ඉරාකයේ අග නගරය වන බැග්ඩෑඩයේ මාර්ගයක් අසල විශාල බෝම්බ පිපිරීමක්
සිදුව තිබේ. පොලිස් සහ රෝහල් මුලාශ්‍ර ප්‍රකාශ කරන පරිදි පිපිරීමෙන් අසන්න
වශයන් 56ක් පමණ මියගොස් 100ක් පමණ තුවාල ලබා තිබේ. විදේශ මාධ්‍ය වාර්තා කරන
පරිදි අල් ඛයිඩා සංවිදානය විසින් මෙම පිපිරිම සිදුකරන්නට ඇතිබවත් ඇමරිකානු
ඉරාක අක්‍රමනයේ සහ සදහම් හුසේන් පාලනය බිදදැමිමේ වසර 10 සැමරීමට මෙය සිදු
කරන්නට ඇති බවත්ය.
The Most/Recent Articles
Showing posts with label SamanSandaruwan. Show all posts
Showing posts with label SamanSandaruwan. Show all posts
සිරියාවේ කැරලිකරුවන් රසායනික අවි භාවිතා කරනව. රුසියාව
රුසියාවේ විදේශකටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කරන්නේ සිරියාවේ කැරලිකරුවන් රසායනික අවි යොදාගනිමින් පහරදීම් සිදුකරන බවයි. පසුගිය අගහරුවදා සිරියාවේ 'ඛාන් අල් අස්සාල්' නගරයේ සිදු වූ ප්‍රහාරයකින් 16ක් මිය ගොස් 100ක් පමණ තුවාල ලබා තිබේ. විදේශකටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කරන පරිදි අගහරුවදා ප්‍රහාරය තුලින් ප්‍රදර්ශනය වුයේ පසුගිය වසර දෙක පමණ කාලය තුල සිරියානු කැරලිකරුවන් ලබාගත් වර්දනයේ අතිශය බිහිසුණු අවස්ථාවක් බවයි. එම ගැටුම පිළිබද හමුදාව සහ කැරලිකරුවන් එකිනෙකාට චෝදනා කර ගැනුලබද්දී රුසියාව ප්‍රකාශ කරන්නේ කැරලිකරුවන් නිරායුධ කලයුතු බවයි.
මම ගීත ලිවිමම අත්හැර දාලා තියෙන්නේ. සුනිල් ආරියරත්න
![]() |
| 'කුස පබා' චිත්‍රපටියෙන් |
![]() |
| ජේෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න |
"ඉතිහාසය පෙන්නු පමණින්වත් බෞද්ධ වූ පමණින්වත් චිත්‍රපටි සාර්ථක වෙන්නැහැ"
"මම විශ්වාස කරන්නැහැ රාජ්‍ය මතවාදයට උඩගෙඩිදිම සදහා 'ඉනි අවන්' අශෝක හඳගම හැදුවයි කියන එක"
මහඇදුරු සුනිල් අරියරත්නයන් ලංකික ගීතයේ මෙන්ම චිත්‍රපටයේ ද තමන්ගේ අනන්‍ය බව ප්‍රකට කල නිර්මාණ කරුවෙක් වන අතර මෑත කාලීනව ඔහු අතින් නිමවූ " කුස පබා" චිත්‍රපටිය මෙරට තුල අදායම් වර්තා තැබීමට පවා සමත් වුනි. ලාංකීය චිත්‍රපට ක්‍ෂත්‍රය තුල ඇති නැගිටීම් සහ බිද වැටීම් මෙන්ම නව ප්‍රවණතා පිලිබදවත්, මහඇදුරුතුමන් ගීතයෙන් කල සමාජ මෙහෙවර ගිලිහි යාම පිලිබදවත් ලංකා ගාර්ඩියන් සමග සංවාදයක් සිදු කල අතර මහඇදුරුතුමන් මෙසේ සිය අදහස් පෙලගස් වන ලදී. ජේෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න ශ්‍රී ජයවර්දනපුර විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යන අංශයේ ජේෂ්ඨ මහාචාර්යතුමන් ලෙස තම සේවය විද්‍යාර්ථයින්ට ලබ දෙමින් සිටි.
ප්‍රශ්නය- ලාංකීය සිනමාවේ ආරම්බය සහ මේතාක් ගමන්මග කොහොමද මහාචාර්යතුමා හදුනා ගන්නේ?
මහාචාර්ය සුනිල් අරියරත්න- මම සිනමාව දෙස හැමදාමත් බලන්නේ සුබවාදී ලෙස, ගෙවුණු හැට වසර තුල බොහෝ ජයග්‍රහණ අත්පත්කරගෙන තිබෙනව. ආරම්බය හදුනාගැනීමට ලැබෙන්නේ දකුණු ඉන්දීය සිනමාවේ කොපියක් ලෙස ඒ කියන්නේ භාෂාවෙන් පමණක් සිංහල වි රඟපැමෙන්, ඡායාරුපකරණයෙන්, ගීතයෙන් මේ හැමදේකින්ම දකුණු ඉන්දීය වෙලා තිබුන සිනමාව මේ වන විට පියවරෙන් පියවර විශාල ගමනක් පැමිණ තිබෙනව. මුලින්ම අපි ලබාගනු ලැබූ ජයග්‍රහණය වුනේ දකුණු ඉන්දීය ස්වරුපයෙන් මිදීමට ගනුලැබූ උත්සාහය. ඒ කියන්නේ අපේ දේශීය අනන්‍යතා ලක්ෂණ සිනමාවට එක් කරගැනීම තමයි අපි මුලින්ම කලේ. ඒ වගේම චිත්‍රපටියේ අන්තර්ගතයෙන් සේම චිත්‍රපටියේ තාක්ෂණික පැත්තෙන්ද වෙනස් වීම මෙත් සමග සිදුවුණා, වෙස්ගැන්වවිම් ක්‍රම ඡායාරුපකරණයෙන් සංගීතයෙන් රගපැමෙන් මේ සියල්ල වෙනස් වීමට උණා. මුල් කාලයේ සිරිසේන විමල වීර මේ සදහා පුරෝගාමී කාර්යභාරයක් ඉටුකලා. ඉන්පසු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් "රේකාව" චිත්‍රපටිය සමගින් යෝද පියවරක් ඉදිරියට තබමින් සිනමාව දේශීය කරගනු ලැබුවා පමණක් නෙවෙයි ඔහු තවත් ඉදිරියට යමින් අපේ සිනමාවට මුල් වරට විදේශිකයන්ගේ අවදානය යොමුකරන ස්ථානයට ගෙන එනු ලැබුවේ 1956 "රේකාව" චිත්‍රපටියත් සමග. එතනින් පසු මේදක්ව අපි ජාතියන්තර ජයග්‍රහණ රාශියක් හිමිකරගෙන තිබෙනව. ඒ වගේම ලෙස්ටර් ජේම්ස් පිරිස්ගෙන් පසු තරුණ පරම්පරාවේ විශාල පිරිසක් ජාතියන්තරයට ගොස්තිබෙනව. ඒක නිසා මගේ නිගමනය වෙන්නේ අපි සිනමාව තුල බොහෝ ජයග්‍රහණ අත්පත් කරගනුලැබූ පිරිසක් බවයි.
![]() |
| සිංහල සිනමාවේ යථාර්ථවාදී ඇරබුම 'රේකාව' |
ලංකා ගාර්ඩියන්- මහාචාර්යතුමනි අපි අපේ මතෘකවට ප්‍රවිෂ්ට වුනොත් වර්තමානය වෙනකට මොනවද අපිට හදුනා ගැනීමට ලැබෙන නව මතවාදයන් නිර්මාණකරුවන් තුල
මහාචාර්ය සුනිල් ආරියරත්න- මුලින්ම මිට දශක කිහිපයකට ඉහත තත්වය පිලිබදවත් කතාකළ යුතුයි. ලෝකයේ ඕනෑම කලාවක් තුල දක්නට ලැබෙන දේ තමයි ජනප්‍රියත්වයට පත්විම, පසුබෑම හා නැවත ශක්තිමත් විම කියන කරනා. මෙක ලංකාවේ සිනමාව තුලත් අපිට දක්නට ලැබෙනව. ඒ වගේ ලංකාවේ සිනමාව තුලත් තිබුණ සිනමාව පසුබැහැපු කාලපරිච්චේදයක්. ඒකාකාරී සිනමාවක්, වාණිජ නමින් හැදුනු වාණිජ වටිනාකමකුත් නැති, කලාත්මක වටිනාකමකුත් නැති, තාක්ෂණික වශයෙන් පල්ලම් බැහැපු ඉතාම දුර්වල සිනමාවක් කාලයක් තිබුණා. එත් එක්කම එක යුගයක කලාත්මක චිත්‍රපට හැදුනෙත් නැහැ, වාණිජ චිත්‍රපට හැදුනෙත් නැහැ චිත්‍රපටි නැරබීමට ජනතාව සිනමා ශාලා වලට ආවෙත් නැති යුගයක් තිබුන. තවදුරටත් බැලුවොත් රුපවාහිනියේ පැමිණීම, 71සහ 88 තුරුණ නැගිටීම්, එල්. ට් .ට්.ඊ යුද්ධය ආරම්බ විම සහ ඒ එක්කම රාත්‍රී දර්ශන නොපෙන්වීම වගේම විශාල සිනමාශාලා ප්‍රමාණයක් විනාශ වීම සහ වැසි යාම සිදුවුණ. මේ ආදී විශාල අර්බුදයකට මුහුණ දීල සිනමාව බින්දුවටම වැටුණු කාලයක් තිබුණ. ඒ අවදිය පසුකරලා තමයි අද දවසට ඇවිත් තිබෙන්නේ.
අද දවස ගැන බැලුවොත් මං හිතනව සිනමාව නැවත සුභවාදී ගමනක් ආරම්බ කර තිබෙනවයි කියල. මේ සුභවාදී බව දෙවිදියකින් හදුනාගැනීමට පුළුවන්. එකක් තමයි අපේ චිත්‍රපට ජාතියන්තර ජයග්‍රහණ හිමිකරගෙන තිබීම. මම විශ්වාස කරන විදිහට ලෙස්ට ජේම්ස් පිරිස්ගෙන් පසුව අපේ රටේ බිහිවුන විශිෂ්ටම සිනමාකරුවන් කිහිපදෙනා අතරත් ප්‍රමුකස්ථානය ගන්නව ප්‍රසන්න විතානගේ ඒ වගේම නව පරපුරේ සිනමාකරුවන් වන අශෝක හඳගම, විමුක්ති ජයසුන්දර ඇතුළු තරුණ සිනමාකරුවන් සිනමාව ජාතියන්තරයට ගෙනගොස් තිබෙනව. මේ නිසා අද ජාතියන්තර ජග්‍රහණ වල සතුට භුක්ති විදිමින් ඉන්නව. අනෙක් පැත්තෙන් සිනමා ශාලාවලට වාණිජමය අතින් අතිශය දැවැන්ත ජයග්‍රහණ හිමිකර ගැනීමට හැකි චිත්‍රපට පැමිණෙමින් තිබෙනව. මේ ප්‍රවණතා දෙක නිසා සිනමාව අද යහපත් අස්ථානයක(ස්ථානයක) තිබෙනවයි කියල කියන්න පුළුවන්.
