැවතුන වාර්ගික කෝලහාල හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 50 ක් දක්වා වැඩි වූ බව වාර්තා වේ. ඉන්දියානු අගමැති මන්මෝහන් සින්ග්හ් මෙම වාර්ගික අර්බුධය හේතුවෙන් පිඩාවට පත් ජනතාවගේ දුක සැප බැලීම සඳහා එම ප්‍රදේශයේ සංචාරයක යෙදුනි.

මෙම වාර්ගික කෝලහාලයෙන් ආරක්ෂා වීම සඳහා මේ වන විට ලක්ෂ 4 කට ආසන්න ප්‍රමාණයක් ඔවුන්ගේ නිවාස අතහැර ගොස් සහන කඳවුරු තුළ ජීවත් වේ. අගමැති මන්මෝහන් සින්ග්හ් පිඩාවට පත් ජනතාව අමතා ප්‍රකාශ කර සිටියේ මෙම වාර්ගික අර්බුධය පිළිගත නොහැකි දෙයක් සහ මෙය ඉක්මනටම නැවැත්විය යුතු දෙයක් බවත්ය.

මීට වර්ෂ 30 කට ඉහතදී අස්සාම් ප්‍රාන්තයේ පැවති වාර්ගික කෝලහාල හේතුවෙන් ප්‍රධාන වශයෙන් මුස්ලිම්වරුන් ඇතුළුව පුද්ගලයන් 2000 කට ආසන්න සංඛ්‍යාවක් ඝාතනයට ලක් විය.