The Most/Recent Articles

Showing posts with label colmunists. Show all posts
Showing posts with label colmunists. Show all posts

අපේක්ෂා අසීමිතය; වෙනස් කම් සීමිතය

ලක්ෂ 69 ක ජනතාව විසින් ජනාධිපතිවරයෙකු පත් කර ගත්තද, ඒ ජනාධිපතිවරයාට කළ හැකි වෙනස් කම් අතිශය සීමිත බව ඇස් පනා පිට ඔප්පු වෙමින් පවතී. 

සුදර්ශන ගුණවර්ධන

"ගම්මිරිස් තාම 450 යි පුතා. ඡන්දෙට කලිනුත් ඒ ගානම තමා. කෝ අර දෙනව කීව මිළ? තාම ප්‍රතිඅපනයනය නැවැත්තුවෙ නැද්ද දෙයියො?"

ඉහත උපුටාගෙන පළ කර ඇත්තේ අජිත් පැරකුම් ජයසිංහ විසින් පළ කොට ඇති ෆේස්බුක් සටහනකි. දීර්ඝ ලිපි ලිවීම පත්තර සඟරා වලට ආවේණිකව ගැලපුණද අද 'ඩිජිටල්' යුගයේ ඩිජිටල් වේදිකා මත අදහස් පළ කිරීමේදී වඩාත් සාර්ථක වී තිබෙන්නේ සිංහල අකුරු අනූවකට වඩා අඩු ප්‍රමාණයකින් පළ කළ හැකි වර්ණවත් පෝස්ට් පළ කිරීමයි. උදේ පාන්දර අවදි වී, තම බිරිඳගේ හෝ සැමියාගේ මුහුණ බැලීමටත් පෙරම එබී බලන ස්මාට් ජංගම දුරකථනයේ ඩිජිටල් තිරය මත ඇඟිලි තුඬු වලින් 'පහළට' ගමන් කරන පුද්ගලයෙකු වෙත ක්ෂණිකව අදහස් සන්නිවේදනය කිරීම සඳහා වඩාත් සුදුසු වන්නේ දීර්ඝ ලිපි නොව, ඉහත ආකාරයේ 'බිල් බෝඩ්' ආකෘතියේ 'පොල්ලෙන් ඔලුවට ගහන්නාක් වැනි පෝස්ට් පළ කිරීමයි.



ගම්මිරිස් සඳහා වන මිළ පහළ වැටීම හේතුවෙන් දේශීය නිෂ්පාදකයා අසර්ණ වීම වනාහි ජනාධිපතිවරණයට පෙර එවක පැවැති ආණ්ඩුවට විරුද්ධව ඉදිරිපත් වූ ප්‍රබල චෝදනාවකි. එයට හේතුව වශයෙන් පෙන්වා දෙන ලද්දේ 'රජයට දේශපාලන සම්බන්ධකම් ඇති' කිසියම් ව්‍යාපාරික පංතියක් විසින් විදේශයන්ගෙන් ගම්මිරිස් ලංකාවට ආනයනය කොට ඒවා ප්‍රති අපනයනය කිරීමයි. නව ජනාධිපතිවරයා බලයට පත්වී ආණ්ඩුවක් පිහිටවූ පසුව වහාම, ගම්මිරිස් ප්‍රති අපනයනය කිරීම නවත්වන ලද බව අපට දැනගන්නට ලැබිණි. නමුත්. දේශීය වශයෙන් නිෂ්පාදකයාට ලැබෙන මුදල ඉහළ දැමීමට එම තීරණය සමත් වී නැත. අජිත් පැරකුම් ජයසිංහ තම පෝස්ට් එකෙන් ඉදිරිපත් කරන්නේ එම අභියෝගයයි.

ගම්මිරිස් මිළ පිළිබඳ ප්‍රශ්නය පමණක් නොව, ජනාධිපතිවරණයේදී බලය ලබා ගැනීම සඳහා ජනතාව වසඟ කර ගැනීම සඳහා යොදා ගත් තවත් බොහෝ 'ප්‍රශ්න' වලද තත්ත්වය ඒ ආකාරමය. සහල් ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වල මිළ ඉහළ ගොස් ඇත. ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීමක් සිදු වී නැත. චීනය සමග නැවත සාකච්ඡා කර හම්බන්තොට වරාය සඳහා වන ගිවිසුම සංශෝධනය පිළිබඳ කතාව නතර වී ඇත. වතු කම්කරු වැටුප වැඩි වී නැත, පොහොර සහනාධාරය නොමිළේ ලබා දීම ගැන තවම සිතලාවත් නැත. ඉන්ධන මිළ සූත්‍රය ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව මුදල් අමාත්‍යංශයේ ලේකම් වරයා ප්‍රකාශ කරයි. බේරේ වැව ආශ්‍රිතව ෂැන්ග්‍රිලා හෝටල අසල ඇති ඉඩම සිංගප්පූරු සමාගමකට ලබා දීමට පසුගිය රජය විසින් ගත් තීරණය මෙම කැබිනට් මණ්ඩලය විසින් ද අනුමත කොට ඇත. පාසල් නිල ඇඳුම් සඳහා වවුචර පත් ලබා දීම එලෙසම ක්‍රියාත්මක ය. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ප්‍රදානය හෙවත් එම් සී සී ප්‍රදානය ලබා ගැනීම සඳහා මූලික කටයුතු සිදු කරන කාර්යාලය තවමත් අරලියගහ මන්දිරයෙහි ක්‍රියාත්මක වෙයි. මේ ආකාරයට අවශ්‍ය නම් ලැයිස්තුව තවත් දිගු කළ හැකිය.

ලක්ෂ 69 ක ජනතාව විසින් ජනාධිපතිවරයෙකු පත් කර ගත්තද, ඒ ජනාධිපතිවරයාට කළ හැකි වෙනස් කම් අතිශය සීමිත බව ඇස් පනා පිට ඔප්පු වෙමින් පවතී. ආණ්ඩුවේ ඇමැතිවරුන් 15 දෙනාගෙන් එක් අයෙකු වන ප්‍රසන්න රණතුංග මහතා පසු ගිය දිනක කියා සිටියේ තමන් 'පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කොට ශිෂ්‍යත්ව විභාගය සමත් වූ බවත්, ජනාධිපතිවරණය ජයග්‍රහණය කොට සාමාන්‍ය පෙළ විභාගයද සමත් වූ බවත්, දැන් තිබෙන්නේ මහ මැතිවරණය හෙවත් උසස් පෙළ විභාගය සමටහ් වීම බවත් ය. ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා හට වැරදීමකින් හෝ කියැවුණේ ජනාධිපතිවරණ ජයග්‍රහණයට වඩා තීරණාත්මක වන්නේ මහ මැතිවරණය බවය. පාර්ලිමේන්තු බහුතරය තමා සතුව නොමැති ජනාධිපත්වරයෙකුට කළ හැකි දේ සීමිත බව එම ප්‍රකාශය විසින් ද පිළිගැනීමක් ලබා දී තිබේ.

මෙසේ සිදුව ඇත්තේ ඇයි? 2015 ට පෙර- එනම් යහපාලන ව්‍යාපෘතිය ආරම්භ වීමට පෙර කාලය තුළ පවැති ආකාරයට වෙනස් ව යහපාලන ව්‍යාපෘතිය පැවැති වසර පහ තුළ දී "ශ්‍රී ලාංකික රාජ්‍යය" ගොඩ නැගීම ආරම්භ වී තිබීම නිසා යැයි මෙම ලියුම්කරු තර්ක කරයි. එසේ ගොඩ නැගීම ආරම්භ වූයේ එක් පැත්තකින් එම ජනාධිපතිවරයාට සහ රජයට සහය දුන් 64 ලක්ෂයේ අපේක්ෂා ඉටු කිරීමට පමණක් නොවේ. එමගින් රාජ්‍ය පාලන වඩා සාධාරණ සහ විනිවිද පෙනෙන සුළු එකක් බවට පත් කිරීමෙන්, සුළු ජන කොටස් ද ඇතුළු සියළු ජනතාව වෙත ප්‍රතිලාභ ලැබිණි. ඒ අර්ථයෙන් පසුගිය වසර පහ අපතේ ගිය වසර පහක් නොවේ. එම පියවරයන් හේතුවෙන් 'පශ්චාත් යුද සමාජයක්' 'පශ්චාත් ගැටුම් සමාජයක්' වෙතට ගමන් කිරීම ආරම්භ විය. මෙම වෙනස්කම් විසින් අන්තර්ජාතික සහ කලාපීය  'හොඳ හිතද' විශාල පරිමාණයෙන් ලංකාව වෙත ලැබෙන්නට පටන් ගත්තේය. එම හොඳ හිත හුදෙක් වචන වලට සීමා නොවී ජී එස් පී ප්ලස් සහනය වැනි යුරෝපා සංගමයට තීරු බදු රහිතව ලංකාවේ නිෂ්පාදිත භාණ්ඩ අලෙවි කිරීමට හැකියාව ලබා දීමත්, ඇමරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් විසින් ඩොලර් මිලියක 480 ක ප්‍රදානයක් අනුමත කිරීමත්, එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවහි සාමාජිකයන් වශයෙන් ශ්‍රී ලංකා හමුදාවේ සාමාජිකයන් යළි ඇතුළත් කර ගැනීමත් ඇතුළු 'ස්පර්ශනීය' දේ බවට පත් වී රටේ ආරථිකය නඟා සිටු වීමට හේතු කාරක විය.

මෙසේ ගොඩ නැගෙමින් පවතින ළදරු රාජ්‍යය ජනාධිපතිවරයාගේ හෝ ඔහුට සහය දුන් බලවේගවල හෝ කැමැත්ත සහ අභිලාශය අනුවම එකී රාජ්‍යය කටයුතු නොකරයි. පාර්ලිමේන්තුවට සහ එයින් පාලනය වන ස්වාධීන කොමිෂන් සභාවලට විධායකයෙන් ස්වායත්ත වූ පැවැත්මක් ඇත. එසම අධිකරණයටද විධායකයෙන් ස්වායත්ත වූ පැවැත්මක් ඇත. විධායකය යටතේ පවතින ආයතන පවා, පාර්ලිමේන්තුවේ සහ අධිකරණයේ සුපරීක්ෂණයට යටත්ව කටයුතු කළ යුතුව ඇත. පුරවැසියා ශක්තිමත් වීමත්, සමාජ මාධ්‍යද ඇතුළුව ජනමාධ්‍යයේ බලපෑම විශාල වීමත් නිසා රාජ්‍ය යන්ත්‍රය වඩ වඩාත් ජනතාවගේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වෙන ආකාරයට ක්‍රියා කිරීමට බල කෙරී ඇත.

මේ තත්ත්වය නිසා ජනාධිපතිවරණය අවසන් වී මාස දෙකක් ආසන්න වන මොහොතේදී ආපසු හැරී බැලූවිට දකින්නට ඇත්තේ තාප්ප වල එක දිගටම අඳින ලද චිත්‍රත්, විජේදාස රාජපක්ෂ නම් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණ, දැන් වර්තමාන ජනාධිපතිවරයාට සහය දක්වන මන්ත්‍රීවරයා විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ගැසට් කොට ඇති 21 වන සහ 22 වන සංශෝධනය යෝජනාද පමණකි.

ඉහත යෝජනා හුදු අහම්බයක් නොව, විස්තර කොට ඇති 'සිරවීම' ජයගැනීම සඳහා යෝජනා කරන විසඳුම් වෙයි. ජනාධිපති ධුරයේ පෙර පැවැති ශ්‍රී විභූතිය යළි ස්ථාපිත කිරීම සඳහා එමගින් උත්සාහ දැරෙයි. වෙනත් විදියකින් කිවහොත් අලුතෙන් ගොඩ නැගීම ආරම්භ කළ 'ළදරු ශ්‍රී ලංකා රාජ්‍යයේ' ස්වාධීන ආයතන පද්ධතිය විනාශ කර දැමීම එහි අරමුණ වී ඇත. එහෙත්, එම යෝජනාව හෝ ඒ හා සමාන වෙනත් යෝජනාවක් හෝ යථාර්ථයක් කර ගැනීමට පළමුව එය ශ්‍රේෂ්ඨාධිකරණයේ පරීක්ෂාවට ලක් විය යුතුය, දෙවනුව එය පාර්ලිමේන්තුවේ 2/3 ක වැඩි ඡන්දයෙන් හෝ සමහර විට ජනමත විචාරණයකින් වුවද සම්මත කර ගත යුතු වෙයි.

මෙවැනි යෝජනාවක් සම්මත කර ගැනීම මගින් අද වන විට රාජ්‍යයේ විවිධ ආයතන වෙතට බෙදා හැර ඇති බලය සංකේන්ද්‍රණය කර ගැනීම සඳහා වූ වරමක් මහජනතාව විසින් ලබා දෙනු ඇත්ද යන්න ඉදිරියේදී පවැත්වෙන මහ මැතිවරණයේදී නිරීක්ෂණය කළ හැකි වනු ඇත. එවන් වරමක් ලබා දුන්නද, එකී වරමට අනුව  පාර්ලිමේන්තුව  විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරනු ඇද්ද යන්න ඊළඟ ප්‍රශ්නයයි. යම් ආකාරයකින් මෙම කඩුලු දෙකම පැන ගොස් 2010 දී 18 වන සංශෝධනය සම්මත කළාක් වැනි තත්ත්වයක් 2020 දී ඇති වීම ට ඇති ඉඩ කඩ ඉතාම අඩු බව ලියුම්කරුගේ මතය වෙයි. යම් හෙයකින් එවන් තත්ත්වයක් ඇති වුවහොත්, එහිදී ඉහතින් සඳහන් කළ අන්තර්ජාතික සහ කලාපීය හොඳ හිත සහ එහි ප්‍රතිඵලයක් ලෙස ලැබෙමින් පවතින 'ස්පර්ශනීය' ප්‍රතිලාභ ආරක්ෂා කරගන්නේ කෙසේද යන ප්‍රශ්නය ආණ්ඩුවට අභියෝගයක් සේ ඉතිරි වනු ඇත.

