දේශපාලන භේදයකින් තොරව මේ රටේ සිදු වී ඇති සමාජ කඩා වැටීම හඳුනා ගත යුතුව ඇත. එයට පිළිතුරු ලබා දිය හැක්කේ සාමුහික වෑයමකිනි.
| ගෝඨාබය රාජපක්ෂ මහතා |
දේශපාලන භේදයකින් තොරව මේ රටේ සිදු වී ඇති සමාජ කඩා වැටීම හඳුනා ගත යුතුව ඇත. එයට පිළිතුරු ලබා දිය හැක්කේ සාමුහික වෑයමකිනි.
| ගෝඨාබය රාජපක්ෂ මහතා |

කෝප් කමිටුවේ කටයුතු මහජනතාවට විවර වීම ඉතාම හොඳ කටයුත්තකි. එසේම කමිටුවේ සභාපති ලෙස හඳුන්නෙත්ති මහතා සිදුකරන්නේ වැදගත් මෙහෙවරකි. ඔහු හොරෙක් නොවේ.
අනුර සියලු අභියෝග ජයගනු ලැබුවේ, වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂය තුළ මතු වූ ගැටුම් වලින් ගොඩ ගිය ආකාරයෙකි. ශූක්ෂ්ම දේශපාලනඥයෙකුට අවශ්‍යය වන්නේ එවැනි දේශපාලනික චින්තනයකි. දේශපාලනික වශයෙන් ඉහළ තත්වයේ උපාශීලී පුද්ගලයෙකු ලෙස අනුර කුමාර දිසානායක සැලකිය හැකිය.
| අනුර කුමාර දිසානායක ගාලු මුවදොර පැවති රැළියේදී තම දේශපාලන සගයින් සමග |
එම ලැබුණු තොරතුරු, ජාතික බුද්ධි ප්‍රධානියාද, ආරක්ෂක ලේකම්වරයාට සහ පොලිස්පතිතුමාට දැනුම් දී තිබේ. නමුත්, හිටපු ආරක්ෂක ලේකම් මෙන්ම අනිවාර්යය නිවාඩු යවා ඇති පොලිස්පතිතුමා කියන්නේ, තොරතුරු ලබා දුන්නද අදාළ වගකිව යුතු පාර්ශ්වය එතරම් බරපතළ ලෙස දන්වමින් එම තොරතුරු ලබානොදුන් බවයි. මෙය අසත්‍ය කාරණයකි.
![]() |
| රනිල් වික්රමසිංහ |
අද (7) කොළඹදී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ මාධ්‍ය හමුවේදී එහි සභාපති ශාන්ත බණ්ඩාර පැවසුවේ, හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග නැවත වතාවක් ශ්‍රීලනිපයට හානියක් නොකරන බව තමන් තදින් විශ්වාස කරන බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු අවධාරණය කළේ,
‘‘හෙට දවසේ ඕනම තැනක සාමාන්‍යයෙන් ආසන සංවිධායකවරු 40 ක් විතර එකතුකරගෙන සාකච්ඡාවක් කරන්න පුළුවන් මට්ටමක් මටත් තියෙනවා. හැබැයි, ඒකෙන් අදහස් කරන්නේ නැහැ මේ පක්ෂේ කඩාගෙන ගිහිල්ලා වෙනම ගොඩනැගෙයි කියලා. ශ්‍රීලනිපෙන් කැඩිලා කවුරුවත් ගිහිල්ලා නැහැ. අපේ ජාතික සංවිධායකතුමා ඉන්නවා, පක්ෂයේ වැඩ බලන ලේකම්තුමා, හිටපු ලේකම්තුමත් ඉන්නවා සක්‍රියව අපේ දේශපාලනයේ. ඒවා අපි ඔක්කොම සාකච්ඡා කරලා කරන්නේ.
සමහර අයට ඕනකම තියෙනවා මේ ශ්‍රීලනිප ය තවදුරටත් කඩන්න. ඒ කැඩීම තුළ වෙනත් දේශපාලන පක්ෂ වලට මේ රටේ බලය ලේසියෙන් ලබාගැනීම සඳහා තමයි ඒ උපක්‍රම කරන්නේ. හැබැයි අපිත් දන්නවා ඒ උපක්‍රම. ඒ නිසා මතුපිටින් දේශපාලනය වෙනස්, අපේ ඊට වඩා ගැඹුරු දේශපාලනයක් තියෙන්නේ, අපි කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය අපේ පක්ෂයට නැවත හානියක් කරන්න උත්සහ දරයි කියලා. මොකද එතුමියට යම් වැරදීමක් ඉතිහාසය තුළ සිදුවුණා. ඒ වැරදීම එතුමිය නිවැරදි කරගෙන තමයි ශ්‍රීලනිපයට නැවත ඇවිල්ලා, මේ රටේ දෙවතාවක් විධායක ජනාධිපතිධූරය දරමින් මේ රටට විශාල සේවාවක් කරන්න හැකියාව ලැබුණේ. ඒ නිසා පාඩම් ඉගෙනගත්ත ශ්‍රේෂ්ඨ නායිකාවක් හැටියට කවදාවත් අපි විශ්වාස කරන්නේ නැහැ එවැනි තත්ත්වයකට එයි කියලා.
අපි ඉල්ලීමක් කරනවා ශ්‍රීලනිපයේ තරුණ පෙරමුණ හැටියට ගරු, චන්ද්‍රිකා මැතිණියගේ යම් හෝ සිත් තැවුලක්, ගැටළුවක් තියෙනවා නම් ඒවා පැත්තකින් තියලා රට වෙනුවෙන් කරන දේශපාලනේ, එතුමියට කිසිසේත්ම දක්ෂිණාංශික දේශපාලනයට යොමුවෙන්න බැහැ. දක්ෂිණාංශික දේශපාලනයට එතුමියට උදව් කරන්න බැහැ, ඒ නිසා එතුමිය විශේෂයෙන්ම අපේ රටේ දැවැන්තම සේවාව කරපු, මේ පක්ෂය බිහිකරපු දිවංගත එස්.ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාගෙත්, මේ රටට අතිශ්‍රේෂ්ඨ සේවාවක් කරපු දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගෙත් දියණිය හැටියට ශ්‍රීලනිපයට අබමල් රේණුවකින් වත් හානියක් කරන්න උත්සහ දරන්නේ නැතිවෙයි.
එතුමියත් විශේෂයෙන්ම අපේ මේ ප්‍රගතිශීලී කඳවුර ශක්තිමත් කරන්න නායකත්වය දෙයි, ඒක තමයි අපේ ඉල්ලීම සහ ප්‍රාර්ථනය. අද මොන පක්ෂෙ ද ගැටළු නැත්තේ. ගැටළු නැති දේශපාලන පක්ෂයක් නම් කරන්න. ජනතා විමුක්ති පෙරමුණ ද ජාතික හෙළ උරුමෙ ද එක්සත් ජාතික පක්ෂය ද පොදුජන පෙරමුණ ද මොකේද ගැටළු නැත්තේ. හැම දේශපාලන විවිධ අභ්‍යන්තර ගැටළු තියෙනවා. යම් යම් තනතුරු තියෙනවා. ඒක ලැබුණේ නැත්නම් චූටි කතාබහක් ඇතිවෙනවා. ඒ වගේ පොඩි පොඩි ගැටළු නැති තැනක් නැහැ. ශ්‍රීලනිප ආසන සංවිධායකවරු, දිස්ත්‍රික සංවිධායකවරු 350 කට වඩා ඉන්නවා. ඒකෙන් දැන් දෙන්නෙක් ගියපුවම හානියක් වෙනවද?. යම් මතවාදීමය ගැටළුවත් තියෙනවා නම් ඒවා එකතු කරන්න කටයුතු කරනවා.‘‘ යන්නයි.
එපා වාහෙට පලා බෙදන්නා සේ රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයේ පිහිටුවීමෙන් පසු, එක්සත් ජාතික පෙරමුණේ මැති ඇමතිවරුන් දෙපැත්තේ වාඩි කරවගෙන මෛත‍්‍රීපාල සිරිසේන දෙහි කැපුවේය. එහිදී ඔහු අනාවරණාත්මක ප‍්‍රකාශ කිහිපයක් කෙළේය.
විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරවීමට යැයි සිතාගෙන අප විසින් වරදවා බලයට පත්කර ගත් පුද්ගලයාගේ අතිජාත අංගෝපාංග ගණනාවක් එහිදී හෙළි විය. ඔහු තරයේ ඇදහූ ඇතැම් විශ්වාස, සංස්කෘතික ගති ලක්ෂණ හෝ අරටුගත හරපද්ධති මොන තරම් දැඩිව එහිදී ප‍්‍රකාශයට පත්විණි ද යත්, ඒ ගැන සංවාදයකට හෝ අතරමැද සාකච්ඡාවකට කිසි ඉඩක් ඉතිරි නොකෙරුණි.
‘‘අපේ ආගම, සිරිත්විරිත් සහ භාෂාව වගේ දේවල් එක්ක තියෙන බලවේග ඉතා ශක්තිමත්. දේශපාලන බලවේගවලට වඩා ආණ්ඩු හදන්නෙත්, කඩන්නෙත්, ඒ සංස්කෘතික බලවේග විසිනුයි. අපේ භික්ෂූන් වහන්සේලාට විරුද්ධව නඩහබ ගේනකොට මං මේක ඉතා පැහැදිළිව පෙන්නලා දුන්නා. එහෙම දේවල්වලදී අපි පරිස්සම් වෙන්න ඕනේ.
‘‘අපේ පන්සල්වලට, දේවාලවලට පෙරහැරවල් කරන්න අලි ඇත්තු නැහැ. ඒක නිසා ඒ වගේ කාරණයක් ගැන නඩු කියනකොට ඒකෙන් සංස්කෘතික වශයෙන් සහ සමාජ-ආගමික වශයෙන් ලොකු විරෝධයක් ඇති වෙනවා. ඒක නිසා මං ඉල්ලා හිටියා මේකේ නීතිය පිළිබඳ ප‍්‍රශ්නේ බලලා ඒ අලි ඇතුන් ඒ වැඩවලට නිදහස් කරන්න කියලා. ඔය කියන ප‍්‍රශ්නේ නිසා අපිට මුළු භික්ෂු සාසනේම සහයෝගේ නැති වුණා.’’
ඔහු මේ කරුණු ගෙනහැරපාන්නේ, ‘ජනතා ස්වෛරීත්වයට, ස්පර්ශනීය සහ ඵලදායී ආත්මයක් සහ අරුතක් ගෙන දුන්’ ඒ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව ය. ඔහුගේ කරුණු පැහැදිලි කිරීම මං සුදනා වර්ගයේ එකකි. කොටින්ම ඔහු කියන්නේ, රනිල් වික‍්‍රමසිංහ ඉවත් කොට ඔහුගේ ආණ්ඩුව ගෙදර යැවීමට, ව්‍යවස්ථාමය යහපැවැත්ම කෙරෙහි තමන් තුළ වන සිල්ලර අවඥාව හොඳටම ප‍්‍රමාණවත් වූ බවයි. ආණ්ඩු හැදීමට සහ කැඩීමට තරම් බලසම්පන්න අර කී බලවේගවල සහයෝගය ලබා ගනු වස් රටේ ව්‍යවස්ථාව සමග මොන නාඩගම් නැටුවත් කමක් නැති බව ය.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථා උල්ලංඝණයකි. ආණ්ඩු හැදීමට සහ කැඩීමට තරම් බලසම්පන්න වන, අප විසින් පරිස්සමින් රැකබලා ගත යුතු වෙනත් සමාජ බලවේගත් ඇතැයි ජනාධිපතිවරයා කියන විට, ඔහු යාමට යන්නේ මොන දිසාවකදැ යි මොහොතක් නතර වී සොයා බැලීම වටී. නීතිය කඩන කෙනෙකු රාජ්‍යයේ ඉහළම ආසනයේ සිටී නම් ඒ සම්බන්ධයෙන් අප කළ යුත්තේ කුමක් ද ?
‘මහා සංඝ රත්නයට’ ආමන්ත‍්‍රණය කරන විට දේශපාලඥයන් සිටින්නේ ශ‍්‍රද්ධාව ඇඳගෙන ය. ජනාධිපති සිරිසේන විශේෂණ පද දෙකක් එහිදී පාවිච්චි කරයි. ඒ, ‘වන්දනීය සහ පූජණීය’ යනුවෙනි. ඔහුවත් පරාජය කිරීමට සිතාගෙන දෝ සජිත් පේ‍්‍රමදාස තවත් විශේෂණයක් පාවිච්චි කරයි. ඒ, ‘ගෞරවනීය’ යනුවෙනි. මහින්ද රාජපක්ෂ කියන්නේ, ‘අපේ හාමුදුරුවනේ’ කියා ය. ඔහුගේ ශ‍්‍රද්ධා ශෛලිය ඔහුටම ආවේණික, පේටන්ට් බලපත‍්‍රයක් ඇති ඌරුවකි. එක්තරා ආකාරයක නින්දගම් ගතියක් ද එහි තිබේ. අනිත් අය කරන්නේ ඔහු සමග තරගයට මේ සෙල්ලමේ යෙදීමයි.
මේ වනාහී, සහසුද්දෙන්ම ප්‍රෝඩා ආගමිකත්වයක් පුද්ගල දේශපාලනික අවශ්‍යතා සඳහා පාවිච්චියට ගැනීමකි.
අපේ හාමුදුරුවන්
පමණට වැඩියෙන් පෙන්වන යටහත් පහත් නිහතමානය, උපාසක තක්කඩි කමකි. ඕනෑම තැනකට ඔබින විශේෂණ සාගරයක් සජිත් පේ‍්‍රමදාසටත් තිබේ. අගමැතිවරයා දිව්රුම් දීමෙන් පසු ජනාධිපතිවරයාගේ දෙහි කැපිල්ලෙන් අනතුරුව සජිත් පේ‍්‍රමදාස සාටෝපවත්ව ජනාධිපතිවරයා ඇමතුවේ ‘ශ‍්‍රීමත් ජනාධිපතිතුමා’ යනුවෙනි. එය, පට්ට දෙසාබෑමකින් පසුව ආ අපූරු හුරේ දැමිල්ලකි.
මේ රචනාවේ අරමුණ වන්නේ, ව්‍යවස්ථාවේ පූජණීයත්වය ගැන පාර්ලිමේන්තුව විසින් දැන්වත් ජනාධිපතිවරයාට කියා දිය යුතු බව පෙන්වා දීමයි. ජනතා පරමාධිපත්‍යයත් වන්දනීය බව, පූජණීය බව සහ ගෞරවනීය බව, සෙල්ලමට ගත යුතු දෙයක් නොවන බව, ඔහුට කියා දිය යුතුව තිබේ. ‘ශ‍්‍රීමත්’ යන උපසර්ගය, උපයා ගත යුතු දෙයක් බවත්, එය උපයා ගත හැක්කේ ව්‍යවස්ථාව එහි වචනයෙන් මෙන්ම ආත්මයෙන් ද ආරක්ෂා කිරීමෙන් බවත් ඔහුට කියා දිය යුතුව තිබේ.
ඔක්තෝබර් 26 වැනි දා සිදු වූ සැබෑව වටහා ගැනීමට ඒ වටා දවටා ඇති ව්‍යාජයන් අප ඉවත් කර ගත යුතුය. ඇත්ත ව්‍යවස්ථාමය කුමන්ත‍්‍රණය නිරාවරණය කර ගත හැක්කේ, ඒ බොරුව ඉවත් කර ගැනීමෙන්ම පමණි.
ඒ පැහැදිලි කතාව සරළ ආකාරයෙන් ජනතාවට වටහා දිය හැකි වන්නේ ජනාධිපතිවරයාට එරෙහිව ගෙනෙන දෝෂාභියෝගයකින් හෝ දෝෂාරෝපණයකිනි. අපේ පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය මේ මොහොතේ ආරක්ෂා කර ගත හැකි ඒකායන මාර්ගය වන්නේ ජනාධිපතිවරයාට එරෙහිව එවැනි යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමයි.
‘‘මේ රටේ හැමෝම දන්නවා මං නීතිඥයෙක් නොවන විත්තිය. ගැසට් එක නිකුත් කළේ මං තනියම නෙවෙයි. කීර්තිමත් ජනාධිපති නීතිඥ මහත්තුරු ඒකට සම්බන්ධ වුණා. මේ හැම ගැසට් නිවේදනයක්ම නිකුත් කළේ ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරලයි.’’
‘‘මේ මෑතකදී මං නිකුත් කරපු ගැසට් නිවේදනය, විශේෂඥ නීතිඥවරු, ව්‍යවස්ථා විශාරදයෝ එක්ක කතා කරලයි කළේ. ඒ හැම දෙයක්ම මං කළේ සත්භාවයෙන්. ඒ කිසි දෙයක් මං නරක චේතනාවකින් කළේ නැහැ. ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමේ චේතනාවක් මගේ තිබුණේ නැහැ.’’
