The Most/Recent Articles

Showing posts with label Libya. Show all posts
Showing posts with label Libya. Show all posts

ලිබියානු ව්‍යසනය

| ඇ‍ලෙක්ස් ලැන්ටියර්

එක්සත් ජනපද රාජ්‍යතාන්ත්‍රික කාර්යමන්ඬලය, ලිබියාවේ ට්‍රිපොලි නුවර සිට බය බිරාන්තයට පත්ව අසල්වැසි ටියුනිසියාව කරා ඉවත්කර ගැනීම, තෙවසරකට පෙර එරටට එරෙහිව මුදාහල එජ-නේටෝ විනාශයේ කුලුගැන්විමයි.

එකිනෙකාට සතුරු මිලිෂියාවන් අතර ලිබියානු අගනුවර සිදුවන ගැටුම් කෙතරම් උත්සන්නවී ද යත් අසල පිහිටි ට්‍රිපොලි ගුවන්තොටුපලේ සිට එජ නිලධාරීන් ඉවත් කරගත නොහැකි විය. ඒ වෙනුවට තානාපති නිලධාරීන් හා ඔවුන්ගේ දැඩිලෙස සන්නද්ධ ආරක්ෂකයින් ගොඩබිමෙන් පලා ගියේ බස්, කැරවෑන් හා ආධාරක වාහන වලිනි. ඩ්‍රෝන් යානා හා ප්‍රහාරක ජෙට් යානා ඉහලින් පියාසර කල අතර ඩිස්ට්‍රෝයර් ප්‍රහාරක නෞකාවක් වෙරලාසන්නයේ රඳවා තැබුනේ ඔවුන්ගේ මඟ අවහිර කරන ඕනෑම කෙනෙක් පුපුරවා හැරීමේ සූදානමෙනි.

මෙකී මිලිෂියාවන්ම සන්නද්ධ කරනු ලැබුවේ, වොෂින්ටනය හා ඔවුන්ගේ අධිරාජ්‍යවාදී සහචරයෝ, කර්නල් මුවම්මර් ගඩාෆි පෙරලා, පාලන තන්ත්‍රය වෙනස් කිරීම සඳහා ගෙනගිය යුද්ධයේ කොටසක් ලෙස 2011දීය. කැබලි වලට පුපුරා, පැතිර යන සිවිල් යුද්ධයකින් ඇලලී ගොස් තිබෙන ලිබියාව නමැති රට හා බිඳවැටීමේ තත්වයකට මුහුනපා තිබෙන එහි හදවත වන තෙල් කර්මාන්තය අතහැර ඔවුහු පලා ගියහ.

එවකදී ලෝසවෙඅ අනතුරු ඇඟවූ පරිදි යුද්ධය, අනාරක්ෂිත පැරනි යටත් විජිතයක් කොල්ලකෑමකි. එජ, බ්‍රිතාන්‍ය, ප්‍රන්ස හා ඔවුන්ගේ මැදපෙරදිග සහචරයින් ලිබියාවට බෝම්බ හෙලීමත්, අල් කයිඩාවට සම්බන්ධ ඉස්ලාමීය මිලිෂියාවන්, ගෝත්‍රික බලවේග හා ගඩාෆි තන්ත්‍රයේ සිට පිල් මාරු කල කොටස් සන්නද්ධ කිරීමත් හමුවේ දස දහස් ගනනක් ලිබියානුවන් මරුමුවට පත්විය.

“එජ කුලී හමුදා විසින් සුන්බුන් බවට පත්ව තිබූ තමන්ගේ උපන් ගම වන සර්ටි ප්‍රදේශයේදී ගඩාෆි අල්ලාගෙන වධ දී මරා දැමීමෙන් පසුව සීබීඑස් ප්‍රවෘති සේවයේ පෙනීසිටි එජ රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් සිනාසෙමින් පාරම් බෑවේ, “ඔහු මියගිය බව අපි දැක්කෙමු” යනුවෙනි.

ලිබියාවට පෙර ඇෆ්ගනිස්ථානයේදී හා ඉරාකයේදී මෙන්ම අධිරාජ්‍යවාදී ආක්‍රමනයේ මුල් වටයේම මුදා හැරියේ බිහිසුනු ඝාතනය හා විනාශයයි. තව තවත් විනාශයයි. එකිනෙකා සමග කුලල්කාගන්නා ඉස්ලාමීය හා ගෝත්‍රික මිලිෂියාවන් විසින් පාලනය කරන විනාශයට පත් රටේ මුදුනෙහි බටහිර ගැති රූකඩ පාලනයක් ඇටවීමේ උත්සාහය නින්දිත ලෙසින් අසාර්ථක විය. ට්‍රිපොලියේ එජ තානාපති සේවය දැන් තුච්ඡ ලෙස පලා යාමට පෙරාතුව, එජ පිටුබලය දුන් අගමැති අලි සේඩන්ට එරෙහි කුමන්ත්‍රනයෙන් පසුව මාර්තුවේදී ඔහුට රට හැර පලායාමට සිදුවූ අතර 2012දී බෙන්ගාසිහි ඉස්ලාමිය මිලිෂියාවරු, එජ තානාපති ක්‍රිස්ටෝපර් ස්ටීවන්ස් ඇතුලු නිලධාරීන් ගනනාවක් මරා දැමූහ.

මෙම සිදුවීම් පෙල, එජ හා යුරෝපීය අධිරාජ්‍යවාදීන්ගේ මැද පෙරදිග සමස්ත හා ලේවැකි මැදිහත්වීම පිලිබඳ එල්ල කෙරෙන චෝදනාවකි. ඔවුන්ගේ විදෙස් පිලිවෙත සකස් කරන්නේ දේශපාලන මැර කල්ලියක් හා තෙල් කර්මාන්තයේ ද මූල්‍ය ප්‍රාග්ධනයේ ද අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින අය විසිනි. පෙනී යන පරිදි බටහිර ආන්ඩු හා තෙල් සමාගම් ගනන් බලන්නට ඇත්තේ, ලිබියාවේ රුධිර ස්නානය දිගහැරෙද්දී අවසානයේ මුදුනට පැන ගන්නා කුමන හෝ ප්‍රාදේශීය මිලිෂියා කන්ඬායමක් සමග හෝ සිය ගනුදෙනු පවත්වාගත හැකි වනු ඇත කියාය.

තම පිලිකුල් සහගත මෙහෙයුම්වල කොටසක් ලෙස එජ හා එහි සහචරයෝ, අබ්දෙල් හකිම් බෙල්හාජ් වැනි අල් කයිඩාවට සම්බන්ධ බලවේග සමග යලි යලිත් සබඳකම් පවත්වා ඇත. සීඅයිඒ සංවිධානය ඔහු පැහැරගෙන ගොස් “අසාමාන්‍ය වධබන්ධනයට” ලක්කර ත්‍රස්තවාදි කටයුතු පිලිබඳ චෝදනා මත සිරගත කිරීම සඳහා ආපසු ලිබියාවට එවීමට පෙර, ගඩාෆිට එරෙහිවත් පසුව සිරියාවේ අසාද් පාලනයට එරෙහිවත් යොදවන ලදී.

2003-2011 එජ වාඩිලෑම යටතේ අටවන ලද ඉරාක පාලන තන්ත්‍රය, අල් කයිඩාවට සම්බන්ධ සිරියානු සුන්නි මිලිෂියාවන්ගේ ප්‍රහාර හමුවේ බිඳ වැටීමට ආසන්න බව දැක්වෙන වාර්තා ඊයේ දිනය තුල පලවිය. බැග්ඩෑඩයේ මිලිටරි නායකයෝ පලායාමට සිදුවුවහොත් ඒ සඳහා “තම ගමන් මලු පුරවාගෙන” ලෑස්තියෙන් සිටිති. ලිබියාව මෙන්ම ඉරාකය ද විනාශයට පත්ව පැතිර යන සිවිල් යුද්ධය හමුවේ පැති තුනකට කැඩී ගොස් තිබේ. එනම්, සුන්නි බටහිර, ඉරානයට සමීපව ෂියා අරාබි කොටස හා උතුරේ කුර්දිවරුන් සියතට ගෙන ඇති කොටස වශයෙනි. එජ මූලිකත්වයෙන් සිදුවූ මිලිටරි වාඩිලාගැනීම මගින් නිර්මානය කල කොල්ලකෑමේ හා බෙදා පාලනය කිරීමේ පිලිවෙතෙහි අවසන් ප්‍රතිපලය වී ඇත්තේ මෙයයි.