ඔබ මගෙන් නැවත ප්‍රශ්නයක් අහන්න පුළුවන් මේ වාණිජ සාර්ථකත්වයක් ලබන සිනමාකෘති කියල කියන්නේ ඉතිහාසය හාරඅවුස්සන සිනමාවද කියල, ඔව් අපේ සිනමාවේ එක එක කාල වලදී විවිධ ප්‍රවණතා ඇතිවෙනව. සිනමාව බංකොලොත් වුන කාලේදී ඇති වු ප්‍රවනතාව තමයි කාම සිනමාව. කාම සිනමාව අපේ සිනමාවේ අධ්‍යාත්මයත්, ජනතා අධ්‍යාත්මයත් විනාශ කරපු, මොනම අංශයකින්වත් හොදයි කියල කියන්න බැරි ප්‍රවනතාවක්. ඒ චිත්‍රපටි දිවුව නමුත් ඒ දුවපු චිත්‍රපටි තුනක් හතරකින් නතර වුණා. අද වන විට සිංහල කාම චිත්‍රපටියක් නෙවෙයි විදේශිය කාම චිත්‍රපටියක්වත් වාණිජමය සාර්ථකත්වයට පත් නොවෙන තැනට පත් වි තිබෙනව. මේ වාණිජමය සාර්ථකත්වයක් ලබන්නේ ඓතිහාසික සිනමා රැල්ල. මේතාක් නිෂ්පාදනය වූ ඓතිහාසික සිනමකෘති බලනකොට මේ එකම චිත්‍රපටියක්වත් මිනිස් අධ්‍යාත්මය, ජනතා අධ්‍යාත්මය විනාශ කරන චිත්‍රපටි නෙවෙයි. ඒ වගේම ඉතිහාසය විකුර්ති කල සිනමාකෘතිත් නෙවෙයි. ඒ වගේම මොනයම් ආකාරයක හෝ ප්‍රමිතියක් පවත්වාගෙන ගිය චිත්‍රපටි. මේවා සර්ව සම්පුර්ණ කාලාත්මක නිර්මාණ කියල මම කියන්නැහැ නමුත් ඊට කලින් සිනමාවේ ඇති වුනු රැලිත් සමග බලන විට මේ රැල්ලේ චිත්‍රපටි වල යම් ප්‍රමිතියක් අපි දැක්කා.ඒක නිසා මේ චිත්‍රපටි තුලින් සිනමාවට හෝ ජනතා අධ්‍යාත්මයට හානියක් වෙනවයි කියල මං හිතන්නැහැ. සිනමාවේ පැවැත්ම සදහා වාණිජ සිනමාවක් අවශ්‍යයි ඉතින් ඒ වාණිජ සිනමාව අද හිමිකර ගෙන තිබෙන්නේ ඉතිහාස රැල්ල ඒක හැමදාම තියන එකක් නැහැ. කොහොම නමුත් වැසීගිය සිනමාශාලා නැවත ඇරෙන, සිනමාශාලා වල මකුළුදැල් කැඩෙන, සිනමාශාලා හිමියන් සහ අදාල අනෙක් පාර්ශව සිනමාව ගැන උනන්දුවක් දක්වන තත්වයකට අද සිනමාව පැමිණ තිබෙනව. අනෙක් පැත්තෙන් කලාත්මක සිනමාව ජයග්‍රහණ අත්පත් කර ගනිමින් ඉන්නව. මේ නිසා වත්මන් සිනමාව සුභවාදී තත්වයක තිබෙනවයි කියල මම විශ්වාස කරන්නේ.
ලංකා ගාර්ඩියන්- ඇත්තටම මහාචාර්යතුමා ඔය ස්ථානයට තමයි මට එන්නත් අවශ්‍ය මොකද වර්ත්මනයේ නිර්මාණය වන බොහෝ චිත්‍රපට තුලින් සිදුවන්නේ අධිපති මතවාදය පෝෂණය කිරීමක් කියන එක මතු වෙනව ඒ කියන්නේ සිංහල බෞද්ධ මතය අනෙක් සුළුජතින්මත බලෙන් තැන්පත් කරනව කියන එක මේ පිළිබද මොකක්ද ඔබතුමාගේ අදහස
මහාචාර්ය සුනිල් ආරියරත්න- මම ඒක විශ්වාස කරන්නැහැ මොකද අපේරටේ බෞද්ධ චිත්‍රපටි වලට තිබෙන ඇල්ම ගත්තොත් ඒක ඉතාම ස්භාවික දෙයක්. ඒක අධිපති මතවාදය කියල කියන්න බැහැ මොකද අපේ රටේ බහුතරයක් ඉන්නේ බෞද්ධ ජනතාව ඒ නිසාම බෞද්ධ චිත්‍රපටියක් නැරබීමට ඔවුන් පැමිණීම ස්වාභාවිකයි. තවත් දෙයක් තමයි බෞද්ධ වූ පමණින් චිත්‍රපට සාර්ථක වෙන්නේත් නැහැ,මේකට අපේ සිනමා ඉතිහාසයෙන්ම උදාහරණ තියෙනව. " වෙසතුරු සිරිත" වගේ චිත්‍රපටියක්, මේක තමයි සිනමාවට නැගුනු පළමුවෙනි ජාතක කථාව, ඒ වගේම වෙස්සන්තර ජාතක කථාව තමයි අපේ පන්සීය පනස් ජාතක පොතේ තියන ජනප්‍රියම ජාතක කථාව නමුත් ඒ චිත්‍රපටිය වාණිජමය වශයෙන් සාර්ථක වුනේ නැහැ. ඒ වගේම අපේ බෞද්ධ සාහිතයේ තියෙන අනුවෙදනිය කථාවක් තමයි පටචාර කථාව සහ කුණ්ඩලකේශී කථාව නමුත් මේ එකම චිත්‍රපටියක්වත් වාණිජ වශයෙන් සාර්ථක වුයේ නැහැ. එනිසා බෞද්ධ වූ පමණින් චිත්‍රපටියක් සාර්ථක වෙනවයි කියන එක පිළිගන්න බැහැ. ඒ වගේම ඉතිහාසය මුල්කරගත් පමණින් චිත්‍රපටි සාර්ථක වෙනවයි කියන එකත් පිළිගන්න බැහැ. මේ සදහා උදාහරණ විශාල ප්‍රමාණයක් තිබෙනව. "වීර පුරන් අප්පු", "වීර මද්දුම බණ්ඩාර" වගේ චිත්‍රපටි සම්පුර්ණ අසාර්ථක වුන චිත්‍රපටි. ඒක නිසා ඉතිහාසය පෙන්නු පමණින්වත් බෞද්ධ වූ පමණින්වත් චිත්‍රපටි සාර්ථක වෙන්නැහැ. බෞද්ධ බහුතරය හිටියත් සිංහල බහුතරය හිටියත් චිත්‍රපටියක් නරබන්නේ ඒ චිත්‍රපටියේ නැරබීමට තරම් වන දෙයක් තිබෙනවානම් පමණයි. ඉතින් එම නිසා අධිපති මතය මෙතුලින් ඉස්මතු වෙනවයි කියන එක පිළිගත නොහැකි දෙයක්.
ලංකා ගාර්ඩියන්- යුද්ධයේ නිමාවත් සමග අපට දකින්න ලැබෙන දේ තමයි නිර්මාණ කරුවන් මතවාදීව ගත්තොත් බෙලහීන වූ බවක්, යුද්ධය සහ එහි නිමාව ඇතැම් නිර්මාණ කරුවන්ගේ නිර්මාණ වලට ප්‍රබල බලපෑමක් දකින්න ලැබෙනව තව දුරටත් කියනවනම් අශෝක හඳගම වගේ නිර්මාණ කරුවන් තුල ඒ බව පැහැදිලිව හදුනාගැනීමට ලැබෙනව. මේ වෙනස්විම පිළිබද මහාචාර්යතුමා දකින්නේ කොහොමද
මහාචාර්ය සුනිල් ආරියරත්න- ඇත්තටම ඕනෑම සිනමාධාරාවක් බැලුවොත් විවිධ චිත්‍රපටිකරුවන් නිර්මාණය කරන්නේ විවිධ වූ චිත්‍රපට. ඉන්දියාව ගත්තොත් ඉන්දියාවේ ඉතාම විශිෂ්ඨ ගනයේ චිත්‍රපටි හැදෙන අතරේ ඉතාම වාණිජවාදි චිත්‍රපටි හැදෙනව. ලංකාවෙත් විවිධ චිත්‍රපටි කරුවන් ඇල්ම දක්වන්නේ විවිධ විෂයන්වලට. ඒක අපට වලක් වන්න බැහැ. අශෝක හඳගම සිනමා ශෛලය බැලුවොත් ඔහු ප්‍රියකරන අන්තර්ගතය අනෙක් අයට වඩා වෙනස්,
ලංකා ගාර්ඩියන්- සමාවෙන්න මහාචාර්යතුමා මං මතුකලේ මෙහෙම දෙයක් නිර්මාණකරුවන් තමන් හිටිය මතවාදය යුද්ධය නිමාවත් සමග වෙනස් වෙනව මෙන්න මේ කාරනේ කොහොමද ඔබතුමා දකින්නේ
මහාචාර්ය සුනිල් ආරියරත්න- "ඉනි අවන් " චිත්‍රපටිය ගැන ඔබ ඔය අහන්නේ, ඒ චිත්‍රපටිය සාකච්චාවට පාත්‍ර වෙලා තිබෙනව මේක රාජ්‍ය මතවාදයට උඩගෙඩි දීම සදහා කරපු නිර්මාණයක්ද එහෙම නැත්නම් සැබෑ කරුණුද මේකේ කථාකරන්නේ කියන එක ගැන සාකච්චාවක් තියෙනව. නමුත් මම විශ්වාස කරන්නැහැ රාජ්‍ය මතවාදයට උඩගෙඩිදිම සදහා "ඉනි අවන් " අශෝක හඳගම හැදුවයි කියන එක. ඊට වඩා යථාර්තය විනිවිධ දකින නිර්මාණයක් හැටියට තමයි මම ඒ චිත්‍රපටිය දකින්නේ. ඕනෑම කෙනෙකුට චිත්‍රපටියක් පිළිබද අර්ථකතනයක් දෙන්න පුළුවන්, ඒ වගේම සමහර විට චිත්‍රපටියට සම්බන්ද වෙන පුද්ගලයෝ, මුදල් ආයෝජකයෝ ඒ අය දිහා බලලත් චිත්‍රපටියට විවිධ අර්ථකතන දෙන්න පුළුවන්. ඉතින් එනිසා ඒ චිත්‍රපටිය වෙනුවෙන් ඒ නගන චෝදනාව මම පිළිගන්නේ නැහැ.
ලංකා ගාර්ඩියන්- මහාචාර්යතුමනි ඉදිරයට සිනමාවේ ව්‍යාකරණය මොනවගේ හැඩයක්ද ගත යුත්තේ ඒ කියන්නේ නිර්මාණ කරුවන් සමාජයේ තිබෙන ප්‍රශ්න සිනමාව තුලින් කොතෙක් දුරට කථාකරනවද
මහාචාර්ය සුනිල් ආරියරත්න- අද වන විට කලාත්මක සිනමාවට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර අඩුවෙමින් පවතිනව මේක එක්තරා විදිහකට කණගාටු දායක තත්වයක්. අපි 70 දශකයේ චිත්‍රපටිත් සමග බලන විට ධර්මසිරි බණ්ඩාරනායක,ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර,ලෙස්ට ජේම්ස් පිරිස් වැනි අයගේ චිත්‍රපට වාණිජමය වශයන් යම් සාර්ථකත්වයක් තිබෙනව, කොහොමනමුත් ඒ චිත්‍රපට පාඩු වුනේ නැහැ.එක පැත්තකින් ඒවා කලාත්මකව පවා යම් සාර්ථකත්වයක් දක්නට ලැබෙනව. අද වන විට මෙන්න මේ ප්‍රවනතාව අඩු වෙමින් පවතිනව. ඉතින් මම හිතනව සිනමාවට වෙළද වටිනාකමක් ඇතිවෙන්න පටන් ගත්තේ දැනට වසර කිහිපයකට පෙර ඒ නිසා ඉදිරියට මේ තත්වය වෙනස් වෙන්න පුළුවන්. අපි බැලුවොත් අද වන විට වෙළද සිනමාව තමයි ඔලුව උස්සල තියෙන්නේ කලාත්මක සිනමාව එහෙම වෙල නැහැ. ඒ නිසා මම හිතනව කාලයාගේ ඇවැමෙන් වෙළද සිනමාවේ යම් පිරිසක් කලාත්මක සිනමාව වටාත් එක් වේවි කියල. ඒකනිසා කලාත්මක සිනමාවටත් ඉදිරියේදි යම් වෙළද වටිනාකමක් ලැබේවි.
ලංකා ගාර්ඩියන්- මහාචාර්යතුමා අතින් ලියවුන ඉතා ප්‍රබල ගීත තිබෙනවා සැබෑ නිදහස,විමුක්තිය පිළිබද. "යදමින් බැද" වගේ ගීත නමුත් මේ වන විට ඔයවැනි ගීත ඔබතුමන් අතින් ලියවෙන් නැහැ අනික ඒ මතවාදයන් ඔබ සිනමාව තුල සංවාදයට ලක් කිරීමක් දැක ගන්නට ලබිමකුත් නැහැ මොකද ඔබ තුමාට ලොකු අවකාශයක් තිබෙනව සමාජය තුල නමුත් අපි දකින්නේ මහාචාර්යතුමාගේ නිහඩ බවක් ඇයි එහෙම වෙලා තිබෙන්නේ.