මේ මිනිසා නම්, පැහැදිළිවම, තර්කයට සහ හේතු බුද්ධියට යා දෙන පුද්ගලයෙකු නොවේ. අපේ ජනරජයේ ජනාධිපතිවරයා හර පද්ධති නිර්ණය කරගන්නා ආකාරය එබඳු ය. ඒ බව අපේ අවධානයෙන් ගිලිහී යා යුතු නැත. ජනතාවට දැන ගැනීමට අයිතිය ඇති තොරතුරු, බලය දරන්නන් විසින් හංගා තබා ගැනීම නොහොබී. ජනාධිපතිවරයා කර ඇති මෙවැනි ප‍්‍රකාශ නිසි බලධාරී ආයතනයක් මගින් පරීක්ෂාවට ලක්කළ යුතුව තිබේ. එය සිදු කළ හැක්කේ පාර්ලිමේන්තුවේ 113 දෙනෙකුගේ අත්සන සහිතව බාර දෙන දෝෂාභියෝග යෝජනාවකින් පමණි.
ඔහු අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගෙල ග‍්‍රහණයෙන් ගත්තා පමණක් නොව, ඊට වඩා හොඳින් ඔහු එය කෙළේය. මුලින්ම ඔහු කෙළේ පාර්ලිමේන්තුවේ අවනත භාවය සහ යටහත් භාවය ඉල්ලා සිටීමයි. එහෙත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු 122 ක් ඊට විරෝධය පෑහ. මෛත්‍රීපාල සිරිසේනගේ ව්‍යවස්ථා විරෝධී නාඩගමේ කොටස්කරුවන් වීම ඔවුහූ තරයේ ප‍්‍රතික්ෂේප කළහ. තමා ඒ සියල්ල කෙළේ ප‍්‍රවීණ නීතිවේදීන් සද්භාවයෙන් සහ අවංක භාවයෙන් දුන් උපදෙස් මත බව දැන් ඔහු කියයි. ඒ නීතිවේදීන් කවුදැයි දැන ගැනීමට ඉල්ලා සිටීමේ අයිතියක් අපට තිබේ.
මුලින්ම, මෛත‍්‍රීපාල සිරිසේන නැමැති ජනාධිපතිවරයා අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ව්‍යවස්ථානුකූල භාවයට ඉතා පැහැදිළිව, ඉතා නිශ්චිතව සහ හිතාමතා විණ කැටීමට බලා සිටින තර්ජනයකි. එවැන්නෙකුට එරෙහිව දෝෂාභියෝගයක් හෝ දෝෂාරෝපණයක් ඉදිරිපත් නොකිරීම, නීතියට ඉහළින් වෙට්ටු දාන ජනාධිපතියෙකු බලයේ තබා ගැනීමකි. ඔහු බැලූවේ රටේ ව්‍යවස්ථානුකූල භාවය දූෂණය කිරීමටයි.
ඔහුගේ ත‍්‍රස්තවාදී සෙල්ලමට එරෙහිව නැගී සිටි පාර්ලිමේන්තු බහුතරයට, දෝෂාභියෝගයක් හරහා ඔහුව ඉවත් කිරීමට අවශ්‍ය තුනෙන් දෙකක බලයක් නොතිබිය හැකිය. එහෙත් සරළ බහුතරයකින් ඔහු කෙරෙහි දෝෂාරෝපණ යෝජනාවක් සම්මත කර ගත හැකිය. ඒ ක‍්‍රියාවලිය ඇරැඹීමට තරම් සංඛ්‍යාවක් පාර්ලිමේන්තුව තුළ තිබේ. ප‍්‍රතිඵලය කුමක් වෙතත් එය වහා සිදු කළ යුතුය.
බලයේ ආධිපත්‍යයට ඉහළින් නීතියේ ආධිපත්‍යය පවතින බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කෙළේය. 2015 ජනවාරි 8 වැනි දා අප නිමාවකට පත්කෙළේ බලයේ ආධිපත්‍යය රජ කළ දශකයකි. ඒ කාරණය අප සටහන් කරගෙන තිබුණේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නැමැති ලිස්සන සුළු පුවරුවක බව වෙනම කාරණයකි. වැදගත් වන්නේ, ඒ මගින් මේ ගමන නතර කර ගැනීමට අපට හැකි වූ බව ය. ඒ ජයග‍්‍රහණයන් අප තවදුරටත් ආරක්ෂා කර ගත යුතුව තිබේ.
නීතියේ ආධිපත්‍යය විසින් බලයේ ආධිපත්‍යය දමනය කරනු ලැබේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තැත ‘නීතියේ සීමාවෙන් ඔබ්බට ගිය’ ප‍්‍රයත්නයකි. ‘ ඕනෑම ආකාරයක හිතුවක්කාරී බලය අභ්‍යාස කිරීමක වින්දිතයන් වීමෙන් ආරක්ෂා වීමට’ පුරවැසියන්ට ඇති අයිතිය උල්ලංඝණය කිරීමට ගත් ප‍්‍රයත්නයකි.
ඒ පැහැදිලි සහ නිරවුල් අදහස ජනාධිපතිවරයාට නොවැටහෙයි. තමාගේ බලය ව්‍යවස්ථාමය සීමාවන්ට යටත් නැති බවට ඔහු දිගටම තර්ක කරයි. ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයක් හෝ දෝෂාරෝපණයක් ගෙන ඒමෙන් වැළකී නිහඬව සිටීම යනු, එදා ජනාධිපතිවරයාට විරෝධය පෑ මන්ත‍්‍රීවරුන් 122 ජනාධිපතිවරයාගේ ඇස්බැන්දුම් දේශපාලනයේ උපාසක සහායකයන් බවට අද පත්වීමකි. ඊටත් වඩා, ජනාධිපතිවරයා කියන ඔහුගේ සද්භාවය පිළිගන්නා පිරිසක් බවට පත්වීමකි. කතානායකවරයාගේ ආසනය වෙත මැර පහර එල්ල කළ මදාවියන් ගැන මුනිවත රකින අතරේ කතානායකවරයා පාර්ලිමේන්තු විධිවිධානයන්ට අකුරට අනුගත විය යුතු බවට ජනාධිපතිවරයා කරන ඒ වංචාකාරී දේශනය අනුමත කරන්නන් බවට පත්වීමකි. බයිබලයෙන් දමා ගැසූ වීරවංශව ඇමතිවරයෙකු කළ මේ ජනාධිපතිවරයා ඔහු සමග සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේ එකම වේදිකාවකත් අසුන් ගත්තේය.
රවි කරුණානායක නැවත කැබිනට් ඇමති තනතුරක් ලබා ගැනීම සහ සංස්කෘතික අමාත්‍යාංශය සජිත් පේ‍්‍රමදාසට භාර දීම අපේ ව්‍යවස්ථානුකූල යහපැවැත්මට අදාල දේවල් නොවේ. කෙනෙක් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ය. අනෙකා, සිරිසේන ජනාධිපතිවරයාට වහකදුරු වී සිටින වික‍්‍රමසිංහගේ සහාය නායකයා ය. සෑම දේශපාලඥයෙකුම ස්වාර්ථයට බර වීම ස්වභාවිකයි. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ සහාය නායකයාත්, නියෝජ්‍ය නායකයාත් ඒ ස්වාර්ථයේ අධි මාත‍්‍රාවකින් සජ්ජිත වී සිටිති. මේ ස්වාර්ථය කෙනෙකුගේ ප‍්‍රතිපත්ති කෙරෙහි බලපායි. හරි වැරැද්ද පිළිබඳ පුද්ගලයෙකුගේ ආකල්පය පවා ඒ මගින් වෙනස් විය හැකිය.
මේ අතර රනිල් වික‍්‍රමසිංහ සිය අතවැසි සාගල, අකිල සහ මලික් අමාත්‍ය මණ්ඩලයට අන්තර්ග‍්‍රහණය කරගෙන තිබේ. එස්.බී. දිසානායකගේ මජර වැඩේ සාක්ෂි සහිතව අල්ලා දුන් රංගේ බණ්ඩාරට කිසිවක් නැත. එසේම විනෝදකාමය සහ විවේක සුවය පිළිබඳ අංශය කෙලින් කළ හැක්කේ ජෝන් අමරතුංගටම පමණකැ යි රනිල් වික‍්‍රමසිංහ තීරණය කොට තිබේ. රංගෙ බණ්ඩාර සහ රවි කරුණානායක අතර වෙනසක් තිබේ. රංගෙ බණ්ඩාර සාකච්ඡා පටිගත කරයි. අනෙකා, සාකච්ඡා මතක නැතැයි කියයි.