මෙම පිලිවෙත අධිරාජ්‍යවාදී පාලක පන්තියේම ස්වභාවය පෙන්නුම් කරයි. එනම්, විශේෂයෙන්ම දුබල, තෙල් සම්පතෙන් පොහොසත් රටවල, අලුතෙන් කිසිවක් නිර්මානය නොකර කොල්ලකෑම, සොරකම් කිරීම හා පැහැර ගැනීමයි. ධනේශ්වර ජාතිකවාදියෙක් වූ ගඩාෆි, 1970දී තෙල් කර්මාන්තය ජනසතු කිරීමෙන් පසුව ජනතාවගේ ජීවන තත්වයෙහි සැලකිය යුතු වර්ධනයක් ඇතිවිය. ඔහුගේ පාලනය අධිරාජ්‍යවාදීන්ට බාධකයක් බවට පත්ව තිබුනි. ඔවුන්ගේ ආස්ථානයට අනුව, ඉරාකයේ මෙන්ම ලිබියාවේ ද දස දහස් ගනනකගේ ජීවිත බිලිගත් සිවිල් යුද්ධය හුදෙක්, කලාපයේ තෙල් සම්පත ලාභදායී ලෙස කොල්ලකෑමට අදාල ආරම්භක පිරිවැයයි.

මානව අයිතීන්ගේ වංචනික ධජය යටතේ මෙම ලේවැකි මෙහෙයුම ගොනුකර ජනතාවට අලෙවි කලේ කෙසේදැයි සිහියට නඟා ගැනීම වටනේය. 2011දී ටියුනීසියාවේ හා ඊජිප්තුවේ බටහිර ගැති ආඥාදායකත්වයන් පෙරලාගෙන නැඟී ආ කම්කරු පන්තියේ පෙරලිකාරිත්වයෙන් කම්පාවට හා බියට පත් අධිරාජ්‍යවාදී බලවතුන්, ඒ රටවල් දෙක අතර පැවති ලිබියාව තුල, එජට යටත් රූකඩ පාලනයක් ඇටවීමේ අරමුනෙන් පාලනය වෙනස් කිරීම සඳහා යුද්ධය යොදාගැනීමට අරමුනු කලේය.

යුද පිලිවෙත අලෙවි කිරීම පිනිස පාලක පන්තිය, අපරාධයේ හවුල්කරුවන් ලෙස මධ්‍යම පන්තික ව්‍යාජ වාම පක්ෂ හා ශාස්ත්‍රාලිකයින් පෙලක් සේවයේ යෙදවීය. ලිබියාව ‍කොල්ලකෑ‍මේ ව්‍යාපෘතියට “වාම” මුහුනුවරක් දීම සඳහා ‍පෙරට පිනූ ‍මොවුහු, ගඩාෆිට එ‍රෙහි ප්‍රජාතන්ත්‍ර විප්ලවයක් ‍ගෙනයාම මගින් මර්දන‍යේ අවදානමට මුහුනපෑ අය ‍ලෙස විපක්ෂ බල‍වේග හඳුන්වමින්, එම ‍කොටස් ආරක්ෂා කිරීම පිනිස එය මානවවාදී යුද්ධයක් බව කියා සිටියහ. නේ‍ටො‍වේ යුද්ධය පටන්ගනිද්දී ප්‍රන්ස‍යේ නව ධනනේශ්වර වි‍රෝධී පක්ෂය (එන්පීඒ) ප්‍රකාශයක් නිකුත් ක‍ලේය. “ලිබියානු විප්ලවයට සහාය ‍දෙනු! ගඩාෆි ‍‍පෙරලා දමනු, ලිබියා‍වේ ජනතාව හා ආඥාදායකත්වය අතර මරනය දක්වා සටන” ‍ලෙස ඔවුහු එය හැඳින්වූහ.

එජ දී මිචිගන් විශ්ව විද්‍යාල‍යේ මහාචාර්ය ජුආන් ‍කෝලි, ලිබියා‍වේ අධිරාජ්‍යවාදී මැදිහත්වීමට එ‍රෙහිව මූලධර්මාත්මක ආස්ථානයක් ගත් ‍ලෝස‍‍වෙඅ වැනි ‍කොටස් ‍හෙලාදුටු‍වේය. “අධිරාජ්‍ය වි‍රෝධී තුරුම්පුව ‍යොදාගැනීමට අ‍‍නෙකුත් සියලුම වටිනාකම් හිතුවක්කාරී ‍ලෙස ඉවතලීම තුඩු‍දෙන්‍‍නේ අවංකවම අභූත ආස්ථානයන්ටය. ‍නේ‍ටෝවට මා අවශ්‍ය නම් මම එහි සිටින්‍‍නෙමි.” ‍කෝල් ලිවීය.

එවකදී ‍ලෝස‍වෙඅ ලිබියානු ත්‍රස්තවාද‍යේ දක්ෂිනාංශික ස්වභාවය වසං කිරීම හා අධිරාජ්‍යවාද‍ය ‍වෙනු‍වෙන් ‍ඔවුන්ගේ බං‍කො‍ලොත් ක්ෂමාලාපය ‍හෙලිදරව් කිරීමට ඉදිරිපත් විය. එන්පීඒ හා මහාචාර්ය ‍කෝල් ‍දේශපාලන වගකීම දරන ලිබියා‍වේ ‍ලේවැකි ව්‍යසනය මගින් ‍ලෝස‍වෙඅ මූලධර්මාත්මකව අධිරාජ්‍යවාදයට දැක්වූ විරුද්ධත්වය මුලුමනින්ම සනාථ කර ඇත.

2012දී ‍වොෂින්ටනය ‍‍කෙටි ආයුෂ සහිතවූ සෙයිඩාන්‍ගේ රූකඩ පාලනය ඇටවූ විට ‍කෝල් යුද්ධයට විරුද්ධවූවන්ට සමච්චල් කරමින්, ඔවුන් ගඩාෆි‍ගේ ආධාරකරුවන් යයි මඩගැසූ අතර ඒවා‍යේ ප්‍රතිවිපාක පිලිබඳව අනතුරු ඇඟවීය. ඔහු ලිබියාවට කල සංචාරයකදී ට්‍රිපොලි ගුවන් ‍තොටුප‍ලේදී ලිබියානු මිලිෂියාවන් විසින් සංවිධානය කර තිබූ වි‍රෝධතාවකට මුහුනපෑ‍මෙන් යාන්තමින් ‍බේරුනු අතර එම සිද්ධිය හාස්‍යයෙන් බැහැර කරමින් ඔහු ලිබියාව ‍කොල්ලකෑම වර්නවත් පාටින් පින්තාරු ක‍ලේය.

කෝල් ‍මෙසේ ලිවීය. “ලිබියාව පිලිබඳව එහි ඇත්‍තේ අඳුරු කථාන්තරයකි. එය අසාර්ථක රාජ්‍යයක් බවට පත්ව ති‍බේ. සැම තැනකම සන්නද්ධ මිලිෂියාවරු දක්නට ඇත. සෑම අ‍යෙක්ම ‍බෙදුම්වාදි‍යෙකි. අන්තර්වාර ආන්ඩුව කිසිවක් කරන්‍‍නේ නැත. උප සහරානු අප්‍රිකා සම්භවයක් ඇති මිනිසුන්ට වීදි වලදී අතවර සිදු‍වේ.” යනාදි වශ‍යෙනි. අඳුරු කථාන්තරය ප්‍රචාරය කරන්‍‍නේ ගඩාෆි‍ගේ ඉතිරිව ඇති අය හා බටහිර දී ඔහු අගය කරන අය විසිනි. ලිබියාව සෝමාලියාව ‍මෙන් ‍නොවේ. එය ‍යේමනය ද ‍නොවන්‍‍නේය.

