නේපාලය : බස් රථයක් අනතුරට පත් වීමෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට


l කිෂානි වැලිවිටිගොඩ

මධ්‍ය නේපාලයේ අධික වේගයෙන් ගමන් ගත් බස් රථයක් රියදුරුට බස් රථයේ පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගය අසල තිබු ගඟකට වැටී අනතුරට ලක් වීමෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂට පත් වී තිබේ. මිය ගිය ය අතර පිරිමි පුද්ගලුඅන් 9 දෙනෙකු සහ කාන්තාවන් 6 දෙනෙකු සිටින බව වාර්තා වේ. බරපතල තුවාල ලබා සිටින පුද්ගලයන් 5 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත.

සෙනසුරාදා දින බස් රථයක් ප්‍රමාණය ඉක්මවා පුද්ගලයන් රැගෙන අධික වේගයෙන් ධාවනය වීම නිසා ගඟකට වැටීමෙන් අසල්වැසි ඉන්දියාවේ පවතී හින්දු ආගමික උත්සවයක් සඳහා එම බස් රථයේ ගමන් ගත් හින්දු වන්දනාකරුවන් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය. ඉරිදා (22) සිදු වූ මෙම මාර්ග අනතුර ඇතුළුව නේපාලයේ සතියක් තුළදී සිදු වූ මාර්ග අනතුරු වලින් මිය ගිය සංඛ්‍යාව 70 දක්වා ඉහල ගොස් තිබේ.