තීරණාත්මක මොහතක ජගත් මානව හිමිකම් කමිටුවේ පැමිණීම.


හර්ෂි සි. පෙරේරා

ශ්‍රී ලාංකීය සමාජය මෙය ගෝත්‍රික සමාජය ලෙස හැදින්වුවාට වරදක් නැත. මක්නිසාද ශිෂ්ට රටක පවත්නා ගුණාත්මක සාදකයන් එහි අගාදයට ගොස් ඇති බැවිනි. එනම් ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, යහ පාලනය, නීතියේ අදිපත්‍ය, සංහිදියාව වේ. ඒ වෙනුවට අපරාද, වංචාව, දුෂණය, මර්දනය, පවුල් පාලනය, සුළු ජාතීන්ගේ ඉඩම් කොල්ලය, මිලිටරිකරණය ඉහවහා ගොස් ඇත. මෙවන් පසුබිමක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ නියෝජිතයින්ට ලංකාවට පැමිණීමට ඉඩදීම ගුණාත්මක ප්‍රවණතාවයකි. උතුරේ ඉඩම් හමුදාව විසින් අල්ලා ගැනීම ගැන රාජපක්ෂ රජයට බරපතල චෝදනා එල්ල වෙමින් තිබේ. උතුරු නැගෙනහිර දෙමල ජනයා තම මියගිය ඥාතීන් වල දැමීමට පවා ආණ්ඩුවෙන් අවසර ගතයුතුව ඇති බවට මැසිවිලි නගති. සියල්ල පිළිබද ජාත්‍යන්තරේ ඇති අදුරු සිත්තම මකා දැමීමට නම් මානව හිමිකම් කමිටුවේ නිලදාරීන්ට ලංකාවට ඒමට ඉඩ දියයුතු අතර ඔවුන්ට ශ්‍රී ලංකාව සෑම තැනකටම යාමට ඒමට සහ සෑම ජන කණ්ඩායමක් හමුවීමටත් අවශ්‍ය ප්‍රවේශය සලසා දීම අනිවාර්ය වේ.