පශ්චාත් යුද්ධ ලිබියාව තුල ඇති බිහිසුනු යථාර්තය මුසාකරනය කිරීම, වරප්‍රසාදිත, අධිරාජ්‍ය ගැති ඉහල මධ්‍යම පන්ති‍යේ අවශ්‍යතා නි‍යෝජනය කරන ව්‍යාජ වාම ‍දේශපාලන‍යේ බියගුලුකම හා මුග්ධත්ව‍යේ ප්‍රකාශනයකි. තමන් නිර්මානය කල විවිධ ව්‍යසනයන් තුලින් පවා කිසිවක් ඉ‍ගෙන ‍නොගන්නා ‍මෙම බල‍වේග, දැන් සිරියා‍වේ හා යු‍ක්‍රේන‍යේ ලේවැකි අධිරාජ්‍යවාදී මැදිහත්වීම්, ප්‍රජාතන්ත්‍රවාදී හා මානවවාදී ව්‍යවසායන් ‍ලෙස හුවා දක්වති.

ලිබියාවේ යුද්ධය හා යුරෝපීය සංගමයේ අර්බුදය

 පීටර් ෂ්වාස්

ලිබියානු යුද්ධය ලෝක දේශපාලනයේ සන්ධිස්ථානයක් සලකුනු කරයි.

ටියුනීසියාවේ හා ඊජිප්තුවේ විප්ලව පුපුරා යාමෙන් යන්තම් සති කිහිපයකට පසුව හා මුවම්මර් ගඩාෆිට එරෙහි ඊනියා කැරැල්ල ඇරඹී යන්තම් දින කිහිපයකට පසුව එක් රැයකින්ම වාගේ එරටට බෝම්බ හෙලීමේ තීන්දුව ගනු ලැබිනි. ඇෆ්ගනිස්ථානයේ හා ඉරාකයේ යුද්ධ වලට සපුරා පටහැනි ලෙස ප‍්‍රහාරයේ මූලිකත්වය ගත්තේ, පසුව ඊට එකතුවූ එක්සත් ජනපදය විසින් නොව, හිටපු යුරෝපීය යටත් විජිත බලවතුන් වන දැන් ඉතාලිය ද ඇතුලත් ප‍්‍රන්සය හා මහා බි‍්‍රතාන්‍යයයි. 1956 සූවස් යුද්ධයෙන් ඉවත්වීමට සිදුවූ තැන් සිට ප‍්‍රථම වතාවට ප‍්‍රන්සය හා බි‍්‍රතාන්‍ය යලිදු වතාවක් අරාබිකරයේ යුද්ධයක් දියත්කර තිබේ.

පැබ්ලෝවාදීන්ගේ සිට සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් හා හරිතයින් දක්වා වූ ව්‍යාජ වම්මුන් විසින් සහයෝගය දී තිබෙන යුද්ධය නිල වශයෙන් අංඟලක්ෂනය කර ඇත්තේ "මානුෂිකවාදී” මැදිහත්වීමක් ලෙස ය. එහෙත් එය පැහැදිලිව ම අධිරාජ්‍යවාදී ව්‍යවසායකි. එය කාන්තාර රටේ විශාල තෙල් හා ගෑස් ද පැරනි අධිරාජ්‍යවාදී බලවතුන් හා නැඟී එන චීන බලවතා අතර ඇවිල යන සටන වටා අප‍්‍රිකාවේ අමුද්‍රව්‍ය හා වෙලඳපොලවලට පිවිසීම හා කලාපයේ අධිරාජ්‍යවාදී අවශ්‍යතාවන්ට තර්ජනය කරන උතුරු අප‍්‍රිකාවේ හා මැද පෙරදිග විප්ලවය මැඩීම සම්බන්ධ ප‍්‍රශ්නයකි.

යුද්ධය සමඟ වර්ධනය වී ඇති ප‍්‍රචන්ඩත්වය වනාහි ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවතුන් අතර කටුක ගැටුම හා එම රටවල් තුල ම උග‍්‍ර වන පන්ති ප‍්‍රතිවිරෝධතා යන දෙකේම ප‍්‍රතිපලයකි. බොහෝ යුද්ධ මෙන්ම ලිබියානු යුද්ධය ද පාර්ශවීය වශයෙන් තීරනය වී ඇත්තේ දේශීය දේශපාලන අභිපේ‍්‍රරනයන් ගෙනි. එය අවධානය සමාජ ගැටුම් වලින් වෙනතකට හැරවීමටත් ඒවා ප‍්‍රචන්ඩ ලෙස මැඩීම සඳහා අවශ්‍ය තත්වයන් නිර්මානය කිරීම සඳහාත් සේවය කරයි. සාකෝසි මෙන්ම බර්ලුස්කෝනිත් බෙහෙවින් අපකීර්තියට පත් කප්පාදු පියවර කම්කරු පන්තිය මත පැටවීමේ ක‍්‍රියාදාමයක නිරතව සිටිති. මාස ගනනක් තිස්සේ දෙදෙනා ජනප‍්‍රියත්වයෙන් අන්තයටම පිරිහී ඇති බව ජනමත විමසුම් වලින් පෙන්නුම් කරයි.

අපේ‍්‍රල් 19දා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ "ලිබියානු යුද්ධය හා අන්තර් අධිරාජ්‍යවාදී ගැටුම් උත්සන්න වීම” යන මැයෙන් පලවූ ලිපියකින් යුද්ධය පුපුරා යාමෙන් පසුව ප‍්‍රන්සය බි‍්‍රතාන්‍ය හා එක්සත් ජනපදය අතර එක් පසෙකින් ද ජර්මනිය සමග අනෙක් පසෙන් ද එන්ට එන්ටම වර්ධනය වන කටුක ගැටුම් කෙරේ අවධානය යොමුකර තිබුනි. පලමු වතාවට ජර්මනිය සිය සම්ප‍්‍රදායික මිතුරන් වන ප‍්‍රන්සය බි‍්‍රතාන්‍ය හා එක්සත් ජනපදයට විරුද්ධව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඬලය තුල රුසියාව චීනය ඉන්දියාව හා බ‍්‍රසීලය සමඟ පොදු පෙරමුනකට පැමිනියේ ය. එය ලිබියාව පිලිබඳ යෝජනාවට ඡන්දය දීමෙන් වැලකුනු අතර යුද්ධයට එක් නොවීය. ඒ අතර ප‍්‍රන්සය බි‍්‍රතාන්‍ය හා එක්සත් ජනපදය යෝජනාවට ඡන්දය දෙමින් අර්බුදයේ ආධිපත්‍යය සියතට ගත්හ.

මෙම ආරවුල අහම්බයක් නොවූ අතර එය ජර්මනිය හා ප‍්‍රන්සය අතර ප‍්‍රගාඪ ආර්ථික හා දේශපාලන මතභේදවල මෙන්ම යුරෝපීය සංගමය තුල අර්බුදයේ වැඩි දියුනු ස්වභාවයේ ප‍්‍රතිපලය විය. 1957 රෝම ගිවිසුමේ පටන් යුරෝපීය ප‍්‍රජාවේ හා යුරෝපීය සංගමයේ කොඳු නාරටිය බවට පත්ව තිබුනේ ෆ‍්‍රැන්කෝ-ජර්මානු අක්ෂයයි. එම දෙරට පශ්චාත් යුද්ධ යුරෝපයේ දේශපාලන තත්වය හැඩගැස්වීමේ ප‍්‍රමුඛ ක‍්‍රියාකලාපයක් ඉටුකල අතර යුරෝව පොදු යුරෝපීය මුදල ලෙස ස්ථාපිත කල ලොකුම ආර්ථිකයන් විය. මෙම අක්ෂය දැන් පැහැදිලි විභේදන රේඛා පෙන්නුම් කරයි.

දශක ගනනාවක් තිස්සේ යුරෝපයේ දේශපාලන හා මිලිටරි එකමුතුව පවත්වාගෙන යාමේ ප‍්‍රතිපත්තියක් අනුගමනය කල එක්සත් ජනපදයේ පිලිවෙත බර්ලිනය නිල වශයෙන් විරුද්ධවූ යුද්ධයකට සහභාගී වෙමින් මුලුමනින්ම පාහේ කටුගා දමා ඇත.

