අප්‍රිකාව : සුබ උපන්දිනයක් නෙල්සන් මැන්ඩෙලා !


l කිෂානි වැලිවිටිගොඩ

දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා ගේ 94 වෙනි ජන්ම දිනය අදට යෙදී තිබේ. ඔහුගේ උපන් දිනය නිමිත්තෙන් නිර්මාණය කරන ලද ගීතයක් දකුණු අප්‍රිකාව පුරා සිටින පාසැල් සිසුන් මිලියන 12 කට ආසන්න සංඛ්‍යාවක් එක්ව ගායනා කර උපහාර දැක් වූ බව විදෙස් පුවත් එජෙන්සි වාර්තා කරයි. විදෙස් පුවත් උපුටා දක්වන තොරතුරු වලට අනුව නෙල්සන් මැන්ඩෙලා ඔහුගේ උපන් ගමේ පවුලේ හිතවතුන් සමග උපන්දිනය නිහඬව සමරනු ඇති බව සඳහන් වේ.

ඇමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා සහ ජනාධිපති ආර්යා මිචෙල් ඔබාමා මැන්ඩෙලාගේ උපන්දිනයට සුභාශිංසනය පණිවිඩය නිකුත් කර තිබේ. ඊයේ දින (17) ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් හා නෙල්සන් මැන්ඩෙලා හමු වී තිබේ.