ඝානාව : හදිසි රෝග තත්වයක් හේතුවෙන් ජනාධිපති අභාවප්‍රාප්ත වෙයි.



l කිෂානි වැලිවිටිගොඩ

ඝානාවේ ජනාධිපති ජෝන් මිල්ස් අනපේක්ෂිත ලෙස හදිසියේ රෝගාතුරු වී පැය කිහිපයකින් මිය ගිය බවට වාර්තා වේ. ඔහු මෙසේ රෝගාතුරු වී ඇත්තේ ඇමෙරිකාවේ වෛද්‍ය පරීක්ෂණයට පෙනී සිට නැවත නිවසට පැමිණියාට පසුවය. මිය යන විට ඔහු 68 වැනි වියේ පසු විය.

ජෝන් මිල්ස් 2009 ජනවාරි මස ඝානාවේ ජනාධිපති ධුරයට පත් විය. ඝානාවේ ව්‍යවස්ථාවට අනුව උප ජනාධිපති ජෝන් ද්‍රමනි මාහාමා එරට නායකයා ලෙස කටයුතු කිරීමේ වගකීම භාර ගැනීමට නියමිතය.