මහාචාර්ය සුනිල් අරියරත්න- මගේ අදහස් නිවැරදිවම කියා ගන්න පුළුවන් මාධ්‍යක් තමයි ගීතය.ගීතයක් මම රචනා කිරීමෙන් පසු තව දෙදෙනෙක් හෝ තුන්දෙනෙකුගෙන් ඒ නිර්මාණය මට කරන්න පුළුවන්. නමුත් සිනමාවේදී මට ඒ කාර්ය කරන්න බැහැ මොකද අද වෙනකට ලක්‍ෂ 300ක් වත් නැතිව චිත්‍රපටියක් නිර්මාණය කරන්න බැහැ. ගීතය මගේ අදහස් කියන එක මාධ්‍යක් නමුත් මට සිනමාව ඒ සදහා යොදාගැනිමට බැහැ මොකද පෙර කිව වගේ සිනමාව සදහා තිබෙන මුදල් ආයෝජකයෝ, මුදල් සමග කරන මේ දැවැන්ත කාර්ය තුල මට අර තිබෙන නිදහස නැහැ. ඒ නිසා මම ගීතයෙන් කරන කාර්ය සිනමාවෙන් කරන්න බැහැ.මේ නිසාම මගේ සිනමාවේ කොතනකවත් ගීත මාධයේ තිබෙන ලකුණු දකින්න නැහැ.
ලංකා ගාර්ඩියන්- නමුත් මේ මොහොත වන විටත් එවැනි නැබුරුවක් ඔය මාධ්‍ය දෙක තුලම දකින්නට ලැබෙන් නැහැනේ
මහාචාර්ය සුනිල් අරියරත්න- ඔව් මම ඉස්සල්ලත් කිවේ ඒකයි අදටත් ඒක කරන්න බැහැනේ. අද වාණිජ සිනමාව ඔලුව උස්සල තියෙන්නේ, මම මේතාක් නොකරපු දෙයක් මට කොහොමත් කරන්න බැහැ මොකද මේතාක් කරපු සිනමකරුවොත් අද අභියෝගාත්මක තත්වයට පත් වෙල ඉන්නේ. ඒකාලේ වසන්ත ඔබේසේකරගේ, පතිරාජගේ චිත්‍රපට වලට වෙළද පොළක් තිබුණ අද ඒ වෙළදපොළ නැහැ එත් එක්කම අශෝක හඳගම,ප්‍රසන්න විතානගේ චිත්‍රපටිත් මේකට උදාහරණ. මෙවැනි අභියෝගාත්මක මොහොතක මට කොහොමත් ඒ දෙය කරන්න බැහැ. ඒ වගේම චිත්‍රපට නිර්මාණකරුවෝ හදා ගත්ත ප්‍රේක්ෂක පිරිසක් ඉන්නව. මට සිනමාවේ එහෙම ප්‍රේක්ෂක පිරිසක් ඇත්තෙම නැහැ. ඒනිසා අද වෙනකට ඒ තත්වයට මට මුහුණ දෙන්නම බැහැ, ඒ තත්වයට මුහුණ දෙන්න නම් මට කලින් ඒ ජයග්‍රහණ අත්පත් කරගත යුතු වෙන්නේ ප්‍රසන්න,විමුක්ති, හඳගම වගේ අය. ඊට පස්සේ තමයි මං වගේ කෙනෙක්ට එලබුමක් තිබෙන්නේ එතනට. මගේ මීලග සිනමා නිර්මාණයවත් මම හිතන් නැහැ එලබුමක් තියෙයි කියල එතනට.
ඒ විතරක් නෙවේ අද ගිතයේදී පවා මේ තත්වයෙන් මම ඈත් වෙලා ඉන්නේ මම ගීත ලිවිමම අත්හැර දාලා තියෙන්නේ, මොකද එදා ලිව ගීතය අද ලියල ගායනා කරවන්න ගායකයෙක් හෝ ගිකාවක් නැහැ. මොකද එහෙම නැත්තේ ගායකයාටත් ගිකාවටත් ඒ ගීතය ගෙනියන්න තැනක් නැහැ.ඒ කියන්නේ ගුවන් විදුලියේ මේ ගීතය ප්‍රචාරය වෙන්නේ නැහැ, ඔවුන් ඒක පටිගත කරන් නැහැ. ඒ වගේම මේ ගීතය සංගත තැටියකට නගන්න නිෂ්පාදක වරයෙක් නැහැ.
උදාහරණයකට සිංලංකා වගේ සමාගමක් ඔවුන් පෙනී හිටියේ ප්‍රබුද්ද ගායකයන් වෙනුවෙන් අද යන එනමන් නැති වෙල තිබෙනව. ඒ නිසාම ගීත රචනා කලාව පවා නැවතිල තිබෙන්නේ, ඒ වගේම තවත් දෙයක් මේක අලුත් පරපුරකට බර දිය යුතුයි.
ලංකා ගාර්ඩියන්- සමාවෙන්න මහාචාර්යතුමා මෙතැනදී මතුවෙන කාරණය තමයි මහාචාර්යතුමා වගේ ඉන්න අතලොස්ස ඉදිරියට නොඑනවයි කියන කාරණය
මහාචාර්ය සුනිල් ආරියරත්න- නැහැ මම ඒක විශ්වාස කරන්නැහැ මොකද ඉස්සල්ල පරම්පරවෙන් තමයි අපි මේ baton එක ගත්තේ අපි ඒක තව කෙනෙකුට බාරදෙන්න ඕන, එහෙම නැතුව සදාකාලිකව අපි මේදය කල යුතුය කියල එකක් නැහැ. අනික එදා තාරුණ්‍ය හා අපිට දැනුනු ප්‍රශ්න දැනෙන්නේ අද තරුණයන්ට ඒ වගේම අපිට වඩා සංවේදී අපිට වඩා දැනෙන සුළු තත්වයක ඉන්නේ ඒ අය ඒ නිස මේක ඊලග පරම් පරාවක් බාරගත යුතුයි.
ලංකා ගාර්ඩියන්- අවසාන වශයෙන් මොනවද අපිට සිනමාවේ තිබෙන අනාගත අභියෝග විදිහට ඔබ දකින්නේ
මහාචාර්ය සුනිල් ආරියරත්න- අපිට තිබෙන ලොකුම අභියෝගය තමයි තාක්ෂණය, අපි දැන් නිසැක වශයෙන්ම මේ දළසේයා පටයෙන් ඉවත් වෙල වහාම ඩිජිටල් තාක්ෂණයට යන්න ඕන, මගෙත් ඉලග චිත්‍රපටිය එන්නේ ඩිජිටල් චිත්‍රපටියක් විදිහට. ඩිජිටල් චිත්‍රපටි කරන්න ලංකාවේ ඩිජිටල් තාක්ෂණය තිබෙනව නැත්තේ ඩිජිටල් ප්‍රක්ශේපනය පිළිබද ප්‍රශ්නය, මෙය වහාම විසදා ගතයුතු ප්‍රශ්නයක්. ලංකාවේ සිනමාශාලා වල ඩිජිටල් ප්‍රක්ෂේපන අරම්බ වුනොත් අපේ සිනමාවේ විශාල ප්‍රබෝදයක් ඇතිවෙනව මොකද සිනමාව සදහා ආයෝජනය කරන මේ දැවැන්ත මුදල අඩුවෙල අපිට යම් ස්ථාවරයක් ගොඩනගා ගන්න පුළුවන් අඩු වියදමකින් චිත්‍රපටියක් කරන්න. ඒ වගේම මිළ අඩුවෙන් ප්‍රදර්ශනය කරන්න, සහ ගුණාත්මක අතින් ඉහල නිර්මාණයක් කරන්න. ඒ නිසා මේ මොහොතේ තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි තාක්ෂණිකව තිබෙන අභියෝගය අපි මෙය ඉතා ඉක්මනින් ජය ගත යුතු වෙනව. මේ සදහා ඉදිරි වසරක් පමණ කාලය තුල අපේ සිනමා ශාලා වලින් අඩකවත් ඩිජිටල් ප්‍රක්ෂේපන යන්ත්‍ර සවිකර ගත යුතු වෙනව. මොකද ලෝකයේ දළ සේයාපට නිෂ්පාදනය 75% කින් අඩුවෙල තිබෙන්නේ ඒනිසා දළ සේයාපටය අපි වහාම විශ්‍රාම ගැන්විය යුතු වෙනව.
සටහන- සමන් (saman@srilankaguardian.org)
ජීවිතය කියන්නේ පුනරුත්තියක්
චාලි චැප්ලීන්
කුඩා හිස් වැස්මකුත්, ඇඟට ම සිර වූ කබායකුත්, විශාල කලිසමකුත්, වැහැරී ගිය සපත්තු යුවළකුත් පැලඳ බස්තමක් අතින් ගෙන පාත්තයකු මෙන් ඇවිදින ඔහු කුඩා උඩු රැවුළක් සහිත කුඩා මිනිසෙකි. එය ලෝක ප්‍රහසන චිත්‍රපට කලාවේ අනන්‍ය ලක්ෂණයක් බවට පත් වූ චාලි චැප්ලීන් නම් අසහාය රංගන ශිල්පියා විසින් නිර්මාණය කරන ලද “රස්තියාදුකාරයාගේ” චරිතයේ ගති ලක්ෂණයයි.
1889 අපේ‍්‍රල් මස 16 වන දා අන්ත දුගී බ්‍රිතාන්‍ය පවුලක උපත ලබන සර් චාර්ල්ස් චැප්ලින් අනේකවිධ දුක් ගැහැට විඳ අනතුරු ජීවිතය ජය ගත් දිරිය මිනිසෙකි. වසර හැත්තෑ පහකට අධික කාලයක් මුළුල්ලේ තම රසිකයා පිනවීමේ ප්‍රමුඛ බලවේගය බවට පත් වූ ඔහු මෑත යුගයේ පහළ වූ කෘරතම දේශපාලන නායකයා ඇඩොල්ෆ් හිට්ලර් ගේ දේශපාලන මතවාදය ද හාස්‍යයට ලක් කිරීමට තරම් නිර්භය වූයේ ය.
ප්‍රහසනය යනු හුදු පේ‍්‍රක්ෂකයා පිනවීම පමණක් නොව, සමාජ විපරිතයක් සඳහා යොදා ගත හැකි තියුණු ආයුධයක් යැයි ලොවට පසක් කළ චැප්ලීන් 1972 දී වැනීසි චිත්‍රපට උලෙළේදීත්, වසර ගණනක් පුරා ඇකඩමි සම්මාන උලෙළේදීත් සම්මාන රැසකට හිමිකම් කීමට සමත් වූයේ ය. කිසිදා තවකකු අනුකරණය කොකළ ඔහු 1977 දෙසැම්බර් 25 වනදා මෙලොවින් සමු ගනුයේ තවකකුට අනුකරණය කිරීමට නොහැකි චිත්‍රපට සම්ප්‍රදායක් ලොවට දායාද කරමිනි.
Richard Meryman විසින් කරන ලද දුර්ලභ සම්මුඛ සාකච්ඡාවකින් උපුටා ගන්නා ලදි.
මේ සම්මුඛ සාකච්ඡාව මුළුමනින් ම අවධානය යොමු කරන්නේ ඔබේ නිර්මාණ සහ ඔබේ කලාව පිළිබඳ පමණයි. එම නිසා මා හට අවශ්‍යයි, ඔබ නිර්මාණකරණයෙහි යෙදෙන ආකාරය පිළිබඳ යම් අදහසක් පාඨකයාට ලබා දීමට.මගේ චරිතය සම්පිණ්ඩනය කළ හොත්, මං මගේ නිර්මාණ පිළිබඳ දැඩි ලෙස සැලකිලිමත් වන බව කිව හැකියි. මා කරන සෑම දෙයක් පිළිබඳව ම මම දැඩි ලෙස සැලකිලිමත් වෙනවා.
ඔබ “රස්තියාදුකාරයාගේ” චරිතයේ බාහිර ස්වරූපය නිර්මාණය කළ ආකාරය පිළිබඳ යමක් කීවොත්?
එය සිද්ධ වූයේ අහම්බෙන්. මගේ කැමරා ශිල්පියා මා හට කීවා හාස්‍යජනක අංග රචනයක් කරන ලෙස. එහෙත් එය කෙසේ කළ යුතු දැයි යන්න පිළිබඳ කිසිඳු අදහසක් මා තුළ තිබුණේ නැහැ. ඇඳුම් - පැලඳුම් අංශයට ගමන් කරන අතරතුර කල්පනාවට වැටුණා. අවසානයේ මා තීරණය කළා හැම දෙයක් ම ප්‍රතිවිරුද්ධ ලෙස කළ යුතු යැයි කියා. එල්ලා වැටෙන කලිසම, ඇඟට තද වුණු කබාය, විශාල හිස, කුඩා තොප්පිය සමඟ එම චරිතය වැරහැලි ඇඳ ගත් මහත්මයකු බවට පත් වුණා. මගේ මුහුණේ හැඟීම්වලින් දුඞඛදායක සහ බරපතළ බවක් පෙන්විය යුතු යැයි මම තීරණය කළා. චිත්‍රපටය හාස්‍යොත්පාදක නිර්මාණයක් නිසා මා හට එය සඟවා ගැනීමට අවශ්‍ය වුණා. එම නිසා මම කුඩා රැවුල් කැබැල්ලක් තෝරා ගැනීමට අවශ්‍ය වුණා.
