හියුගෝ චාවේස්ගේ සමුගැනීම

         
                වෙනිසුලාවේ ජනාධිපති හියුගෝ චාවේස් මිය ගිය බව එරටින් ලැබෙන තොරතුරුවලින් තහවුරු කර තිබේ.  වසර 14ක් සිය පාලනය ගෙන ගිය චාවේස් 58 වන  වියෙ පසු වූ අතර ලෝක දේශපාලනය තුල දැඩි අවදානය යොමු කර ගැනීමට  සමත් විය. චාවේස් පසුගිය වසර 2ක් පමණ කාලය තුල වැලදී තිබු පිළිකාවක් හේතුවෙන් දැඩි අසාද්ද්‍ය  තත්වයෙන් පසු වූ අතර ශල්‍යකර්ම කිහිපයක් ද සිදු කෙරුණි. ඇමරිකා ජනපති ඔබාමා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙන්නේ වෙනිසුයුලා ජනතාවට චාවේස්ගෙන් පසු පැමිණෙන්නේ අභියෝගාත්මක කාලයක් බවත් ජනතාවට අවශ්‍ය උපකාරය සහ සංවර්දන ක්‍රියාදාමයට දායක වන ප්‍රයෝජනවත් සහයෝගය වැඩිකර ගන්නා බවයි.