නයිජීරියාව : ගංවතුර හේතුවෙන් පුද්ගලයන් 35 කට ආසන්න සංඛ්‍යාවක් මරුට


l කිෂානි වැලිවිටිගොඩ

මේ දිනවල මධ්‍ය නයිජීරියාවට බලපා ඇති අධික වර්ෂාව නිසා ගංවතුර ව්‍යසන තත්වයකට ගොදුරු වී තිබේ. මෙම කාලගුණ තත්වය හේතුවෙන් පුද්ගලයන් 35 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් මරුමුවට පත් වී ඇති අතර තවත් කිහිප දෙනෙකු අතුරුදහන් වී ඇති අතර නිවාස 200 කට ආසන්න සංඛ්‍යාවකට හානි සිදු වී ඇති බවට රතු කුරුස සංවිධානයේ නිලධාරීන් විසින් විදෙස් පුවත් එජෙන්සි වෙත වාර්තා කර තිබේ. 


අධික වැසි හේතුවෙන් වැසි වතුර සහ ලැමින්ගෝ වේල්ලේ ජලය පිටාර ගැලීම නිසා නගරයේ බොහෝ ප්‍රදේශ ජලයෙන් යට වී පවතී. අතුරුදහන් වී ඇති පුද්ගලයන් වාර්තා වීම නිසා රතු කුරුස සංවිධානයේ සහන සේවකයන් ඔවුන්ව සෙවීමට මෙහෙයුම් සිදු කරමින් පවතී. නයිජීරියාවට මාර්තු සිට සැප්තැම්බර් මාස දක්වා මෙම වැසි තත්වය පැවතීම සාමාන්‍ය සිද්ධියකි.