ඔබ නිර්මාණය කළ චරිතය නැවත නැරැඹීමේ දී ඔබට ඇති වුණු ප්‍රථම හැඟීම කුමක් ද?
මූලික ව මා හට එමඟින් කිසිඳු අමුතු හැඟීමක් ඇති වූයේ නැහැ. නමුත් කැමරාව ඉදිරියේ එය රඟ දැක්වීමට සූදානම් වන විට යම් චකිතයක් දැනුණා. ප්‍රථම එළඹුම ලෙස මා හට හොඳින් හැඳ පැලඳ ගත් කලෙක මෙන් හැඟීමක් ඇති වුණා. එමඟින් මා හට රංගන ලීලාවක් ඇති වූ අතර ඒ හරහා චරිතය මා වෙත පැමිණියා. නමුත් ඉන් පසුව මා කළ නිර්මාණවල චරිත සියල්ල එම ආකෘතියට ම ඇතුළත් කර ගත්තේ නැහැ. නමුත් මා එක් දෙයක් නම් දිගින් දිගට ම භාවිත කළා. එනම් විශාල සපත්තු පැලඳීමයි. මගේ කකුල් කුඩා නිසා මා සිතුවා, විශාල සපත්තු පැලඳීමෙන් මා හට උපහාසය ළඟා කර ගත හැකි වේ යැයි කියා.
ඔබ සිතනවා ද එම චරිතය නූතන සමාජයට ගැළපේ යැයි කියා?
මා සිතන්නේ නැහැ, වර්තමානයේ එවැනි පුද්ගලයකුට කිසිදු ඉඩක් ඇතැයි කියා. දැන් ලෝකය තරමක් සංකීර්ණ වී තිබෙනවා. එම චරිතය එවැනි ලෝකයක තව දුරටත් හාස්‍යයට කරුණක් නොවෙයි. දැන් සිටින සමහර කොල්ලන් එලෙස හැඳ - පැලඳගෙන රස්තියාදුකාරයන් මෙන් සිටීමට උත්සාහ කළත් ඔවුන් තුළ එම චරිතය තුළ තිබූ යටහත් - පහත්කම දැක ගත නො හැකියි. ඔවුන් දන්නෙ නැහැ, යටහත් - පහත්කම, නිහතමානීකම යනු කුමක් ද කියා. එම නිසා ඉහත සංකල්පය දැන් යල් පැනගිය දෙයක් බවට පත්ව තිබෙනවා.
ඔබ සිතනා ආකාරයට, එම චරිතයේ තිබෙන ආකර්ෂණීය බව කුමක් ද?
අවංක, නිහඬ දුප්පත්කම. ඕනෑම දුප්පත් මනුස්සයෙක් කැමතියි හොඳින් හැඳ පැලඳගෙන ජේත්තුකාර ලෙස ජීවත් වීමට. සෑම දෙයක් පිළිබඳව ම පරෙස්සමින් සොයා බලන එම ලක්ෂණයට මා කැමතියි. එහෙත් එය ආකර්ෂණීය උපායක් ලෙස මා කිසි දිනෙක කල්පනා කර නැහැ. රස්තියාදුකාරයාගේ චරිතය මතු වූයේ මා තුළින්මයි. මා පේ‍්‍රක්ෂකාගාරයේ ප්‍රතිචාරයන්ගෙන් ප්‍රමෝදයට පත් වුණත් නිර්මාණයක් කරන විට මා පේ‍්‍රක්ෂකයා පිළිබඳ කල්පනා කරන්නේ නැහැ.
ඔබට චිත්‍රපටයක සිද්ධීන්හි පෙළගැස්ම මනසට එන්නේ ඉබේම ද? නැත්නම් නිශ්චිත ක්‍රියාවලියකින් පසුව ද?
එහි කිසිම ක්‍රියාපටිපාටියක් නැහැ. කිසියම් සිද්ධියක් ආශ්‍රයෙන් තමයි හොඳ ම අදහස මතු වන්නේ. ඔබට හොඳ හාස්‍යොත්පාදක සිද්ධියක් ලැබුණු විට එය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වී අවසානයේ කිරණ විහිදුවමින් බැබළෙනවා. කෙසේ වෙතත් මා බොහෝ පීඩාවට පත්වූ අවස්ථා ද තිබෙනවා. කිසිවක් කර ගත නොහැකිව මා අධෛර්යයට පත් වූ දින තිබුණා. පේ‍්‍රක්ෂකයා හිනැස්සීමේ භාරදූර කාර්යය පැවරී තිබෙන්නේ මටයි. එහෙත් හොඳ සිද්ධියක් නොමැතිව ඔබට විහිළුවක් නිර්මාණය කළ නොහැකියි.
ඔබ මේ දේවල් මිනිසුන් කරනු දැක තිබෙනවා ද? එසේත් නැත්නම් මේ සියල්ල පරිකල්පනික දේවල් ද?
මා මගේමය කියා ලෝකයක් තනා ගන්නවා. මගේ ලෝකය වුණේ කැලිෆෝනියාවල පිහිටි මැදිරියයි. එහිදී මා වඩාත් සතුටට පත් වන්නේ දර්ශන තලය තුළ රඟ දැක්වීමට හොඳ අදහසක් මා තුළ උපදින විටකයි.
යථාර්ථවාදය ප්‍රහසනය තුළ තිබෙන අත්‍යවශ්‍ය සාධකයක් ද?
අනිවාර්යයෙන් ම. මා සිතනා ආකාරයට යමක් පිළිබඳ විශ්වාසය දැනවීමට නම් ඔබට අමුතු සංසිද්ධියක් අවශ්‍ය කරනවා. ඔබ එයට අනුකූලතාව දක්වන්නේ පූර්ණ යථාර්ථවාදයක හිඳිමිනුයි. පේ‍්‍රක්ෂකයා මෙය හොඳින් දන්නවා. අදාළ සිද්ධිය ඔවුන්ට බොහොම යථාර්ථවාදී වන අතර ම එය පවත්නා න්‍යායට විරුද්ධයි. එමඟිනුයි ඔවුන් තුළ ප්‍රමෝදයක් හට ගන්නේ.
ක්‍රෑරත්වයත් යථාර්ථවාදයේ එක් ලක්ෂණයක් නේද?
ක්‍රෑරත්වය යනු ප්‍රහසනය තුළ මූලික සංකල්පයක්. කෙනෙකුට පෙනෙන ආකාරයට යම් සිද්ධියක් යුක්තිසහගත සේ පෙනුණත් එතුළ මහා අයුක්තියක් ගැබ් වී තිබෙන්නට පුළුවන්. එය පේ‍්‍රක්ෂකයාට හෘදයංගම ලෙස ඉදිරිපත් කිරීමට හැකි නම් ඔවුන් එයට ආදරයෙන් වැලඳ ගනීවි. පේ‍්‍රක්ෂකයා එය වැලඳ ගන්නේ තම ජීවිතයේ උපහාසයක් ලෙස මිස එමඟින් මිය යාමට හෝ කඳුළු සැලීමට නොවෙයි. උදාහරණයක් ලෙස මහලු මිනිසෙක් කෙසෙල් ලෙල්ලක් පෑගී මහමඟ ඇද වැටෙනවා. අපි ඔහුට සිනහ වන්නේ නැහැ. නමුත් බොහොම ආඩම්බර, උද්ධච්ඡ මිනිහෙකුට එවැන්නක් සිද්ධ වුණොත් අපි ඔහුට සිනහ වෙනවා. මිනිසා අපහසුතාවට පත්වන ඕනෑම සිද්ධියක් හාස්‍යජනකයි.
ඔබ පුනරුච්ඡාරණය පිළිබඳ සැලකිලිමත් වෙනවා ද?
නැහැ. මන්ද ජීවිතය කියන්නෙම පුනරුක්තියක් නිසා. ජීවිතය තුළ ඔබට කිසිදු අපූර්වත්වයක් අත්විඳිය නොහැකියි. ඔබ කරන්නේ දවසට තුන් වරක් ආහාර ගෙන තවකකු සමඟ ආදරයෙන් වෙළිම සහ ආදරය බැහැර කිරීම පමණයි. ආදර කතාවක් තරම් පුනරුක්තියක් තවත් නැහැ. පේ‍්‍රක්ෂකයා එය සිත්ගන්නාසුලු දෙයක් ලෙස වැලඳ ගන්නා තුරු පේ‍්‍රම වෘත්තාන්තය දිගින් දිගට ම ගලාගෙන යා යුතුයි.
පරිවර්තනය
හසිත පෙරේරා
මරා රෙජිමයට එරෙහි ජනබලය පොලිසියට නැවතිය හැකිද?

පොලීසිය, උතුරු
ලංකාවෙන් ආ අතුරුදන්වූවන්ගේ පවුල් සාමාජිකයින් රඳවා තබා සාමකාමී
උද්ඝෝෂණයත්, පෙත්සමත් වලකයි
වව්නියාව 2013
මාර්තු 05
2013 මාර්තු 06 වෙනිදා පවැත්වෙනු නියමිත ‘අතරුදන්වූ
ඥාතීන් සොයනා පවුල් එකතුව” සංවිධානය කළ, උද්ගෝෂණයට
පිරිවරන්නට, උතුරුකරෙන් ආ අතුරුදන් වූවන්ගේ පවුල් සාමාජිකයින් සහ සිවිල් සංවිධාන
ක්‍රියාකාරීන් 600ක් දෙනා වව්නියාවේ සිට කොළඹට එමින් සිටි ගමන මග, මාර්තු -5 වෙනි දා රෑ අට හමාරට, පොලීසිය විසින්වසින් අවුරන ලදී. කොළඹ, විහාරමහ දේවි උද්‍යානයෙහි වන උද්ගෝෂණයෙන්
ඉක්බිති, මෙම පවුල් සියල්ල සැළසුම්කර තිබුණේ, එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලට පාද
යාත්‍රාවෙහි ගොස් පෙත්සමක් බාර දෙන්නට ය. අතුරුදන්වූවන්ගේ පවුල් සංවිධානය කරන ලද
විසල් සටන් ව්‍යාපාරයේ ම කොටසක් වූ මෙකී උද්ගෝෂණයේ අරමුණ වූයේ, ස්වකීය ආදරණීයයන් ගැන ඇත්ත දැනගැනීමටත්, තමන් වෙනුවෙන්
මැදිහත්ව ශ්‍රී ලංකා රජයෙන් වෙතින් සත්‍යය,සාධාරණත්වය සහ වගවීම
ලබාදෙන මෙන් දෙනෙජාත්‍යන්තර ප්‍රජාවෙන්
ඉල්ලා සිටීමත් ය. මෙකී අවහිරයේ ප්‍රතිඵලයක් ලෙස, කෙසේ හෝ අවසන, සැළසුම් කළ
විරෝධතාව පවත්වන්නට නුපුළුවන් විය.
උදෑසන සිට වව්නියාව නගර සභා පිට්ටනියට ජනතාව රොද
බඳින්නට පටන්ගෙන තිබුණාහ. සංවිධායකවරුන් ආගමනය වූ කල්හි, සිවිල් ඇදුමින් සැරසුණු
පිරිසක්, ජනතාව ප්‍රශ්න කරමින්, ඔවුන් ආවේ කොතැනින්ද, ඔවුන් ආවේ මොකටද, ඔවුන්
යන්නේ කොහෙටද, සංවිධායකයන් කවුරුද, අරමුදල්එන්නේ කොයිබින්ද ඈ වූ ප්‍රශ්න විමසාලමින්
ඉනික්බිති, තම තමන්ගේ නිවෙස් කරා හැරී යාම, ඇඟට ගුණදායක බව ජනතාවට පවසා තිබිණ.
වව්නියාවේදී මග අවුරාළනු
ලැබීමට ලක්වූ, අතුරුදන් වූවන්ගේ පවුල් (ඔවුන්ගෙන් 75%න් පමණ කාන්තාවන් ය.) වනාහී,
යාපනය, කිළිනොච්චිය, මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රික්කය වැනි, උතරේ සකළ දෙසින්
පැමිණුනවුන් ය. හවස පහයි තිහට විතර, යූසී පිට්ටනියෙහි පිටත නතරකර තිබූ බස් රථ 11ට
ළං වූ පොලීසිය, බස්රථවල හිමිකාරීත්වයට, රියදුරුවරුන්ට, කොන්දොස්තරවරුන්ට අදාළ
තොරතුරු ලියා පදිංචියෙහි යෙදිණ. ඉනික්බිති, සැළසුම් ප්‍රකාරව ඉදිරියට යන්නට
පොලිස් අවසර හිමිවුණි. වව්නියාවේ සිට කොළඹට හෝ වෙනත් ගමනාන්තයකට යන්නට, බස්රථ හෝ වෙනත් පුද්ගලික
වාහන සදහා, එවැනි ලියාපදිංචියක් හෝ අවසරයක් අවශ්‍ය බව, නීතිය විසින් හෝ භාවිතය
විසින් දක්වා නැත.