ඔක්තෝබර් 26 වැනි දා දිග හැරුණු සිද්ධි මාලාව රවි කරුණානායකවත්, සජිත් පේ‍්‍රමදාසවත් විමතියට පත්කළ සිද්ධියකැයි මම නොසිතමි. ඒ සිදුවීම් ගැන මංගල සමරවීර සහ රංජිත් මද්දුම බණ්ඩාර වැනි ජ්‍යෙෂ්ඨයන් දැක්වූ ඒ කෝපාවිෂ්ට ප‍්‍රතිචාරය මේ දෙන්නාගෙන් කිසි විටෙක අප දැක්කේ නැත. එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රීවරුන් එකාවන්ව නැගී සිටීම, ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථාමය නපුරේ භයානක බව ජනතා විමුක්ති පෙරමුණ නිවැරදිව හඳුනා ගැනීම සහ දෙමළ සහ මුස්ලිම් පක්ෂවල දේශපාලඥයන්ගේ සෘජු ප‍්‍රතිචාරය මේ නියෝජ්‍ය නායකයාවත්, සහාය නායකයාවත් විස්මිත කළාට සැක නැත.
සජිත් පේ‍්‍රමදාස සහ රවි කරුණානායක දිව්රුම් දීමේ උත්සවය යම් හේතුවක් නිසා වර්ජනය කිරීමට ගිය බව වාර්තා විය. එහෙත් එය මොන විදිහකින්වත් ජනාධිපතිවරයා කෙරෙහි වන අගෞරවයක් නිසා නොවන බව ජනාධිපතිවරයාට දැනුම් දීමටත් ඔවුන් පියවර ගෙන තිබුණි. මෙය, එදා රනිල් වික‍්‍රමසිංහගේ ශරීර භාෂාවට සපුරා වෙනස් ගතියක් පෙන්නුම් කෙළේය. සිරිසේනගේ දේශනාව ඉදිරියේ වික‍්‍රමසිංහගේ ඇස් විටින් විට උඩ ගියේ දේශකයාගේ රැවටිලිකාර සම්ප‍්‍රප්ප‍්‍රලාපයෙන් තමන්ව ගලවා ගන්නැයි දෙවියන්ගෙන් යදින්නා සේ ය.
සජිත් පේ‍්‍රමදාස දැන් තමාට ලැබී ඇති අමතර සංස්කෘතික අමාත්‍යාංශය ගැන යම් හෝ බරසාර අවධානයක් යොමු කරන්නේ නම්, පිටු 88 කින් යුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ ප‍්‍රධාන විනිශ්චයත්, සිසිර ද ආබෲ විනිසුරුවරයාගේ පිටු 20 කින් යුත් විනිශ්චයත් සිංහලට පරිවර්තනය කොට ‘පූජණීය, වන්දනීය’ මහා සංඝ රත්නයේ සෑම භික්ෂූ වහන්සේ නමක් අතරේම බෙදා හැරිය යුතුව තිබේ. එසේ කිරීමෙන්, ඔහු ඉතා ගෞරව සම්ප‍්‍රයුක්තව ‘ශ‍්‍රීමත් ජනාධිපතිතුමා’ යනුවෙන් අමතන සිරිසේන ජනාධිපතිවරයාගේ ඔවදන අකුරට පිළිපැද්දා වන්නේය.
පූජණීය, වන්දනීය
නීතියේ ආධිපත්‍යය, තනි පුද්ගලයෙකුගේ අභිමතයේ ආධිපත්‍යය තරයේ ප‍්‍රතික්ෂේප කරයි. මේ භයානක මිනිසා අප මතට කඩා වැටුණා නොවේ. යාවජීව පාලකයෙකු වීමට ගිය සහ රාජකීය පවුල් වංශයක් රෝපණය කිරීමට ගිය මහින්ද රාජපක්ෂ සඳහා වන අතරමැද ආදේශනයක් වශයෙන් අප විසින්ම ඔහුව පත්කර ගන්නා ලදී.
සිරිසේනගේ අනර්ථකාරී ජනාධිපති වරය, වඩාත් ගැඹුරු අර්බුදයක නිරූපණයකි. ඒ වනාහී, තවමත් නොවිසඳී පවතින, තවමත් ආමන්ත‍්‍රණය නොකොට පවතින, ගෝත‍්‍රික ද්වේෂය, අවිචාරය සහ දේශපාලනික කතිකාවේ සර්වාකාර දූෂිත පදනම මත මහින්ද රාජපක්ෂ විසින් අටවන ලද ඒක-අධිකාරිවාදී රෝගයේ අර්බුදයයි. මෙය, ඇමරිකානු නීති විශාරද ෆීලික්ස් ෆ‍්‍රැන්ක්ෆර්ටර් අගේට කියා තිබේ:
‘‘ස්වාධීන අධිකරණයකින් කළමනාකරණය වන නීතියකින් තොරව නිදහස් සමාජයක් පැවතිය නොහැක. නීතිය යනු කුමක්දැ යි තීරණය කිරීමේ බලය තනි පුද්ගලයෙකුට ඇතොත්, වෙනත් ඕනෑම පුද්ගලයෙකුටත් ඒ බලයම හිමි වන්නේය. ඉන් උපදින්නේ, මුලින් වියවුල ය. අනතුරුව, ප‍්‍රජාපීඩනය ය.’’
මෛත‍්‍රීපාල සිරිසේන ව්‍යවස්ථාව උල්ලංඝණය කොට තිබේ. ආණ්ඩු ඇති කිරීමටත්, නැති කිරීමටත් තරම් ප‍්‍රබල බලවේග ඇති බවත්, ඒවා යාප්පුවෙන් තබා ගත යුතුව ඇති බවත් ඔහු කියන විට ඔහුගේ ඉදිරි ගමන් මග ගැන අප මොහොතක් සිතා බැලිය යුතුය. එබැවින්, ජනාධිපති සිරිසේනට විරුද්ධව දෝෂාභියෝගයක් හෝ දෝෂරෝපණ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙනැවිත් වහා විවාදයට ගත යුතුව තිබේ. අවසානයේදී ඒ සඳහා නමින් ඡුන්දය ගත යුතුව තිබේ. එය අපේ ඉදිරි පරම්පරාවට අපෙන් සැලසිය යුතු යුතුකමකි.
අහස කඩා වැටුණත් යුක්තිය ඉෂ්ට කළ යුතුව ඇත. ‘‘මිනිසා යනු තමා කවරෙක් දැයි ඔහු සිතන කෙනා නොවේ. තමා කවරෙක් දැයි ඔහු සඟවන කෙනා ය.’’ මෛත‍්‍රීපාල සිරිසේන ඒ උපහැරණයේ ජීවමානයයි. ‘‘මිනිසා යනු කවරෙක් ද ? මිනිසා යනු මූසල අභිරහස් ගොන්නකි.’’
(2019 ජනවාරි 1 වැනි දා Daily FT පුවත්පතේ පළවූ “Impeachment or Censure: A Moral Imperative" ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි)
ජනපති අමාත්‍යංශ පවරාගැනීමට ගත් තීරණය නිවැරදිද ?
ප්රජාතන්ත්රවාදය කියා කියන්නේ බහුතරයේ කැමැත්ත ක්‍රියාත්මක කිරීම කියන එක ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වා දිය හැකි ඉතාම සරල ආකාරයක් පමණයි. ඒ හැඳින්වීමෙන් ධ්වනිත වන අදහස ප්‍රජාතන්ත්‍රවාදයක් යටතේ බහුතරය විසින් සුළුතර කොටස් වල හඬ යටපත් කරනවා කියන එකයි. ඒක හරියට ධනවාදයක් යටතේ ප්‍රාග්ධනයේ හිමිකරුවන්ට ශ්‍රමයේ හිමිකරුවන් සතු අතිරික්තය මුළුමනින්ම පැහැර ගන්න ඉඩ ලැබෙනවා කියනවා වගේ කතාවක්.
සෛද්ධාන්තික අර්ථයෙන් ගත්තොත් ප්‍රජාතන්ත්‍රවාදයක් යටතේ සමාජයක ඉතාම කුඩා සුළුතරය වන ඒකීය පුද්ගලයෙකුට තමන්ගේ හඬ මුළුමහත් සමාජය පුරා පතුරවා හරින්න ඉඩ ලැබෙනවා. කාට හරි අහන්න පුළුවන් ඔය කියන විදිහේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන තැනක් පෙන්නන්න පුළුවන්ද කියා. සාධාරණ ප්‍රශ්නයක්!