2020 ජනවාරි 12 ඉරිදා "අනිද්දා" පුවත්පතේ පළමුවරට පළ කරන ලදී.

අවට කුමක්වුවද තමන් කරන්නේ කුමක්දැයි නිර්ණය කරගන්නේ කෙසේද?


මහේෂ් හපුගොඩ

බොහෝ දේ අප අවට සිදුවෙමින් ඇත. අවට කුමක් සිදු වුවද තමන් කරන්නේ කුමක්දැයි නිර්ණය කර ගැනීමට නම් තියුණු ලෙස දර්ශනයේ පිහිට පැතීමට සිදුවේ. දර්ශනය යනු කොම්පාසුවකි. රටකට දර්ශනයක් අවශ්‍ය යි අප අවධාරණය කරන්නේ එබැවිණි. තමාට මඟ පෙන්වන දර්ශනය පෙරදිග ද අපරදිග ද යන්න එතැනදී ගැටළුවක් කර නොගත යුතු ය. උමතුවේ දේශපාලනය දැන්වත් අවසන් කරමු. රටක් ලෙස ඉදිරියට යමු.


අපට මේ මුණගැසී ඇති පශ්චාත් නුතන යුගය යනු අප මෙතෙක් පසු නොකළ අඳුරු කොරිඩෝවක් බවත් එම කොරිඩෝවේ නිර්භීත ව ගමන් කරනු හැර අන් විකල්පයක් නැති බවටත් ස්ලාවෝ ජිජැක් විසින් ගිලි දෙලුස් හට ගෙන එන විවේචනය පදනම් කර ගනිමින් මා මිට පෙර ලිවූ ‘සම්ප්‍රදාය පසු නුතනකරණය සහ විමුක්ති විෂය’ ලිපියේ පෙන්වා දුන්නෙමු. ජිජැකියානු පශ්චාත් නුතන අනෙකා යනු අවතාරය (මාක්සියානු) විසින් දෙන ලද නියෝගය පිළිපැදීම පස්සට දමනු ලබන (කල් ගන්නා) විෂය වශයෙන් අප එය පසුගිය ලිපියේ හඳුනා ගත්තෙමු. අනෙකාගේ ආශාවේ ප්‍රෙහේලිකාව තුළ මකුළු දැලක මෙන් පැටලී තමාගේ ආශාව පවා තමාට හඳුනාගත නොහැකි පරිදි තම සවිඥාණය පවා ඔද්දල් කර ගනු ලබන තැනැත්තා ඉහත හැම්ලට් විෂය යනුවෙන් නම් කරමු (Basic Instinct චිත්‍රපටයේ මුල් අර්ධයේ දී රහස් පරීක්ෂක නික් හට කැත්රින් මුණ ගැසුනාට පසු සිදුවන දෙය සිහියට නඟා ගන්න). සාර්වත්‍රික විපරිත බව තුළ විමුක්ති ආශාව අහෝසි කර ගැනීම පිණිස සියලු සාධක වෙළඳ පොළ විසින් සපයා ඇති අවස්ථාවක ඉහත හැම්ලටයානු විෂය ස්ත්‍රීවාදයේ ඝෝෂාව ළඟ වුව, ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ ඝෝෂාව ළඟ වුව*, සමලිංගික ඝෝෂාව ළඟ වුව, සංක්‍රමණිකයන්ගේ ඝෝෂාව ළඟ වුව, වාර්ගික අරගලකරුවන් ගේ ඝෝෂාව ළඟ වුව නතර විය හැකි බව The Ticklish Subject හි ජිජැක් පැහැදිළි කරයි. එයට හේතුව නම් අනෙකාගේ ආශාවේ ඝෝෂාවෙන් කලබල වී තමන්ගේ ඇත්ත ආශාව එවැන්නෙකුට අමතක වන බැවිණි. විශේෂයෙන් පොප් සංස්කෘතියේ නිරූපණ සහ දෘෂ්ටාන්ත (illustrations and parables of pop culture) ඔස්සේ මේ නොමග යැවීම තවත් පහසු කරවනු ලබයි (නිමල් ලක්ෂපති ආරච්චි ගේ ‘සිරසේ’ ආගමනය සිහියට ගන්න). විශේෂයෙන් ම ජුඩිත් බට්ලර් ගේ කතිකාව මේ යුගයේ වඩාත්ම චමත්කාර සහ සිත් ඇද ගන්නා සුළු කතිකාව වන බැවින් බොහෝ දෙනෙක් ඇයගේ කතිකාව තම නැවතුම් පල කර ගන්නවාට කිසිදු සැකයක් නැති බව ජිජැක් දක්වා සිටි. ජුඩිත් බට්ලර් යනු හැම්ලට් නාටකයේ මව වන අතර දෙලුස් සහ ෆුකෝ හැම්ලට් නොමග යැවීම සඳහා වරින් වර එබිකම් කරනා යක්ෂයින් දෙදෙනෙකි. ඊයේ පෙරේදා ගෝල්ඩන් ග්ලෝබ් සඳහා සම්මාන දිනාගත් ෆ්‍රෙඩි මර්කරි නම් අසූව දශකයේ අද්විතීය රොක් ගායකයා පාදක කරගත් Bohemian Rhapsody (2018) නම් චිත්‍රපටය මා නම් කරන්නේ ඉහත ජිජැකියානු විමුක්ති විෂය නොමඟ යවන්නාවූ ආශා ප්‍රෙහේලිකා දැලේ පශ්චාත් නුතන අවතාරයක් ලෙස ය. සැබෑ ධෛර්යවන්තයා යනු මර්කරි වැනි ආශා ප්‍රෙහේලිකා වෙනුවෙන් ගෝලීය ඝෝෂා වල නිරත මිනිස් ආත්ම පසුකර සත්‍ය විමුක්තිය වෙතට යනු ලබන්නා ය. විශේෂයෙන් ලිංගික අනන්‍යතා ප්‍රශ්නයක පැටලී ඇති මර්කරි විසින් තම සංගීතය පුද කරන්නේ තමා මෙන්ම අවසීහුම් (misfits) මිනිසුන් වෙනුවෙනි. මිලියන ගණනක් වූ ලිංගික අනන්‍යතා ප්‍රශ්න නිසා කොන් ගත වූ මිනිසුන් වෙනුවෙනි (මෙතෙක් කිසිවෙක් විසින් ආමන්ත්‍රණය නොකරන ලද ජන කොටස ඔහුගේ වෙළඳ පළ වේ). මර්කරි ජිවත් වූ කාලයට සාපේක්ෂව ගත් විට ඔහුගේ පැත්තෙන් කළ සංගීතමය පෙනී සිටීම රැඩිකල් දෙයක් වුවද ඔහුගේ පරමාර්ථය වූ බීට්ල්ස් ට ‘වෙනස්’ සංගීත මාදිලියක් හඳුන්වා දීම සාර්ථක වුව ද සීතල යුද්ධයෙන් පසු සිදුවූ බර්ලින් තාප්පයේ ඇද වැටීම සමඟ මතුවූ සමාජයේ සත්‍ය පරස්පරතා (antagonisms in the Real) වෙනුවට මතුවූ අනන්‍යතා දේශපාලනයේ ගොදුරක් නොවී සිටීමට ඔහුට නොහැකි විය. අවම වශයෙන් බීට්ල්මේනියා (Beatlemania) නම් අති ජනප්‍රියතාවයෙන් පසු ජෝන් ලෙනන් වැන්නෙක් ප්‍රදර්ශනය කළ දේශපාලන අපේක්ෂා භංග බව ඇතැම් විට මර්කරි ට නොවැටහුණා ද විය හැකිය.

සියළු රොක් සංගීත වීරයින් පසුපස මත් ද්‍රව්‍ය සහ ගැහැණුන් හඹා එන්නාක් මෙන් සාර්ථකත්වයේ හිණි පෙත්තට නැඟී මර්කරි පසු පස ද මේ සියල්ල හඹා ආවේය. ලිංගිකත්වය හඹා ආවේ මරණය සමග ම ය. අන් සෑම රොක් තරුවක් වගේම ඔහු ද දැනුවත් ලෙසම මරණය වැළඳ ගත්තේය. අන් මාවතක් ඔහුට් ද නොවිය. ඔහු මෙන් ම ලිංගික අනන්‍යතා ප්‍රශ්න වල සිරවී සිටි සියල්ලෝම ඔහු වීරයෙක් කර ගත්තෝය. සීතල යුද්ධය සහ බර්ලින් තාප්පයේ බිඳ වැටීම සමඟ දර්ශනය, දේශපාලනය සහ මනෝ විශේෂණය එකතැන සිරගත වුවේ යම් සේද එසේම මර්කරි ගේ පරම්පරාව මත්ද්‍රව්‍ය, ගැහැණුන්, ලිංගිකත්වය සහ රොක් සංගීතයේ සිර විය. බල දේශපාලනය (power relations) වෙනස් කිරීමේ මඟක් නොතිබූ හෙයින් සියල්ලෝම පුද්ගල අනන්‍යතාවයන් වෙනස් කර ගැනීම වෙතට පල්ලම් බැස්සෝ ය. තම නිදහසේ සතුරා ලෙස අනන්‍යතාවය ඔවුන් හඳුනා ගන්නා ලදී. නමුත් සතුරා සිටියේ වෙනත් තැනකය (ඉස්මතු වෙමින් පැවති තැචර්වාදය තුලය). අසූව දශකයේ තැචර්වාදය ට විකල්පයක් නොතිබූ සෑම අයෙකුම මෙලන්කොලික විය. මර්කරි මරණය කරා යන්නේ සත්‍ය ලෙස ම කළ නොහැකි දේ කිරීමට (do the impossible) උත්සාහ කිරීම තුළ නොවේ. බිට්ලස් සංගීත කණ්ඩායම ට වඩා ‘වෙනස්’ දෙයක් කිරීමට ඔහුට පුළුවන් වූ බව සත්‍යය කි. නමුත් ඒ වෙනස ප්‍රමාණවත් වී ද? වෙළඳ පොළ ධනවාදය ගමන් කළ මාවතේ ගමන් කළා හැර අන් දිශාවක් ඔහුට නොවිය. තම ලිබිඩෝ ශක්තිය ඔහු වැය කරන්නේ මරණය මුණ ගැසීම වෙනුවෙන් ය (අනූව දශකයේ ලංකාවේ ජනප්‍රිය වාදයේ ගොදුරු වූ ලේඛකයින් දැන් මරණය දක්වා කොකේන් බීමට ඉටා ගෙන ඇත). තම නිර්මාණ ශක්තිය ට කුමක් කරන්නේ දැයි ඔහු ට දිශානතියක් නොවීය. දිශාවක් පෙන්වීමට තරම ලැකානියානු වමක් නොපවතී යනුවෙන් ජිජැක් මෙහිදී කරන සඳහන අතිශයින් වැදගත් ය. එයින් අදහස් කරන්නේ විරුද්ධාභාෂයකි. නැත යනුවෙන් අදහස් කරන්නේ නැත යන්න නොවේ. ‘ලිංගිකත්වය නොපවතී’ යනුවෙන් අදහස් කරන්නේ ලිංගික සම්බන්දතා නොපවතී යන්න නොව සත්‍ය ජිවිතයේ ඒවා නොපවතී යන්න ය. යථාර්තය වෙනස් කළ හැකි වමක් සත්‍ය ජිවිතයේ නොපවතී යන්න මෙහි අරුතයි (there is no Lacanian Left in reality!). කතිකා කලාපයේ වමේ එකමුතු විශාල ප්‍රමාණයක් පැවතියත් ඒවා කිසිවකට ඇත්ත යථාර්තය වෙනස් කළ නොහැක. ජෙරමි කෝබින්, බර්නි සැන්ඩර්ස්, ජ. වි. පෙ., පෙරටුගාමී යන සියලු වමේ එකමුතු පුළුල් අරුතින් අයිති වන්නේ මෙම නොපවතින ලැකානියානු වමට ය. සත්‍ය පංති පරස්පරතා වෙනස් කළ නොහැක යන්න මෙහි අරුතයි. ජිජැක් කියා සිටින්නේ ‘විමුක්ති විෂය’ (subject of liberation) මේ තත්වය මුලින් අවබෝධ කර ගත යුතු බවයි. වෙනත් විදියකින් කිවහොත් දැන් පවතින්නේ සාරය අහිමි කරන ලද වමකි (නිකොටින් නැති සිගරට්) යන්න විමුක්ති විෂය මුලින්ම තේරුම් ගත යුතු දෙයකි. ලෙනින් හෝ මාවෝ කළ ආකාරයට සමස්ත සමාජය පුර්ණ පරිවර්තනයකට ලක් කරන ආකාරයේ විප්ලවයක් සිදු කිරීම කෙසේ වෙතත් කිසිවෙක් එසේ කිරීමට සිහින දකින්නේ වත් නැති යුගයක් ලෙස ජිජැක් මේ පසු නුතන යුගය නම් කරන්නේ එබැවිණි. මිට පෙර ‘ජිජැක් අධ්‍යයනය’ තුළ දී පෙන්වා දුන් පරිදි මේ යුගය යනු සිහින පවා වාරණය කර ඇති යුගයකි. අද ඇත්තේ අපට හොලිවුඩ් විසින් ලබාදෙන සිහින පමණි. අප බැලිය හෝ නොබැලිය යුතු සිහින අප වෙනුවෙන් තෝරන්නේ ඔවුන්ය.