කෙසේ වුවච, රෑ අට
හමාරට, ජනතාව පැටවූබස්රථ, නගර සභා පිට්ටනි පරිශ්‍රයෙන් ධාවනය ඇරඹූ
විගස පොලීසිය විසින් නවතනු ලදුව, ඔවුන්ට ඉදිරියට
යාමට බැරි බවත්,පොලිසිය ලද්දා වූ ආරංචි මාත්‍රයකට අනුව වව්නියාවත් අනුරාධපුරයත්
අතරතුර බස්රථයකට ගල් මුල් පහර එල්ලව ඇති බවත්, එබැවින්, ඉදිරියට යාමට අවසරය දුනහොත්, ඔවුන්ට මගීන්ගේ
ආරක්ෂාව සහතික කරලන්නට නොහැකි බවත් පැවසී ය. ඒත්, එබදු සිද්ධියක් සිද්ධවීණැයි
ස්වාධීනව තහවුරු කළ ආරංචියක් නොවුණි. මෙම
තොරතුර, වව්නියාව පොලීසියේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, මූලස්ථාන පොලිස්
පරීක්ෂකවරයා සහ පොලිස් අධිකාරීවරයා විසින් තහවුරු කරන ලද බව දෙමළ ජාතික සංධානයේ
පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ. සරවනබවන් පැවසී ය.
පොලීසිය, ඉනික්බිති ක්‍රියාත්මකව, සිය ට්‍රක්රථ යොදවා, බස්රථ ගමන්ගන්නා
ඉදිරි මග අවුරාලී ය. හමුදාව ද සීරුවෙන් තැබිණ.
මෙය කන
වැකීමෙන්,නොසන්සුන්ව කෝප ගැන්වුණු ජනයා, තමන්ට කොළඹ යාමට අනුමැතිය දෙන්නැයි
ඉල්ලූහ. ජනතාව, ඉටිපහන් අතැතිව, බස් රථෙන් බිමට බහින්නට පටන්ගත්තේ, තමන්ට
ඉදිරියට යාමට අනුමැතිය දෙන මෙන් පොලීසියට ඒත්තු ගන්වන අපේක්ෂාවෙනි. අනතුරුව පොලිස්
අවහිරයට ජනතාව වෙනුවෙන් මැදිහත්වුණු, දකුණේ දේශපාලන නායකයන්ගෙන් දුරකතන ඇමතුම් ගලා ආහ. එළැඹෙන උදෑසන (6වැනිදා) හතර හමාරෙන් පසු, කොළඹ
යාමේ අවසරය, පොලිසිය විසින් සහතික කරන ලැබිණ. ඇදහැළුණ, මොරසූරන වැස්ස නොතකා, ගනු
ලැබීමට නියමිත නිෂ්චිත තීන්දුව අපේක්ෂාවෙන්, පාරේ තැන් තැන් වලද, බොක්කු මතද වාඩිගෙන හුන් බොහෝ ඇත්තන්, වැසි දියෙන් බත්
වී තිබුණි. මැදියම් දොළහමාර - එක අතර
වේලාවේදී, රැය ගෙවාලනු පිණිස, මෙම පවුල් ප්‍රජාව නගර ශාලාවට ගෙන යනු ලැබුණි. එතැන වූයේ වැසිකිළි හතර-පහක් බැවිනුත්, ශාලාවේ නවාතැන්ගන්නට
හැමෝටම ඉඩකඩ නොමැති බැවිනුත්, ඉන් පිරිසක්, ආසන්නයේ පල්ලියකට රැගෙන යන්නට, මන්නාරමෙන් පැමිණ සිටි ක්‍රිස්තියානි පූජකවරුන්,
රෑ නමය හමාර වන විට, පොලීසිය සමග සම්මුතියකට එළැඹ තිබුණි. බස්රථවලට හෙළවීමට ඉඩ දීමට අදහසක් නොතිබුණෙන්, එකඟතාවය
සහිතව, පොලීසිය, පූජකවරයන්ට උපදෙස් ලබා දුන්නේ, ජනයා පල්ලිය කරා රැගෙන යායුත්තේ පා
ගමනින් බවයි. ඊට පූජකවරයන්ගේ ප්‍රතිචාරය
වූයේ, ඇවිදගන්නට නොහැකි සිය ප්‍රජාව වෙහෙසට පත්ව ඇති බැවින්, උතුරේ සිට ජනයා ප්‍රවාහණය
කළ බස්රථ නිදහස් කරලීමට නොහැකිනම්, අවසාන සහනය
ලෙස අවම වශයෙන් ජනතාව,
පොලිස් බස් රථයක ප්‍රවාහණය කළ යුතු බවයි. ඒ ඉල්ලීම පවා ප්‍රතික්ෂේප වීමෙන්, අවසානයේ පොලිස් නිලධාරීන්ද කැටුව
යන්නට එක් බස් රථයක් නිදහස් කරලීමට පොලිසිය එකඟ විය. මුළුමනින් ම 100 පමණ දෙනා පල්ලියට ප්‍රවාහණය
කිරීමට ඇවැසි වූ හෙයින්, පිට්ටනියේ සිට ගමන් වාර දෙකක් යන්නට බස් රථයට සිදු විය.
2013 මාර්තු 06
වව්නියාව
ඉනික්බිත්තේ,
පූජකවරයන්ට පොලීසිය හා සම්මුතිගත වන්නට සිදුවූයේ, බස්රථ එකොළහ නගරසභා පරිශ්‍රය
ඇතුළත ගාල් කරගන්නට ය. කෙසේවුව, ඇතුළට ආ
පසු පෙරවරු එකේ සිට, සිවිල් ඇදුමින් සැරසුණු මිනිසුන් පිරිසක්, රියැදුරන් එකිනෙකා පිටතට
කැදවූයේ, අංගනයෙන් බස්රථ අහක්කර ගන්නැයි
දැනුම් දෙනු පිණිස ය. ඉවත්ව නොගියහොත්,
අනගතයේ වව්නියාවේ වැඩකරන්නට බොහෝ දුෂ්කරතා විදින්නට සිදුවනු ඇතැයි, ඔවුනට තර්ජනය
කෙරුණි. ප්‍රථිඵලය ලෙස, බස්රථ රියදුරෝ එකොළහෙන් නමයක්, සිය රථ, අංගනයෙන්
පිටතට ගෙන ගියහ. ඉන්පසු, මාර්ග බලපත්‍ර අහිමිවීමේ (උතුරේ ධාවනය සදහා ඔවුනට බලය
ඇත්තාවූ බලපත්‍රය) විභවයක් ඇති බවටත්, සාමාන්‍ය ධාවන මගේදී ධාවනය කෙරන අතරතුර හිරිහැර විදීමට සිදුවනු ඇති
බවටත් එල්ල වුණු දිග්ගැස්සුණු තර්ජනයන් හමුවේ, පෙරකී බස්රථ රියදුරෝ නවදෙනා,
හිමිදිරි උදේ තුනහමාර වන විට, සිය බස්රථ පෙරළා නිවෙස් බලා ගෙන ගියෝය.
හිමිදිරි දෙකට පමණ, ඉතිරිව සිටි රියදුරන් දෙදෙනා සිවිල් ඇඳුමින් යුත්තෙකුගේ තර්ජනයන්ට නතුව
සිටියදී, මැදිහත් වූ මන්නාරමෙන්
පැමිණි පූජකවරු ඔවුන් කවුරුන්ද යන්නත්, පොලීසිය ඒ වන විටත් එකගවී සිටියදී බස්රථ පරිශ්‍රයෙන් ඉවත් කරලීමට ඔවුන්ට ඇත්තේ කවර
අයිතියක්ද යන්නත් ඔවුන්ගෙන් ප්‍රශ්න
කළහ. ඔවුන් පොලිසියේදැයි යන්න පූජකවරයන් විමසූ
විට, ඔවුහු එය ප්‍රතික්ෂේප කළ හ. පූජකවරු කියා
සිටියේ ඔවුන් පොලීසියට අනුබද්ධ නොවන්නේ නම්, රියදුරන්ට බාධා නොකර, කරුණාකර එම
පරිශ්‍රමයෙන් ඉවත්ව යන ලෙසයි.
මේ අතර, මන්නාරමේ
සිට වව්නියාව තෙක් ජනයා ප්‍රවාහණය කළ බස්රථ දෙක වව්නියාව නගරාසන්නයේ, පොම්පෛමඩුහි
නවතා තිබියදී, දුරකථනය ඔස්සේ කළ මේ හා සමාන තර්ජන නිසා, පාන්දර එකට පමණ, එම බස්
රථද මන්නාරම බලා පිටව යන්නට සිදුවිය. මෙම බස්රථ දෙක, ආපසු මන්නාරම් යන අතරවාරයේ දී
තල්ලඩි යුද හමුදා කදවුරේ නවත්තා ගනු ලදුව, නිදහස් කෙරුණේ, පසුදා උදෑසන එළඹීමෙන්
පසුව ය.
උතුරේ සිට කොළඹට ධාවනය
වුණු, මගීන් තිස්දෙනාගේ බස් රථ ද (උද්ඝෝෂණයට සම්බන්ධයක් නැති), පෙරදින (5 වැනිදා)
ඕමන්තේදී නවත්වන ලදුව, කොළඹ බලා ධාවනය
කරන්නට අවසර දෙන ලද්දේ අද මාර්තු 6 වැනිදා උදෑසන ය.
පාන්දර හතරහමාරට කොළඹ
යන්නට පුළුවන් බව පොලිසියෙන් පොරොන්දු ලද සංවිධායකයන් හරියට පහට, මූලස්ථාන පොලිස්
පරීක්ෂකවරයා මුණ ගැසෙන්නට ගිය විට, ඔහු පැවසූයේ, ඔවුන්ට යන්නට හැකි වන්නේ පෙරවරු
පහ හමාරට බවයි. ඒසේ
වුවද, පොලීසිය වව්නියාවේ සියලුම බස් රියදුරන්ට උපෙදස් දී තිබුණේ, මේ මේ සෙනග කොළඹ
නොගෙනියන ලෙසත්, එසේ කළහොත් ගැටළු ඇතිවිය හැකි බවත් ය. පුද්ගලික බස් රථ හිමිකරුවන්ගේ සංගමය පවා පසුවූයේ
මෙම ජන පිරිස ප්‍රවාහණය කරන්නට බියෙනි. ඉතිරිව තිබුණේ බස්රථ 13න් 2ක් වන බැවින්, (මන්නාරමෙන්
පැමිණියවුන් ඇතුළුව) 750කට අධික පිරිසක්
කොළඹට ප්‍රවාහණය කරන්නට නො හැකිව, සංවිධායකයෝ කොළඹ උද්ඝෝෂණයට සහභාගීවීමේ අදහස
අත්හළ හ.
ඒ වෙනුවට, උදෑසන
10ට පමණ, නගර සභා පිට්ටනියේදී ජනතාව මුණගැසුණු සංවිධායකයන්, නිහඞ පා ගමනකින්
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ගොස් දිස්ත්‍රික් ලේකම්වරයාට සංදේශයක් බාර දීමට
තීන්දු කළ හ. ‘‘කෝලාහලයක් මර්ධනය කරන්න වගේ, බරපතල විදිහට සන්නද්ධ වෙලා හිටපු ආරක්ෂක හමුදාවත්, ජල පප්රහාරක ට්‍රක් රථ හරස් කරගත් පොලීසියත්,
වව්වනියාව නගරය මැද්දෙ පෙළ ගස්සල තිබුණෙ, සාමකාමී ජනතාව දිස්ත්‍රික් ලේකම්තුමාගෙ කාර්යාලෙට පෙළපාලියකින් ගිහින් සංදේශයක්
භාරදෙන එක වළක්වන්නයි.....” සිවිල් නිරීක්ෂණ කොමිසමේ කැඳවුම්කරු හා ප්‍රජාතන්ත්‍රවාදී
ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් පැවසී ය.