ලෝකයේ කොහේවත් පරිපූර්ණ නිදහස් වෙළඳපොළක් නැතුවා වගේම සමාජයේ සෑම කෙනෙකුගේම හඬට සමාන ඉඩක් ලැබෙන සෛද්ධාන්තික අර්ථයෙන් පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදීයැයි කිව හැකි සමාජ නැහැ. නමුත්, ඇතැම් සමාජ වෙනත් සමාජ වලට වඩා ගොඩක් ප්‍රජාතන්ත්‍රවාදීයි. ඒ වගේම, ඇතැම් සමාජ වල වෙනත් සමාජ වලට වඩා ගොඩක් හොඳින් නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක වෙනවා. ඇතැම් සමාජ වල නිදහස් ගනුදෙනු වලට බාධා ගොඩක් අඩුයි!
සමාජයක් ප්‍රමාණවත් තරමින් ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න ඒ සමාජයේ සියළු දෙනා විසින්ම තමන්ගේ හඬ අවදි කළ යුතු නැහැ. එහෙම කරන සැලකිය යුතු පිරිසක් සිටීම ප්‍රමාණවත්. හරියට වෙළඳපොළක් කාර්යක්ෂම වෙන්න ඩීල් නොදා එකිනෙකා සමඟ තරඟ කරන සැපයුම්කරුවන් කිහිපදෙනෙක් සිටීම වුවත් ප්‍රමාණවත් වනවා වගේ. නීතිය නොපිළිපදින සුළු පිරිසක් සිටි පමණින් නීතියේ ආධිපත්‍යය නැති නොවනවා වගේ.
නිදහස් වෙළඳපොලක කාර්යක්ෂමතාවය පෙන්වා දිය හැක්කේ සෑම පුද්ගලයෙකුටම තමන්ට හොඳම දෙය තෝරා ගැනීමේ හැකියාව තිබෙනවා කියන උපකල්පනය යටතේයි. එහෙත් විවිධ හේතු මත සමාජයේ ඇතැම් කොටස් වලට තමන්ට හොඳම දෙය තෝරාගැනීම අසීරු වෙන්න බැරිකමක් නැහැ. මෙවැනි ප්‍රධානම හේතුවක් වෙන්නේ තමන් මුදල් ගෙවා ලබා ගන්නා භාණ්ඩය ගැන නිසි අවබෝධයක් නැති වීමයි. වෙනත් විදිහකින් කිවුවොත් දැනුමේ සීමාවන්. මේ හේතුව නිසා වෙනත් අයෙකු විසින් තමන්ට හොඳම දෙය තමන් වෙනුවෙන් තෝරා දෙනවාට කැමති පිරිස් ඉන්නවා. ඇතැම් රටවල එවැනි අය වැඩියි.
එඬේරන් පසුපස යන්න පුරුදු වී සිටින හරකුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය තීරණය වෙන්නේ හරක් බහුතරය ඉන්නේ කොයි එඬේරා එක්කද කියන එක මතයි. තමන් වෙනුවෙන් තීරණ ගැනීම තමන්ගේ නායකයින් විසින් කරනු ඇතැයි බලාපොරොත්තු වන මිනිසුන් වැඩි වන තරමට සමාජයක ප්‍රජාතන්ත්‍රවාදයට බහුතරයේ කැමැත්ත ක්‍රියාත්මක කිරීමට ඉඩ දීම වැනි පටු ඉලක්කයකින් එහාට යන්න අමාරුයි. ඒ වගේ සමාජයක ඩීල් හරහා සැලකිය යුතු කාර්යභාරයක් වෙන්න පුළුවන්.
ලංකාවේ දේශපාලනඥයින් අතර විශාල ජන පදනමක් තිබෙන නායකයින් සිටිනවා. මහින්ද රාජපක්ෂ කියන්නේ මේ මොහොතේ එවැනි වැඩිම ජන පදනමක් තිබෙන නායකයා කියා කියන්න පුළුවන්. ඔහුට වඩා ගොඩක් පසුපසින් වුවත්, දෙවැනි තැන ඉන්නේ රනිල්. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය බොහෝ දුරට ක්‍රියාත්මක වන්නේ මෙවැනි නායකයින් කේන්ද්‍ර කරගෙනයි. බොහෝ විට එක නායකයෙක් යටකරගෙන වෙනත් අයෙක් මතුවෙන්නේ ගේම් හරහා.
මහින්ද, රනිල් වගේ පළමු පෙළේ නායකයින් ළඟින්ම ඉන්න වෙනත් නායකයින් පිරිසක් ඉන්නවා. පහුගිය දවස්වල මහින්ද ළඟින්ම හිටපු විමල්, වාසු, දිනේෂ්, ගම්මන්පිල වගේ අය මහින්දගේ පක්ෂයේම අය නෙමෙයි. ඒ අය මහින්ද වටේ කැරකෙන්නේ ගේම් එකක කොටසක් විදිහටයි. මහින්ද නැතුව ඔවුන්ට හුදෙකලා පැවැත්මක් නැහැ. අනෙක් අතට මහින්දටත් තමන්ගේ පැවැත්මට මේ අය අවශ්‍යයි. ඔය විදිහටම චම්පික, මනෝ ගනේෂන්, රවුෆ් හකීම් වගේ එජාප නොවන වෙනත් පක්ෂ වල අය රනිල්ගේ ළඟින්ම ඉන්නේත් මේ අන්‍යෝන්‍ය වාසි නිසායි. ඔය වගේ ප්‍රධාන නායකයෙක් වටා භ්‍රමණය වන දෙවන පෙළේ නායකයෙක් දිහා සූම් කරලා බැලුවොත් ඔයාකාරයටම ඔවුන් වටා භ්‍රමණය වන කිහිප දෙනෙක් හොයාගන්න පුළුවන් වෙයි. ඒ අය වටා භ්‍රමණය වන අයත් ඉන්නවා. මේක තමයි ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන වත්මන් ස්වරූපය.
අර පහුගිය දවස්වල සමහර ඇනෝලා අහලා තිබුණා වගේ මටත් ඔය ලේක්හවුස් එක වගේ තැනක මොකක් හරි ලියන රස්සාවක් ගන්න ඕනෑනම් මට ඒක කරගන්න වෙන්නේ කොහොමද? ඇනෝලාම කියනවා වගේ කොච්චර කඩේ ගියත් හාමුට කිට්ටු කරන්න බෑනේ. පටන් ගන්න වෙන්නේ පුළුවන් තැනකින්!
ඉස්සෙල්ලම හාමුට කිට්ටු කරන්න පුළුවන් දෙවන පෙළ නායකයෙක් ගැන හිතන්න වෙනවා. ඊට පස්සේ, ඒ දෙවන පෙළ නායකයාට කිට්ටු කරන්න පුළුවන් තුන්වන පෙළ නායකයෙක් ගැන හිතන්න වෙනවා. එහෙම කෙනෙකුටවත් කිට්ටු කරන්න බැරිනම් සොරි ඩොට් කොම් තමයි!
දැන් ඔය විදිහේ තුන්වන පෙළේ නායකයෙක් හොයාගත්තයි කියමුකෝ. පොරට කිට්ටුවෙන කොටම පොර දන්නවා අපිත් මේ සෙට් වෙන්නේ ගේම් එකකට බව. ඒ වෙලාවේ ඉඳලා පොර අපිට ගේම් එකක් ගහනවා. කැමැත්තෙන්ම ඒ ගේම් එකේ ඉත්තෙක් වෙන්න අපිට සිදු වෙනවා. උඩට යනකම්ම වෙන්නේ ඔය ටිකයි.
උඩම මට්ටමේ ඉන්න රනිල්, මහින්ද වගේ කොයි නායකයාත් ඔය ටික දන්නවා. නැත්නම් ඔය ඉන්න තැනට එන්න බෑනේ! ඒ නිසා, මේ අය ප්‍රසිද්ධියේ හැමවෙලාවෙම වගේ තමන්ගේ ළඟින්ම ඉන්න අය එක්ක පවා වැඩ කරන්නේ මෙතැන තියෙන්නේ ගේමක් බව අමතක නොකරමිනුයි. වටේ ඉන්න අය ලොක්කා ගාව ඉන්නෙත් ඕක දැනගෙන.