යමෙක් මෙසේ ඇසිය හැකිය. මර්කරි වැනි ආශා ප්‍රෙහේලිකා සහිත මිනිසුන් ගෙන් නොවේ ද අවසන් අරගලය නිර්මාණය වනු ඇත්තේ? ඔවුන්ගේ අරගලය වෙනුවෙන් ද අප සංවේදී විය යුතු නොවේ ද? ඇත්ත වශයෙන් වම බිඳ වැටීමට හේතු වුවේ ම එවන් අවසීහුම් මිනිසුන් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩක් විසි වන සියවසේ විප්ලවීය අවකාශය තුල නොතිබූ නිසා නොවේද? මෙවන් ප්‍රශ්න සඳහා විශාල වලංගු භාවයක් (validity claim) මේ වනවිට ඇති බව අප ඉඳුරා පිළිගනිමු. නමුත් මේ සියළු ගැටළු වලට යටින් සමාජයේ තීරණාත්මක පරස්පරතා ප්‍රමාණයක් අප විසින් මඟ හරිමින් ඇත. ආර්ථික ව්‍යුහය තුළ ඇති අසමානතා වලින් උපදින සංකාමය තත්වයන් හුදු සංස්කෘතික උපනතින් යනුවෙන් තේරුම් ගැනීම න්‍යායික ගැටළු ඇති කරයි. ලංකාවෙන් යුරෝපයට ඉගෙනීම පිණිස යන තරුණියක් සමාජ ශාලාවක වැඩ කිරීම යනු ස්ත්‍රී නිදහස පිළිබද ගැටළුවකට වඩා පොකට් මනි පිළිබද ආර්ථික ප්‍රශ්නයකි. ජිවන වියදම පිළිබද ප්‍රශ්නයකි. ලංකාවේ රුපියල සහ යුරෝව හෝ ස්ටර්ලිං පවුම අතර  ප්‍රශ්නයකි (ඒ රටේ මුදලින් හම්බ කරන්නේ නැතිව මෙහෙන් කොතරම් රුපියල් යැව්වත් වැඩක් නැත). නෙග්රි කියන අයුරින් ඓතිහාසික සූරාකෑම සහ අධිරාජ්‍යය පිළිබද ප්‍රශ්නයකි. එසේ නම් අප අති මුලික යථාවක් මඟ හරිමින් සිටි (antagonism of the Real). මෙම යථාවේ පරස්පර බව විසඳා ගන්නේ නැතිව අන් කුමක් විසඳුවත් පලක් නැති බව ලැකානියානු විශ්ලේෂණ හරහා අපට තේරුම් කළ හැකිය. ඒ සඳහා බුදුන් වහන්සේ මාර දූ වරුන් පරාජය කළා සේම අප ද අප වටා කෑ ගසන යක්ෂයින් ගේ හඬ මඟ හැරිය යුතුය. අන් කිසි දෙයකින් නොසෙල්වී අරමුණ කරාම ගමන් කල යුතුය. ඒ පළමු වන කොන්දේසි යයි. දෙවැන්න නම් අද්‍යතන වම යනු සත්‍ය ලෙස ‘නොහැකියාවේ වමක්’ (ඊජිප්තු විප්ලවයට වඩා වැඩි මනත් වූ විප්ලවයක් කළ නොහැකි වමක්) ලෙස අප තේරුම් ගත යුතු වීමයි. විමුක්ති විෂය බිහිවීම සඳහා අවශ්‍ය ම කොන්දේසි දෙක මෙයයි. තුන් වැන්න නම් බිඳී විසිරී (uniting the disintegrated Left) ඇති වම එක්රැස් කිරීමේ අභියෝගය යි. එසේ එක් රැස් කර ගනිමින් අවසන් විමුක්ති සටනක් වෙනුවෙන් පංති සහයෝගිතාවය සහ සවිඥාණිකත්වය අප බෙදා හදා ගත යුතුය. ඒ සඳහා සිහින දැකීමට හුරු වීම විමුක්ති විෂය විසින් කළ යුතු අනෙක් රැඩිකල් ක්‍රියාවයි. මේ සියල්ල සමඟ අප නොසිතූ වීරූ ආශ්චර්යයන් (miracles) සිදු වනු ඇති බවට විශ්වාසයක් අප තුල නිරන්තරයෙන් තිබිය යුතු බව ජිජැක් කියා සිටී. අවසානයේදී අප පතන මනෝරාජිකය එක්වරම නපුරු සිහිනයක් වනු ඇත්ද (අතීතයේ සිදු වූවා මෙන්) යන කුකුස වෙනුවෙන් ඔට්ටු තැබීම සඳහා ලැකානියානු මනෝ විශ්ලේෂී ක්‍රම වේදයක් මේ මිහිපිට නොතිබීම ‘උගුරේ ඇනුන කටුවකට’ (born in the throat) උපමා කරන ජිජැක් මේ ඔට්ටු තැබීම පසුකර යාම සඳහා අප ගෙවිය යුතු මිළ වන්නේ නිදහසටත් වඩා නිදහසක් බව පෙන්වා දේ (more liberated than liberation). මේ නිදහස ට වඩා නිදහස යනු අප මේ මොහොතේ ජුඩිත් බට්ලර් පසු කිරීම සඳහා ගෙවන මිළ යනුවෙන් ජිජැක් මෙය Ticklish Subject හි දී හඳුන්වා දේ. වර්තමාන රැඩිකල් වමේ දේශපාලනය කෙසේ හෝ අමාරුවෙන් පසු කර ගත යුත්තේ ලිංගික අනන්‍යතා හඬ වඩාත් උස් හඬින් හසුරුවන ජුඩිත් බට්ලර් නම් මාර දූතිකාවයි. හඬ තුල සිර ගත වීම නම් එයයි. ඉදින් මේ මොහොතේ The Danish Girl හෝ Bohemian Rhapsody යන චිත්‍රපට හොලිවුඩ් සම්මාන වෙනුවෙන් ඉහළින් ම නිර්දේශ වීම ඒ අරුතින් පුදුමයක් නොවේ. ලැක්ලෝ ගේ රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද කතිකාවට ජිජැක් එරෙහි වන්නේ ද මේ න්‍යායික පසුබිම තුල ම සිටිමින් ය.

අප ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙන් දකින දෙය අධිරාජ්‍යය විසින් දෙන ලද ප්‍රධානයක් නම් එය සත්‍ය වශයෙන් නිදහසක් වනු ඇත් ද? දේශපාලන වශයෙන් නිවැරදි නිදහස (හෝ විමුක්තිය) යන්න අධිරාජ්‍යය විසින් ම අර්ථකතනය කර දෙන දෙයක් නම් එවිට අප නිදහස යැයි කියනු ලබන දෙයහි අරුත කුමක් විය හැකිද? උදාහරණ වශයෙන් ඇමෙරිකාවේ ඉගෙන ගැනීමට ලංකාවෙන් ගිය සුළු ධනේශ්වර තරුණියක් රාත්‍රී සමාජ ශාලාවක බීම හලේ වැඩ කරයි යනුවෙන් අප සිතමු. ඇය තම මුහුණු පොතට චායාරූපයක් ඇතුල් කර මෙසේ කියයි. ‘ලංකාවේ නම් පුළුවන් වෙයිද මේ වගේ රාත්‍රී සමාජ ශාලාවක වැඩ කරන්න? ලංකාව මොන තරම් ගොඩේ රටක් ද? ඇත්ත නිදහසක් ඕනි නම් අපේ රටේ ගැහැණු කරන්න ඕනි දැන් තියෙන අධිපති පිතෘ මුලික සමාජය වෙනස් කරන එක’. මෙතැනදී අප හසුවන උගුල නම් අධ්‍යාපනය සඳහා ගිය තරුණියකට රාත්‍රී සමාජ ශාලාවක මත්පැන් බෙදීම සඳහා වූ ආර්ථික කොන්දේසිය කුමක් ද යන්න යි. මත්පැන් බෙදීම් මතු නොව මෙම ‘නිදහස’ නිල් චිත්‍රපටයක රඟපෑම දක්වා මේ වනවිට විපරිණාමය වී ඇත. ඇතැම් ලිංගික සංචරණය (sex tourism) ඇති නගර වල ඉනුත් ඔබ්බට ගොස් ගණිකා වෘත්තීය දක්වා මේ ‘නිදහස’ දිව යයි. ඇය ට වැඩ කිරීමට ඇති නිදහස (වරණය) සම්පුර්ණ වශයෙන් පිළිගන්නා අතර ඇයගේ අතිරික්ත කාලය පුස්තකාලයේ ගත කිරීමට ඇයට අහිමි වන්නේ කුමක් නිසා ද යන ප්‍රශ්නය ස්ත්‍රී නිදහස ගැන කතා කරන අය විමසිය යුතු දෙයකි? වරණය යනු දෙන ලද වරණයක් නම් එවිට තත්වය කුමක්ද? හැරත් මේ වනවිට බොහෝ විදේශ විශ්ව විද්‍යාල අපෙන් යන සිසුන්ට ලබා දෙන්නේ ප්‍රායෝගික රැකියා අරමුණු කරගත් දැනුමකි. උසස් දාර්ශනික සහ චින්තන අර්තර්ගතය මේ වනවිට පාඨ මාලා තුලින් හැලී ඇත. සමස්ත ව්‍යුහය ප්‍රශ්න කර දැනුම මේ වනවිට බොහෝ පාඨමාලා වල උගන්වන්නේ නැත. සංචාරක ප්‍රවර්ධනය, හෝටල් කළමණාකරණය, වැනි පාඨමාලා වඩ වඩාත් ඉස්මතු කරමින් ඇත. ඉතින් උසස් චින්තනයක් සහිත මිනිසුන් බිහි වෙන්නේ කෙසේ ද? ප්‍රායෝගික දැනීම ඉතාම අවශ්‍ය වුවත් රටකට උසස් චින්තකයින් ද අවශ්‍ය ය. ඉහත පැහැදිළි කලේ අප නිදහස යැයි අධිරාජ්‍යය කියනු ලබන දෙය හි ඇති සීමාකම් ය. අධිරාජ්‍යය විසින් ලෝකයේ සියලු පුරවැසියන්ට වැළඳ ගැනීමට බල කරන්නේ ඉහත නිදහස යි (උඹලා අපගේ ක්‍රමය තුල ලිංගික වහලුන් වෙයල්ලා. ඒ නිදහස උඹලා ට ප්‍රමාණවත් නැද්ද? බලපල්ලා අපි කොච්චර ප්‍රජාතන්ත්‍රවාදී මිනිස්සු ද? උඹලා හිතන්න ඕනි නැහැ. අපිට ඕනෑ වෙලාවට අපි උඹලා වෙනුවෙන් හිතන්නම්. දැන් දුවලා ගිහින් මට ඩැල්මෝ වීදුරුවක් ගේන්න. නෝ ජන්ක් ප්ලීස්!). ඉහත තත්වය තුල රැඩිකල් දේශපාලනයට සිදුවී ඇත්තේ දේශපාලන සාපේක්ෂතාව (political relativism) වෙනුවෙන් සටන් කිරීම ට යි. සාපේක්ෂ නිදහස යනු එයයි (ගැහැණුන්ට ත් සමාජ ශාලා වල වැඩ කිරීමට ඇති අයිතිය වෙනුවෙන් සටන් කිරීම). මේ තත්වය විමුක්තිය පිළිබද සටනක් නොවේ. මෙය නව වහල් භාවයක් ඉල්ලා කරන සටනකි (new subjectivity). පැරණි වහල් භාවය වෙනුවට දැන් අපට දකින්නට ඇත්තේ තරමක් මොඩ් ඇඳුම් ඇඳගත්, මොබයිල් දුරකතන අතේ දරාගත්, කන් දෙකේ රබර් ඇබ ගසාගත් පශ්චාත් නුතන සම්බන්දයකි. පසුගිය ලිපියේ සඳහන් කේරළයේ සංචාරක ප්‍රවර්ධන වීඩියෝව එක් අතකින් ගත්විට සැලකිය හැක්කේ ඉහත ස්වාමි සේවක නව බන්ධනයේ රූපකයක් ලෙස ය. වෙනත් විදියකින් කිවහොත් පැරණි යටත් විජිත ස්වාමි සේවක සම්බන්දය නව වටයකින් පුනර් ජීවනය වීමක් මෙහිදී දැකිය හැකිය. පැරණි ස්වාමි සේවක බන්ධනයේ ආකෘතිය කිසිසේත් වෙනස් වී නැත. අප නැවතත් රඟ දක්වන්නේ ස්වාමියා ගේ ආශා වස්තු කලාපයයි (සේවකයා). ඔහුගේ සංකීර්ණ නුතන සම්බන්දයට අප ‘කපුවෙක්’ (සද්ගුරු) ලෙස මැදිහත් වීම හැර ඔහුගේ අත්දැකීමටත් වඩා සංකීර්ණ බවක් වෙත අපට යෑමට නොහැක.  මේ අති මුලික යථාවේ පරස්පර බව ආසියාව තුළ වෙනස් කිරීමට උත්සාහ කළේ කළේ මාවෝ ය. යථාව වෙනස් කිරීමට උත්සාහ කළ ඔහු සත්‍ය අරුතින් නිර්භීත මිනිසෙකි.