එජා ආරක්ෂක මන්ඬලයේදී ලිබියාව පිලිබඳ ඡන්දය මත ඇතිවූ උනුසුම් විවාදය ජර්මනිය තුලම ද පුපුරා ගියේය. සියලු පක්ෂවල ප‍්‍රමුඛ දේශපාලඥයින් මෙන්ම විවිධ මාධ්‍ය ප‍්‍රකාශන ද අදහස් කලේ විදේශ ඇමති ගයිඩෝ වෙස්ටවේල් ඡන්දය මඟහැරීමෙන් "බරපතල වැරැුද්දක්” කර ඇති බවයි. යුද්ධයට සහභාගී නොවීමට එරට තීරනය කර තිබියදී වුවත් සිය සම්ප‍්‍රදායික මිතුරන්ට විරුද්ධව ජර්මනිය ඊනියා බි‍්‍රක් රටවල් එනම් බ්‍රෙසීලය රුසියාව ඉන්දියාව හා චීනය සමඟ පොදු පෙරමුනකට කිසිසේත්ම නොයා යුතුව තිබුන බව ඔවුහු අවධාරනය කලහ.

ස්පීගල් ඔන්ලයින් ප‍්‍රකාශයක් තුල මෙම විවේචනය පහත සඳහන් පරිදි සාරාංශ ගතකොට තිබුනි. "මේ වන තෙක්ම ජර්මනිය සඳහා නියාමයව පැවතුනේ ඇමරිකාව හා ප‍්‍රන්සය සමඟ පෙල ගැසීමයි. සෑම කල්හි ම එය පහසු කටයුත්තක් වූයේ නැත. සමහරවිට ඉරාක යුද්ධයට පෙරාතුව මෙන් එය නොකල හැකිව තිබුනි. ඒ කාලයේ දී ජර්මානු ෆෙඩරල් සමූහාන්ඩුවට ප‍්‍රධාන හවුල්කරුවන් දෙදෙනෙකු අතරින් අයෙක් තෝරාගැනීමට සිදුව තිබුනි. කෙසේ වුවත් ස්ථිර විශ්වාසයව පැවතියේ මොනම කොන්දේසියක් යටතේ වුවත් එකවිට ඒ දෙදනාටම විරුද්ධ විය නොහැකි බවයි. ආන්ඩුව දැන් ජර්මානු දේශපාලනයේ එම මූලික ශික්ෂා පදයෙන් බැහැර වී ඇත.

ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමක්

ආරක්ෂක මන්ඬලයේ ජර්මානු ඡන්දය විසින් ඇතිකල අනතුරු ඇඟවීම වටහාගැනීම පිනිස යමෙක් කල යුත්තේ ඉතිහාසය දෙස හරී බැලීමයි. 19වන සියවසේ ජර්මානු විදේශ ප‍්‍රතිපත්තිය අධිකාරවත් කල දේශපාලනිකව හුදෙකලා වීම පිලිබඳ භීතිය එවක චාන්සලර්ව සිටි ඔටෝ වොන් බිස්මාක් "සන්ධානයන් පිලිබඳ දුස් ස්වප්නය” ලෙස හැඳින්වීය.

1871දී ජර්මානු අධිරාජ්‍ය පිහිටුවීම යුරෝපීය මහාද්වීපයේ බල තුලනය ප‍්‍රගාඪ ලෙස වෙනස් කලේය. ජර්මානු අධිරාජ්‍යයේ ආරම්භක අවධියේ බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ පහල මන්ත‍්‍රී මන්ඬලයෙහි ටෝරි නායකයාව සිටි බෙන්ජමින් ඩිස්රායෙලි "බල තුලනය මුලුමනින්ම විනාශ වී ඇතැයි” ප‍්‍රකාශ කලේය. ඒ වනතෙක් බි‍්‍රතාන්‍ය අවිවාදිත ප‍්‍රමුඛ ලෝක බලවතා විය. ප‍්‍රන්සය රුසියාව හා ඔස්ටි‍්‍රයාව යන ප‍්‍රධාන බලවතුන් යුරෝපීය මහාද්වීපයේ බල තුලනය පවත්වා ගනිද්දී ඇය සාගරය පාලනය කලාය. ප්රුසියානු අධිකාරය යටතේ ජර්මනිය එක්සත් කිරීමත් සමග පැරනි මහා බලවතුන්ගේ තත්වයට අභියෝග කරමින් මහාද්වීපය මධ්‍යයේ නව මහා බලවතෙකු හිස එසවීය.

බිස්මාක්ගේ විදේශ ප‍්‍රතිපත්තිය සැලසුම් කරන ලද්දේ ජර්මනියට සතුරුව මෙම මහා බලවතුන්ගේ සන්ධානයක් වැලැක්වීම අරමුනු කරගෙනය. බෝල්කන්හි තුර්කි අධිරාජ්‍යයේ උරුමය මත හටගත් ආරවුල කුරිරු ලෙස ගසා කමින් අනෙකුත් බලවතුන් එකිනෙකාට විරුද්ධව කා කෙටවීම මඟින් බල තුලනය පවත්වා ගැනීම සඳහා මේ කාරනයේ දී බිස්මාර්ක් සන්ධානයන්ගේ සංකීර්න පද්ධතියක් වර්ධනය කලේය.

කෙසේ වුව ද බිස්මාර්ක්ගේ ක‍්‍රමය ක‍්‍රියාත්මක කල හැකි වූයේ ජර්මනිය ප‍්‍රාථමිකව ම එහි අභ්‍යන්තර ආර්ථික තහවුරුකම පිලිබඳ උත්සුකය කෙරෙහි මිස එහි අධිරාජ්‍ය අරමුනු කරා නො එලඹුනුතාක් දුරට පමනි. 1890 ගනන් වලින් පසුව මෙය තවදුරටත් එසේ නොවීය. ඒ අවධිය වන විට පලවන විල්හෙල්ම් මියගිය අතර කෙටි කඹ ඇදීමකින් පසුව ඔහුගේ මුනුබුරාවූ දෙවන විල්හෙල්ම් ඒ තැනට පත්වූ අතර ඔහු බිස්මාක් සමග ඇතිකරගත් ගැටුම් බිස්මාක්ගේ ඉල්ලා අස්වීමට තුඩු දුන්නේය. බිස්මාක්ගේ ක‍්‍රමය බිඳ වැටීම හා ජර්මානු විදෙස් පිලිවෙතේ වෙනස්කම් එබැවින් නිතරම ප‍්‍රකාශිත වූයේ රටේ ඉහලම නායකත්වයේ වෙනස්කම් මගිනි. කෙසේ වෙතත් මෙය චිත‍්‍රයේ කොටසක් පමනක් විය.

තීරනාත්මක සාධකය වූයේ ජර්මනියේ සැලකිය යුතු ආර්ථික වර්ධනයයි. එයට අමුද්‍රව්‍ය හා ලෝක වෙලඳපොලට පිවිසුම අවශ්‍ය කලාක් මෙන්ම සමුච්චිතවූ එහි ප‍්‍රාග්ධනය සඳහා නව ආයෝජන අවස්ථාවන් ද සලසා ගතයුතු විය. මෙහි ප‍්‍රතිපලය වූයේ සාගරයේ බි‍්‍රතාන්‍ය ආධිපත්‍යයට තරඟයක් බවට පත්වූ නාවික බලඇනියක් ගොඩනැඟීමයි. බැග්ඩෑඩ් දුම්රිය මාර්ග ව්‍යාපෘතිය ජර්මානු ප‍්‍රාග්ධන ආයෝජන සඳහා නැගෙනහිරට මාවත පෑදූ අතර ජර්මානු අධිරාජ්‍යයේ ප‍්‍රසාරනය සඳහා යටත් විජිත හඹායාම ද සිදුවිය. පසුව ජර්මානු තත්වය සූත‍්‍රයක් තුල ට්‍රොට්ස්කි මෙසේ සාරාංශ ගත කලේය: "ජර්මනියේ නිෂ්පාදන බලවේග එන්ට එන්ටම වේගවත් වෙත්ම ඒවා තව තවත් ගතික බලයක් අත්කර ගනිත්ම දුප්පත් ප‍්‍රාදේශීය සත්වඋද්‍යානයක් තුල "කූඩුව” ක‍්‍රමයට එකට බැඳුනු පද්ධතියක් වූ යුරෝපීය රාජ්‍ය පද්ධතිය තුල තව තවත් හුස්ම හිරවෙයි."