තමන් වටේ ඉන්න කවුරුත් ගේම් එකක ඉන්න බව දැන දැනම ඒ වගේ අයත් එක්ක ඉන්න එක සෑහෙන ආතතියක් ඇති කරවන කටයුත්තක්. තමන්ට වැඩි විශ්වාසයක් තියන්න පුළුවන් කවුරු හෝ කණ්ඩායමක් ඉන්නවානම් එය නායකයෙකුට සහනයක්. බොහෝ නායකයින්ට ඒ ආකාරයේ විශ්වාසවන්ත ඇතුළු කවයක් සිටිනවා.
මහින්දට ඔහුගේ සහෝදරයින් ඇතුළු පවුලේ සාමාජිකයින්ව පිට මිනිස්සුන්ට වඩා විශ්වාස කරන්න පුළුවන් නොවෙන්න හේතුවක් නැහැ. ඒ අය වුවත් ගේම් ගහන්න ඉඩ තිබුණත් පවුලේ කෙනෙක් ගහන ගේම් එකක සීමාවක් තියෙනවා. වතුර වලට වඩා ලේ උකුයි කියනවනේ!
රනිල් වටේත් ඔහුට විශ්වාසවන්ත පිරිසක් ඉන්නවා. ඒ විශ්වාසයේ පදනම අදාළ කරුණක් නෙමෙයි!
නායකයෙක් වටේ ඉන්න මේ ආකාරයේ ඇතුළු කවයක් කියන්නේ පිට ඉඳන් ගේම් වලට සෙට් වෙන අයට තියෙන ලොකුම බාධාවක්. ඒ නිසා, මේ අයව බොහෝ දෙනෙකුගේ වෛරයට පාත්‍ර වෙනවා. ඒ නායකයෝ වටේම කැරකෙන අයගේ පවා.
පහුගිය කාලයේ මහින්දගේ සහෝදර සමාගම බොහෝ විවේචන වලට පාත්‍ර වුණා. මෑතකදී ඒ විවේචන වැඩිපුර යොමු වුණේ නාමල් වෙත. අනික් පැත්තෙන් රනිල්ට ආපු ලොකුම විවේචනයක් වුනේ ඔහු ගත කරනවාය කියන සමනල් ජීවිතය.
මේ විවේචන හරහා මතුවෙන්නේ වත්මන් ලංකාවේ ක්‍රියාත්මකව පවතින ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ස්වරූපය මිසක් වෙන දෙයක් නෙමෙයි!
ඉකොනොමැට්ටාගේ බොජුන්හල
ටී.එන්.ඒ හා එජාප ගිවිසුමක් ඇති බවට පළවන මත සාවද්‍ය බවත් මෙම ලියැවිල්ල
විභාෂණ චන්ද්‍රජිත් කොණ්ඩදෙණිය නමැති තැනැත්තෙක් අන්තර්ජාලයට මුදා හැරඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් එතුමා අද (13) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් යොමුකරන ලද අතර එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්,
‘''ඊයේ (13) එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂපාතීව පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කළා 117 ක් දෙනෙක් සහයෝගය දීලා. මේකට එජාප වගේම ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 14 දෙනෙක්ගේ සහයෝගයත් ලැබුණා. ඊට පස්සේ ඉඳලා අන්තර්ජාලයේ ලියැවිල්ලක් ප්‍රචාරය වෙන්න පටන්ගත්තා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාත් ඒ වගේම ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාත් අතර ගිවිසුමක් අත්සන් කරාය කියලා.
මේ සහයෝගය ලබාදීම සඳහා උතුරු - නැගෙනහිර එක පළාතක් බවට එකතු කරනවා, ලංකාවේ කිසිදු ආගමකට ප්‍රමුඛස්ථානය ලබාදෙන්නේ නැහැ, උතුරු - නැගෙනහිර පළාත් වලින් හමුදාව අයින් කරනවා, උතුරු - නැගෙනහිර පළාත් වලින් බෞද්ධ සිද්ධස්ථාන අයින් කරනවා වැනි කාරණා ගණනාවක් සම්මත වුණා.
මේක කූඨ ලියැවිල්ලක්
මේක දැක්කහම රනිල් වික්‍රමසිංහට මහත්තයටත්, සම්බන්ධන් මහත්තයටත් දෙන්නටම කතා කරලා ඇහුවා මෙහෙම ගිවිසුමක් තියෙනවද ? ඇත්තටම මේක මොකක්ද ? කියලා. එතකොට ඒ දෙන්නම කිව්වා මේක කූට ලියවිල්ලක් එහෙම කිසිම ගිවිසුමක් නැහැ, අත්සන් කරලත් නැහැ කියලා.
මේක ව්‍යාජ ලේඛනයක්‘ - ආර්. සම්බන්ධන්
සම්බන්ධන් මහතා විශේෂයෙන්ම ප්‍රකාශ කළා, ‘‘ඔබතුමා පොලීසියට මේ පිළිබඳ ප්‍රකාශයක් කරනවා නම් ඒ අයට කියන්න පොලීසියට මගෙන් කටඋත්තරයක් ගන්න කියලා. මේක ව්‍යාජ බව මම පොලීසියට කට උත්තරේකින් දෙන්න කැමතියි.‘‘ කියලා. ඒක නිසා අපි පැහැදිලිවම කියන්න කැමතියි නැවත වතාවක් මේ දේශපාලන වාසි සඳහා රට තුළ ජාතිවාදය වඩවන, ලේ වගුරුවන, ලේ රත්කරනන්, ජාතීන් හැටියට බෙදන්න, රට අස්ථාවර කරන්න ගත්තු කූඨ ලේඛනයක්.
මේක අන්තර්ජාලයට දාලා තියෙන්නේ විභාෂණ චන්ද්‍රජිත් කොණ්ඩදෙණිය
ඒ නිසා අපි පැහැදිලිවම කියන්න ඕන අපට දැනගන්න ලැබිලා තියෙනවා විදියට මේ කූඨ ලේඛනය මුලින්ම අන්තර්ජාලයට මුදාහැරියා කියන්නේ විභාෂණ චන්ද්‍රජිත් කොණ්ඩදෙණිය කියලා පුද්ගලයෙක්. අපි දැන් පොලිස් මූලස්ථානයට ලිඛිතව පැමිණිල්ලක් භාරදුන්නා.
වේලේන්ද්‍රන් ඇමතිවුණාම දේශප්‍රේමියා - කරුණා අම්මාන් ශ්‍රී ලංකා එකට අවාම දේශප්‍රේමියා
ටී.එන්.ඒ සංවිධානයේ මන්ත්‍රීවරු 16 දෙනෙක් ඉන්නවා. 14 දෙනෙක් තමයි ඡන්දේ දුන්නේ. එතකොට ටී.එන්.ඒ එක ඡන්දේ දුන්නම මේ ගිවිසුමක් අත්සන් කළා කියලා ඩොකියුමන්ට් එකක් ලොකුවට හදලා අලි, කොටි ගිවිසුමක් තියෙනවා කියලා පෙන්නන්න හදනවා. එතකොට ඒ 16 දෙනාගෙන් 14 දෙනෙක් ඡන්දය දුන්නාම තමයි ඒ අය කොටි වෙන්නේ. ඒ 16 දෙනාගෙන් එක්කෙනෙක් වෙච්ච වේලෙන්ද්‍රන් ඇවිල්ලා ඇමතිකමක් ගත්තම ඌ දේශප්‍රේමියා වෙන්නේ. ඒක හරියට දළදා හාමුදුරුවන්ට බෝම්බ ගහපු කරුණා අම්මාන් ඇවිල්ලා ශ්‍රී ලංකා එකට එකතු වෙනකොට ඔහු දේශප්‍රේමියෙක් වුණා වගේ.
ඒක හරියට අරන්තලාවේ භික්ෂූන්වහන්සේලා, කාත්තන්කුඩු මුස්ලිම් පල්ලියේ මවුලවිවරු ඝාතනය කළ පිල්ලෙයාන්ගේ කණ්ඩායමේ දේශප්‍රේමී වෙනවා වගේ වැඩක්. ඒ නිසා බල තණ්හාවෙන් බයට කරන වැඩට නාමල් රාජපක්ෂ මහත්තයගේ දෙමළ භාෂාවෙන් තියෙන ට්විටර් එක අරන් බැලුවොත් පහුගිය දවස් වල දේශපාලන හිරකරුවන් ලෙස හදුන්වලා දෙමළ ජාතික හිරකරුවන් නිදහස් කරන්න ඕනයි කියලා දෙමළ ට්වීටර් එකේ දැම්මේ නාමල් රාජපක්ෂ. අපි නෙමෙයි. ඊළඟට එතුමාලට මතක් කරලා දෙන්න ඕන පහුගිය ඔක්තෝබර් මාසේ ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශක කාරක සභා රැස්වීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ තියෙන කොට මමත් ගියා රැස්වීමට. එහිදී ජනපතිතුමා තමයි තීන්දුව අරගෙන ත්‍රිවිද හමුදාවට උපදෙස් දුන්නේ හමුදාවට අත්‍යවශ්‍ය ඉඩම් ටික තියාගෙන ඉතුරු ටික දෙසැම්බර් 31 වෙනිදට කලින් නිදහස් කරන්න කියලා.
