සාහසික ආණ්ඩුවක් පවතින ශ්‍රී ලංකාවේදී පොදුරාජ්‍ය මණ්ඩල නායක හමුව නොපැවැත්විය යුතුය!


මහාචාර්ය ජේම්ස් මැනර්


ඉන්දියාවට ඉක්මණින්ම මහා ජාත්‍යන්තර ව්‍යසනයක් සම්බන්ධයෙන්  අයුතු සහගත ලෙස දෝෂාරෝපණයකට ලක්වීමට සිදුවනු ඇත. 1991 සිටම  පොදුරාජ්‍ය මණ්ඩලය ප්‍රජාතන්ත්‍රවාදය, අයිතීන් මානුෂික ගෞරවය, පිලිබද දර්ශනය පිටුපස සිටි ගාමක බලයක් විය. නිදසුනක් ලෙස  එක් පක්ෂයක් පමණක් තිබූ රටවල් කීපයක නායකයන්  බහුපක්ෂ ක්‍රමය ඇති කිරීම සහා එය විසින් නම්මා ගන්නා ලද අතර  මැතිවරණවලින් පරාජයට පත් වූ නායකයන්  බලයේ එල්ලී සිටීමට දරන වෑයම් අසාර්ථක කිරීමට එය වගබලා ගත්තේය. මෙම ප්‍රශංසනීය වාර්තාව දැන් විනාශවීමට ආසන්නය.
මීලපොදුරාජ්‍ය මණ්ඩල නායක හමුව  බහුවිධ සාහසික ක්‍රියාවන් සිදුකළ දූෂිත ආණ්ඩුවක් පවතින ශ්‍රි ලංකාවේ පැවැත්වීමට නියමිතය.  මෙම හමුව වෙනත් තැනකට ගෙන නොගිය හොත්  ඒ හේතුවෙන් විසින් පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රත්‍යක්ෂිත වගකීම් අත්හැර දැමෙනු ඇත. එහි වැනෙන සුළු මහලේකම් කමලේෂ් ෂර්මා, ස්ථානය වෙනස් කිරීමේ උත්සාහයන් අවහිර කොට තිබේ. ඔහු හිටපු ඉන්දීය රාජ්‍යතාන්ත්‍රිකයෙකු වන බැවින්  දෝෂාරෝපණය එල්ලවනු ඇත්තේ නව දිල්ලියටය.
සිදුවීම් දැනටමත් ආරම්භ වී හමාරය.  ශ්‍රි ලංකාව තුළ චීනයේ වර්ධනය වෙන බලපෑම පිළිබ තැවුලට පත්ව ඇති ඉන්දියාව විසින්, ශ්‍රි ලංකා නායකයන්ට එරෙහි වීමෙන් වළකින ලෙස ෂර්මාගෙන් ඉල්ලා ඇතැයි සමහරුන් අදහස් කරති.  ශ්‍රී ලංකාව තුළ චීනය විසින් දැවැන්ත ආයෝජන සිදුකර ඇති බව සත්‍යයකි. 2011 දී සිය අභිමතය පරිදි වියපැහැදම් කිරීමට චීනය විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂට ඇමෙරිකානු ඩොලර් මිලියන 9ක් දීම සම්බන්ධව පුවතක් පළකිරීම වළක්වනු වස් දැරූ අසාර්ථක උත්සාහයේදී එක්තරා පුවත්පත් කතුවරයෙකුට ඔහු විසින් දුරකතනයෙන් තර්ජනය කර තිබිණි.  නමුත්  ඉන්දියාව මහලේකම්වරයාට බාධා කිරීමට උත්සාහ කළේ නැත.