ඒ අනුව තත්වය වර්ධනය වූයේ බිස්මාක් වලක්වා ගැනීමට උත්සාහ කල ආකාරයට ම ය. අනෙකුත් ප‍්‍රමුඛ බලවතුන් ජර්මනියට එරෙහිව බලමුලු ගැන්වෙමින්, 1902 දී එය බොහෝ දුරට හුදෙකලා කලේය. බි‍්‍රතාන්‍ය ප‍්‍රන්සය හා රුසියාවෙන් සැදුම්ලත් සම්බන්ධීකරනය කල විරුද්ධවාදී පෙරමුනකට මුහුනදීම සඳහා මිතුරෙකු වශයෙන් ජර්මනියට ඉතිරි වූයේ ඔස්ටි‍්‍රයා-හන්ගේරියාව පමනි. පලමු හා දෙවන ලෝක යුද්ධ වලදී ගැටුනු සන්ධානයන් හා බල කඳවුරු බොහෝකොටම තීරනය වූයේ මෙම අදියරේදී ය.

දෙවන ලෝක සංග‍්‍රාමයෙන් අනතුරුව "ජර්මානු ප‍්‍රශ්නය” නිෂ්ක‍්‍රීය කරනු ලැබුවේ බටහිර ජර්මානු රාජ්‍යය උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය (නේටෝ) හා යුරෝපීය ප‍්‍රජාව තුලට ඒකාග‍්‍රිත කිරීමෙන් ය. ෆෙඩරල් සමූහාන්ඩුව ජර්මානු අධිරාජ්‍යයේ ප‍්‍රමානයෙන් අඩක් පමනක් වීමේ කාරනයෙන් ඒ සඳහා පහසුකම් සැලසුනි. ජර්මනිය හා ප‍්‍රන්සය අතර ක‍්‍රියාකාරී දේශපාලන හා ආර්ථික සහයෝගීතාවය වැඩී ගියේය. ප‍්‍රන්සය ජර්මනියේත් අනෙක් අතටත් ඉතා වැදගත් වෙලඳ සහකරුවෙකු විය.

"ජර්මානු ප‍්‍රශ්නය” යලි මතුවීම

කෙසේ වෙතත් 1990 ජර්මානු එක්සත්වීම සමග "ජර්මානු ප‍්‍රශ්නය” යලි මතුවීම එය නැවතත් ඇටුවන් බැසීමට තුඩු දුන්නේය. ජර්මනිය එක්සත්වීම හා යකඩ තිරය බිඳ වැටීම යුරෝපයේ සමතුලිතය කඩාකප්පල් කලේය. එවක දී බි‍්‍රතාන්‍ය ප‍්‍රන්ස හා ඉතාලි ආන්ඩු ජර්මනිය එක්සත්වීම කෙරෙහි විරුද්ධ වූ බව ප‍්‍රකට කරුනකි. එහෙත් ඔවුනට එය නතර කල නොහැකි විය.

යුරෝපීය සංගමය නිර්මානය කිරීමෙන් හා පොදු යුරෝපීය මුදලක් හඳුන්වාදීම මඟින් ජර්මනිය කොටු කිරීමට අවසානයේදී ඔවුහු එකඟ වූහ. එමගින් ප‍්‍රන්සය ආර්ථික වශයෙන් වඩාත්ම ඉදිරියෙන් සිටින සිය අසල්වැසියා මත පාලනය සහතික කර ගැනීමට බලාපොරොත්තු විය. මූල්‍ය සංගමයකට පෙරාතුව යුරෝපීය දේශපාලන සංගමයක් සඳහා වූ මුල් ජර්මානු ඉල්ලීම චාන්සලර් හෙල්මුට් කෝල් විසින් ප‍්‍රතික්ෂේප කලේය. ඒ වෙනුවට ඔහු පැවසුවේ, යුරෝපීය පොදු වෙලඳපොලක් හා තනි මුදලක් පිලිබඳ තර්කය මත පදනම්ව අනුක‍්‍රමයෙන් එකට එකතුවිය හැකි බවයි.

පසුව එලඹි වසරවල යුරෝවේ ආර්ථික ගතිකය යුරෝපයේ ප‍්‍රසාරනයට හා ගැටුමින් තොරව තහවුරු වීම කරා ගමන් කරනු ඇතැයි පුලුල්ව විශ්වාස කරන ලදී. 2000 වසරේදී ජර්මානු විදේශ ඇමති හරිත පක්ෂයේ ජොෂ්කා ෆිෂර් බෙහෙවින් අවධානයට යොමුවූ යුරෝපීය සමූහාන්ඩුවක් පිලිබඳ අරමුන එලිදක්වමින් හම්බෝල්ඩ් විශ්ව විද්‍යාලයේදී දේශනයක් පැවැත්වීය. යුරෝපීය සංගමය ම 2007 වන විට සාමාජිකයින් 27 දෙනෙකුගේ එකතුවක් දක්වා පුලුල්වූ අතර 1999දී යුරෝව ගිනුම්කරන කටයුතු සඳහා ද 2002 වසරේදී මුදල් නෝට්ටු හා කාසි නිකුත් කිරීම සඳහා ද හඳුන්වා දෙනු ලැබ තිබුනි. එතැන් පටන් එය යුරෝපීය සංගමයේ සාමාජික රටවල් 17ක නිල ව්‍යවහාර මුදල බවට පත්විය.

කෙසේ වුව ද දේශපාලන ඒකාග‍්‍රකරනයේ ක‍්‍රියාවලිය කොර ගසමින් තිබුනි. 1990දී පවා යුරෝපීය බලවතුන් යුගෝස්ලාවියානු අර්බුදය කෙරෙහි පොදු එකඟත්වයකට එලඹීමට අපොහොසත් විය. එරට ඉක්මනින්ම කෑලි වලට කඩා දැමීමට ජර්මනිය උනන්දු වූ අතර ප‍්‍රන්සය හා එංඟලන්තය එවන් පියවරකට විරුද්ධ විය. මෙය එක්සත් ජනපදයේ පාර්ශවයෙන් මැදිහත් වීමකට දොර විවර කල අතර එලඹීමට නියමිත වූ යුද්ධයේ අධිකාරය එරට විසින් හිමිකර ගත්තේය.

2003 ඉරාක යුද්ධය යුරෝපය ගැඹුරින්ම බෙදා දැමීමට හේතු සාධක වෙමින් පොදු යුරෝපීය ප‍්‍රතිපත්තියක් සඳහා වූ සැලැස්මට තවත් පහරක් එල්ල කලේය. එංඟලන්තය හා පෝලන්තය යුද්ධයට සහයෝගය දැක්වූ අතර ජර්මනිය හා ප‍්‍රන්සය ඊට සම්බන්ධ වීම ප‍්‍රතික්ෂේප කලහ.

2005 දී ප‍්‍රන්සය හා නෙදර්ලන්තය පැවැත්වූ ජනමත විමසුම් වලදී යුරෝපීය ව්‍යවස්ථා කෙටුම්පත ප‍්‍රතික්ෂේප විය. 2009 අවසානයේදී ඉදිරිපත් කල විකල්පය එනම්, ලිස්බන් ගිවිසුම දුබල ආදේශකයක් බව තහවුරු විය. යුරෝපීය සංගමයේ විදේශ නියෝජිතවරිය වශයෙන් වැඩි කලඑලියක් නැති කැතරින් ඇෂ්ටන් පත්කිරීම ම පොදු යුරෝපීය පිලිවෙතක් සඳහා තම විදේශ ප‍්‍රතිපත්තිය පාවාදීමට කිසිදු යුරෝපීය ආන්ඩුවක් සූදානම් නොවූ බවට පැහැදිලි සාක්ෂියක් විය.