ෆ්‍රෙඩී මර්කරි ඉපදුණේ ඉන්දියාවේ ය. සද්ගුරු ද ඉන්දියාවේ ය. ඉහත සංචාරක වීඩියෝ ද ඉන්දියාව ගැන ය. සියවස් ගණනක් පැරණි සම්ප්‍රදාය නව ඇසුරුමක දමා දැන් සාර්ථකව විකුණන්නේ ද ඉන්දියාව ය. ජිජැක් සඳහන් කරන්නේ මාක්ස් පුරෝකතනය කරන ලද සත්‍ය ධනවාදී සමාජය වෙත සියලු සමාජයන් ලංවෙමින් ඇත්තේ එදා නොව දැන් ය යන්න ය (මාක්ස් සිටි කාලයේ නොවේය). නමුත් අද වනවිට සිදුවී ඇත්තේ මාක්ස් නිවැරදි වූවාටත් වඩා නිවැරදි වීමය. ප්‍රාග්ධනය සෑම අස්සක් මුල්ලකම ගමන් කරන්නේ දැන්ය. කේරළයට නොව කහටගස්දිගිලියට, මැදවච්චියට මතු නොව යාපනයේ ඈත ම දුපත් වන ඩෙල්ෆ්, පුන්කුඩුතිව්, නයිනතිව් දක්වා පවා ධනවාදය ගමන් කරන්නේ දැන්ය (ප්‍රාග්ධනය). ලේලන්ඩ් බස් එකක් හෝ ත්‍රීවිල් කට්ටක් ඔස්සේ කුමක් හෝ මුදලක් දැන් අතට ලැබෙන්නට පටන් ගත් මෙම පිරිස යනු සමාජයේ බහුතරය යි (ඉතිහාසයේ කවදා හෝ ගත්විට ඔවුන් අතට යම් මුදලක් ලැබෙන්නේ දැන්ය. ඉඳින් අඟල් හතරේ මොබයිල් දුරකතන තිරයක් ඔස්සේ ලෝකය ඔවුන් දකින්නේ දැන් ය). නමුත් සමාජයේ බහුතරය යනුවෙන් නම් කළ හැකි ඉහත කොටස නම් තවදුරටත් විප්ලවයක් අවශ්‍ය පංති කොටසක් නොවේ. ඔවුන් සිරවී ඇත්තේ පැරණි අනන්‍යතා දියවී යාම තුළ (සියළු ඝනීභවනය වූ දේ වාෂ්ප වනවාට වඩා) ඒ පැරණි අනන්‍යතා නව වටයකින් ප්‍රති ජීවනය වීමේ දයලෙක්තිකය තුල බව ජිජැක් මේ මස නව වැනිදා පැවැත්වූ දේශනයක දී පෙන්වා දෙයි. ඉඳින් මේ ලෝකය දැන් දකින, නිර්ධනීන් නොවන (ඔවුන් අත මුදල් ඇත) පිරිස  මුලින් ම කිරීමට පටන් ගෙන ඇත්තේ දියුණු ම ලෝකය වෙත සංක්‍රමණය වීමට උත්සාහ කිරීම බව ඔහු එහිදී පෙන්වා දෙයි (ඔවුන් හංගේරියාව, බල්ගේරියාව, ස්ලොවැකියාව යන කිසිදු මැදි ආදායම් රටක නවතින්නේ නැත). කෙලින්ම ඔවුන් යන්නේ එක්සත් රාජධානියට නැත්නම් ඇමෙරිකාව ට ය. ධනවාදය මෙහිදී කරන්නේ අමුතුම ක්‍රීඩාවකි. එය පැරණි අනන්‍යතා දියකර හරිනවා වෙනුවට පැරණි අනන්‍යතා වලට නව මිලක් නියම කරයි. මෙය මාක්ස් පුරෝකතනය නොකරන ලද තත්වයකි. දුප්පත් ඉන්දියාවේ කොණක සිට ඇමෙරිකාවට යන සංක්‍රමණිකයින් ඉල්ලා සිටින්නේ තම අනන්‍යතා වලට නව මිලකි (සද්ගුරු මැදිහත් වන්නේ මෙතන දීය). ඉදින් මේ සංක්‍රමණික බහුතරය විසින් තම අතට අසුවන පැරණි අනන්‍යතා දියකර හරින ප්‍රචණ්ඩ ධනවාදයක් වෙනුවට ඒවා වහ වහා සරණ පාවා ගන්නා මේ පසු නූතන විපරීත ‘සුකොමළ ධනවාදයේ’ ගැටළුවක් දකින්නේ නැත (හැරී කුමරා තකතීරු ඉන්දියන් නිළියක් සරණ පවා ගත්තා නම් තව සියවසකට ඉන්දියාවේ විප්ලවයක් සිදු නොවනු ඇත!). ඉඳින් ස්ත්‍රීවාදී අරගල යනු මෙවන් අනන්‍යතාවක් ඉල්ලා සිටීමේ අරගල වේ (ඉන්දියානු ගැහැණියක් ලෙසම මාව සරණ පවා ගන්න). සංක්‍රාන්ති ලිංගික ප්‍රශ්නයද මිට වඩා වෙනසක් නැත (අධිපති පුරුෂ කේන්ද්‍රීය වටපිටාව තුලම අපිව පිළිගන්න). ඉඳින් ඉන්දියාවේ සිට ලන්ඩන් ගිය මර්කරි ගේ අරගලය ද මින් ඔබ්බට ගියේ නැත. කිසිවක් ඝනීභවනය වී නැත. කිසිවක් වාෂ්ප වන්නේ ද නැත. මෙම නව පංතිය සඳහා නව වටිනාකම් යෝජනා කරන නව ‘මාක්ස්වාදීන්’ (සමානතා වාදීන්) වන බිල් ගේට්ස් සහ එලෝන් මස්ක් (Elon Musk) වැන්නන් සත්‍ය ලෙසම භයානක වෙළෙන්දන් ය යන්න ජිජැක් ගේ මතයයි. මන්ද දෘෂ්ටිවාදය නියම අයුරින් ක්‍රියාත්මක වන්නේ ඔවුන් හරහා ය. ඔවුන්ගේ වෑයම වන්නේ පංති පසමිතුරුතා (කේන්ද්‍රය/ පරිධිය) එසේම පවතිද්දී පුද්ගල අනන්‍යතා ක්ෂේත්‍රය වෙනස් කිරීමය. අති මුලික පසමිතුරුතා විසඳීම පිණිස වූ විසි වන සියවසේ විසඳුම් තව දුරටත් නෛතික නැති බැවින් කළ යුතු හොඳම දෙය පවතින ව්‍යුහය කෙසේ හෝ ප්‍රතිසංස්කරණය කිරීම බව ඔවුන් කියා සිටිනු ලබයි. සත්‍ය ලෙස ම මේ යුගයේ ඔවුන් අතින් සිදු වන්නේ පවත්නා යම් කිසි හෝ අනාගත බලාපොරොත්තුවක් වේ නම් එය විනාශ කර දැමීමයි. අවසන් ඉච්චාභංග මරණය සඳහා ඔවුන් අපව දැන් සිටම සුදානම් කරනු ලබයි (උදාරණයක් ලෙස ගෝලීය උණුසුම් වීම ගැන දැන් කිසිවක් කර තේරුමක් නැත. දැන් අප පරක්කු වැඩිය. දැන් ඉතිං කොයි මොහොතේ හෝ කල්ප විනාශය (end of the world) එළඹෙන තෙක් මෙසේ දිවිය ගත කරමු වැනි මෙලන්කොලික අවසානය දක්වා ම ගමන් කරන උදාන වාක්‍ය මේ යුගයේ වැසි වසිමින් ඇත). අද්‍යතන ඇපොකලිප්ටික උප්පරවැට්ටි යෙන් ගැලවීමට නම් මනෝ විශ්ලේෂී දේශපාලනයක් අවශ්‍ය බව ජිජැක් කියා සිටි (Living in the End Times අරුත මෙයයි).

ඇපොකලිප්ටික අවසානයක් පිලිබදව වන විෂාදී සිනමා කෘතියක් වන මෙලන්කොලියාව (2011) චිත්‍රපටයේ සිදු වන්නේ ද පරාජිත ලෙස අවසානය වැළඳ ගැනීමයි. ඒ සඳහා අවශ්‍ය ධෛර්යය වෙනුවෙන් සුදුසුකම් සපුරා ඇත්තේ සුව කළ නොහැකි විෂාදී රෝගියෙක් වන ජස්ටින් ය (සාමාන්‍ය කෙනෙකුට කළ නොහැකි දෙය). නියත අවසානයක් දක්වා ලෝකය ගමන් කරන විට ජස්ටින් සිටින්නේ මේ වන විටත් විෂාදයෙන් පීඩා විඳිමින් මේ ලොවට වෛර කරමින් ය. ඇයට අවශ්‍ය මරණයයි. ඇය ආශාවෙන් මරණය වෙත දිවයයි (මන්ද ඇය සුවපත් වන එකම ආකෘතිය මරණය නිසාය). මේ වනවිට සදාකාලික විෂාදයට අප ගනු ලබන දෘඪ ඖෂධ (Xanax වැනි) එක්තරා අතකින් අබිං ලෙස ක්‍රියා කරන බව ජිජැක් පෙන්වා දෙයි. යුරෝපීය මධ්‍යම පන්තිය මේ වනවිට ජිවත් වන්නේ මේ ඖෂධ වලින් පමණ ය. අවසානය නිශ්චිත බැවින් ඔවුන්ගේ මෙලන්කොලියාව* සහ ශෝකය සුවකළ නොහැක (මේ අතර අප යුරෝපයට සංක්‍රමණය වීමට මාන බලමු). මෙලන්කොලියාව චිත්‍රපටයේ ජස්ටින් නිර්භීත ලෙස මරණය වැළඳ ගන්නා බව ජිජැක් කියයි. අමාරු තැනකින් අවුත් ජනප්‍රියත්වයේ හිණි පෙත්තට්ම නැඟී ෆ්‍රෙඩී මර්කරි පවා අවසානයේ නිර්භීත ලෙස මරණය වැළඳ ගත්තාට සැක නැත (බලන්න ගාඩියන් සඟරාව 2018 වසරේ පළකල ෆ්‍රෙඩී මර්කරි ගැන Alexis Petridis  ලියු ලිපිය). අබිං වලට වඩා සැර මත් ද්‍රව්‍ය ඔස්සේ ඔහු සෙව්වේද නීල වර්ණ මරණය මිස අන් යමක් නොවේය. Bohemian Rhapsody හි එක උප-පථිතයක් තුළින් කියවෙන්නේ ‘අනාගතය අයිති නිර්භීතයින් හට’ යන්න ය (Fearless lives forever!). නමුත් නිර්භීත ලෙස මෙම යුගය පසු කරනු වෙනුවට් ඔහුගේ ආකෘතිය වුවේ මරණයයි. එක් අතකින් සත්‍ය නිර්භීත බව නම් ෆ්‍රෙඩී මර්කරි වැනි පසු නුතන අනන්‍යතා ඝෝෂාවන් පසුකර යාමය. අනෙක් අතින් අප ඉහත පන්නයේ ‘කිසිවක් දැන් කර වැඩක් නැතැයි’ දෙසන පසු නුතන ශුන්‍යතාවාදීන් ද පසුකර යා යුතුව ඇත. මෙයින් කියවෙන්නේ ෆ්‍රෙඩී මර්කරි නියෝජනය කරන මානුෂික අරගලය අව තක්සේරු කරන බව නොව අප සත්‍ය විමුක්ති අරගලය ගැන ඉතා පැහැදිළි අවබෝධයකින් කටයුතු කළ යුතුය යන්න ය.

(*මිට කලින් අප පෙන්වා දී ඇති පරිදි මෙලන්කොලියාව අදාල වන්නේ ද්‍රව්‍යමය දෙයකට පමණක් නොවේ. වියුක්ත අදහසක් වුව අත්හැරීමට අපොහොසත් වුවහොත් එය ද මෙලන්කොලික තත්වයක් ජනිත කරන බව ෆ්‍රොයිඩ් කියයි).

(*ලංකාවේ මේ වනවිට උස් හඬින් සිදුවෙමින් පවතින ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද අරගලය තුලදී වුවද ඉහත සඳහන් කල හැම්ලටියානු නොමඟ යාම සිදුවිය හැක. ඒ පිලිබදව අප අතිශයින් දැනුවත් විය යුතුය. නමුත් පශ්චාත් යටත් විජිත විධායක ජනාධිපති ක්‍රමය ආශ්‍රිත ඒකාධිපති ගොඩනැංවීම් වලට එරෙහිව එක් පරම්පරාවක් (1988-89) ජීවිත පරිත්‍යාගයෙන් සටන් කල අතර අද පරම්පරාව ද ඒ සටනේ ම අන්වේක්ෂ තුළ ගමන් කරයි. ඒ වඩා හොඳ සමාජයක් පිළිබද අදහසකින් යුතුව ය. එතැනදී මා ජනාධිපති ක්‍රමය පැත්තේ (පාලකයා හෙවත් පීඩකයා) නොව සටන පැත්තේ (සටන් කරන්නා හෙවත් පීඩිතයා) සිටගනිමි.

courtesy: opiumaleft.com

නරේන්ද්‍ර මෝදි යුගය සහ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්ණය


| සුනන්ද දේශප්‍රිය

ඉන්දියාව නව දේශපාලන යුගයකට ගමන් කරයි. එහි නියමුවා වර්ණවත් මෙන්ම විවාද සම්පන්න දේශපාලන ජීවිතයක් සහිත  නරේන්ද්‍ර මෝඩිය.  මෝඩි අගමැති ධුරය කරා ඔසවා තබන ලද්දේ ප්‍රධාන වශයෙන් රුළි දෙකක් විසිනි. එකක් ආර්ථික ප්‍රගමනයේ  සහ සමාජ සාධාරණත්වයේ පොරොන්දුවයි. අනෙක ශක්තිමත් ඉන්දියාවක් යන තේමාව යටතේ හින්දු ආගමික ආත්මය පණ ගැන්වීම යි.  තනි පක්ෂයක් යටතේ ස්ථාවර ආන්ඩුවක් පිහිටුවීමට සමත්වීම සහ නරේන්ද්‍ර මෝඩිගේ ශක්තිමත් නායකත්වය යටතේ ඉන්දියාව වඩා බලගතු රාජ්‍යක් බවට පත්වීමට බොහෝ දුරට ම ඉඩ තිබේ.

