"වෛද්‍යවරු පරීක්ෂා කර බලා x ray ගෙන, පුතාගේ නහය කැඞී ඇති බව පැවසුවා" - නසිම්ගේ පියා


01. සභාපති,
මානව හිමිකම් කොමිෂන් සභාව,
108, බාන්ස් පෙදෙස,
කොළඹ 07.

02. ලේකම්,
මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශය,
මහනුවර.

03. අධ්‍යක්ෂ,
පළාත් අධ්‍යාපන කාර්යාලය,
මාතලේ.

04. ස්ථානාධිපති,
පොලිස් ළමා හා කාන්තා කාර්යංශය,
25, වයිස් වේට් ගොඩනැගිල්ල,
ශ‍්‍රීමත් බාරෝන් ජයතිලක මාවත,
කොළඹ 01.

05. සභාපති,
ළමා ආරක්ෂක අධිකාරිය,
330, තලවතුගොඩ පාර,
මාදිවෙල.

ලිඛිත පැමිණිල්ල

අබ්දුල් කරීම් මොහොමඞ් නසීර්, අවු: 35යි, විවාහක, දරුවන් 02යි, රැකියාව: කම්කරු

ලිපිනය: 144/18/25 , පයිරොස් වත්ත, තවලන් කොයියා, උකුවෙල.

2011.07.20 දිනදීය.

මොහොමඞ් නසීම්, වුරුදු 12යි, ඇල්වල මහා විද්‍යාලය - මාතලේ (7 වසර) - මාගේ පුතා වේ.

2011.07.11 දින පුතා වෙනදා මෙන් පාසල් ගොස් නිවසට පැමිණීයා. පුතාට මා කීවා කෑම කාලා පල්ලියට යන්න ලැහැස්ති වෙන්න කියා. එවිට පුතා ඇවිත් මට කිව්වා තාත්තේ මට ප‍්‍රින්සිපල් ගැහුවා කියා. මම ඇහුවා ඔයා මොකක්ද කරපු වරද, නැත්තම් ඔයා කොහේහරි වැටුනාද කියා. පුතා කිව්වා නෑ තාත්තේ මට ලොකු සර් පොල්ලකින් මුහුණට ගැහුවා කියා. මම දැක්කා පුතාගේ මුහුණ ඉදිමිලා තියෙනවා. කමිසයේ ලේ පැල්ලම් තිබුණා.

පසුව මට පුතා පවසා සිටියා ”පංතියේ විවේක කාලෙන් පස්සේ පංතියේ ළමයි කුණ ඇහුලූවා. එහෙම ඉන්නකොට පි‍්‍රන්සිපල් පොල්ලක් අරගෙන ඇවිල්ලා එළියේ නේද සුද්ද කරන්න කිව්වේ කියා ළමයින්ට ගැහුවා, මම එ් පැත්ත බලනකොට එ් පොල්ලෙන් මගේ මූණට ගැහුවා. එ් පාරට මට සිහි නැතිවුණා. මට සිහිය එනකොට ඉංග‍්‍රීසි උගන්වන දර්ශි මැඩම් මගේ ලඟ හිටියා, ළමයි වටවෙලා හිටියා, දර්ශි මැඩම් මගේ මූණට අයිස් තියලා පුටුවක වාඩිකරලා තිබ්බා. ඉස්කෝලේ අරිනකම්ම කවුරුවත් බලන්න ආවේ නැහැ” කියා.

එ් වෙලාවේම මම පුතාව එක්කගෙන බස් එකෙන් මාතලේ පොලිසියට ගියා. මාගේ පුතාට ප‍්‍රින්සිපල් සර් පහරදුන් බවට පැමිණිල්ලක් දැම්මා. පැමිණීලි අංකය උක්‍ෂඊ 2 238රැු132 වේ. පසුව එම පැමිනිල්ල ලියූ පොලිස් කාන්තාව පුතාව රෝහල් ගත කරන්න කියා පෝරමයක් දුන්නා. එදින දහවල් මට පොලිසියට එන්න කිව්වා. මා පුතාව මාතලේ මහා රෝහලට ගෙන ගියා. එහි 19 වන වාට්ටුවේ පුතාව නතර කළා. වෛද්‍යවරු පරීක්ෂා කර බලා එක් රේ ගෙන, පුතාගේ නහය කැඞී ඇති බව පවසා තිබුනා. ප‍්‍රතිකාර ද කර තිබුනා. ශෛල්‍ය කර්මයක් කිරීමට අවශ්‍ය බව පැවසුවා. අධිකරණ වෛද්‍යවරයාද පරීක්ෂා කර බලා තිබුනා. නමුත් මට දවල් පොලිසියට යන්න ලැබුණේ නැහැ. මා නැවත සවස 4.00 පමණ පොලිසියට ගියා. එ් වෙලාවේ මාතලේ පොලිසියේ නිලධාරින් මට කිව්වා ගොඩගෙදර නැමැති විදුහල්පතිවරයා අත්ඩංගුවට ගත්තා කියා. එ් වෙලාවේ විදුහල්පතිවරයා හා පාසලේ උගන්වනු ලබන හාමදුරුනමකුත් තවත් ගුරුවරයෙකුත් පොලිසියේ හිටියා. එ් අය මාව දැක්කේ නැහැ. පසුව මා ගෙදර ගියා.