ලිබියාව පිලිබඳව ප‍්‍රන්සය බි‍්‍රතාන්‍යය හා එක්සත් ජනපදය ඒකාබද්ධව ගත් පියවර සමග යුරෝපය තුල බෙදීම් නව අදියරයකට සේන්දු විය. ප‍්‍රන්සය හා බි‍්‍රතාන්‍ය දේශපාලන හා මිලිටරි යන දෙයාකාරයෙන්ම යුරෝපීය සංගමයේ පවත්නා ව්‍යුහයන්ට පිටින් ක‍්‍රියාත්මක වෙයි. ඉරාක යුද්ධයේ බල අරගලයේදී මෙන් නොව මෙම බෙදීම් තවදුරටත් "පැරනි” හා "අලුත්” යුරෝපය අතර නොව එක් අතකින් ප‍්‍රන්සය බි‍්‍රතාන්‍ය හා බටහිර යුරෝපීය රටවල් කිහිපයක් ද අනෙක් අතින් ජර්මනිය හා නැගෙනහිර යුරෝපීය රටවල් අතර ද වේ.

උතුරු අප‍්‍රිකාව තුල ජර්මානු අවශ්‍යතා

ජර්මානු අධිරාජ්‍යයේ ප‍්‍රතිපත්ති වසර 120කට පෙර දෙවන විල්හෙල්ම් හා ඔහුගේ චාන්සලර් බර්න්හාඩ් වොන් බිලෝ ගේ ආත්මීය අරමුනු කරා සිඳවිය නොහැකිවාක් මෙන්ම, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඬල ඡන්දයෙන් ජර්මනිය මඟහැර යාම විදේශ ඇමති වෙස්ටර්වේල්ගේ පුද්ගලික අභිමතයට පැවරිය නොහැකිය. ඒ දෙකම දිගු කාලීන ප‍්‍රවනතා හා වර්ධනයන්ගේ ප‍්‍රතිපලය විය. වෙස්ටර්වේල්ගේ මඟහැරීම කාලයක් තිස්සේ වර්ධනය වී තිබෙන ජර්මනිය හා ප‍්‍රන්සය අතර විදේශ පිලිවෙත හා ආර්ථික වෙනස්කම් පිලිබඳ තර්කාන්විත නිගමනය විය.

ජර්මනිය උතුරු අප‍්‍රිකාවේ හා මැද පෙරදිග තමන්ගේම අවශ්‍යතා අනුයමින් සිටින අතර මේවා ප‍්‍රන්සයේ අවශ්‍යතා සමඟ ගැටෙයි. ලිබියානු යුද්ධයට දෙවසරකට පෙරාතුව ජර්මනියේ ජාත්‍යන්තර හා ආරක්ෂක කටයුතු පිලිබඳ ආයතනය අධ්‍යයනයක් පල කලේය. "මැද පෙරදිග හා උතුරු අප‍්‍රිකාවේ ජර්මානු ප‍්‍රතිපත්ති” යන මැයෙන් වූ වාර්තාව මෙසේ පැවසීය: "1990 වන විට මාග්‍රෙබ් ප‍්‍රදේශ උසුලනු ලැබුවේ ජර්මානු විදේශ ප‍්‍රතිපත්තියේ සීමිත තත්වයක් පමනකි. එහිදී ජර්මානු අවශ්‍යතා පිලිබඳ පැහැදිලි සූත‍්‍රගත කිරීමක් දක්නට නොලැබුනි. කෙසේ වුවත් පසුගිය දශකයේ ජර්මානු විදේශ ප‍්‍රතිපත්තිය තුල කලාපයේ වැදගත්කම නොකඩවා වැඞී ගියේය. ඒ කාරනා තුනක් මුල්කර ගෙනය. බලශක්ති ආරක්ෂාව පිලිබඳ තීරනාත්මක ප‍්‍රශ්නය, සංක‍්‍රමනිකයින්ගේ පැමීනීම වැලැක්වීමේ උත්සාහය හා ත‍්‍රස්තවාදයට හා සංවිධානාත්මක අපරාධ වලට එරෙහි සටනයි.

බලශක්ති සැපයුම ඉහලම ප‍්‍රමුඛත්වය ලැබීය. අධ්‍යයනයට අනුව "මෙම රාජ්‍ය වෙතින් සැපයෙන තෙල් හා ගෑස් ජර්මනියේ බලශක්ති සැපයුමේ වඩ වඩාත් වැදගත් තැනක් අත්කර ගත්තේය. ලිබියාව අද ජර්මනියේ සිව් වැනි වැදගත්ම තෙල් සැපයුම් කරුවාය. ඇල්ජීරියාවට හිමිවන්නේ අටවන ස්ථානයයි.”

අරාබි ලෝකය තුල ජර්මනියේ හා ප‍්‍රන්සයේ එකිනෙකට ගැටෙන අවශ්‍යතා තෙවසරකට පෙරාතුව ඊනියා මධ්‍යධරනී සංඟමය මුල්කරගෙන හටගත් ආරවුල් මධ්‍යයේ මතුපිටට පැමිනියේය. 2007 බලයට පත් තැන් පටන් සාකෝසි මධ්‍යධරනී සංගමය පිහිටුවීමට අදිටන් කරගෙන සිටියේ ය. එයින් අරමුනු කලේ සියලු මධ්‍යධරනී රටවල් ප‍්‍රන්සයේ නායකත්වය යටතේ එක්සත් කිරීමයි. එය නැගෙනහිර යුරෝපය තුල ජර්මනියේ වර්ධනය වන දේශපාලන හා ආර්ථික අනුහසට ප‍්‍රති තුලනයක් ලෙස ගොඩනැංවෙනු ඇතැයි සැලකුනි සාකෝසිගේ සැලසුම් බර්ලිනයේ කටුක ප‍්‍රතිරෝධයක් ඇවිලවීය. ප‍්‍රන්ස යටත් විජිත අභිලාශයන් පුනර්ජීවය ලැබීම යුරෝපීය සංගමය තුල ජර්මනියේ ප‍්‍රමුඛ ක‍්‍රියාකලාපයට අභියෝගයක් වේ යයි එය බියපත් විය. උතුරු අප‍්‍රිකාව තුල ජර්මනියේ අවශ්‍යතාවන් ද තර්ජනයට ලක්ව ඇතැයි විශ්වාස කරන ලදී.

මුලින් සඳහන් කල ආරක්ෂක අධ්‍යයනය මෙසේ සඳහන් කර තිබුනි: "මුලදී මධ්‍යධරනී කලාපයට සැබවින්ම මායිම්වන රටවල් පමනක් ඇතුලත් වන බව ප‍්‍රකාශ කෙරී තිබුනු, මධ්‍යධරනී සංගමයක් සඳහා වන ප‍්‍රන්ස යෝජනාව සලකන ලද්දේ පැහැදිලිව ම කලාපය තුල ප‍්‍රන්ස ආනුභාවය ආරක්ෂා කර පුලුල් කරන මෙවලමක් ලෙසය. ප‍්‍රන්සයේ සුවිශේෂී භූමිකාව විශේෂයෙන්ම ජර්මානු ව්‍යාපාර සඳහා රිනාත්මක බලපෑමක් කරනු ඇත. ජර්මානු නිෂ්පාදන විශ්වාස කටයුතු යයි ද ජර්මානු සමාගම් නියමිත යයි ද සැලකිය හැකිවන අතර මාග්‍රෙබ් ආන්ඩු නියෝජිතයෝ වඩ වඩාත් පුලුල් ජර්මානු මැදිහත් වීමක් සඳහා කැඳවුම් කරති. එහෙත් කොන්ත‍්‍රාත් පිලිබඳ කාරනයට එලඹුනු කල්හි එය අවසන් වනු ඇත්තේ බොහෝවිට ප‍්‍රන්ස ගනුදෙනුවක් ලෙස ය.”

උතුරු අප‍්‍රිකාව පිලිබඳව උනන්දු වන එකම රට ජර්මනිය පමනක් නොවේ. "තරගය දිගු කලක් තිස්සේ උනුසුම් වෙමින් තිබේ. එයට වඩ වඩාත් සංඛ්‍යාවක් ජාත්‍යන්තර තරඟකරුවන් ද සම්බන්ධ වෙයි. එක්සත් ජනපදය, රුසියාව, ස්පාඤ්ඤය, ඉතාලිය, බි‍්‍රතාන්‍ය හා එන්ට එන්ටම චීනය ඉන්දියාව හා ලතින් ඇමරිකානු රාජ්‍යයන් ද බලශක්ති හා අවි ආයුධ අලෙවිය ද ඇතුලු ආරක්ෂක සහයෝගීතාවය සඳහා උනන්දු වන අතර ප‍්‍රදේශීය ප‍්‍රවාහන යටිතල සංවර්ධනය හා පොදුවේ ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ කොන්ත‍්‍රාත් කටයුතු වලට සම්බන්ධ වෙති.”