ලංකාවේ මහින්ද - ඉන්දියාවේ ‍මෝඩි යනු එකම වර්ගයේ දේශපාලනඥයන් බව කීවේ වෙනින් කව්රුවත් නොව බැසිල් රාජපක්ෂ ය.  රාජ්‍ය මාධ්‍ය නොකියා කියා සිටියේ ද මෝඩිගේ ඉන්දියාව රාජපක්ෂගේ ශ්‍රී ලංකාවට ආලවන්ත වනු ඇති බවයි.  බොදු බල සේනාව ද මෝඩි‍ බලයට පත්වීම ශ්‍රී ලංකාවට සුභදායක බව කියා තිබුණි. තවත් ආන්ඩුවේ ප්‍රකාශකයකු කියා සිටියේ තමිල්නාඩුව සමඟ හවුලක් නැති ‍බැවින් මෝඩි ආන්ඩුව සමඟ කටයුතු කිරීම ලෙහෙසි වනු ඇති බවයි.

ඒ කෙසේ වෙතත්  බලයට ඒම පිනිස බී.ජේ.පී.ය සහ මෝඩි විසින් ගොඩ නැගූ පුළුල් දේශපාලන සන්ධනයෙහි තමිල්නාඩු සහකරුවන් වූ‍යේ වත්මන් ශ්‍රි ලංකාන්ඩුවට සහමුලින්ම විරුද්ධ දේශපාලන පක්ෂ තුනකි. එනම් එස්. රාමදොස්  ගේ නායකත්වයෙන් යුතු පාටලී මක්කල් කච්චි පක්ෂය, වී. ගොපාල්සාමි නොහොත් වයිකෝගේ නායකත්වයෙන් යුතු එම්.ඩී.එම්.කේ. පක්ෂය සහ විජයකාන්තගේ නායකත්වයෙන් යුතු ඩී.එම්.ඩී.කේ. පක්ෂය  ය. මෙම පක්ෂ තුන ම තදින් ම එල්ටීටීඊයට සහාය දක්වන ලද අතර වර්ථමානයෙහි ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව සම්බන්ධයෙන් මහත් උනන්දුවක් දක්වති.  (ආසනයක් දිනා ගෙන ලෝක් සභාවට තේරි පත් වුයේ රාමදොස් පමණි.) එමෙන්ම මෙම පක්ෂ තුනම යුද සමයහි  ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට එරෙහිව  යුද අපරාධ සිදු කරන ලදැයි ලංකාන්ඩුවට එරෙහිව උද්ඝෝෂනය කරති.  එපමණක් නොව  මැතිවරණ ජය ලද වහාම මෝඩි කියා සිටියේ තමිල් නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම් සමග තමා ඉතා හොඳ අවබෝධයකින් කටයුතු කරන බවයි.

දැන් මෝඩි ආන්ඩුවේ විදේශ ඇමැතිවරිය ශ්‍රී ලංකාවට හුරු පුරුදු සුශ්මා ස්වරාජ් ය. ඇය 2012 අප්‍රේල් මාසයෙහි (16-22) ශ්‍රී ලංකාවට පැමිණි නිරීක්ෂන චාරිකාවක යෙදුණූ ඉන්දීය පාර්ලිමේන්තු කන්ඩායමේ ප්‍රධානත්වය දැරීය.  එවකට ඇය ඉන්දීය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායිකාව වූවා ය. අද මොනවා කීවත් එම නිරීක්ෂන චාරිකාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාන්ඩුවේ මතය වූයේ  ඇය දේශපාලන බොරුකාරියක බවයි.

එම දූත මෙහෙවර අතරතුර, රුපියල් මිලියන 2000කට  වඩා වැය කර ඉන්දියාව විසින් වැඩි දියුණු කරන ලද වෙරළ බඩ දුම්රිය මාර්ගය ශ්‍රී ලංකා ආන්ඩුවට බාර දෙන ලද්දේ ඇය විසිනි. ඒ වන විටත් පල නොකියා පලා බෙදීමකට මුහුණ දී සිටි ඇය අතින් එම දුම්ර්ය මාර්ගය බාර ගැනීමට ගියේ ප්‍රවාහණ ඇමැතිවරයා පමණ ය. ඊට හේතුව වී තිබුණේ මෙරට ජනවාර්ගික ප්‍රශ්ණයට දේශපාලන විසඳුමක් අවශ්‍ය යන මතය ඇය විසින් ද දැරීම යි.  එම විවෘත කිරීමේ රුස්වීමෙහි දී ද ශ්‍රී ලංකාවේ ජන වාර්ගික ප්‍රශ්ණය විසදීම සඳහා සැබෑ දේශපාලන විසඳුමක් අත්‍යවශ්‍යයැයි  ඇය අවධාරණය කළා ය.  එමෙන්ම ඇය කියා සිටියේ ඉන්දියාවේ ආන්ඩු පක්ෂයත් විපක්ෂයක් දේශපාලන විසඳුමක් සම්බන්ධයෙන් එකම අදහසක සිටින බවයි.

ශ්‍රී ලංකාවේ සිය සංචාරය අවසන් කිරීමෙන් පසු පුවත්පත් අමතමින් ඇය කියා සිටියේ ජනාධිපති රාජපක්ෂ සමඟ 13වන සංසෝධනය අනුව පළාත්වලට බලය බෙදීම සම්බන්ධයෙන්  සම්බන්ධයෙන් තමා සාකච්ජා කළ බව ය.

අප්‍රේල් 23 දින වහාම ඊට පිළිතුරු දුන් රාජපක්ෂ ආන්ඩුව කියා සිටියේ 13 වන ව්‍යවස්ථා සංසෝධනය සම්බන්ධයෙන් කිසිදු සාකච්ජාවක් සුෂ්මා ස්වරාජ් සමඟ ජනාධිපතිවරයා නොකළ බවයි. ( අප්‍රේල් 24 දි අයිලන්ඩ් පුවත්පත) එම පුවත්පත මෙසේ වාර්තා කළේ ය:  '' 13 වන සංසෝධනය ක්‍රියාත්මක කරන බවටත් ඉන් එපිටට යෑමට තමා සූදනම් බවටත් ජනාධිපති මහින්ද රාජපක්ෂ සහතික වුයේ යැයි ඉන්දීය විපක්ෂ නායිකා සුෂ්මා ස්වරාජ් විසින් කරන ලදැයි කියන ප්‍රකාශය ශ්‍රී ලංකා ආන්ඩුව ඊයේ තදින් ම ප්‍රතික්ෂේප කළේ ය". තව ද එම පුවත්පත කියා සිටියේ 13 වන ව්‍යවස්ථා සංසෝධනය ඉන්දියාව විසින් ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මත බලයෙන් පටවන ලද්දැකැයි ජනාධිපති රාජපක්ෂ කියා සිටි බව යි.

2012 ජනවාරි මාසයේ දී  ශ්‍රී ලංකාවට පැමිනි ඉන්දීය විදේශ ඇමැතිවරයා වූ එස්.එම්. ක්‍රිෂ්නාට ද මුහුණ දීමට සිදු වූයේ එවැනි ම තත්ත්වයකට ය. තමා ජනාධිපති රාජපක්ෂ සමඟ 13 වන සංසෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ජා කළ බවට ඔහු කළ ප්‍රකාශය බොරුවකැයි ජනාධිපති රාජපක්ෂ කී බව දි අයිලන්ඩ් පුවත්පත  කියා සිටියේ ය‍.

දැන් ඉන්දීය විදේශ ඇමැතිවරිය වන සුෂ්මා ස්වරාජ් එදා ශ්‍රී ලංකාන්ඩුවේ ප්‍රතික්ෂේප කිරිමට පිළිතුරු දුන්නේ මෙසේ ය: " 13 වන සංසෝධනයෙන් එපිටට යෑම ගැන කිව්වේ ජනාධිපති රාජපක්ෂම යි.  13 වන සංසෝධනය පිළිබඳ කාරණය අපත් හැම හමුවක දී ම අවධාරණය කලා. අප ඔවුන්ට මතක් කර දුන්නා ජනාධිපති රාජපක්ෂ ඉන්දීය අගමැතිවරයාටත් (එවකට මන් මෝහන් සිං), ගරු විදේශ ඇමැතිවරයාටත්, එමෙන්ම විපක්ෂ නායිකාව වන මටත් ඒ සම්බන්ධයෙන් දෙන ලද පොරොන්දු. " ( ද හින්දු, 2012 අප්‍රේල් 24 )

කෙටියෙන් කියන්නේ නම් සුෂ්මා ස්වරාජ් කියා සිටියේ ජනාධිපති රාජපක්ෂ බොරු පොරොන්දුකාරයකු බව තමා ඔහුට මතක්කර දුන් බවය. 

දැන් නරේන්ද්‍ර මෝඩිගේ අගමැති උත්සවයට ගිය ජනාධිපති රාජපක්ෂට අසන්නට ලැබී ඇත්තේ ද එදා සුෂ්මා ස්වරාජ් කී කතාවම ය. අගමැති මෝඩි සහ ජනාධිපති රාජපක්ෂ අතර වූ සාකච්ජාව පිළිබඳව ඉන්දියාවේ  හින්දු පුවත්පත (මැයි 27) කියා සිටියේ " ශ්‍රී ලංකාවේ දෙමළ බහුතරයක් ජීවත්වන පළාත්වලට පුළුල් බලතල ලබා දෙන බවට ඔහු විසින් දෙන ලද පොරොන්දු ඉටු කරන ලෙස අගමැති මෝඩි ජනාධිපති රාජපක්ෂට කියා සිටි බවයි". 

එසේ දෙන ලද පොරොන්දු ඉටු කිරීම පිණිස හැකි ඉක්මනින් 13 වන ව්‍යවස්ථා සංසෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාවට නගන ලෙසත් ඉන් එපිටට ගමන් කරන ලෙසත් අගමැති මෝඩි ජනාධිපති රාජපක්ෂට කියා සිටි බව ඉන්දීය ආන්ඩුව (විදේශ ලේකම් සුජාතා සිං) නිල වශයෙන් ම ප්‍රකාශ කළා ය. 

මෙම ප්‍රකාශය මගින් කැරෙන වැදගත් ඇඟවීම නම් වත්මනෙහි උතුරු සහ නැගෙනහිර පළාත් සභාවන්ට ලබා දී ඇතැයි කියන බලතල ප්‍රමාණවත් යැයි අගමැති මෝඩි  නො පිළිගන්නා බවයි. 

මේ වනාහී 13 වන සංසෝධනය ක්‍රියාත්මක කිරීම නොව තමාගේ පිළිවෙත වන්නේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මගින්  විසඳුමක් සෙවීම බවට ජනාධිපති රාජපක්ෂ විසින් මෑත දී යළි යළි කරන ලද ප්‍රකාශයට පයින් ගැසීමකි. අගමැති  මෝඩි  පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ගැන ඇසුවේ නැත. ඔහු කෙලින් ම කීවේ අනම් නැතිව 13 වන සංසෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙස යි.

මෙම ස්ථාවරය නව ඉන්දීය ආන්ඩුව විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දක්වන ලද ප්‍රථම ප්‍රතිපත්ති ප්‍රකාශය යි. ඒ බව ප්‍රසිද්ධියේ ම කීමට මෝඩිගේ ආන්ඩුවට සිදු වන්නේ තමිල් නාඩු ප්‍රාන්තයේ දේශපාලන හඬට ඇහුම්කන් දෙන බව ආම්භයේදී ම පෙන්වීමට ය. තමිල් නාඩුවෙහි ආසන 39යෙන් 37ක් දිනූ ජයලලිතා මඟහැර දිල්ලියේ මහ ආන්ඩුව සමඟ ගනු දෙනු කිරීමට ඉඩ ලැබීම සැපක් යැයි කී ශ්‍රී ලංකාන්ඩුවේ කේවට්ටයින්ගේ  මුඛ දැන් පූට්ටු වී ඇතිවාට සැක නැත.

දැන් එළඹෙමින් ඇත්තේ රාජපක්ෂ ආන්ඩුව දෙකින් එකක් තෝරා ගත යුතු අවස්ථාවට යි. එක්කෝ එය වත්මන් තත්වයෙන් එපිටට ගිය දේශපාලන විසඳුමක් ලබා නොදෙන බව ප්‍රසිද්ධියේ කිව යුතු ය. ඒ වනාහී සියළු රාජපක්ෂවරුන්ගේ සිට ආන්ඩුවේ ජාතිවාදී පංගුකාර පක්ෂ අතර අද ඇති පොදු එකඟතාවය යි.  එසේ නැත්තම් ජාතිවාදී පංගුකාරයින්ගෙන්ද මහජාතිවාදයෙන් ද  යුද උන්මාදයෙන් ද ගැලවී සැබෑ දේශපාලන විසඳුමක් මගින් ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්ණයට විසඳුමක් සෙවීමට උත්සාහ දැරිය යුතු ය‍. 

සමහර විට මෝඩි යුගයෙහි රාජපක්ෂවරුන් විසින් මුහුණ දීමට නියමිත අභියෝගයන්ගෙන් වඩාම තීරණාත්මක වනු ඇත්තේ ජනවාර්ගික ප්‍රශ්ණය වීමට බොහෝ දුරට ම ඉඩ තිබේ. මන්ද යත් මේ වනාහී හුදෙක් නරේන්ද්‍ර මෝඩි යුගය පමණක් නොව ජයලලිතා ජයරාම්ගේ    යුගය වන නිසා ය.  එයට සම්පන්දන්ගේ සහ විග්නේශ්වරන්ගේ දායකත්වය ද එක් වන බව අප කැමැති වුවත් නැතත් පිළිගත යුතු ය.