මේ වෙනකොට අධිකරණයේ නඩුවක් තියෙනවා 2015 ජනවාරි 8 වැනිදා ඡන්දෙට සමගාමීවත් අලි - කොටි ගිවිසුමක් තියෙනවා, මෛත්‍රී - කොටි ගිවිසුමක් තියනෙවා කියලා මේ වගේ කූඨ ලියැවිල්ලක් හැදුවා.
අවුරුදු තුන හමාරක් අපි රට පාලනය කළා. එහෙම ගිවිසුමක් තිබ්බා නම් ඒ ගිවිසුම ප්‍රකාරව වැඩකරන්න ඕන වෙනවා. ''
ගාමිණී වියන්ගොඩ
සතිය ගතවිය - විසඳුමක් නැතිද ? ජනපතිතුමනි
තව සතියකින් ප‍්‍රශ්නය විසඳා දෙන බවට ජනාධිපති සිරිසේන පසුගිය 4 වැනිදා පොරොන්දු වූවේය. එනම්, විසඳුමක් ඔහු අතේ ඇති බව ය. එහෙත්, විසඳීමට ඇති ප‍්‍රශ්නයේ නිර්මාතෘ රනිල් වික‍්‍රමසිංහ බවත් ඔහු කීවේය. සිරිසේන කියන මේ කතාව, ගෝඨාභය රාජපක්ෂ සහ තවත් උදවිය වෙනත් ආකාරයකින් කියමින් සිටිති. ඔවුන්ට අනුව, ප‍්‍රශ්නයට හේතුව වන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයයි. ඔවුන් කියන කතාවේ ඇත්තක් තිබේ.
සිරිසේන විසින් පසුගිය ඔක්තෝබර් 26 වැනි දා රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කරනු ලැබීම ප‍්‍රශ්නයක් වුණේ, ඒ වන විට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කරගෙන තිබුණු නිසා ය. එසේ නොවුණි නම්, එනම්, අපට තිබුණේ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහිත 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නම්, ඇත්තෙන්ම ඔක්තෝබර් 26 වැනි දා රනිල් වික‍්‍රමසිංහ ඉවත් කිරීම කිසි ප‍්‍රශ්නයකට තුඩු දීමට මොනම ඉඩක්වත් නොවුණි. මන්ද යත්, පරණ ව්‍යවස්ථාවේ හැටියට, ජනාධිපතිවරයාගේ අත්සන යටතේ අගමැතිවරයා ඉවත් කිරීම ඕනෑම අවස්ථාවක කළ හැකිව තිබුණු බැවිනි. එය එම ව්‍යවස්ථාවේ 47 (අ) යටතේ පැහැදිළිව සඳහන්ව තිබුණි. එහෙත් එය 19 වැනි සංශෝධනය යටතේ ඉවත් කොට ඇත.
ඊළඟට, සිරිසේන ජනාධිපති විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් ප‍්‍රශ්නයක් වුණේ, 19 ව්‍යවස්ථා සංශෝධනය නිසා ය. මන්ද යත්, ඊට කලින් ව්‍යවස්ථාවට අනුව, පාර්ලිමේන්තුවේ ආයු කාලයෙන් වසරක් ගිය තැන ජනාධිපතිවරයාට කැමති ඕනෑම වේලාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකිව තිබුණි. වර්තමාන පාර්ලිමේන්තුව ආරම්භ කෙරුණේ 2015 අගෝස්තු මාසයේ නිසා, 2016 අගෝස්තු මාසයෙන් පසු පරණ ව්‍යවස්ථාව යටතේ ඕනෑම අවස්ථාවක එසේ විසුරුවා හැරීමට හැකි විය යුතුව තිබුණි. ඒ අනුව, 2018 ඔක්තෝබර් 26 වැනි දා සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීම කිසි විදිහකින් ප‍්‍රශ්නයක් නොවනු ඇත. එහෙත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ, ජනාධිපතිවරයාට එසේ විසුරුවා හැරිය හැකි බලය පැවරෙන්නේ පාර්ලිමේන්තුවට වසර හතර හමාරක කාලයක් ගත වූ පසුව පමණි. ඒ අනුව, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් අද ප‍්‍රශ්නයක් වී ඇත්තේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසා ය.
ඉතිං, ප‍්‍රශ්නය මෙසේ විග‍්‍රහ කිරීමෙන් කෙනෙකු බලාපොරොත්තු වන්නේ කුමක් ද ? ව්‍යවස්ථාදායකය සහ අධිකරණය ආදී සියලූ බල කේන්ද්‍ර විධායකයේ අණසකට යට කළ හැකි ආකාරයේ ආණ්ඩු ක‍්‍රමයක් තිබිය යුතු බවයි. එනම් සියලූ රාජ්‍ය අංශ මෙහෙයවීමේ පූර්ණ බලය විධායකයට තිබිය යුතු බවයි. වෙනත් විදිහකින් කිවහොත්, මහින්ද රාජපක්ෂ පන්නයේ විධායක ජනාධිපති ධුරයටත් වඩා ගොරතර විධායකයක් රටට අවශ්‍ය කරන බවයි.
හැට දෙලක්ෂයේ ඡන්දයට වුණේ මොකක්ද ?
2015 ජනවාරි 8 වැනි දා මේ රටේ හැට දෙලක්ෂයක් ජනතාව ඡන්දය පාවිච්චි කෙළේ ඒ විධායක බලාධිකාරී ක‍්‍රමය අහෝසි කොට, විධායක ජනාධිපති ක‍්‍රමයමත් අහෝසි කිරීමටයි. ඒ නිසාම, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා, විධායක ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුවත්, විධායක ජනාධිපතිවරයා සහ අධිකරණයත් අතර වන සහසම්බන්ධතාව වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී කෙළේය. එනම්, පාර්ලිමේන්තුව සහ අධිකරණය යන බල ආයතන දෙක, විධායක ජනාධිපතිවරයාගේ දඬු අඬුවෙන් මුදවා ගැනුණු බවයි. ‘ගෙදර යන ගමන්’ ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන් පත්කළ රාජපක්ෂ ක‍්‍රමවේදය ඉවත් කොට, ‘ව්‍යවස්ථා සභාවක්’ හරහා එම විනිසුරන් ඇතුළු රජයේ වෙනත් උසස් නිලතල දරණ පුද්ගලයන් පත්කිරීමට, ඒ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා පියවර ගැනුණු බවයි. අද කුමක් කීවත්, ඒ මතය සමග, රාජපක්ෂ පවුලම 2015 ජනවාරියෙන් පසු එකඟත්වය පළ කළහ. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා ඔවුන් සියල්ලන්ම පාර්ලිමේන්තුව තුළ ඒ සඳහා ඡුන්දය පාවිච්චි කෙළේ එබැවිනි.
ඇත්තෙන්ම, දැන් ප‍්‍රශ්නය වන්නේ, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නොව, ඒ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපති සිරිසේන විසින් නිදැල්ලේ උල්ලංඝණය කරනු ලැබ තිබීමයි. එම සංශෝධන ඇති කර ගත් දා පටන් එය අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේම කොටසක්ව තිබේ. දැන් එය, තුනෙන් දෙකක බහුතරයකින් පාර්ලිමේන්තුවේ සම්මත කර ගත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකි. මේ ලියවිල්ල සමග ගනුදෙනු කරන පුද්ගලයන් ඊට අනුගතව හැසිරිය යුතුවා මිස, ඒ ව්‍යවස්ථාව පුද්ගලයන්ගේ ඕනෑ එපාකම්වලට අනුව හැසිරෙන්නේ නැත. යමෙකු එය උල්ලංඝණය කළොත් එය එම පුද්ගලයාගේ වරදකි. උදාහරණයක් වශයෙන්, කෝච්චියකට කෙනෙකු යට වීම කෝච්චියේ වරදක් නොව, යට වූ තැනැත්තාගේ වරදකි. තමා කෝච්චි පාර හරහා යන විට කෝච්චියක් පැමිණීම වරදක් යැයි එම පුද්ගලයාට කිව හැකි ද ?