ලිබියාව තුල යුද්ධය පුපුරාගිය විට චීනයේ සම්බන්ධකම්හි තරම දකින්නට ලැබුනි. චීන සමාගම් හා 36,000ක් චීන කම්කරුවෝ එරට හැරයාමට නියමිත විය. මධ්‍යධරනී සංගමයට විරුද්ධත්වය පලකල එකම උතුරු අප‍්‍රිකානු රාජ්‍යය ලිබියාව වීම සැලකිය යුතු වේ.

අවසානයේදී මධ්‍යධරනී සංගමය 2008 වසරේ ග‍්‍රීෂ්මයේ පිහිටුවන ලද අතර 2010 මැයි මාසයේදී එහි කටයුතු ආරම්භ කලේය. එහෙත් ජර්මනිය සිය තත්වය රැකගැනීමේදී පුලුල් වශයෙන් සාර්ථක විය. හුදෙක් මධ්‍යධරනී රටවල් පමනක් නොව යුරෝපීය සංගමයේ සියලු රාජ්‍යයන් මධ්‍යධරනී සංගමයේ කොටස්කරුවන් වූ අතර ප‍්‍රන්සයට කලාපය තුල තමන්ගේම පිලිවෙත පැටවීමට එයින් බොහෝ දුෂ්කරතා ඇති විය.

දැන් සාකෝසි ප‍්‍රහාරය පනගැන්වීමට ලිබියාවේ සිදුවීම් ගසාකමින් සිටියි. එහෙත් ටියුනීසියාවේ හා ඊජිප්තුවේ විප්ලව විශේෂයෙන්ම බලයෙන් නෙරපා හල බෙන් අලි හා මුබාරක් වැනි පාලකයින් සමඟ සමීප සම්බන්ධතා පවත්වාගෙන යාම නිසා ප‍්‍රන්සයට ප‍්‍රධාන පහරක් වී තිබේ. සාකෝසි සමග ඒකාබද්ධව බෙන් අලි හා මුබාරක් මධ්‍යධරනී සංගමයේ සභාපතිත්වය ඉසිලූහ. සිය පාර්ශවයෙන් ජර්මනිය නෙරපා හල පාලකයින්ගේ අනුප‍්‍රාප්තිකයින් සමග ගනුදෙනු කිරීමේ හොඳ අවස්ථාවක් එලඹ ඇති බව විශ්වාස කරයි.

ගඩාෆිට එරෙහි කැරැල්ල තමන්ගේ අවශ්‍යතාවන් සඳහා ගසාකෑමට ලිබියාව සාකෝසිට අවස්ථාව උදාකර දී තිබේ. ඔහුගේ විදේශ ඇමතිගේ පවා මවිතයට හේතුවන පරිදි සාකෝසි බෙන්ගාසිහි අන්තර්වාර කවුන්සිලය නිල වශයෙන් පිලිගත් පලමුවැන්නා බවට පත්වෙමින් මිලිටරි මැදිහත්වීම සඳහා තල්ලුව සැපයීය. ඔහුගේ අවදානම් ආරම්භකත්වයට බි‍්‍රතාන්‍ය අගමැති කැමරොන් හා එක්සත් ජනපද ජනාධිපති ඔබාමා සහාය දුන්හ.

යුරෝපීය සංගමයේ අර්බුදය

ජර්මනිය හා ප‍්‍රන්සය අතර විසංවාදයන් විදේශ ප‍්‍රතිපත්තිය පිලිබඳ කරුනුවලට පමනක් සීමා වී නැත. යුරෝව හා යුරෝපීය සංගමය ම අනතුරට ලක් කෙරෙන ආර්ථික හා මූල්‍යමය කාරනා මුල්කරගත් තියුනු ගැටුම් ද පවත්නේ ය.

යුරෝව හඳුන්වාදීමෙන් යුරෝපය තුල අනර්ග එකමුතුවක් ගොඩනැගෙනු ඇතැයි යන හෙල්මුට් කෝල්, ජොෂ්කා ෆිෂර් හා තවත් අයගේ බලාපොරොත්තු ඉටු නො වී ය. ඒ වෙනුවට සිදුවූයේ ආර්ථික හා සමාජ විසංවාද උග‍්‍ර වීමයි. බොහෝ සංඛ්‍යාලේඛන මගින් පෙන්නුම් කරන්නේ, ජර්මනිය හා ප‍්‍රන්සය අතර වර්ධනය වන ගැටුම් හා යුරෝපීය සංගමයේ විභේදන කිසිසේත්ම අහම්බයන් නොවන බවයි.

යුරෝව හඳුන්වාදීමෙන් ජර්මානු ආර්ථිකය බොහෝ වාසි අත්කර ගත්තේය. 1990 ජර්මනිය එක්සත් කිරීමේ වසර හා 2008 අතර කාලය තුල ජර්මානු අපනයන තුන් ගුනයකින් පමන එනම්, යුරෝ බිලියන 348 සිට 984 දක්වා වර්ධනය විය. ආනයන ද සැලකිය යුතු තරමින් එනම්, යුරෝ බිලියන 293 සිට 806 දක්වා වර්ධනය විය.

විශේෂයෙන් වැදගත් වන්නේ විදේශ වෙලඳ අතිරික්තයේ වැඩිවීමයි. 1990 හා 2008 අතර එය තෙගුන විය. ජර්මනිය එක්සත් කිරීමේ මුල් වසරවල එය පහත වැටුනි. එකල ජර්මානු ආර්ථිකය වැඩි අවධානයක් යොමු කලේ විදේශ වෙලඳාමට වඩා දේශීය වෙලඳාම කෙරෙහිය. එහෙත් 1990 ගන්වල විදේශ වෙලඳ අතිරික්තය දිගින් දිගටම වර්ධනය විය. විශාලතම පිම්ම ගත්තේ එය, සියයට 22න් ඉහල ගිය 2000 හා 2005 අතර කාලයේය. 2007දී එය වටිනාකම අතින් වාර්තාගත යුරෝ බිලියන 200ක් විය.

මූලික වශයෙන් සාධක තුනක් ජර්මනියේ අපනයන හා විදේශ වෙලඳාමේ අතිරික්තය ඉහල යාමට දායක විය. යුරෝව හඳුන්වාදීම, යුරෝපීය සංගමය නැගෙනහිර යුරෝපය තුලට ප‍්‍රසාරනය වීම හා 2010 ප‍්‍රතිසංස්කරන න්‍යාය පත‍්‍රය විසින් නිර්මානය කල අඩු වැටුප් ක්ෂේත‍්‍රයයි.

යුරෝව, යුරෝපය තුල මිල උච්චාවචනයන්ගෙන් ජර්මනිය ආරක්ෂා කල අතර, ජාත්‍යන්තරව එම මුදල සාපේක්ෂව පහත් අගයකින් පවත්වාගෙන යාමට උපකාරී විය. ඒ මගින් ජර්මනියේ නිර්යාත කර්මාන්තය යුරෝපය තුලත් ජාත්‍යන්තරවත් ශක්තිමත් කලේය.

2008දී ජර්මනියේ අපනයන වලින් සියයට 63ක් ඇදී ගියේ යුරෝපීය සංගමයේ රටවලට ය. සියයට 43ක් යුරෝ කලාපයේ සාමාජික රටවලට ය. අපනයන වටිනාකමින් තුනෙන් දෙකකට ගෙවනු ලැබුවේ යුරෝ මුදලින් ය. එබැවින් එයට මුල්‍ය උච්ඡාවචනයන්ට ඔරොත්තු දිය හැකිව තිබුනි.