නවදිල්ලි‍යේ විදේශ ප්‍රතිපත්ති ආයතනවල ජ්‍යේෂ්ඨ රාජ්‍යතාන්ත්‍රිකයන් සහ ලන්ඩනයේ පොදු රාජ්‍ය මණ්ඩලීය කව විසින් ඉතා සරල ලෙස පෙන්වා දෙනුයේ ඉන්දීය නායකත්වය,  ශ්‍රී ලංකා නායකයන් සහ ඔවුන්ගේ කෲර ක්‍රියාවන් සම්බන්ධයෙන් දැඩි ලෙස කෝපයට පත්ව ඇති බවයි.  තදබල ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉන්දියාව පුද්ගලිකව පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉල්ලා ඇති අතර  බයාදු මහලේකම්වරයා විසින් එම උපදේශය ප්‍රතික්ෂේප කොට තිබේ.
දිවයිනේ දෙමළ සුළුතර ප්‍රජාවට යම් ආකාරයක සවපාලනයක් ලබා දෙනු සහා  ඡන්දයෙන් තෝරාපත් කරගනු ලබන පලාත් සභාවන්ට ප්‍රමාණවත් පරිදි බලතල ලබා දෙන බවට ඉන්දියන් නායකයන්ට කලින් දී තිබු සහතිකය බි දැමීමට පසුගිය මාසයේදී රාජපක්ෂ ගත් තීරණය  ගැන ඉන්දියාව විශේෂයෙන් අසතුටට පත්ව සිටී. එයට ප්‍රතිපක්ෂව රාජපක්ෂ බලය දැඩි ලෙස  මධ්‍යගත කරන බවට නිවේදනය කළේය. ඉන්දියාවට ආඩාපාලි කීමෙන් අනතුරුව ඔහු බුද්ධගයාව සහ ත්‍රිපති වෙත ගිය මාසයේ පැමිණි විට මධ්‍යම රජයේ කිසිදු ඇමැතිවරයෙකු ඔහු මුණගැසීමට පැමිණියේ නැත.
චැනල්4 වීඩියෝව(බාලචන්ද්‍රන්)
 2009 දී ,  සිවිල් යුද්ධයේ අවසාන අදියරේදී  සටන්කරුවන් නොවන සාමාන්‍ය සිවිල් වැසියන්ට එරෙහිව සිදුකළ සාහසික කෲර ක්‍රියාවන් පිළිබව ඉන්දීය නායකත්වය මනා ලෙස දැනුවත්ය. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් පත් කරන ලද  කමිටුවක් මගින් සිදුකළ පරීක්ෂණයේදී , ශ්‍රී ලංකා රජයේ හමුදාවන්ගේ ක්‍රියාකලාපය “ කැත සහ බිහිසුණු” එකක් යැයි විස්තර කර තිබිණි. ඉතා මෑතකදී ඉන්දියානු රූපවාහිනි සේවාවක් විසින් සිදු කළ විකාශනයකදී  දෙමළ විමුක්ති කොටි සංවිධානයේ නායක වී. ප්‍රභාකරන්ගේ  12 හැවිරිදි පුත්‍රයා හමුදා අත් අඩංගුවේදී ඉතා ආසන්නයේ සිට වෙඩි තබා මරා දැමූ බවට බ්‍රිතාන්‍ය චැනල් 4   ඉදිරිපත් කළ  ප්‍රබල සාක්ෂි පිළිබව විස්තර විය.  
ශ්‍රී ලංකා නායකයන්ගේ චර්යාවේ වර්ධනයක් සිදුවනු ඇතැයි බයාදු සහගත ලෙස පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරයා සිය විශ්වාසය පළකළ ද,  සිවිල් යුද්ධය නිමා වූ දින පටන් අඛණ්ඩ ලෙස ඔවුන්ගේ ක්‍රියාවන් වෙත බැරූරුම් අවධානයක් යොමුවෙමින් පවතී.  ජාත්‍යන්තර මානුෂික නීතිය නොතකා හැරීම පිළිබව, ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් මුවම්මර් ගඩාෆිගේ පුතාට එරෙහිව වරෙන්තු නිකුත් කර ඇති ආකාරය සැළකිල්ලට ගන්නැයි   බැරැක් ඔබාමාගේ සහකාර රාජ්‍ය ලේකම් ඔවුන්ට අනතුරු අඟවා ඇත.
