දේව යාඥාවෙන් පසු පොලිසියට, දැන් බොරු නඩුවකට?



හර්ෂි සි. පෙරේරා

කාන්තාවන්ට පමණක් නොව ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව වයස් බේදයකින් තොරව වදහිංසා පැමිණවීම බොරු නඩු දැමීම බියගුලුකමකි. අපරාදයකි. එය රාජ්‍ය ආයතනයකින් සිදු කරනු ලබන විට එහි බරපතලකම තවත් වැඩි වේ. එය රාජ්ජයේ ආණ්ඩුවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනය විසින් සිදු කරනු ලබන විට එම ආණ්ඩුව පිළිබදවද ඉස්මතු වන්නේ බරපතල සැකයකි. එනම් එම ආණ්ඩුවේ මානව හිමිකම් සුරැකීම බරපතල ලෙස සැකයට පාත්‍ර වේ. මේ දකුණේ මානව හිමිකම් කඩවිමකි. නමුත් ජාත්‍යන්තර අවදානයට ලක් වන්නේ බොහෝවිට උතුරේ සහ නැගෙනහිර මානව හිමිකම් කඩවිම්ය. පොලිසිය පොලිසියයි. එය උතුරටද දකුණටද නැගෙනහිරටද බටහිරටද එකමය. 

ජී.මාලනී ප‍්‍රනාන්දු

442 සී,
ලයිසන්¥ව වත්ත,
ගල්පොත්ත පාර,
කිරිබේරිය.
2014.02.10

01. සභාපති,

මානව හිමිකම් කොමිෂන් සභාව,
165, කිංසි පාර,
කොළඹ 08.

02. පොලිස්පති,

පොලිස් මූලස්ථානය,
කොළඹ.

අත්අඩංගුවට ගෙන, ව්‍යාජ චෝදනා මත නඩු පැවරීම
ටිකිරි හැන්නැදිගේ ඉෂාර චතුරංග, අවු: 20යි – මාගේ පුතා වේ.
2014.02.09 දින, සවස 2.30 පමණ, මාලමුල්ල ක‍්‍රිස්තියානි පල්ලියට පැමිණ, පිටව යන අවස්ථාවේදී, පානදුර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන, රඳවා තබාගෙන සිටී.
අත්අඩංගුවට ගැනීමෙන් පසුව, මාගේ පුතාට පහරවල් කිහිපයක් ගැසූ බව පුතා පවසා සිටියා.
අද දින පෙරවරුවේ මා පුතාව බැලීමට ගිය අවස්ථාවේ පුතා පවසා සිටියා ගංජා වලට නඩු දැමීමට සූදානම් වන බව.
මාගේ පුතාට මෙසේ හිරිහැර කිරීමට හේතුව වනුයේ – මීට පෙර, 2013 වසරේ අගෝස්තු මස දිනකදී, මාගේ පුතාව අත්අඩංගුවට ගෙන, මත් කුඩු සම්බන්ධ ව්‍යාජ නඩුවක් පැවරූ අතර, මාගේ පුතා ඊට ”නිවැරදිකරු ” බව ප‍්‍රකාශ කිරිම නිසා පොලිස් නිලධාරීන් ඔහු සමග අමනාපයෙන් පසුවේ.
ඉන් අනතුරුවද, මාගේ පුතාව නිකරුනේ අත්අඩංගුවට ගෙන සිටියදී, පොලිස් නිලධාරියකු විසින් මාගේ පුතාට පොලිසියෙන් පිටව යන ලෙස පැවසීම නිසා, ඔහු පොලිසියෙන් පිටව ගොස් තිබුනා.
මෙවර අත්අඩංගුවට ගැනීමේදී පහර දෙන විට – මාගේ පුතා පොලිසියෙන් පැන ගිය බවට ද චෝදනා කරමින් පහර දී ඇත.
මා ඉල්ලා සිටින්නේ,
1. පල්ලියට ගොස් නිවස බලා එමින් සිටි මාගේ පුතාව, නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන, ව්‍යාජ නඩු පැවරීමට ගන්නා උත්සාහය වලක්වාලන ලෙසත්,
2. මාගේ පුතාව නිකරුනේ අත්අඩංගුවට ගෙන, හිරිහැර කර, ව්‍යාජ නඩු පැවරීමට උත්සාහ ගන්නා- පානදුර දකුණ පොලිසියේ අදාළ නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා ලෙසටත්ය.
ජී.මාලනී ප‍්‍රනාන්දු