19 විවේචනය කරමින් රටේ බලය ඉල්ලීම
ජේ. ආර්. ජයවර්ධනගෙන් පටන් ගෙන මහින්ද රාජපක්ෂ දක්වා අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව විවිධාකාරයෙන් වෙනස් කර ගත්තේ තමන්ගේ බලය තර කර ගැනීම සඳහා ය. පළමු වරට, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන්, විධායකයේ එම බලය සීමා කොට, පාර්ලිමේන්තුවේ බලය පුළුල් කෙරුණු අතර, අධිකරණය ඇතුළු රාජ්‍ය ආයතන ස්වාධීන කෙරුණි. එනම්, රාජ්‍ය බල කදම්භය තුලනය කෙරුණි. ඒ ක‍්‍රමය වැරදි යැයි යමෙකු කියන්නේ නම්, ඔහු / ඇය ඉල්ලා සිටින්නේ වෙන දෙයක් නොව, තනි පුද්ගලයෙකු රජ කැරැවිය හැකි ක‍්‍රමයකි. මහින්ද සහ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිස අද 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය විවේචනය කරන අතරේම තමන් අතට නැවත වරක් බලය ඉල්ලා සිටීම ඉතා භයානක දෙයක් වන්නේ එබැවිනි.
රටේ ප‍්‍රධාන පුරවැසියා මෙසේ ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම නිසා දැන් මාසයකටත් වැඩි කාලයක් තිස්සේ මුළු රටම අවුලට පත්ව තිබේ. මේ අවුල විසඳා ගැනීම සඳහා රනිල් වික‍්‍රමසිංහ ‘මස් රාත්තලම’ ඉල්ලා සිටිය යුතු නැති බව සමහරු කියති. කෝඳුරු තෙල් හත් පට්ටයකුත් මදි වගක් මේ අවස්ථාවේ නොකිව යුතුව ඇති බවත් තවත් අය කියති.
ඇත්තෙන්ම, මස් රාත්තලම දැන් ඉල්ලා සිටින්නේ කවුද ? මුළු පාර්ලිමේන්තුවේ 225 දෙනාම අනුමත කළත් තමන් රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයට පත්කරන්නේ නැතැයි කියන පුද්ගලයා වැටෙන්නේ කොයි ප‍්‍රවර්ගයට ද? තමාගේ ඉල්ලීම ඉටු කිරීම සඳහා, රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝණය කරමින්, පාර්ලිමේන්තුවේ ස්වෛරීත්වය යටපත් කරමින්, හුදෙක් ස්වකීය ආශාව මත කටයුතු කරන ජනාධිපති සිරිසේන නොවේ ද, මස් රාත්තලම ඉල්ලා සිටින පුද්ගලයා ?
අනිත් පැත්තෙන්, මස් රාත්තලම ඉල්ලා සිටින්නේ රනිල් වික‍්‍රමසිංහ යැයි උපකල්පනය කරමින්, ඔහු සහ ඔහුගේ පක්ෂය වෙනත් අයෙකු අගමැති ධුරයට පත්කිරීම සඳහා මේ අවස්ථාවේ ඉඩ දිය යුතුව ඇතැයි අපි මොහොතකට සිතමු. එවිට ඇති වන්නේ මෙවැනි තත්වයකි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සෑම අර්ථයකින්ම නිසරු ලියවිල්ලක් බවට පත්වන්නේය. විධායක ජනාධිපතිවරයා ඉන් මතුවට, රටේ ව්‍යවස්ථාව මායිම් නොකරන්නේය. ව්‍යවස්ථාව මායිම් නොකරන පාලකයෙක් රටේ වෙනත් නීතියකට ගරු කරතැයි සිතිය නොහැක. ඒ සියල්ලටමත් වඩා, රටක් සහ සමාජයක් වශයෙන් එකී අත්තනෝමතික හැසිරීම අනුමත කරමින් අප සියල්ලන් විසින් එකී විධායක මාදිලිය අනුමත කළා වන්නේය. ඒකාධිපතියන් පහසුවෙන් බිහි වන්නේ එවැනි සමාජයකිනි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ෆැසිස්ට්වාදය අතර දෝලනයක
ප‍්‍රශ්නයක් විසඳා ගැනීමට මාර්ග දෙකක් ඇතැයි අපි මොහොතකට සිතමු. ඉන් එක් මාර්ගයක් අනුගමනය කිරීම සඳහා අවශ්‍ය කරන්නේ එක් පුද්ගලයෙකුගේ කැමැත්ත පමණි. ඒ කැමැත්ත මත ප‍්‍රශ්නය විසඳා ගැනීමෙන්, වෙනත් කිසි ප‍්‍රශ්නයක් ඇති නොවන්නේ නම්, එය ප‍්‍රශස්ත විසඳුමක් වන්නේය. අනිත් මාර්ගයෙන් ප‍්‍රශ්නය විසඳා ගැනීම සඳහාත් අවශ්‍ය වන්නේ එක් පුද්ගලයෙකුගේ කැමැත්ත පමණක් යැයි සිතමු. එහෙත්, ඒ පුද්ගලයාගේ කැමැත්ත මත ප‍්‍රශ්නය විසඳන අවස්ථාවේ, තවත් ප‍්‍රශ්න රාශියක් ඒ මගින් අලූතෙන් උත්පාදනය කෙරේ නම්, එය ප‍්‍රශ්නය විසඳීමේ ප‍්‍රශස්ත මාර්ගය විය නොහැක.
දැන් මෙය, සිරිසේනට සහ වික‍්‍රමසිංහට ආදේශ කොට බලන්න. සිරිසේනගේ මතය ජය ගත්තොත් රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තුව ආදී සියලූ ආයතන සහ පාලන පද්ධති බෙලහීන වන්නේය. විකෘති වන්නේය. වික‍්‍රමසිංහගේ මතය ජය ගත්තොත්, එවැනි ප‍්‍රතිවිපාකයකින් තොරව, අප පසුගිය ඔක්තෝබර් 25 වැනි දා සිටි තත්වයට ආපසු ගමන් කරන්නේය.
මෙය, රනිල් වික‍්‍රමසිංහ අගමැති කැරැවීම සඳහා කෙරෙන සටනකැයි යමෙකු සිතන්නේ නම්, එය එම අදහසට පක්ෂව සිතුවත් (කැපුවත් කොළ වර්ගයේ එක්සත් ජාතික පාක්ෂිකයන් සිතන ආකාරයෙන්), විපක්ෂව සිතුවත් (රාජපක්ෂලා නොවන සියල්ලන් යූ.ඇන්.පී කාරයන් යැයි සිතන්නන්) කරන්නේ, කැලය කියා ගස හඳුනා ගැනීමකි.
අප අද මුහුණදෙන අර්බුදය තුළ ගොඩනැගෙන සංකල්පීය ආස්ථාන (විධායකය ද, ව්‍යවස්ථාදායකය ද ?) මතුපිටින් නියෝජනය කරන්නේ පුද්ගලයන් වීම (සිරිසේන-මහින්ද-රනිල්) වැලැක්විය හැකි දෙයක් නොවේ. ප‍්‍රශ්නයේ මූලයම පුද්ගලික වන නිසා (‘රනිල්ට මම කැමැති නැහැ’- සිරිසේන) ඒ ප‍්‍රශ්නය වෙතින් මතුවන සංකල්පීය ආස්ථානයන්ට පුද්ගල කේන්ද්‍රීය ගතියක් ආරෝපණය වීම කොහෙත්ම වැලැක්විය නොහැක. එහෙත් ඒ හේතුවෙන්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ෆැසිස්ට්වාදය අතර තේරීම අප මොහොතකට හෝ අවුල් කර ගත්තොත්, මේ දෙපාර්ශ්වයේම යකඩ සපත්තුවක් යට ජීවත් වීමට අපට සිදුවන කාලය වැඩි ඈතක නොවන බව මතක තබා ගත යුතුය.
වීඩියෝව - රූපවාහිනී පුවත් ඇසුරිනි
සබැඳි පුවත්
ව්‍යවස්ථාවට එරෙහිව යක්ෂාවේශවී සිටින ජනාධිපතිවරයෙක්
Copyright © © 2021 Sri Lanka Guardian News Media Hub . Published By Sri Lanka Guardian, an online newspaper registered in Sri Lanka - Designed by OddThemes