මද්‍යහ්න දොළහට
පමණ, පිට්ටනියෙන් පිටමං වූ පසු, කාර්යාල පිවිසුමේදී ජනතාව නැවැත්තූ පොලීසිය විසින්
ඔවුන්ට ඇතුළට යාමට අවසර නො දුණි. ඔවුන්ට පවසනු ලැබුණේ, උපරිම අට දෙනෙකු පරිශ්‍රයට
ඇතුළුව, දිස්ත්‍රික් ලේකම්වරයා හමුවන ලෙසයි. කෙසේ වුවද ජනතාවට අවශ්‍ය වූයේ, එක්කෝ පරිශ්‍රයට
ඇතුළුව හෝ නැතිනම් දිස්ත්‍රික් ලේකම්වරයා
පිටතට රැගෙනවිත් හෝ ඔවුන් හැමෝම පුද්ගලිකව
මුණගැසීමටයි. ආරම්භයක් ලෙස, දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී සරවනබවන්, දිස්ත්‍රික්
ලේකම් මුණගැසෙන්නට, එම කාර්යලයට ගියේ, ඔහුට තත්ත්වය ඒත්තු ගන්වා ඔහුව, ජනතාව හමුවට
කැඳවාගෙන ඒමට යි. පිටතට ඒම ප්‍රතික්ෂේපව තිබුණෙන්, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්
වන සරවනබවන් හා සිවශක්ති ආනන්දන්, ක්‍රිස්තියානි පූජකවරයෙකු සහ මන්නාරමේ පුරවැසි
කමිටුවේ නියෝජිතයෙකු යළි වතාවක් දිස්ත්‍රික් ලේකම් හමුවට ගොස් ඒත්තු ගන්වන්නට වූයේ
පිටතට පැමිණ, සංදේශය බාරගන්නා ලෙසයි. දිස්ත්‍රික් ලේකම්වරයා ඊටද ප්‍රතිචාර දක්වනු
ලද්දේ, තමන් හමුවීමට අපේක්ෂා කරන අයට, තම දොරටුව ඕනෑම මොහොතක විවෘත බවත්, එළියේ
සිටින විරෝධතාකරුවන්ගේ නියෝජිතවරයන්ට, ඇතුළතට විත් තමන් හමුවිය හැකි බවත්, සංදේශය
බාර දීමට හැකි බවත්, එනමුත් තමන් කිසිසේත්ම පිටතට නොඑන බවත් ය.
පෙරළා පැමිණි
ඔවුන්, දිස්ත්‍රික් ලේකම්වරයා පවසන ලද්දේ කුමක්දැයි ජනතාවට කී විට, ඊට විරෝධය පා
හඞනැගීම ඇරඹූ ජනතාව, විරෝධය මහපාරට ගෙන එමින් ප්‍රධාන ඒ 9 මාර්ගය හරහා වාඩි
ගත්තෝ ය. අවසානයේ, ආසන්න වශයෙන් පස්වරු
1.45ට, අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා
පිටතට පැමිණ, ජනතාව අතින් සංදේශය බාරගත්තේ
ය. ජනතාව, ඉනික්බිති ප්‍රධාන පාරෙන් ඉවත්
වී සාමාන්‍ය ගමනාගමනයට ඉඩකඩ ලබා දුන් හ. ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට වෙත යොමුකර තිබූ
සංදේශයෙන්, අවශේෂ කාරණා අතර, ඉල්ලා තිබුණේ පැහැරගෙන රඳවාගෙන සිටින්නවුන් මුදාහරින
ලෙස හෝ ඔවුන්ගේ නම් අනාවරණය කරන ලෙසයි. හවස හතර වනතුරුත්, දිස්ත්‍රික්
ලේකම්වරයාගෙන් ප්‍රතිචාරයක් නැති තැන, විසිරුණු සෙනග, අවසන, සිය ගෙවල්දොරවල් බලා
නික්මුණ හ.
2013 මාර්තු 06,
කොළඹ
කොළඹ විහාරමහ දේවි
උද්‍යානයට (විරෝධතාව පැවැත්වීමට නිෂ්චිකව තිබූ තැන) ගියවුන්ට අනුව, මෙකී උදෑසන
9.45ට, කොළඹ 7, නගර ශාලාවට ( විහාර මහා දේවී උද්‍යානය ඉදිරිපිට) අතුරුදන් වූවන්ගේ
පවුල්, පූජ්‍ය පක්ෂය, දේශපාලන නායකයන්, සිවිල් සංවිධාන නායකයන්, තානාපති කාර්යාල
නියෝජිතයන් සහ ජනමාධ්‍යකරුවන්ගෙන් සමන්විත සෙනගක් රැස්ව සිටිය හ. පූජ්‍ය පක්ෂය,
දේශපාලනඥයන් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් කිහිප දෙනා සෙනග අමතා කියා සිටියේ,
ආණ්ඩුව විසින් වව්නියාවේදී, සිය ගණන් පිරිසකට, හිතාමතා කරනලද අවහිරතා හේතුවෙන්, සැළසුම්
කරන ලද විරෝධතාව (සත්‍යග්‍රහය) නො පවත්වන බව ය. එහෙත්, එක් රැස්වුණු ඔවුන්, මෙම
පවුල්වලට කළ අවහිරතාවට එරෙහිව, රැස්වීමටත්, නිදහස් ගමනාගමනයටත්, ප්‍රකාශනයට සහ
ඔවුන්ගේ සමීපතමයන් සොයා ගැනීම සඳහා සාමකාමී ක්‍රියාකාරකම්වල නිරත වීමටත් ඇති
අයිතිය වෙනුවෙන් උද්ඝෝෂණය කර එක්සත්
ජාතීන්ගේ කාර්යලයට පෙත්සමක් භාර දෙන ලදි. පැමිණ
සිටි ක්‍රියාකාරිකයන් තවදුරටත්, ජනමාධ්‍යයන්ගෙන් ඉල්ලා සිටියේ, අතුරුදහන් වූවන්ගේ
පවුල් වලට යුක්තිය හා සාධාරණත්වය ලබා දීමටත්, රැස්වීමේ නිදහස තහවුරු කරලීමටත් තමන්
ගෙන යන ‘අරගලයට’ සහය දක්වන ලෙසයි. මෙම විරෝධතාව
පුරාම, පොලිස් නිලධාරීන් මෙම ස්ථානයේ රඳවා තිබුණි.
පොලිස්පතිවරයා
සහ නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධ කරගත් විට, ඔවුන් කිවේ, ඔවුන්ට මේ සිද්ධීන් ගැන
අදහසක් නැති බවයි.
මෙම
සිද්ධිය වාර්තා කිරීමටත්, අවහිරතාවට හේතූවූ
දෑ ගැන වැඩිදුර යමක් දැනගැනීමටත්, විපක්ෂයේ සාමාජිකයන් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන්ගෙන්
සමන්විත නියෝජිතයෝ පිරිසක්, හය වෙනිදා පස්වරු දෙකට, පොලිස්පතිවරයා
හමුවුණ හ.
නමුත්
මේ අතර, අතුරුදහන්වූ ශ්‍රී ලංකා හමුදා සොල්දාදුවන්ගේ පවුල් සාමාජිකයන් හා එල්ටීටීඊයට
බලහත්කාරයෙන් අලුතින් බදවා ගත්තවුන්ගේ පවුල් සාමාජිකයන්ගෙන් සමන්විත, ‘‘ඝාතනය වූ
සහ අතුරුදහන්වූවන්ගේ දෙමාපිය පෙරමුණේ“ 1500ක් පමණ වන සාමාජිකයන්ට සිය විරෝධතාව අද
කොළඹදී කරළියට ගෙනෙන්නටත්, අතුරුදහන්වූවන් වී යැයි කියන 3000කගේ
නම් සහිත ලියමනක්, කිසිදු බාධා
හිරිහැරයකින් තොරව එක්සත් ජාතීන්ගේ
කාර්යාලයට බාර දීමටත් හැකිවිය. එම ලියමනෙන්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්
කවුන්සිලයට ඇරියුම් කර තිබුණේ, අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ට යුක්තිය සළසා
දීමේදී, එල්ටීටීඊ ය සහ දෙමළ ජාතික සන්ධානය මෙහයවන ක්‍රියාමාර්ග පිළිබද විමර්ෂණයකට
එළඹෙන ලෙස ය.
ශ්‍රී ලාංකික
අතුරුදන්වූවන්ගේ සිය ගණනක් වන පවුල් වල
සාමාජිකයන්ද, සාමකාමී විරෝධතාකරුවන්ද කොළඹට ගමන් කරන අතරතුර, වව්නියාවේදී රදවා ගනිමින්, ශ්‍රී ලංකා බලාධිකාරිය කළ
අවහිරතාවන් පිළිබද වාර්තාවන් අසා තමන් තැතිගන්මට හා සංවේගයට පත්වූ බවත්, මෙම පුරවැසියන්ගේ
නිදහස් ක්‍රියාවන්ට, ඉඩදෙන ලෙස ශ්‍රී ලංකා රජයට අවධාරණය කළ බවත්, කොළඹ පිහිටි ඇමරිකානු
තානාපති කාර්යාලය පැවසී ය. (http://srilanka.usembassy. gov/pr-6march2013.html)
ඒ
අතරවාරයේ, පුවත්පත් නිවේදනයක් නිකුත්කළ, අයිතීන් සදහා එකමුතුව (NfR) , එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සමාජිකයන් අමතා
ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා රජයේ, ප්‍රජාතන්ත්‍ර විරෝධී චර්යාව, සමාලෝචනය කොට, එය කවුන්සිලයට
ඍජුව එල්ලකරන අභියෝගයක් ලෙස සළකා යථා පරිදි කටයුතු කරන ලෙස ය. යම් සහනයක් පතා ශ්‍රී
ලංකාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට පැමිණෙමින් සිටි අතුරුදන්වූවන්ගේ පවුල් සාමාජිකයින්ට
මාර්ගය අවහිර කළ, රජයේ නියෝජිතයන් ඇතුළු සියලුම වගකිවයුත්තන්ගෙන් විමසන ලෙස මානව
හිමිකම් සදහා වන එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයාට අවධාරණය කර සිටි අයිතීන් සඳහා එකමුතුව, ජාත්‍යන්තර මානව හිමිකම්
ප්‍රජාවෙන් ඉල්ලා සිටියේ මෙකී
අතුරුදන්වූවන්ගේ පවුල් වලට උපරීම සහයෝගීතාව පළ කරනු වස් ශ්‍රි ලංකා රජයේ
නියෝජිතයින් හමුවේ මෙම කාරණාව හැකිතාක් බලවත් ලෙස මතුකරන ලෙස යි.
*මෙම
වාර්තාව පදනම් වී ඇත්තේ,පොලීසිය විසින් නතර කළවුන්, වව්නියාවේදී හා කොළඹදී
විරෝධතාවන්ට සහභාගී වූවන් සහ පූජකවරුන්, දානව හිමිකම් ක්‍රියාකාරිකයන් සහ
දේශපාලඥයන් බඳු ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට මැදිහත් වූවන්ගේ සාක්ෂි මත ය.
............................. .............................. .............................. .............................. .............................. .............................. ..
2013
මාර්තු 07 වෙනිදා ග්‍රවුන්ඩ්වීව්ස් වෙබ් අඩවියේ 'Police detains families
of disappeared from Northern Sri Lanka and prevents peaceful protest and
petition to the UN' මැයෙන් පළවූ ලිපියේ සිංහල අනුවාදයකි.
සාහසික ආණ්ඩුවක් පවතින ශ්‍රී ලංකාවේදී පොදුරාජ්‍ය මණ්ඩල නායක හමුව නොපැවැත්විය යුතුය!
මහාචාර්ය ජේම්ස් මැනර්
ඉන්දියාවට ඉක්මණින්ම මහා ජාත්‍යන්තර ව්‍යසනයක් සම්බන්ධයෙන් අයුතු සහගත ලෙස දෝෂාරෝපණයකට ලක්වීමට සිදුවනු ඇත. 1991 සිටම පොදුරාජ්‍ය මණ්ඩලය ප්‍රජාතන්ත්‍රවාදය, අයිතීන් මානුෂික ගෞරවය, පිලිබද දර්ශනය පිටුපස සිටි ගාමක බලයක් විය. නිදසුනක් ලෙස එක් පක්ෂයක් පමණක් තිබූ රටවල් කීපයක නායකයන් බහුපක්ෂ ක්‍රමය ඇති කිරීම සඳහා එය විසින් නම්මා ගන්නා ලද අතර මැතිවරණවලින් පරාජයට පත් වූ නායකයන් බලයේ එල්ලී සිටීමට දරන වෑයම් අසාර්ථක කිරීමට එය වගබලා ගත්තේය. මෙම ප්‍රශංසනීය වාර්තාව දැන් විනාශවීමට ආසන්නය.
