ඉන්දියාව : ප්‍රනාබ් මුඛර්ජි නව ජනාධිපති ලෙස දිවුරුම් දෙයි.



l කිෂානි වැලිවිටිගොඩ

ඉන්දියාවේ හිටපු මුදල් අමාත්‍ය ප්‍රනාබ් මුඛර්ජි අද දින (25) දිල්ලි නගරයේ පිහිටා ඇති පාර්ලිමේන්තු ශාලාවේදී අග්‍ර විනිශ්චයකාරවරීය කපාදියා ඉදිරිපිටදී ඉන්දියාවේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් බවට විදෙස් පුවත් එජෙන්සි වාර්තා කරයි. උප ජනාධිපති හමිඩියා අන්සාරි , අගමැති මන්මෝහන් සිංග් සහ කැබිනට් අමාත්‍යවරුද නව ජනාධිපතිගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වූ ආරාධිතයන් අතර වෙති.

නව ජනාධිපති දිවුරුම් දුන් පසු ඔහු වෙනුවෙන් වෙඩි මුර 21 ක් පවත්වා උත්තමාචාර දැක්වීය. ඉන්දියාවේ ප්‍රථම ජනාධිපතිනියට ප්‍රතිභා පටෙල්ට පසුව ප්‍රනාබ් මුඛර්ජි පත් වන්නේ එරටේ 13 වෙනි ජනාධිපතිවරයා ලෙසය. ඔහු 1935 දී බටහිර බෙංගාලයේ උපත ලැබීය. 1969 වර්ෂයේදී පාර්ලිමේන්තුවට තේරී පත් වීමට පෙර ඔහු ගුරුවරයෙකු, මාධ්‍යවේදියෙකු ලෙස මෙන්ම නීතිඥයෙකු ලෙසද කටයුතු කර තිබේ.