2011.07.12 වන දින පාන්දර මාගේ නිවසට පැමිණී අයෙකු නසීර් කියා කතාකරනවා ඇහුනා. එ් වෙලාවේ මා ෙදාර ඇර බලන විට අප ප‍්‍රදේශයේ ජයම්පති ඇටිපොල නැමැති මංත‍්‍රීවරයා හා පාසලේ උගන්වනු ලබන හාමුදුරුවොත් හිටියා. ඔවුන් කිව්වා මේ වෙනුවෙන් පාසලේ රැස්වීමක් තියෙනවා, අපි එහේ හිටියේ පුතා ගැන කතා කරමු කිව්වා. මම කිව්වා මම උසාවියෙන් බලාගන්නම්, මට දැන් වෙලා නැහැ, පුතාව බලන්න යන්න තියෙනවා කියා. මට එන්න කියා එ් අය ගියා.

පසුව උදේ 8ට විතර, මා පුතාගේ පාසලට ගියා. එසේ ගියේ පුතාගේ මිතුරන් හමුවී පුතාට ප‍්‍රින්සපල් ගහපු බව පොලිස් නිලධාරීන් ඇහුවොත් කියන්න කියා කීමටයි.

ගේට්ටුව ලඟට ගොස් පුතාගේ මිතුරන් දෙතුන් දෙනෙකුට එය කියා නැවත යන්න ගියා. එවිට හාමදුරුවෝ ජයම්පති මංත‍්‍රීවරයාත්, ගුරුවරුන් මට පාසල ඇතුලේ සිට කතා කලා.එවිට මම කිව්වා පුතාට ඔපරේෂන් එකක් තියෙනවා මට අත්සන් කරන්න යන්න ඕනා කියා. එවිට ඔවුන් විනාඩි පහයි තියෙන්නේ මේ ගැන ටිකක් කතාකරලා යන්න, අද ප‍්‍රීන්සිපල්ව උසාවි දානවා කිව්වා.

මම ගියා. මට වාඩිවෙන්න කියා කට්ටියම එතන හිටියා. විදුහල්පති ඇතු`ඵ ගුරුවරුන් හිටියා. මම සේරම විස්තර කිව්වා. එවිට එ් ගුරුවරු, හාමුදුරුවෝ ඇහුවා ඔයාට කීයක් වියදම් වුනාද ? මොනවාද කෙරෙන්න ඕනා, දුරදිග ගෙනියන්න එපා, නසීම්ගේ තාත්තා හොඳයිනේ, නසීම් ආයේ ඉස්කෝලේ එන්නත් ඕනානේ කියා. මම කිව්වා මගේ දරුවාට විවේක කාලෙදී මෙයා ගහලා තියෙන්නේ, එ් වෙලාවේ කවුරුත් බලලත් නැහැ, බෙහෙතක්වත්් කරලත් නැහැ කියා. එ් වෙලාවේ ගුරුවරු කිව්වා, වැරැුද්දක් තමයි, අපි සමාව ගන්නම් මෙතනින් ඉවරකරගමු , ඔයා පොඩි අත්සනක් විතරයි තියන්න ඕනේ. ඕන උදව්වක් කරන්නම් කිව්වා. මම එ්කට කැමතිවුනේ නැහැ. පසුව මාව වෑන් එකකින් රෝහලට ගිහින් දාන්න ඇහුවා. මම කිව්වා මම බස් එකේ යන්නම් කියා. නමුත් බලෙන්ම මාව ගුරුවරු තිදෙනෙක් වෑන් රථයකින් රෝහලට ගෙන ගියා. ඔවුන් මාව රෝහලේ ගේට්ටුව ළගින් බස්සලා කිව්වා ඔයා ටක්ගාලා පුතාගේ ඔපරේෂන් එකට අත්සන් කරලා එන්න, අපි පොලිසියට ගිහින් අත්සන් කරලා මේක ඉවරයක් කරමු කිව්වා.

පසුව මා පුතාගේ වාට්ටුවට ගොස් පුතාව බැලවා. හෙදියන් කිව්වා වෛද්‍යවරයා ආවේ නැහැ, එනකම් ඉන්න කියා. පසුව මා රෝහල පිටුපස පැත්තෙන් එළියට යන්න ගියා. මම පිටුපස පාරකින් පොලිසියට ගියා.