01.06.14

පසු සටහන

ජනාධිපති රාජපක්ෂ සහ අගමැති මෝඩි අතර වූ නිල සාකච්චාව පිළිබඳ 27 වන දින නිකුත් කරන ලද  ශ්‍රී ලංකාන්ඩුවේ නිල ප්‍රකාශය 13 වන සංසෝධනය සම්බන්ධයෙන් අගමැති මෝඩි විසින් කරන ලද නිර්දේශය සහමුලින්ම අතහැර තිබේ. එමෙන්ම රාජ්‍ය සහ රාජ්‍ය පාලිත පුද්ගලික ජනමාධ්‍ය ද මෙම සඳහන වාර්තා කළේ නැත. අනතුරුව ප්‍රසිද්ධ රුස්වීමක දී අමාත්‍ය නිමල් සිරිපාල කියා සිටියේ ඉන්දියාව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි නොගැසිය යුතු බවත් 13 වන සංසෝධනය සහමුලින්ම ක්‍රියාත්මක කළ නොහැකි බවත් ජනාධිපති රාජපක්ෂගේ අදහස බවය.
මෙමගින් පෙනී යන්නේ දැනටම යළි බොරු පොරොන්දු දීමේ චක්‍රයට අගමැති මෝඩි ද හසු කර ගැනීමට රාජපක්ෂවරුන් උත්සාහ දරන  බව ද? 

දේව යාඥාවෙන් පසු පොලිසියට, දැන් බොරු නඩුවකට?



හර්ෂි සි. පෙරේරා

කාන්තාවන්ට පමණක් නොව ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව වයස් බේදයකින් තොරව වදහිංසා පැමිණවීම බොරු නඩු දැමීම බියගුලුකමකි. අපරාදයකි. එය රාජ්‍ය ආයතනයකින් සිදු කරනු ලබන විට එහි බරපතලකම තවත් වැඩි වේ. එය රාජ්ජයේ ආණ්ඩුවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනය විසින් සිදු කරනු ලබන විට එම ආණ්ඩුව පිළිබදවද ඉස්මතු වන්නේ බරපතල සැකයකි. එනම් එම ආණ්ඩුවේ මානව හිමිකම් සුරැකීම බරපතල ලෙස සැකයට පාත්‍ර වේ. මේ දකුණේ මානව හිමිකම් කඩවිමකි. නමුත් ජාත්‍යන්තර අවදානයට ලක් වන්නේ බොහෝවිට උතුරේ සහ නැගෙනහිර මානව හිමිකම් කඩවිම්ය. පොලිසිය පොලිසියයි. එය උතුරටද දකුණටද නැගෙනහිරටද බටහිරටද එකමය. 

ජී.මාලනී ප‍්‍රනාන්දු

442 සී,
ලයිසන්¥ව වත්ත,
ගල්පොත්ත පාර,
කිරිබේරිය.
2014.02.10

01. සභාපති,

මානව හිමිකම් කොමිෂන් සභාව,
165, කිංසි පාර,
කොළඹ 08.

02. පොලිස්පති,

පොලිස් මූලස්ථානය,
කොළඹ.

අත්අඩංගුවට ගෙන, ව්‍යාජ චෝදනා මත නඩු පැවරීම
ටිකිරි හැන්නැදිගේ ඉෂාර චතුරංග, අවු: 20යි – මාගේ පුතා වේ.
2014.02.09 දින, සවස 2.30 පමණ, මාලමුල්ල ක‍්‍රිස්තියානි පල්ලියට පැමිණ, පිටව යන අවස්ථාවේදී, පානදුර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන, රඳවා තබාගෙන සිටී.
අත්අඩංගුවට ගැනීමෙන් පසුව, මාගේ පුතාට පහරවල් කිහිපයක් ගැසූ බව පුතා පවසා සිටියා.
අද දින පෙරවරුවේ මා පුතාව බැලීමට ගිය අවස්ථාවේ පුතා පවසා සිටියා ගංජා වලට නඩු දැමීමට සූදානම් වන බව.
මාගේ පුතාට මෙසේ හිරිහැර කිරීමට හේතුව වනුයේ – මීට පෙර, 2013 වසරේ අගෝස්තු මස දිනකදී, මාගේ පුතාව අත්අඩංගුවට ගෙන, මත් කුඩු සම්බන්ධ ව්‍යාජ නඩුවක් පැවරූ අතර, මාගේ පුතා ඊට ”නිවැරදිකරු ” බව ප‍්‍රකාශ කිරිම නිසා පොලිස් නිලධාරීන් ඔහු සමග අමනාපයෙන් පසුවේ.
ඉන් අනතුරුවද, මාගේ පුතාව නිකරුනේ අත්අඩංගුවට ගෙන සිටියදී, පොලිස් නිලධාරියකු විසින් මාගේ පුතාට පොලිසියෙන් පිටව යන ලෙස පැවසීම නිසා, ඔහු පොලිසියෙන් පිටව ගොස් තිබුනා.
මෙවර අත්අඩංගුවට ගැනීමේදී පහර දෙන විට – මාගේ පුතා පොලිසියෙන් පැන ගිය බවට ද චෝදනා කරමින් පහර දී ඇත.
මා ඉල්ලා සිටින්නේ,
1. පල්ලියට ගොස් නිවස බලා එමින් සිටි මාගේ පුතාව, නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන, ව්‍යාජ නඩු පැවරීමට ගන්නා උත්සාහය වලක්වාලන ලෙසත්,
2. මාගේ පුතාව නිකරුනේ අත්අඩංගුවට ගෙන, හිරිහැර කර, ව්‍යාජ නඩු පැවරීමට උත්සාහ ගන්නා- පානදුර දකුණ පොලිසියේ අදාළ නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා ලෙසටත්ය.
ජී.මාලනී ප‍්‍රනාන්දු

අදිකරණ කටයුතු මිල අදිකයි.




හර්ෂි සි. පෙරේරා

රාජපක්ෂ ආණ්ඩුව සාමාන්‍ය ජනයාගේ පටි තද කරමින් සිටි. සාමාන්‍ය ජනයාට නොමිලේ සහ අඩු මුදලකට කර ගත හැකිව තිබු නයිතික කටයුතු සදහා විශාල මුදලක් නියම කර ඇත. මේ නිසා ඔවුන් අදයිරය කරමින් තිබේ. අදාල ක්ෂේත්‍ර වල වුර්තිකයින්ට මෙන්ම කාර්ය මණ්ඩල වලටද මෙය අහිතකර ලෙස බලපායි. තවද ජනයා නීතියේ පිළිසරණ නොසයා වෙනත් ක්‍රමවේදයන්ට මාරු වනු දැකගත හැකි වනු ඇත. එනම් නීතියේ බලයට හිමි තැන මැර බලයට හෝ තුවක්කුවේ බලයට හිමි වන කාලය ලගදීම උදාවනු ඇත. 

"මෙතෙක් කලක් නොමිලේ ඔප්පුවක් ලියාපදිංචි කිරීමට අවශාව තිබූ නමුත් පසුගියදා සිට ඒ සඳහා රු. 100/-ක් අය කෙරේ. ඉඩමක් සම්බන්ධයෙන් ගැටලුවක් මතුවූ විට කේවියට් තහනම් නියෝගයක් වසර දෙකක් බලපාන ලෙස නිකුත් කිරීමට මෙතෙක් කලක් අය කල රු. 12.50 වෙනුවට රු. 2,500ක් මෙතැන් පටන් අය කෙරේ.  ඇටෝනි බලය පැවරීම සඳහා මෙතෙක් කලක් අය කල රු. 3.75 වෙනුවට රු. 1,500ක් අය කෙරේ. ඔප්පුවක පිටපතක් ලබාගැනීම සඳහා මෙතෙක් අය කළ රු. 102.50 ක මුදල රු. 500 දක්වා වැඩි කර තිබේ."

 -->

තීරණාත්මක මොහතක ජගත් මානව හිමිකම් කමිටුවේ පැමිණීම.


හර්ෂි සි. පෙරේරා

ශ්‍රී ලාංකීය සමාජය මෙය ගෝත්‍රික සමාජය ලෙස හැදින්වුවාට වරදක් නැත. මක්නිසාද ශිෂ්ට රටක පවත්නා ගුණාත්මක සාදකයන් එහි අගාදයට ගොස් ඇති බැවිනි. එනම් ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, යහ පාලනය, නීතියේ අදිපත්‍ය, සංහිදියාව වේ. ඒ වෙනුවට අපරාද, වංචාව, දුෂණය, මර්දනය, පවුල් පාලනය, සුළු ජාතීන්ගේ ඉඩම් කොල්ලය, මිලිටරිකරණය ඉහවහා ගොස් ඇත. මෙවන් පසුබිමක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ නියෝජිතයින්ට ලංකාවට පැමිණීමට ඉඩදීම ගුණාත්මක ප්‍රවණතාවයකි. උතුරේ ඉඩම් හමුදාව විසින් අල්ලා ගැනීම ගැන රාජපක්ෂ රජයට බරපතල චෝදනා එල්ල වෙමින් තිබේ. උතුරු නැගෙනහිර දෙමල ජනයා තම මියගිය ඥාතීන් වල දැමීමට පවා ආණ්ඩුවෙන් අවසර ගතයුතුව ඇති බවට මැසිවිලි නගති. සියල්ල පිළිබද ජාත්‍යන්තරේ ඇති අදුරු සිත්තම මකා දැමීමට නම් මානව හිමිකම් කමිටුවේ නිලදාරීන්ට ලංකාවට ඒමට ඉඩ දියයුතු අතර ඔවුන්ට ශ්‍රී ලංකාව සෑම තැනකටම යාමට ඒමට සහ සෑම ජන කණ්ඩායමක් හමුවීමටත් අවශ්‍ය ප්‍රවේශය සලසා දීම අනිවාර්ය වේ.


ස්‌ත්‍රිය හා සමාජ ඇගයුම

සමාජ හෘද සාක්‍ෂියට කෙරෙන ඇමතුම

| ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

නූතන යුගයේ උදාවී ඇති ඇතැම් තත්ත්වයන් නිසා මිනිසුන්ට බොහෝ පීඩාවිඳීමට සිදු වී තිබේ. මෙයට බොහෝ හේතු තිබිය හැක. සමාජ ආර්ථික පසුබිම මේ සිදුවීම පිටුපස ප්‍රබලව ඇත. කලාව, සෞන්දර්ය රසවින්දනාත්මක ශක්‌තිය මිනිස්‌ සිත් සතන් තුළින් ඉවත් වෑයම නිසා මිනිස්‌ සිත් රළු වී තිබේ. දැඩි ආත්මාර්ථකාමීත්වය මේ රළු සිත්වල දක්‌නට ලැබෙන එක්‌ ලක්‍ෂණයකි. මිනිස්‌ සිත් රළුවීම නිසා අද මිනිසුන් බොහෝ විට අනුන්ගේ දුකේදී සංවේදී නොවන බව පෙනෙන්ටද තිබේ. මේ හේතුව නිසාම නූතන කඨෝර සමාජ පරිසරය තුළ ස්‌ත්‍රිය විවිධ අපහසුකම් හා දුෂ්කරතාවලට බඳුන් වනු දැකිය හැක. එසේම එබඳු අවස්‌ථාවලදී සමාජයෙන් ඇයට නිසි පිළිසරණක්‌ නොමැති අවස්‌ථාද තිබේ. පුරාණ සමාජයේදී මාතෘත්වය කේන්ද්‍රකරගත් සමාජ පසු බිම තුළ ස්‌ත්‍රියකට ආරක්‍ෂාවක්‌ සැලසුණු අතර ඇය කෙරෙහි ගෞරවයක්‌ද සමාජයේ පැවතිණි. විවෘත ආර්ථිකයේ දැඩි අයෝමය හස්‌තය තුළ සමාජ ආර්ථික, දේශපාලනික පසුබිම ගුලිව හිරවීමත් සමග ම එදා පැවති ඒ සමාජ පසුබිම වේගයෙන් වෙනස්‌ව ගොස්‌ තිබේ. මේ හේතුව නිසා වර්තමානයේ ස්‌ත්‍රිය දෙස සමාජ ඇස යොමුව ඇත්තේ එදා පැවති තත්ත්වයෙන් බොහෝ දුර ඈතය. මීට නූතන සමාජ වාණිජ අර්ථක්‍රමය බොහෝ දුරට වගකිව යුතුය. මන්ද කාමය ප්‍රධාන තේමාව කොටගෙන ස්‌ත්‍රිත්වය අලෙවි කර මුදල් සෙවීම එකම පරමාර්ථය කරගනිමින් කටයුතු කිරීම නිසා අවධානය යොමු වී ඇත්තේ ඇගේ මාතෘත්වයේ ගුණ සුවඳ ස්‌පර්ශ කිරීමට නොවේ. ස්‌ත්‍රියකගේ නග්න සිරුරේ කාමශක්‌ත වූ හැඩතල සෙවීමටය. මිනිස්‌ සිත් සතන් තුළ වාණිජ අර්ථක්‍රමය මගින් අවුලවා ඇති කාමයේ වියරු අග්නි ජාලා වේගවත්ව ඇවිලී යනු පෙනෙන්නට තිබේ. මෙරට තුළ විවිධ ස්‌ථානවලින් වාර්තාවන ස්‌ත්‍රිය කේන්ද්‍රකරගත් අපරාධ රැලි බිහිවීමට හේතුව එබඳුය.

