බල්ගේරියාව : බසයක් තුළ බෝම්බයක් පුපුරා යාමෙන් ඊශ්රාල ජාතිකයන් 7 දෙනෙකු මරුට


l කිශානි වැලිවිටිගොඩ

බල්ගේරියාවේ ප්‍රධාන නගරය වන සොෆිආ නගරයට කිලෝ මීටර 400 ක් දුරින් පිහිටි බර්ගාස් ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදී ඊශ්රාල ජාතික සංචාරකයන් රැගත් බස් රථයක් තුළ  ඊයේ බෝම්බයක් පුපුරා යාමෙන් ඊශ්රාල ජාතිකයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව පුද්ගලයන් 30 කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලැබිය. බස් රථය තුළ පිපිරිම සිදු අවස්ථාවේදී පුද්ගලයන් 6 දෙනෙකුගේ මළසිරුරු සොයා ගත් අතර අතර තුවාල ලැබූ පිරිස අතර සිටි බරපතල තත්වයේ පසු වූ අයකු රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වූ බව ඊශ්රාල විදේශ අමාත්‍යාංශය නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් විය.

සිද්ධිය වන අවස්ථාවේදී බස් රථය තුළ පුද්ගලයන් 40 කට වැඩි පිරිසක් ගමන් කරමින් සිටි ඇති බවත් එම නිසා වාර්තා වී ඇති මරණ සංඛ්‍යාවේ ඉහළ යාමේ ප්‍රවනතාවයක් අපේක්ෂා කළ හැකි බව බල්ගේරියාවේ බලධාරීන් විදෙස් පුවත් එජෙන්සි වෙත අදහස් ප්‍රකාශ කර තිබේ. බස් රථය තුළ බෝම්බ පුපුරා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිම කණ්ඩායමක් විසින් වගකීම භාර ගෙන නොමැත.