හර්ෂි සි. පෙරේරා
රාජපක්ෂ ආණ්ඩුව සාමාන්‍ය ජනයාගේ පටි තද කරමින් සිටි. සාමාන්‍ය ජනයාට නොමිලේ සහ අඩු මුදලකට කර ගත හැකිව තිබු නයිතික කටයුතු සදහා විශාල මුදලක් නියම කර ඇත. මේ නිසා ඔවුන් අදයිරය කරමින් තිබේ. අදාල ක්ෂේත්‍ර වල වුර්තිකයින්ට මෙන්ම කාර්ය මණ්ඩල වලටද මෙය අහිතකර ලෙස බලපායි. තවද ජනයා නීතියේ පිළිසරණ නොසයා වෙනත් ක්‍රමවේදයන්ට මාරු වනු දැකගත හැකි වනු ඇත. එනම් නීතියේ බලයට හිමි තැන මැර බලයට හෝ තුවක්කුවේ බලයට හිමි වන කාලය ලගදීම උදාවනු ඇත.
"මෙතෙක් කලක් නොමිලේ ඔප්පුවක් ලියාපදිංචි කිරීමට අවශාව තිබූ නමුත් පසුගියදා සිට ඒ සඳහා රු. 100/-ක් අය කෙරේ. ඉඩමක් සම්බන්ධයෙන් ගැටලුවක් මතුවූ විට කේවියට් තහනම් නියෝගයක් වසර දෙකක් බලපාන ලෙස නිකුත් කිරීමට මෙතෙක් කලක් අය කල රු. 12.50 වෙනුවට රු. 2,500ක් මෙතැන් පටන් අය කෙරේ. ඇටෝනි බලය පැවරීම සඳහා මෙතෙක් කලක් අය කල රු. 3.75 වෙනුවට රු. 1,500ක් අය කෙරේ. ඔප්පුවක පිටපතක් ලබාගැනීම සඳහා මෙතෙක් අය කළ රු. 102.50 ක මුදල රු. 500 දක්වා වැඩි කර තිබේ."