සිරියාවේ කැරලිකරුවන් රසායනික අවි භාවිතා කරනව. රුසියාව

     
              රුසියාවේ විදේශකටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කරන්නේ සිරියාවේ කැරලිකරුවන් රසායනික අවි යොදාගනිමින් පහරදීම් සිදුකරන බවයි. පසුගිය අගහරුවදා  සිරියාවේ  'ඛාන් අල් අස්සාල්' නගරයේ  සිදු වූ ප්‍රහාරයකින් 16ක් මිය ගොස් 100ක් පමණ තුවාල ලබා තිබේ. විදේශකටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කරන පරිදි අගහරුවදා ප්‍රහාරය තුලින් ප්‍රදර්ශනය වුයේ පසුගිය වසර දෙක පමණ කාලය තුල සිරියානු කැරලිකරුවන්  ලබාගත් වර්දනයේ අතිශය බිහිසුණු අවස්ථාවක් බවයි. එම ගැටුම පිළිබද හමුදාව සහ කැරලිකරුවන් එකිනෙකාට චෝදනා කර ගැනුලබද්දී රුසියාව ප්‍රකාශ කරන්නේ කැරලිකරුවන් නිරායුධ කලයුතු බවයි.