මීලඟ පොදුරාජ්‍ය මණ්ඩල නායක හමුව බහුවිධ සාහසික ක්‍රියාවන් සිදුකළ දූෂිත ආණ්ඩුවක් පවතින ශ්‍රි ලංකාවේ පැවැත්වීමට නියමිතය. මෙම හමුව වෙනත් තැනකට ගෙන නොගිය හොත් ඒ හේතුවෙන් විසින් පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රත්‍යක්ෂිත වගකීම් අත්හැර දැමෙනු ඇත. එහි වැනෙන සුළු මහලේකම් කමලේෂ් ෂර්මා, ස්ථානය වෙනස් කිරීමේ උත්සාහයන් අවහිර කොට තිබේ. ඔහු හිටපු ඉන්දීය රාජ්‍යතාන්ත්‍රිකයෙකු වන බැවින් දෝෂාරෝපණය එල්ලවනු ඇත්තේ නව දිල්ලියටය.
සිදුවීම් දැනටමත් ආරම්භ වී හමාරය. ශ්‍රි ලංකාව තුළ චීනයේ වර්ධනය වෙන බලපෑම පිළිබඳ තැවුලට පත්ව ඇති ඉන්දියාව විසින්, ශ්‍රි ලංකා නායකයන්ට එරෙහි වීමෙන් වළකින ලෙස ෂර්මාගෙන් ඉල්ලා ඇතැයි සමහරුන් අදහස් කරති. ශ්‍රී ලංකාව තුළ චීනය විසින් දැවැන්ත ආයෝජන සිදුකර ඇති බව සත්‍යයකි. 2011 දී සිය අභිමතය පරිදි වියපැහැදම් කිරීමට චීනය විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂට ඇමෙරිකානු ඩොලර් මිලියන 9ක් දීම සම්බන්ධව පුවතක් පළකිරීම වළක්වනු වස් දැරූ අසාර්ථක උත්සාහයේදී එක්තරා පුවත්පත් කතුවරයෙකුට ඔහු විසින් දුරකතනයෙන් තර්ජනය කර තිබිණි. නමුත් ඉන්දියාව මහලේකම්වරයාට බාධා කිරීමට උත්සාහ කළේ නැත.
නවදිල්ලියේ විදේශ ප්‍රතිපත්ති ආයතනවල ජ්‍යේෂ්ඨ රාජ්‍යතාන්ත්‍රිකයන් සහ ලන්ඩනයේ පොදු රාජ්‍ය මණ්ඩලීය කව විසින් ඉතා සරල ලෙස පෙන්වා දෙනුයේ ඉන්දීය නායකත්වය, ශ්‍රී ලංකා නායකයන් සහ ඔවුන්ගේ කෲර ක්‍රියාවන් සම්බන්ධයෙන් දැඩි ලෙස කෝපයට පත්ව ඇති බවයි. තදබල ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉන්දියාව පුද්ගලිකව පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉල්ලා ඇති අතර බයාදු මහලේකම්වරයා විසින් එම උපදේශය ප්‍රතික්ෂේප කොට තිබේ.
දිවයිනේ දෙමළ සුළුතර ප්‍රජාවට යම් ආකාරයක සවපාලනයක් ලබා දෙනු සඳහා ඡන්දයෙන් තෝරාපත් කරගනු ලබන පලාත් සභාවන්ට ප්‍රමාණවත් පරිදි බලතල ලබා දෙන බවට ඉන්දියන් නායකයන්ට කලින් දී තිබු සහතිකය බිඳ දැමීමට පසුගිය මාසයේදී රාජපක්ෂ ගත් තීරණය ගැන ඉන්දියාව විශේෂයෙන් අසතුටට පත්ව සිටී. එයට ප්‍රතිපක්ෂව රාජපක්ෂ බලය දැඩි ලෙස මධ්‍යගත කරන බවට නිවේදනය කළේය. ඉන්දියාවට ආඩාපාලි කීමෙන් අනතුරුව ඔහු බුද්ධගයාව සහ ත්‍රිපති වෙත ගිය මාසයේ පැමිණි විට මධ්‍යම රජයේ කිසිදු ඇමැතිවරයෙකු ඔහු මුණගැසීමට පැමිණියේ නැත.
![]() |
| චැනල්4 වීඩියෝව(බාලචන්ද්‍රන්) |
ශ්රී ලංකා නායකයන්ගේ චර්යාවේ වර්ධනයක් සිදුවනු ඇතැයි බයාදු සහගත ලෙස පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරයා සිය විශ්වාසය පළකළ ද, සිවිල් යුද්ධය නිමා වූ දින පටන් අඛණ්ඩ ලෙස ඔවුන්ගේ ක්‍රියාවන් වෙත බැරූරුම් අවධානයක් යොමුවෙමින් පවතී. ජාත්‍යන්තර මානුෂික නීතිය නොතකා හැරීම පිළිබඳව, ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් මුවම්මර් ගඩාෆිගේ පුතාට එරෙහිව වරෙන්තු නිකුත් කර ඇති ආකාරය සැළකිල්ලට ගන්නැයි බැරැක් ඔබාමාගේ සහකාර රාජ්‍ය ලේකම් ඔවුන්ට අනතුරු අඟවා ඇත.
![]() |
| ද්වේශ සහගත දෝශාබියෝගයෙන් ධුරයෙන් ඉවත් කල ශිරාණි බණ්ඩාරණායක අගවිනිසුරුතුමිය |
ඉතා මෑතකදී, විධායකයට අවනත නොවීම හේතුවෙන් ශ්‍රි ලංකාවේ අග්‍රවිනිශ්චයකාරවරියට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන ලදි. එමගින් ස්වාධීන අධිකරණයක් පිළිබඳව පොදු රාජ්‍ය මණ්ඩලයේ එකඟතාවන් උල්ලංඝණය කරනු ලැබ ඇත. ජාත්‍යන්තර නීතිඥ සංගම් මෙයට විරෝධතාව පළ කරමින් ඉන්දියාවේ හිටපු අග්‍ර විනිශ්චයකාරවරයෙකුවන ජේ. එස්. වර්මා සාකච්ඡා සඳහා කොළඹට යැවීමට උත්සාහ කළ විට ඔහුට වීසා ලබා දීම ප්‍රත්ක්ෂේප කරනු ලැබිණි.
අභිරහස් සන්නද්ධ කණ්ඩායම් විසින් රජයේ විරුද්ධවාදීන්ව පැහැරගැනීම්, තුවාළ සිදු කිරීම්, සහ මරා දැමීම් දිගටම සිදු කරයි. ජනමාධ්‍යවේදීන් නිරන්තරයෙන් ඉලක්ක බවට පත්වේ. ශ්‍රී ලංකාවේ බලයේ සිටින පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක 2009 දී “ 2006 සිට ජනමාධ්‍යවේදීන් 9 දෙනෙකු මරා දමා ඇති අතර 27 දෙනෙකුට එරෙහිව ප්‍රහාර සිදු කෙරී ඇත. පස්දෙනෙකු පැහැරගෙන යාමට ලක්ව ඇත.” යි පැවසීය. වරක් ශ්‍රි ලංකාවේ බීබීසී වාර්තාකරුවෙකුට ශාරීරිකව ප්‍රහාර එල්ලකළ රජයේ ඇමැතිවරයෙකු, 2010 දී මහජන හමුවකදී පවසා සිටියේ “ ජනමාධ්‍යවේදීන් ඔවුන්ව එල්ලා මරාදැමීමට සිදුවන දේ ලීවීමෙන් වැළකිය යුතු බවයි”. සති දෙකකට පෙරාතුව සන්නද්ධ පිරිසක් රජය විවේචනය කළ කොළඹ ජනමාධ්‍යවේදීයෙකුට, ඔහුගේ නිවසට කඩාපැන කිහිපවරක් වෙඩි තබා ඔහුව මැරෙන්නට හැර පළාගොස් තිබේ.
![]() |
| මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ (දැනට අතුරුදහන්ව ඇත) |
පොදුරාජ්‍ය මණ්ඩලීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති වරයා “ මේ ආකාරයේ නීති විරෝධී සහ ප්‍රචණ්ඩ ක්‍රියාවන් නිදහස් මාධ්‍යයන්ට එරෙහිව සිදු කරන කිසිදු රජයකට තමන් ප්‍රජාතන්ත්‍රවාදී යැයි හඳුන්වා ගැනීමට කිසිදු අයිතියක් නැත. ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලයේ ප්‍රධාන මූල ධර්ම පිළිපැදීමෙහිලා අහලකටවත් පැමිණ නැත”යි ප්‍රකාශ කළේය. මේ අයුරින් පීඩා විඳිනුයේ ලියන්නන් පමණක් නොවේ. දිවයිනේ අධිකරණ සේවා කොමිසමේ සභාපති වරයාට පිහිපහර කෑමට ද සිදු වූයේ රජය විසින් අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කිරීමට තැත්කරන බවට සිදු කරන ලද ප්‍රකාශයක් හේතුවෙනි.
විවිධ ජාත්‍යන්තර සංවිධාන විසින් පවත්නා තත්ත්වය පිළිබඳ සිය සැළකිල්ල ප්‍රකාශ කරන ලද විට, ශ්‍රී ලංකා රජය විසින් ඒවා බොරු පැතිරවීමේ නාටකීය වෑයම් ලෙස ප්‍රතික්ෂේප කරනු ලැබිණි. පිළිගැනීමට ලක්ව ඇති ආයතන සහ සංවිධාන කොතරම් සංඛ්‍යාවක් ඊට සම්බන්ධව ඇත්දැයි දකින විට එය විශ්වාස කිරීමට ද අපහසුය. රතුකුරුසය, එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපීය සංගමය, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තුමේන්තුව, ඕස්ට්‍රේලියානු සහ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු, පොදු රාජ්‍ය මණ්ඩලීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, පොදු රාජය මණ්ඩලීය මානව හිමිකම් ප්‍රාරම්භය, හියුමන් රයිට් වොච්, ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සහ තවත් මානව හිමිකම් සංවිධාන ගණනාවකි.
ශ්‍රි ලංකාවේ නායකයන්ගේ මානසිකත්වය තේරුම් ගැනීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ සහෝදරයා වන ගෝඨාභය රාජපක්ෂ විසින් 2012 ජූලි මාසයේ සන්ඩේ ලීඩර් පුවත්පතේ මාධ්‍යවේදිනියකට දුරකතනයෙන් බැණවැදීමෙහිලා කරනලද ප්‍රකාශය වෙත අවධානය යොමුකිරීම ප්‍රමාණවත්ය. ඔබ මට තර්ජනය කරන්නේ දැයි ජනමාධ්‍යවේදිනිය ඇසූ විට, ඔහු පිළිතුරු දුන්නේ “ ඔව් මම උඹට තර්ජනය කරනවා, උඹලගේ වර්ගේ ජනමාධ්‍යවේදියෝ ජරාව කන ඌරෝ! උඹ ජරා ගොඩක්! ජරා මාධ්‍යවේදියෙක්! මම උඹව හිරේට දමනවා, මිනිස්සු උඹව මරලා දමයි.!” යනුවෙනි. එහි මීට වඩා බොහෝ දේවල් තිබේ. මෙම දුරකතන සංවාදයේදී ඔහු විසින් අසභ්‍ය වදන් ප්‍රකාශ කර ඇති වාර ගණන 22කි.
තවත් එක් හිසකේ කෙළින් කරවන අනාවැකියක් සඳහන් කළ යුතුය. පොදුරාජ්‍ය මණ්ඩලීය නායකයන්ගේ හමුව කොළඹ පැවැත්වෙන්නේ නම් ශ්‍රී ලංකා නායකයන් විසින් ඉදිරි දෙවසර තුළ පොදු රාජ්‍ය මණ්ඩලීය ආයතන සම්බන්ධීකරණය කරනු ඇත-මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතාකරන්නවුන් ද ඊට ඇතුළත්වනු ඇත.
මිනිස් විනීත කම උදෙසා ක්‍රියාත්මක බලවේගයක් ලෙස තමන් විසින් දිනා ඇති ගෞරවය රැක ගැනීමට පොදු රාජ්‍ය මණ්ඩලයට අවශ්‍ය නම් නායක හමුව පැවැත්වෙන ස්ථානය වෙනස් කළ යුතුය. එය වෙනස් නොකරන්නේ නම් වගකීම පැවරෙනු ඇත්තේ මහලේකම්වරයා වෙත මිසෙක ඔහු ඉන්දියානුවෙකු වුවද ඉන්දීය රජය වෙත නොවේ.
..............................
මහාචාර්ය ජේම්ස් මැනර් A message to Colombo යනුවෙන් ලියන ලදුව Indian Express පුවත්පතේ පළ වූ ලිපියේ පරිවර්තනයකි. ජේම්ස් මැනර් පොදුරාජ්‍ය මණ්ඩල අධ්‍යයන පිළිබඳ ලන්ඩන් විශ්වවිද්යාලයේ විශ්‍රාම ලත් මහාචාර්යවරයෙකි.