ද්වේශ සහගත දෝශාබියෝගයෙන් ධුරයෙන්
ඉවත් කල ශිරාණි බණ්ඩාරණායක
අගවිනිසුරුතුමිය

ඉතා මෑතකදී,  විධායකයට අවනත නොවීම හේතුවෙන් ශ්‍රි ලංකාවේ අග්‍රවිනිශ්චයකාරවරියට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන ලදි. එමගින් ස්වාධීන අධිකරණයක් පිළිබව පොදු රාජ්‍ය මණ්ඩලයේ එකතාවන් උල්ලංඝණය කරනු ලැබ ඇත. ජාත්‍යන්තර නීතිඥ සංගම් මෙයට විරෝධතාව පළ කරමින් ඉන්දියාවේ හිටපු අග්‍ර විනිශ්චයකාරවරයෙකුවන  ජේ. එස්. වර්මා සාකච්ඡා සහා කොළඹට යැවීමට උත්සාහ කළ විට ඔහුට වීසා ලබා දීම ප්‍රත්ක්ෂේප කරනු ලැබිණි.
අභිරහස් සන්නද්ධ කණ්ඩායම් විසින් රජයේ විරුද්ධවාදීන්ව  පැහැරගැනීම්, තුවාළ සිදු කිරීම්, සහ මරා දැමීම් දිගටම සිදු කරයි. ජනමාධ්‍යවේදීන් නිරන්තරයෙන් ඉලක්ක බවට පත්වේ.  ශ්‍රී ලංකාවේ බලයේ සිටින පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක 2009 දී “ 2006 සිට ජනමාධ්‍යවේදීන් 9 දෙනෙකු මරා දමා ඇති අතර 27 දෙනෙකුට එරෙහිව ප්‍රහාර සිදු කෙරී ඇත.  පස්දෙනෙකු පැහැරගෙන යාමට ලක්ව ඇත.” යි පැවසීය. වරක් ශ්‍රි ලංකාවේ බීබීසී වාර්තාකරුවෙකුට ශාරීරිකව ප්‍රහාර එල්ලකළ  රජයේ ඇමැතිවරයෙකු, 2010 දී මහජන හමුවකදී පවසා සිටියේ “ ජනමාධ්‍යවේදීන් ඔවුන්ව එල්ලා මරාදැමීමට සිදුවන දේ ලීවීමෙන් වැළකිය යුතු බවයි”.  සති දෙකකට පෙරාතුව සන්නද්ධ පිරිසක් රජය විවේචනය කළ කොළඹ ජනමාධ්‍යවේදීයෙකුට, ඔහුගේ  නිවසට කඩාපැන කිහිපවරක් වෙඩි තබා ඔහුව මැරෙන්නට හැර පළාගොස් තිබේ. 
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ
(දැනට  අතුරුදහන්ව ඇත)

පොදුරාජ්‍ය මණ්ඩලීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ  සභාපති වරයා “ මේ ආකාරයේ නීති විරෝධී සහ ප්‍රචණ්ඩ ක්‍රියාවන් නිදහස් මාධ්‍යයන්ට එරෙහිව  සිදු කරන කිසිදු රජයකට තමන් ප්‍රජාතන්ත්‍රවාදී යැයි හඳුන්වා ගැනීමට කිසිදු  අයිතියක් නැත. ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලයේ ප්‍රධාන මූල ධර්ම පිළිපැදීමෙහිලා අහලකටවත් පැමිණ නැත”යි ප්‍රකාශ කළේය. මේ අයුරින් පීඩා විඳිනුයේ ලියන්නන් පමණක් නොවේ.  දිවයිනේ අධිකරණ සේවා කොමිසමේ සභාපති වරයාට පිහිපහර කෑමට ද සිදු වූයේ රජය විසින් අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කිරීමට තැත්කරන  බවට සිදු කරන ලද ප්‍රකාශයක් හේතුවෙනි.