මෙරට ස්‌ත්‍රිය පිළිබඳ සමාජ විද්‍යාත්මක පර්යේෂණ අධ්‍යයන ප්‍රමාණවත් තරම් සිදු නොවීමද සමාජයට නිසිසේ ඇය අවබෝධ කර ගැනීමට අපහසුවකි. මෙරටට සාපේක්‍ෂව විදේශවල ස්‌ත්‍රී ශ්‍රමය පිළිබඳ නිසියාකාරව අධ්‍යයනයන්හි නිරත වී ලබා ඇති පර්යේෂණාත්මක අධ්‍යයනයන්හි ප්‍රතිඵල නිසා ඇයට හිsමි සමාජ ඇගයුම් එරටවලදී තහවුරුව තිබේ. ඒ තත්ත්වය මෙරට තුළ තවම නිසි ලෙස දැකගත නොහැක. නමුදු මෙරට ස්‌ත්‍රීන් පිළිබඳ කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධාන රැසක්‌ තිබේ. ඒවාට පිටරටවලින් විවිධ ආධාර, ප්‍රතිපාදනද ලැබේ. එබඳු කටයුතුවල නිරත පිරිස්‌වල මූලික අරමුණ කුමක්‌ හෝ ව්‍යාපෘතියක්‌ දියත් කරන බව සාධක සහිතව විදේශ රටවලට පෙන්වා මෙබඳු කටයුතු සඳහා පිරිනැමෙන ප්‍රතිපාදන, විදේaශ ශිෂ්‍යත්ව, විදේශ සංචාර ලබා ගැනීම මිස මෙරට අසරණ ස්‌ත්‍රීන් පිළිබඳව අවංක ආකල්පයකින් කටයුතු කිරීම නොවේ. මේ නිසා මෙරට අසරණ ස්‌ත්‍රීන්ට සිදුව ඇත්තේ බොහෝ පැතිවලින් පීඩාවට ලක්‌වීමටය. එක්‌ පැත්තකින් පුරුෂාධිපත්‍යය නමැති අයෝමය හස්‌තයෙන් පීඩාවට පත්වෙද්දී අනෙක්‌ පසින් ඇගේ ගැලවීම පිණිස ඉදිරිපත් වන පිරිස්‌ ඇය වෙනුවෙන් රාජ්‍ය නොවන සංවිධාන හරහා මෙරටට එවන විදේශීය ප්‍රතිපාදන ගසාකෑමට මානබලති. අවසානයේ ස්‌ත්‍රියට සිදු වනුයේ ඒ දෙපක්‍ෂයේ අසාධාරණ ක්‍රියාවන්ට බිලිවී නිහඬවම ඒවා ඉවසීමටය. කිසිවකු ඇය පිළිබඳ අවංකවම ක්‍රියා නොකරති.


ස්‌ත්‍රියට හිමි දුක්‌ සෝ සුසුම් හා අසාධාරණකම්

ස්‌ත්‍රිය බහුලව නියෑළී සිටින ඇඟලුම් කර්මාන්තශාලා ආශ්‍රිත රැකියාවලින් මෙන්ම විදේශගත සේවයේ නිරත වීම මගින් උපයන ධනය දළ ජාතික නිෂ්පාදනයට එක්‌වෙද්දී ඇය සූරාකෑමට බඳුන්වන අවස්‌ථා බහුල වී තිබේ. මීට විවිධ හේතු පැවතිය හැක. එම හේතු නිසියාකාරව හඳුනාගෙන ඒවාට විසඳුම් සැපයීමට උත්සාහදැරීම පාලක පිරිස්‌වල යුතුකම ලෙස සැලකිය හැක. යමක්‌ සිදුවූවාට පසුව වන්දි ලබාදෙනවාට වඩා එබඳු සිදුවීම් ඇතිවීමට පෙර වළක්‌වා ගැනීමට කටයුතු පිළියෙල කිරීම වැදගත්ය. අද මෙරට බොහෝ විට සිදු වනුයේ යමක්‌ සිදු වූ විට වන්දි ලබා දෙන ක්‍රමවේදයකි. බොහෝ විට දී මේ වන්දි සැබවින්ම හිංසනයට, කරදරයට, අතවරයට ලක්‌ වූ ස්‌ත්‍රියට ලැබෙනවා දැයි යන්න වෙනම සාකච්ඡා කළ යුතු වූ කරුණකි. ස්‌ත්‍රිය සූරා කෑමට පරිබාහිරව ඇයට සිදුවන, අයුතු අසාධාරණකම්, අතවර ආදිය උධෘතකොට දක්‌වා එබඳු දේට ලැබෙන මූල්‍යමය ආධාර හෝ වෙනත් ප්‍රතිලාභ ඇගේ අතට නොයා අදෘශ්‍යමාන හස්‌තවලින් අතුරුදන්වීමට ඉඩ ඇති අවස්‌ථා බොහෝ ය. යම් යම් සිදු වීම් පිටුපස සිටින විවිධ පුද්ගලයන් හා කණ්‌ඩායම්වල බලලෝභී, දැඩි ආත්මාර්ථකාමීවූ ගති ලක්‍ෂණ නිසා වැඩිපුරම පීඩා විඳීමට සිදු වී ඇත්තේද ශ්‍රමවෙළඳ පොළ තුළ අන්ත අසරණ වන මෙරට වැඩ කරන ස්‌ත්‍රීයටය. වෙනත් අය සියලු වරප්‍රසාද, හිමිකම් සියල්ල තනිව භුක්‌ති විඳිද්දී ඇයට සිදු වී ඇත්තේ ස්‌ත්‍රිත්වයට එරෙහිව නැඟෙන මේ සියලු පාපකාරී සිදුවීම්, අවලාද දුක්‌ සෝසුසුම් කඳුළු පිරුණු දෑසින් නිහඬ මුවින් යුතුව උපේක්‌ෂකව තනිව විඳදරා ගනිමින් මුළුලොවට හොරා යටිසිතින් හඬා වැටීමටය. දුගී දුප්පත්කම මැද වුවද ස්‌ත්‍රියකට ඇගේ පිවිතුරු බව උතුම්ය. බොහෝ විට සිදු වනුයේ ඇගේ ගත ලේ, කඳුළු දහදිය පමණක්‌ ශ්‍රමය ලෙස පූජා කිරීමට නොවේ. ඇය දිවිහිමියෙන් පණනල මෙන් රැක ගත් පවිත්‍ර බවද ඒ සියල්ල සමග කැපකිරීමටද අනේකවිධ අවස්‌ථාවලදී බලහත්කාරයෙන් ඇය යොමු කරවා ගනු ලැබේ.

රැකියාව, ජීවන මාර්ගය රැක ගැනීමට ස්‌ත්‍රියකට ඇතැම් අවස්‌ථාවලදී ඇයගේ පවිත්‍ර බව බිලි ගැනීමට මාන බලන්නා වූ බියකරු රුදු මෘග රකුසන්ට අවනත වීමට සිදු විය හැක. එබඳු අවස්‌ථාවලදී ඇගේ ගත වැකි ලේ දහදිය, කඳුළු පමණක්‌ නොව ආත්මය පවා සූරා කෑමට ඉඩ ලබා දී නිසලව අඩපණ වීමට සිදුව ඇත්තේ සමාජ ක්‍රමය එබඳු දේවලට ඇයට එරෙහි වීමට පවා අවස්‌ථාව අහිමි කර ඇති හෙයිනි. ඇතැම් විට නීතිය, සාධාරණත්වය පවා ධනය, බලය, සමාජ තත්ත්වය ඇති අය ඉදිරියේදී වාසි පැත්තට පක්‍ෂපාතී වන අවස්‌ථාවන්ද එළැඹේ. වරක්‌ පිරිමියකු ඉදිරියේ අසරණව ආත්මය බිලිදුන් යුවතියකට යළිදු සිය දහස්‌ වරක්‌ සමාජ ඉදිරියේ ආත්මය පාවාදීමට කටයුතු සලස්‌වන තැනට මේ සමාජ ක්‍රමය සකස්‌ව ඇත. මේ නිසා තමාට සිදු වූ කවර නම් ප්‍රබල අසාධාරණය, අයුක්‌තිය, අතවරය ඉදිරියේ වුවද මුනිවත රැකීමට අද යුවතියෝ පෙළඹී සිටිති. එබඳු අවස්‌ථාවකට පත්වන වෙනත් යුවතියකට එවැනි ක්‍රියා කලාප බාධාකාරී වන බව සත්‍යයකි. නමුදු ඇයට වෙන කළ හැකි අන් යමක්‌ද මේ සමාජ ක්‍රමය තුළ වෙත ඉතිරිව නැත. මේ දැඩිව පුරුෂාධිපත්‍යය රජ කරන සමාජ ක්‍රමයකි. මේ සමාජ ක්‍රමය තහවුරු කිරීමට මිස, සාධාරණත්වය ලබාදීමට සමාජ ආකල්ප සකස්‌ කරන අයද මේ සමාජයේ දක්‌නට නැත. ස්‌ත්‍රීන් ගැන බහුලව සාකච්ඡා කරන අයද එසේ කරනුයේ රාජ්‍ය නොවන සංවිධාන හරහා ලැබෙන යූරෝ, ඩොලර් මලුවලට කෑදරකම නිසා මිස අවංක වුවමනාව නිසා නොවේ. එනිසා එබඳු අයගෙන් පිහිට පැතීම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීමේ ව්‍යර්ථ වෑයම හා සමාන වනු ඇත. බොහෝ අය අද සිරිතක්‌ වශයෙන් කරනුයේ ස්‌ත්‍රියගේ සමාජ සුරක්‍ෂිත බව පිළිබඳ සාකච්ඡා කිරීමයි. ඒ ක්‍රියාදාමයේ අවංකත්වය පිළිබඳ බොහෝ ගැටලු ඇත. මන්ද ස්‌ත්‍රියකට මුහුණ පෑමට සිදුවන විවිධ අසීරුතා, අතවර පිළිබඳ සංවේදී බවත් මෙබඳු අය තුළ සැබවින්ම පවතින්නේ දැයි යන්නයි. සීත කාමරවල වෙසෙමින්, වායු සමනය කළ රථ වාහනවල ගමන් බිමන් යමින්, ශාරීරික කෘත්‍ය සඳහා වැසිකිළි, කැසිකිළි පරිහරණය කරන්නාක්‌ මෙන් නිරතුරු විදේශ සංචාරය කරමින්, සුවපහසු දේශන ශාලාවල දේශන පවත්වමින් ඒ සඳහා වෙන්ව ඇති ප්‍රතිපාදන ගිල දමමින් අධි සුඛෝපභෝගී ජීවිත ගත කරන සමහරු සිය ව්‍යාජ ක්‍රියා කලාපය තුළින් පිටතට පෙන්වන්නේ සැබෑවක්‌ නොවන බව වටහා ගත යුතුය.

විදේශ ශ්‍රමය ම්ලේච්ඡ දඬුවම් හා මානසික අවශ්‍යතා

විදේශගතව මව්බිම වෙනුවෙන් ලේ දහදිය කඳුළු වගුරුවා ශ්‍රමය කැප කරන අසරණ ස්‌ත්‍රීන් වෙනුවෙන් දක්‌වන්නා වූ සැලකිල්ල ඔවුන් මෙරටට ලබා දෙන විදේශ විනිමය කෙරෙහි යොමු කරන අවධානයට වඩා ඉතාම අඩුය. විදේශයන්හිදී විවිධ කරදර, අතවර, අපයෝජනයන්ට ලක්‌වීම සාමාන්‍යකරණය වීම මෙරට ස්‌ත්‍රීත්වයට කරනු ලැබූ විශාල අවමානයකි.

ඇතැම් ස්‌ත්‍රීන් විදේශයන්හිදී ඇය අතින් සිදුවන සුළු අත්වැරැදීමකදී පවා සිය ජීවිතයෙන් ඒ සඳහා වන්දි ගෙවීමට පවා සිදුව තිබීම කෙරෙහි තවමත් බලධාරීන්ගේ නිසි අවධානය යොමු නොවීම අවාසනාවන්ත තත්ත්වයකි. මුළු ලොවම මානව හිමිකම් පිළිබඳ දැඩි අවධානය යොමු කරද්දී, නීතිරීති ව්‍යවස්‌ථා පැනවීමේදී මිනිස්‌ ජීවිතයේ අගය රැකීමට කටයුතු කරද්දී ඒ කිසිත් නොසලකා තවමත් ඇතැම් රටවල් ම්ලේච්ඡ නීතිරීති මතම පිහිටා කටයුතු කිරීම විශේෂයෙන් විදේශගත ස්‌ත්‍රීන්ට හානිකර වී තිබේ.