ශ‍්‍රී ලංකාව: අල්මාරියේ ඇටසැකිලි?
ජොනතන් මිලර් විසිනි.
විමුක්ති කොටි අරගලයේ නිජබිම වූ දෙමළ උතුරෙහි ‘ජයෝන්මාදය’ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ආණ්ඩුවට පසුගිය පෙබරවාරියේ දී චෝදනා එල්ල කරද්දී, එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරිය සිය වදන් ලිහිල් නොකළා ය. වන්නිය නමින් හැඳින්වෙන ප‍්‍රදේශයේ සිවිල් ජනතාවට යුද්ධයේ දී මියගියවුන් සැමරීම තහනම් කරනු ලැබ ඇතැයි නවී පිල්ලෙයි පසුගිය පෙබරවාරි 11වැනි දා පලකළ වාර්තාවකින් කියා සිටියා ය.
වාර්තාවන අන්දමට දැනට වන්නි ප‍්‍රදේශය අත්පත්කරගෙන සිටින ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ හමුදාවන් විසින් සොහොන් 20, 000කට වඩා තිබූ දෙමළ කොටි සුසාන භූමි මුළුමනින් සමතලා කරදමා ඇත. ජයග‍්‍රාහකයන් සැමරීම සඳහා වන කෞතුකාගාර, ස්මාරක පළාත පුරා මතුවෙමින් එයි. මේ තත්ත්වය පිල්ලෙයි මහත්මිය ගේ වචනවලින් ම කියතොත්, ‘ජයෝන්මාදවාදී සංඛේත ගොඩනැඟීමේ නැඹුරුව ප‍්‍රදේශයේ ජනයා තුළ බලවත් නොසලකාහැරීමේ හැඟීම් දනවයි.’
මිලිටරිහරණය සඳහා වූ ඉල්ලීම් ආණ්ඩුව ප‍්‍රතික්ෂේප කරයි
මෙයින් වසර හතරකට ආසන්න කාලයකට ඉහත දී අවසන් වූ 27 වසරක යුද්ධයේ දී සිදුවීය යි කියන යුද අපරාධ පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක්, මහකොමසාරිස්වරිය නැවතත් ඉල්ලා සිටී.
එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ගේ වාර්තාව සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ ප‍්‍රතිචාරය බලාපොරොත්තු වූ පරිදි ම ප‍්‍රතික්ෂේප කිරීමකි. වන්නි ප‍්‍රදේශයෙන් හමුදා ඉවත්කිරීමේ ඇගේ ඉල්ලීම ආණ්ඩුව ප‍්‍රතික්ෂේප කළේ ය.
‘‘මනුෂ්‍ය ඝාතනයන් දැක්වෙන චැනල් 4 වීඩියෝ පටය සත්‍ය එකක් බවට පිළිගැනීමට සක්ෂ්‍ය නැතැ’’යි ආණ්ඩුව නැවත වතාවක් අවධාරණය කරයි. අනීතික ඝාතනයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා ද ඇතුළු බොහෝ ස්වාධීන විශේෂඥයන් විසින් චැනල් 4 පුවත් නාලිකාව විසින් පළමු වතාවට විකාශනය කරන ලද මෙම වීඩියෝ පටයේ සත්‍යතාව තහවුරු කර ඇත.
පිල්ලෙයි මහත්මිය ගේ වාර්තාව පළවූ වහා ම, වන්නි ප‍්‍රදේශයේ අගනගරය වන යාපනය වෙත සංචාරයක යෙදීමට එය සුදුසු අවස්ථාව බවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තීරණය කළේ ය. ‘සිදුවෙමින් පවතින සංවර්ධන කි‍්‍රයාදාමයන්’ පරීක්ෂා කරමින් ඔහු දින දෙකක් යාපනය අර්ධද්වීපයේ ගතකළේ ය.
මිලිටරියෙන් දුවවන සංචාරක කර්මාන්තය
ලන්ඩනය පදනම් කරගත් ‘සාමය සහ යුක්තිය සඳහා ශ‍්‍රී ලංකා ප‍්‍රයත්නය’ (Sri Lanka Campaign for Peace and Justice) විසින් පළකරන ලද, කලින් යුද්ධය පැවැති ප‍්‍රදේශවල ‘‘හමුදාවන් විසින් පවත්වාගෙන යනු ලබන සංචාරක කර්මාන්තයේ නැඟීම’’ නම් ලිපියෙහි, පිල්ලෙයි මහත්මිය විස්තර කරන ජයෝන්මාදවාදය මනාව නිරූපනය කර තිබිණි.
‘‘තට්ටු තුනේ බිම්ගත බංකරයක්, වෙඩිපිටියක්, සිනමා හලක්, අඩ බිම්ගත ගරාජයක් හා අවමංගල්‍ය ශාලාවක්’’ඇතුළත්, කලින් දමිළ කොටින් ගේ පාලන මධ්‍යස්ථානයේ ‘‘මාර්ගෝපදේශක චාරිකාවක් සංචාරකයන්ට පිරිනැමෙන බව’’ එහි සඳහන් වේ.
‘‘එහි සඳහන් ව නොමැත්තේ, එල්ටීටීඊයට අනවරත බියෙන් ජීවත් වූ සහ ඉන් අනතුරුව ශ‍්‍රී ලංකා හමුදාවන් ගේ වධ බන්ධනයන්ට ලක්ව සිටින දෙමළ ජනයා ගේ දුක්ගැහැට පිළිබඳ විස්තර ය.’’
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රචණ්ඩකාරී ඉතිහාසයේ අවතාර ප‍්‍රලය කර පලවා හැරීම පහසු නැතිබව ඔප්පු වෙමින් තිබේ. කොටින්ම රටේ දෙවැනි බලවත් ම පුද්ගලයා: ජනාධිපතිවරයාගේ සහෝදර ගෝඨාභය රාජපක්ෂටවත් එය පහසු නැත.
(දෙමළ සිවිල් වැසියන් දස දහස් ගණනක ගේ ජීවිත කැපකොට) දෙමළ කොටි කැරැල්ල තලාදැමීමේ කීර්තියෙන් පුදනු ලැබූ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයාව, මෙයින් වසර 20කට පෙර ජ්‍යෙෂ්ඨ හමුදා අණදෙන්නකුව සිටිය දී සිදු වූ සමූහ ඝාතනයකට, ශ‍්‍රී ලංකා මාධ්‍යවලින් විශාල වශයෙන් සම්බන්ධ කොට තිබේ. කෙසේ වෙතත් එවකට මරාදැමුණු බවට චෝදනා එල්ල වන්නේ මාක්ස්වාදී සිංහල කැරලිකරුවන් ය.
ජවිපෙ පරීක්ෂණයක් ඉල්ලයි
![]() |
| ප.ම අනුර කුමාර(ජ.වි.පෙ) |
![]() |
| මාතලෙන් සොයාගනු ලැබූ ඇටසැකිලි |
‘80 දශකය අගභාගයේ දී මාතලේ ප‍්‍රදේශයේ වධකාගාර පවත්වාගෙන ගිය බවට සහ නීතියට පිටින් මනුෂ්‍ය ඝාතනයන් සිදුකළ බවට එවකට පැවැති ආණ්ඩුව පුළුල් ලෙස චෝදනා ලැබී ය. වාර්තා වන පරිදි 60, 000කට අධික ජවිපෙ කැරලිකරුවෝ ඝාතනයට ලක්වූහ. දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂයක් වන ජවිපෙ, මාතලේ සිදුවීම් සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් උදෙසා බලකරති.
ශ‍්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවියට අනුව, හමුදා සම්බන්ධීකරණ නිලධාරියා සේ ම අදාළ ප‍්‍රදේශයේ එවකට අණදෙන නිලධාරියා ද වී සිටියේ, වෙනත් කිසිවකු නොව ගෝඨාභය රාජපක්ෂ ය.
එසේ ම ලූතිනන් කර්නල් රාජපක්ෂ යටතේ එවකට සේවය කළ කනිශ්ඨ නිලධාරීන්ගෙන් බොහෝ දෙනකු ගේ නම්, වන්නි යුද්ධයෙන් දිවිගලවාගත් දෙමළ ජනයාට හොඳට හුරුපුරුදු ය. ශවේන්ද්‍ර සිල්වා සහ ජගත් ඩයස් වැනි සිවිල් යුද්ධයේ තීරණාත්මක අවසන් මාසවල දී ජ්‍යොෂ්ඨ ජනරාල්වරුන් වශයෙන් සිටියවුන් ගේ නම් ඒ අතර වේ. අනෙක් තැනැත්තා පසුගිය අගෝස්තු මාසය වනතුරුත් වන්නියේ සිටි ආරක්ෂක හමුදාවේ ආඥාපති වූ සුමේධ පෙරේරා ය.
..............................
2013 පෙබරවාරි 14 වැනි දා ජොනතන් මිලර් විසින් Sri Lanka: skeletons in the cupboard? මැයෙන් ලියන ලදුව Channel 4 රූපවාහිනී සේවාවට අයත් 4News - World News Blog අඩවියෙහි පළවූ ලිපියේ සිංහල අනුවාදයයි.
හියුගෝ චාවේස්ගේ සමුගැනීම
වෙනිසුලාවේ ජනාධිපති හියුගෝ චාවේස් මිය ගිය බව එරටින් ලැබෙන තොරතුරුවලින් තහවුරු කර තිබේ. වසර 14ක් සිය පාලනය ගෙන ගිය චාවේස් 58 වන වියෙ පසු වූ අතර ලෝක දේශපාලනය තුල දැඩි අවදානය යොමු කර ගැනීමට සමත් විය. චාවේස් පසුගිය වසර 2ක් පමණ කාලය තුල වැලදී තිබු පිළිකාවක් හේතුවෙන් දැඩි අසාද්ද්‍ය තත්වයෙන් පසු වූ අතර ශල්‍යකර්ම කිහිපයක් ද සිදු කෙරුණි. ඇමරිකා ජනපති ඔබාමා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙන්නේ වෙනිසුයුලා ජනතාවට චාවේස්ගෙන් පසු පැමිණෙන්නේ අභියෝගාත්මක කාලයක් බවත් ජනතාවට අවශ්‍ය උපකාරය සහ සංවර්දන ක්‍රියාදාමයට දායක වන ප්‍රයෝජනවත් සහයෝගය වැඩිකර ගන්නා බවයි.
නිතියනම්.....
ශ්‍රී ලංකාවේ වර්තමානය ඉතාම ශෝචනීය තත්වයට පත්ව තිබේ, ලංකාවේ අද නිතිය යනු ඒ ඒ පුද්ගලයාට සාපේක්ෂ වුවකි. අසන්නතම සිදුවීම ඊයේ රාත්‍රී සිදු වූ අතර, බොදු බල සේනාව මහා වැටලීමක් සිදු කර වංචා සහගත ලෙස කටයුතු කල චීවරදාරියකු සහ එයට උපකාර කල පුද්ගලයන් දෙදෙනකු තම නීතියේ ග්‍රහණයට ගෙන තිබේ. වංචාවට දුෂනයයට එරෙහි සියලු දෙනා මෙය මහත් ඉහලින් අගය කරනු ලැබේ.
නමුත් මේ ආකාරයෙන් කටයුතු කිරීමට මහා බල සේනාවට අවැසි අවසරය මාර රෙජීමය සම්පාදනය කර දී තිබේ. මෙම වංචාව හෙළි කිරීම පිළිබද අපට ගැටළුවක් නොමැති අතර නමුත් ප්‍රශ්නය වන්නේ රටේ පිළිගත් නීතික්‍රමයක් සහ එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ආයතන තිබියදී මෙවැනි බල සේනාවන් මේ අයුරින් ක්‍රියා කිරීම පිළිබදවය.
මිට අසන්න දින කිහිපයකට ඉහත දී ජනාධිපති මහින්ද රාජපක්ෂද නියෝගයක් නිකුත් කලේ අත්අඩංගුවේ සිටි යාපනයේ විශ්වවිද්‍යාල සිසුන් නිදහස් කරන ලෙසයි. සිසුන් නිදහස් කිරීම පිළිබද ගැටළුවක් නොමැති අතර මේ අයුරින් තමන්ට සිතුමනාපෙට පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට නිදහස් කිරීමට හැකිවි තිබෙන්නේ කෙසේද යන්න උභතෝකොටිකයකි.
අජන්ත ඉලේපෙරුම
Subscribe to:
Posts
(
Atom
)