විවිධ ජාත්‍යන්තර සංවිධාන විසින් පවත්නා තත්ත්වය පිළිබසිය සැළකිල්ල ප්‍රකාශ කරන ලද  විට,  ශ්‍රී ලංකා රජය විසින් ඒවා බොරු පැතිරවීමේ නාටකීය වෑයම් ලෙස ප්‍රතික්ෂේප කරනු ලැබිණි. පිළිගැනීමට ලක්ව ඇති ආයතන සහ සංවිධාන කොතරම් සංඛ්‍යාවක් ඊට සම්බන්ධව ඇත්දැයි දකින විට එය විශ්වාස කිරීමට ද අපහසුය. රතුකුරුසය, එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපීය සංගමය, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තුමේන්තුව, ඕස්ට්‍රේලියානු සහ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු, පොදු රාජ්‍ය මණ්ඩලීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය,  පොදු රාජය මණ්ඩලීය මානව හිමිකම් ප්‍රාරම්භය, හියුමන් රයිට් වොච්,  ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සහ තවත් මානව හිමිකම් සංවිධාන ගණනාවකි.
ශ්‍රි ලංකාවේ  නායකයන්ගේ මානසිකත්වය තේරුම් ගැනීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ සහෝදරයා වන ගෝඨාභය රාජපක්ෂ විසින් 2012 ජූලි මාසයේ සන්ඩේ ලීඩර් පුවත්පතේ මාධ්‍යවේදිනියකට දුරකතනයෙන් බැණවැදීමෙහිලා කරනලද ප්‍රකාශය වෙත අවධානය යොමුකිරීම  ප්‍රමාණවත්ය. ඔබ මට තර්ජනය කරන්නේ දැයි ජනමාධ්‍යවේදිනිය ඇසූ විට, ඔහු පිළිතුරු දුන්නේ “ ඔව් මම උඹට තර්ජනය කරනවා, උඹලගේ වර්ගේ ජනමාධ්‍යවේදියෝ ජරාව කන ඌරෝ!  උඹ ජරා ගොඩක්! ජරා මාධ්‍යවේදියෙක්! මම උඹව හිරේට දමනවා, මිනිස්සු උඹව මරලා දමයි.!” යනුවෙනි.  එහි  මීට වඩා බොහෝ දේවල් තිබේ. මෙම දුරකතන සංවාදයේදී ඔහු විසින් අසභ්‍ය වදන් ප්‍රකාශ කර ඇති වාර ගණන 22කි.
තවත් එක් හිසකේ කෙළින් කරවන අනාවැකියක් සහන් කළ යුතුය. පොදුරාජ්‍ය මණ්ඩලීය නායකයන්ගේ හමුව කොළඹ පැවැත්වෙන්නේ නම් ශ්‍රී ලංකා නායකයන් විසින් ඉදිරි දෙවසර තුළ පොදු රාජ්‍ය මණ්ඩලීය ආයතන සම්බන්ධීකරණය කරනු ඇත-මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතාකරන්නවුන් ද  ඊට ඇතුළත්වනු ඇත.  
මිනිස් විනීත කම උදෙසා ක්‍රියාත්මක බලවේගයක් ලෙස තමන් විසින් දිනා ඇති ගෞරවය රැක ගැනීමට පොදු රාජ්‍ය මණ්ඩලයට අවශ්‍ය නම් නායක හමුව පැවැත්වෙන ස්ථානය වෙනස් කළ යුතුය. එය වෙනස් නොකරන්නේ නම් වගකීම පැවරෙනු ඇත්තේ මහලේකම්වරයා වෙත මිසෙක ඔහු ඉන්දියානුවෙකු වුවද ඉන්දීය රජය වෙත නොවේ.

....................................................................................................................................................................................................
මහාචාර්ය ජේම්ස් මැනර්  A message to Colombo යනුවෙන් ලියන ලදුව Indian Express පුවත්පතේ පළ වූ ලිපියේ පරිවර්තනයකි. ජේම්ස් මැනර්  පොදුරාජ්‍ය මණ්ඩල අධ්‍යයන පිළිබ ලන්ඩන් විශ්වවිද්යාලයේ විශ්‍රාම ලත් මහාචාර්යවරයෙකි.