ඉතා අසීරුවෙන් රැකීරක්‍ෂාවක්‌ සොයාගෙන ගත වැකි දහදිය, ලේ කඳුළු කැපකර ශ්‍රමය ලෙස පුදා ඉන් උපයන සොච්චම් මුදලින් දහසකුත් එකක්‌ යුතුකම්, වගකීම් ඉටු කොට අරපරිස්‌සමින් එකතු කරගන්නා මූල්‍ය සරිය විවාහ ජීවිතයට ඇතුළත්ව තම අසරණ දෙමව්පියන්ගේ සෙසු බලාපොරොත්තු ඉටු කිරීමට ඇය වෙහෙසවන්නීය. මේ සඳහා ඇතැම් විට කෙතරම් වෙහෙස වුවද ඒ බලාපොරොත්තු සියල්ලම ඇයට ඉටු කරගත නොහැකි වීමට ඉඩ තිබේ. මන්ද සමාජ ක්‍රමය නිසා මෙරට ස්‌ත්‍රිත්වය පත්ව ඇති ඉතා අවාසනාවන්ත ඉරණම යුගයේ අභියෝගයට පාත්‍රව ඇති දැඩිම ෙ€දවාචකය බව පෙන්වා දිය හැක. මේ මහත් බලාපොරොත්තු රැස ඉටු කර ගැනීමට වෙහෙසගන්නා අතර වාරයේදී ඇය අනන්ත අප්‍රමාණ රැවටීම්වලට ලක්‌ විය හැක. කෙතරම් උසස්‌ සමාජ මට්‌ටමක වැජඹුණද ස්‌ත්‍රිත්වය අසරණ වන අවස්‌ථා පහසුවෙන් එළැඹිය හැකි බව අමතක නොකළ යුතුය. ඉතා දිළිඳු අන්ත අසරණ ස්‌ත්‍රීන්ට සේම කිසිදු අගහිඟයක්‌ නැතිසේ පිටතට පෙනෙන ඉසුරුමත් වූ ජීවිත ගත කරන ස්‌ත්‍රීන්ට ද කිසියම් කෙනකුගේ ආදරයක්‌, රැකවරණයක්‌, ආරක්‍ෂාවක්‌ කායිකව නැතත් මානසිකව හෝ අවශ්‍යමය. එය ස්‌ත්‍රිය පිරිමියාට වඩා කායිකව දුබලය යන මතය තහවුරු කිරීම පිණිස ඉදිරිපත් කරන අදහසක්‌ නොවන බව පළමුවෙන්ම පැවසිය යුතුය. කෙතරම් ශක්‌තිමත් පිරිමියකුට වුවද මුදල්, බලය, සමාජ තත්ත්වය මගින් පමණක්‌ සපුරාගත නොහැකි ආදරය, පිළිගැනීම, සෙනෙහස වැනි සංවේදී මානසික අවශ්‍යතා ඇති වේ. ස්‌ත්‍රියකට ද ඒ තත්ත්වය එසේම පොදුය. හුදෙක්‌ තමාගේ ප්‍රතිවිරුද්ධ ලිංගිකයකු වෙතින් ලැබෙන ආදරය, සෙනෙහස, පිළිගැනීම වැනි මානසික අවශ්‍යතා සියලු දෙනා විෂයෙහි පොදුය. ස්‌ත්‍රීහු මාතෘත්වය දැරීමට සුදුසු මානසික පසුබිමක්‌ උපතින් ජීව විද්‍යාත්මකව උරුමකර ගෙන පැමිණෙන්නෝය. එබැවින් ඇයගේ මානසික පසුබිම පිරිමියකුට වඩා මෘදුබවට, ආදරයට, සෙනෙහසට සංවේදීය. එනිසා කෙතරම් මුදල්, බලය, සමාජ තත්ත්වය තිබුණද ඒ සියලු දේ සතු වූ ස්‌ත්‍රීන් හට ඒ කිසිවක්‌ නොමැති ස්‌ත්‍රියකට වඩා මානසික පසුබිම තුළ ඇයට නිසර්ගයෙන් හිමිවිය යුතු පිළිගැනීම, සෙනෙහස දැඩිව අවශ්‍ය විය හැකි අවස්‌ථාද ඇතැම්විටදී ඇති වේ.


ආචීර්ණ කල්පිත බමුණු මතවාද හා සාවද්‍ය සමාජ ඇගයුම්

බොහෝ විට ස්‌ත්‍රීන් නොමඟට යොමු වනවා යෑයි ඇය දෙස වැරැදි ඇසකින් බැලීමට හේතුව ස්‌ත්‍රියකගේ මෙබඳු වූ කායික, මානසික අවශ්‍යතා මානව සමාජය විසින් නිසියාකාරව හඳුනා නොගැනීමයි. විවාහක, අවිවාහක බව නීතිමය රාමුව තුළ රැඳී ඇති දෙයකි. ඊට හුදෙක්‌ විවාහ දිවියේ ගැබ්ව පවතින සාමාන්‍ය ජීවවිද්‍යාත්මක කායික අවශ්‍යතාවලට අමතරව ආදරය, සෙනෙහස, රැකවරණය, පිළිගැනීම වැනි මානසික අවශ්‍යතාද එක්‌වීම අවශ්‍යමය. එසේ නොමැති අවස්‌ථාවලදී ඒ කරුණු ලැබෙන වෙනත් පාර්ශ්ව වෙත සිත නතුවීම හුදෙක්‌ ස්‌ත්‍රියගේ වගකීම් රහිත ක්‍රියා කලාපය යෑයි ලඝූකර දක්‌වමින් සමාජය ඉදිරියේ ඇයව අවතක්‌සේරු කිරීමට එය හේතුවක්‌ කර නොගත යුතුය. එය ස්‌ත්‍රියකටම පමණක්‌ අනන්‍ය වූ දෙයක්‌ නොවේ. පිරිමියකු වුවද එබඳු අවස්‌ථා සඳහා යොමු විය හැක. පිරිමියකු එබඳු අවස්‌ථා සඳහා යොමු වීම පිsරිමිකමට නිසි සමාජ ඇගයුමක්‌ ලෙස සලකන සමාජයකදී ස්‌ත්‍රියකට ඒ සඳහා හිsමි සමාජ අවමානය වඩාත් තහවුරු වී තිබේ. ස්‌ත්‍රී බව තුළ නිබඳව චපලත්වය දකින බමුණු සමාජය මේ වන විට බිඳ වැටී ඇතත්, එදා තිබූ බමුණු ආකල්පවලින් මනස ඔද්දල් කරගත් අය දියුණු යෑයි පවසන මේ නූතන සමාජයේදී පවා බහුලව දැකිය හැක. අද සිටින්නේද පූන නූල නොපළඳින බමුණන්ය. ස්‌ත්‍රී, පුරුෂ ලිsංගික අනන්‍යතාව ජීව විද්‍යාත්මකව සත්‍යයකි. එසේ වුවද සමාජ වරප්‍රසාද භුක්‌ති විඳීමේදී එය ස්‌ත්‍රියට එරෙහිව අවියක්‌ කර නොගැනීම වඩා වැදගත්ය. එකම සමාජ මට්‌ටමේ වෙසෙන, එකම සමාජයීය වරප්‍රසාද හිමිව ඇති ස්‌ත්‍රී, පුරුෂ දෙපක්‍ෂයට ඒවා රිසිසේ භුක්‌ති විඳීමට සමාජය සමාන පසුබිමක්‌ සකසා නැති බව කනගාටුවෙන් වුවද පැවසිය යුතුය. මේ සමාජ පසුබිම ස්‌ත්‍රියකගේ සමාජ මට්‌ටම පිළිගෙන ඇත්තේ හුදෙක්‌ මතුපිට ස්‌ථරය තුළ බාහිරව පමණක්‌ පෙනුමට බව ඉන් හෙළි වේ. එයද පිරිමින්ගේ සමාජ සාධාරණත්වය පිළිබඳ තහවුරු කිරීමට ඇති එක්‌තරා සමාජ ලකුණක්‌ වශයෙන් පමණකි.

පිරිමීහු මතුපිටින් කිසිදු වෙනසක්‌ නොපෙන්වුවද යටිසිතින් තමාගේ සමාජ මට්‌ටමට සැසඳෙන පරිදි ස්‌ත්‍රීන්ගේ සමාජ මට්‌ටම උසස්‌ වනු නොරිසි වෙති. තමාගේ සමාජ මට්‌ටමට වඩා අඩු සමාජ මට්‌ටමක්‌ ඇති ස්‌ත්‍රීන්ට අනුකම්පාවක්‌ දැක්‌වීමට පෙළඹුණද, ඉන් ඉහළ සමාජය වෙත අතික්‍රමණය වීම ඔවුහු නොඉවසති. මේ හේතුව නිසා උසස්‌ සමාජ මට්‌ටම්වල වෙසෙන ස්‌ත්‍රීන්ට තමන්ට සැසඳෙන සමාජ මට්‌ටම්වල පසුවන පිරිමින්ගෙන් ලැබිය යුතු සහාය, පිළිගැනීම, සෙනෙහස ආදී මානසික අවශ්‍යතා බලාපොරොත්තු වූ පරිදි නොලැබිය හැක. ඇතැම් විට සිය විවාහ සහකරුද එබඳු සමාජ මට්‌ටම්වල පසුවන පුරුෂ පක්‍ෂයට අයත් විය හැක. එබඳු අවස්‌ථාවලදී ස්‌ත්‍රීන් පත්වන බලවත් අපහසුතාව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. එබඳු පිරිමි ස්‌ත්‍රියක යනු කායික, මානසික අවශ්‍යතා ඇති සාමාන්‍ය මනුෂ්‍යයකු බව පවා අමතක කර දමනුයේ කිසි යුතුකමක්‌ හෝ වගකීමක්‌ ඇති විලස නොවේ. මනුෂ්‍යයකු වූ ස්‌ත්‍රියකටද කායික, මානසික අවශ්‍යතා පොදුය. යම්තැනක්‌ තමා අපේක්‍ෂා කළ කායික, මානසික තෘප්තිය නොමැති වූ විට එය ලැබෙන අන් තැනකින් එය සපුරා ගැනීමට යුහුසුළුවීම පුදුමයක්‌ද නොවේ. ඇතැම් අවස්‌ථාවලදී නොඉල්ලාම වුවද එබඳු දේ ලැබිය හැකි අවස්‌ථා උදාවිය හැක. එය නීති ප්‍රතිපාදන වලින් පරිබාහිර වූවක්‌ද විය හැක. නීතිය පවා සකස්‌ව ඇත්තේ මනුෂ්‍යයාගේ සුවපහසුව එමගින් සැලසෙන බැවිනි. එයින් අපේක්‍ෂා කළ දේ නොලැබෙන විට ලැබෙන තැනකින් ලබා ගැනීමට පෙළඹීම මනුෂ්‍යත්වයේ පොදු දුබලතාවක්‌ මිසක ස්‌ත්‍රිත්වයටම පමණක්‌ ආවේණික සහජ දුබලතාවක්‌ ලෙස සැලකීම වැරැදිය. ඇතැම් අවස්‌ථාවලදී තමාට වඩා පහළ සමාජ මට්‌ටමක සිටින පිරිමියකුගෙන් වුවද යම්කිසි ස්‌ත්‍රියකට අවශ්‍ය කායික, මානසික අවශ්‍යතා සම්පූර්ණවීම සිදුවිය හැක. ඒ සියලු දේ හුදෙක්‌ ස්‌ත්‍රියකගේ කාමුක බව නිසා හෝ චපලබව නිසා සිදුවන වැරැදි ලෙස හුවා දැක්‌වීම ඇයට සිදු කරන දැඩි අසාධාරණයක්‌ ලෙස සැලකිය හැක. මන්ද කුමන අවස්‌ථාවකදීවත් සමාජය පිරිමියා දෙස වැරැදි ඇසකින් නොබලා එකී සියලු වැරැදි ස්‌ත්‍රිත්වය මතට පමණක්‌ ආරෝපණය කිරීමට සැදී පැහැදී සිටින බැවිනි. නමුදු සිහිතබා ගත යුතු වැදගත්ම කරුණ නම් තනි අතකින් පමණක්‌ අත්පොළසන් දිය නොහැකි බවයි. එනිසා සැමවිට ස්‌ත්‍රීන්ටම දොස්‌ නැඟêම ඉතා වැරැදිය.


"මාර්ග නීති කඩකළ රියදුරු පොලිස් පොත් උදුරා විසි කර දමයි"- රිවිර "බොරුව"


ඉහත සදහන් වන්නේ 2011.12.11 දින රිවිර පුවත්පතේ පලවූ වියාජ පුවතේ සිරස්තලයයි. ඇත්තටම මොකද වුනේ?

ඔහු නමින් රන්මිණි චමිල කසුන් දර්මවික්‍රමය. වයස අවුරුදු 29 ක් වන අවිවාහක තරුණයෙකි. අම්බලන්ගොඩ පදිංචිව සිටි. ගාල්ල කොලබ දාවනය වන එන් ඩි 4282 හි රියදුරු ලෙස වසර දෙකකට වැඩි කාලයක සිට සේවය කරයි.

සිද්දිය වන්නේ 2011.12.07 දින උදේ 07 ට 08 ට කහව ගොඩගම ප්‍රදේශයේදී මිටියාගොඩ පොලිසියේ රථවාහන අංශයේ පොලිස් නිලදාරීන් රන්මිණි පැදවූ බසය නැවැත්වීමත් සමගයි.

පොලිසිය රන්මිනිගෙන් ප්‍රශ්න කල අතර රන්මිණි පෙරලා පොලිසියට පිලිතුරුදිමත් පොලිසියෙන් ප්‍රශ්න ඇසීමත් සිදු විය. පසුව පොලිසිය රන්මිනිට කුණුහරුපෙන් බනින ලදී.

පොලිසිය මෙසේ කුණුහරුපෙන් බනිමින් රන්මිනිගේ ෂට් කොලරයෙන් අල්ලා ගෙන පාරේ එහාට මෙහාට ගෙන ගොස් ඇති අතර ඔහුගේ කනට පහරක් ගසා ඇත. එවිට බසයේ සිටි මගින්ද 30 ක් පමණ බැසවිත් මිනිස්සුන්ට ඔහොම ගහන්න අයිතියක් නැති බව පවසා තිබේ.

රන්මිණි 2011.12.12 දින මෙම පොලිස් නීතිවිරෝදී ක්‍රියාව ගැන මානව හිමිකම් කොමිසන් සබාවට, පොලිස්පතිට, දකුණ දිසා බාර නියෝජ්‍ය පොලිස්පතිට සහ ගාල්ල ජෙෂ්ට පොලිස් අදිකාරිට ලිකිතව පැමිණිලි කරන ලදී.

හර්ෂි සි. පෙරේරා