පොලිසියට ගොස් එහි සිටි උසස් පොලිස් කාන්තාවක් හමුවී මම කිව්වා, මට හරි කරදරයි, ගුරුවරු, හාමුදුරුවෝ, මංත‍්‍රී මගේ පස්සෙන් ඇවිත් සමාදාන වෙන්න කියනවා කියා. එවිට ඇය කිව්වා සාමදාන වෙන්න එපා, ඔයාට කැමතිනම් උසාවියේදී සාමදාන වෙන්න කියා. මම එළියට එනවිට ප‍්‍රීන්සිපල් හා හාමුදුරුවෝ පොලිසියේ සිටියා. හාමුදුරුවෝ නසීර් මල්ලී කියා කතා කලා. මගෙන් ඇහුවා ඔයා සමාදාන වෙන්න උසාවි යනවාද කියා. උසාවියෙන් බේරගමු කියා මම පිටව ගියා.

පසුව මා රෝහලට යන විට, පුතාගේ ශෛල්‍යකර්මයට වෙලාව මදි වී තිබුණා. එ් නිසා 2011.07.22 දිනට එය කල් තැබුවා. පසුව මා පුතාව බලන්න රෝහලට ගියා. පුතාටත් කිව්වා හාමුදුරුවොත්, මංත‍්‍රීත් ආවා කියා.

එදිනම සවස නැවතත්, ඥණවතී නැමැති ගුරුවරියත්, නුවර පොලිසියේ සේවය කරන ඇයගේ ස්වාමිපුරුෂයාත් නිවසට පැමිණියා. ඇවිත් මට කිව්වා නසීම් හොඳට ඉගෙන ගන්න ළමයෙක්, මේක වැඩිපුර ගෙනිියන්න එපා, මෙතනින් සාමදාන වෙන්න, පොලිසියට ගිහින් පොඩි අත්සනක් තමයි තියන්න ඕනා, ප‍්‍රින්සිපල්ට මොනවා හරි වුනොත් ටීචර්ලා සේරම අස්වෙනවා කිව්වා. ඔයාට කීයක් ඕනා ද කියා ඇහුවා. මම කිව්වා කීයක්වත් එපා, මට මගේ ළමයවය වටින්නේ කියා. එවිට එම ගුරුවරිය ඇසුවා සවස 7.00ට විතර ඔවුන්ගේ නිවසට එන්න පුලූවන්ද කියා. මම බේරෙන්න බැරි තැන හා කිව්වා. නමුත් මම ගියේ නැහැ.

2011.07.13 දින උදේ මා රැුකියාව කරන තැනට ඥණවතී නැමැති ගුරුවරියගේ ස්වාමිපුරුෂයා (නුවර පොලිසියේ සේවය කරන) පැමිණීයා. ඔහු ඇසුවා ඇයි ආවේ නැත්තේ, ඔයාට උදේ එන්න තිබුණානේ, ඇයි ආවේ නැත්තේ, අපි ගිහින් මේ ගැන කතාකරලා බලමුද ඇහුවා. මම කිව්වා මම වැඩනේ දැන් එන්න බැහැ, වැඩ ඉවරවෙලා එන්නම් කියා. ඔහු කිව්වා 3.00 ට ඔහු නුවර පොලිසියට රැුකියාවට යනවා ඊට කලින් එන්න කියා. නමුත් මා ගියේ නැහැ.

2011.07.15 දින පුතාගේ ටිකට් කැපුවා. නැවත වෛද්‍යවරයකු හමුවීමට ඇතිි බව කියා තවදින 2ක් පුතාව රෝහලේ තබා ගත්තා.

2011.07.17 දින රෝහලෙන් පිටවුණා. ඇස් කණ් නාසය සම්බන්ධ සායනයට යොමු කලා.

මේ වන තෙක් මාගේ පුතා පාසල් යන්නේ නැහැ.

මා ඉල්ලා සිටින්නේ, මාගේ පුතාගේ අධ්‍යාපන අයිතිය ආරක්ෂා කර දී, නැවත හිරිහැරයකින් තොරව අධ්‍යාපනය ලැබීමට කටයුතු සලසාලන ලෙසත්, මාගේ පුතාට ආරක්ෂාව සලසන ලෙසත්, මාගේ පුතාට අමානුෂික වධහිංසා සිදුකළ මාතලේ - ඇල්වල මහා විද්‍යාලයේ විදුහල්පති ගොඩගෙදර නැමැති අයට එරෙහිව විනයානුකූල පියවර ගන්නා ලෙසත්ය.

ඉහත කරුණු සත්‍ය බව ප‍්‍රකාශ කරමි.

අබ්දුල් කරීම් මොහොමඞ් නසීර්,
Tell a Friend