එනමුත් යුරෝව ජර්මානු මුදල කෘතීමව පහත අගයකින් පවත්වා ගත්තේය. යුරෝපීය රටවල් සිය මුදල් ජාතික ව්‍යවහාර මුදල් ලෙස පවත්වා ගත්තේ නම්, එවිට ග‍්‍රීසියේ ඩ‍්‍ර‍්‍රැක්මා ඉතාලි ලීරා හා ප‍්‍රන්ස ෆ‍්‍රෑන්ක් මුදල වැනි උද්ධමනකාරී මුදල් වලට සාපේක්ෂව ඩොයිෂ් මාර්ක් මුදල ද තියුනු ලෙස ඉහල නැඟිය හැකිව තිබුනි. එය එක්සත් ජනපදයේ ඩොලරයට හා ජපාන යෙන් මුදලට සාපේක්ෂව ද ඉහල අගයක් ගත හැකිව තිබුනි. යුරෝව හඳුන්වාදීම නිසා, කෙසේ වෙතත් මුදල් සම්බන්ධතා ස්ථාවරව පැවතුනි.

යුරෝව හඳුන්වාදීමෙන් පසුව දුබල යුරෝපීය රටවල නාමික වැටුප් ද භාන්ඩ හා සේවා මිල ගනන් ද ඉහල නගිද්දී ඒවා ජර්මනියේදී වැඩි නොවූ තරම්ය. ප‍්‍රධාන වශයෙන්ම මෙයට හේතු වූයේ දැවැන්ත පහත් වැටුප් හා සැලකිය යුතු අඩු වැටුප් ක්ෂේත‍්‍රයක් නිර්මානය කල වෘත්තීය සමිති වල ද සහාය ඇතිව ක‍්‍රියාවට නැඟූ ෂ්රඩර් ආන්ඩුවේ 2010 න්‍යාය පත‍්‍රයයි.

ඒ අනුව වසර 2000 හා 2010 කාලයේ, ජර්මනියේ ඒකක ශ‍්‍රම පිරිවැය ඉහල ගියේ අවශේෂ යුරෝපයට වඩා අඩුවෙන් ය. ජර්මනියේ එහි වැඩිවීම වාර්ෂිකව සියයට 0.7ක් වූ අතර යුරෝපීය සාමාන්‍යය සියයට 2.1 විය ග‍්‍රීසියේදී එය සියයට 3ක් ද පෘතුගාලයේ 2.7ක් ද ස්පාඤ්ඤයේ 2.6ක් ද විය ප‍්‍රන්සයේ එය ජර්මනියට වඩා දෙගුනයකටත් වැඩි වේගයකින් එනම් සියයට 1.9ක වාර්ෂික අනුපාතයකින් ඉහල නැගුනි.

එහි ප‍්‍රතිපලය වූයේ යුරෝපයේ ආර්ථික අසමතුලිතතාවන් නාටකාකාර ලෙස ඉහල නැගීමයි. ජර්මනිය විදේශ වෙලඳාමෙහි අතිරික්තයක් වාර්තා කරද්දී ප‍්‍රන්සයේ හා මහා බි‍්‍රතාන්‍යයේ හිඟයන් වර්ධනය විය. එරට දදේනි අනුව 2008 ජර්මනියේ විදේශ වෙලඳ අතිරික්තය සියයට 7.1 විය. ප‍්‍රන්සය සියයට 3.5ක හිඟයක් ද මහා බි‍්‍රතාන්‍යය 6.6 හා පෝලන්තය 6.8ක හිඟ ද වාර්තා කලේය.

යුරෝපීය සංගමය නැගෙනහිරට ප‍්‍රසාරනය වීමෙන් ද ජර්මනියට වාසි සැලසුනි. සම්ප‍්‍රදායික යුරෝපීය සංගමයේ රටවලට එය කල අපනයන වටිනාකම සැලකිය යුතු පරිදි පහත වැටෙද්දී, නව සාමාජික රටවල ජර්මානු අපනයන දෙගුන විය. මෙම රටවල් ජර්මනිය සඳහා පුලුල් කල නිෂ්පාදන පේලි ක‍්‍රමයක් ද විය. විදේශ වෙලඳාමේ සංඛ්‍යා ලේඛන වලට මෝටර් රථ හා යන්ත්‍රෝපකරන වැනි නිමාකල නිෂ්පාදිත අපනයන පමනක් නොව, ඊනියා "ආයතන අතර වෙලඳාම” ද අන්තර්ගත විය. නිෂ්පාදන ක‍්‍රියාවලියේ දී භාන්ඩ කිහිප වතාවක් දේශසීමා හරහා ගමන්කොට තිබුනේ නම්, මෙම "ගෝලීයකරන බලපෑම” සංඛ්‍යා දත්ත වල සටහන් වූ අතර කෘතීම ලෙස වටිනාකම් පුම්බාලීය.

පසුගිය විසි වසර තුල, ජාත්‍යන්තර වෙලඳාමේ කොන්දේසි යුරෝපයේදී පමනක් නොව, ගෝලීයව ද සැලකිය යුතු පරිදි මාරුවී ඇත. අපනයනයේ අර්ථයෙන් ජර්මනිය, එක්සත් ජනපදය පසුකර ගිය අතර ජපානය තියුනු ලෙස පසු පසට තල්ලු විය. කෙසේ වෙතත් ඉදිරියෙන්ම සිටින්නේ චීනය යි. එහි අපනයන 1990 දී ඩොලර් බිලියන 62 සිට 2008 වන විට ටි‍්‍රලියන 1.4ක් දක්වා විසි දෙගුනයකින් ඉහලට පිනුවේය.

ජාත්‍යන්තර ආර්ථික සම්බන්ධතාවන්ගේ තවත් වැදත් උපමානයක් වන්නේ සෘජු විදේශ ආයෝජනයි. (එෆ්ඩීඅයි) ඕඊසීඩී (ආර්ථික සංවර්ධනය හා සහයෝගිතාවය පිලිබඳ සංවිධානය) එය මෙසේ නිර්වචනය කර ඇත: "එෆ්ඩීඅයි නිර්වචනය කෙරෙන්නේ එක් ආර්ථිකයක වැසියෙක් දිගු කාලයක් පොලී ආදායම් ලැබීමේ අරමුන සහිතව තවත් ආර්ථිකයක ව්‍යවසායක වැසියෙකු ලෙස කටයුතු කිරීමයි.”

වෙනත් වචන වලින් කිවහොත් එහි අරමුන ප‍්‍රාග්ධන අපනයන යාන්ත‍්‍රනය හරහා විදේශ රටවල කම්කරුවන් සූරාකෑමයි. ලෙනින් ප‍්‍රාග්ධන අපනයනය අධිරාජ්‍යවාදයේ වැදගත් අංඟයක් ලෙස ඒ වන විටත් හඳුනාගෙන තිබුනි. ඔහු මෙසේ ලිවීය: "නොබෙදුනු බරක් දරන ලද නිදහස් තරගය පැවති අවධියේ පැරනි ධනවාදයට ආවේනික වූයේ භාන්ඩ නිර්යාතයයි. ඒකාධිකාරයන් පාලනය කරන ධනවාදයේ අති නූතන අවධියෙහි එයට ආවේනික වන්නේ ප‍්‍රාග්ධන අපනයනයයි.”

පසුගිය දශක දෙකක කාලය තුල, මෙම ක්ෂේත‍්‍රයේ ද සැලකිය යුතු වෙනස්කම් ඇතිව තිබේ. එහි ඉහල අපනයන අතිරික්තයේ පදනම මත ජර්මනිය වැදගත් ප‍්‍රාග්ධන අපනයන කරුවෙක් බවට පත්ව තිබේ. 1990 සිට විදේශ රටවල ජර්මානු ප‍්‍රාග්ධන ආයෝජන හය ගුනයකින් වැඩිවී ඇති අතර, ජර්මනිය තුල කෙරුනු විදේශ ප‍්‍රාග්ධන ආයෝජන සිව් ගුනයකින් වැඩිවී ඇත.

කෙසේ වෙතත් දදේනි ප‍්‍රතිශතයක් වශයෙන් මෙන්ම, සැබෑ සංඛ්‍යාවන්ට අනුව මහා බි‍්‍රතාන්‍ය හා ප‍්‍රන්සය වැනි පැරනි යුරෝපීය යටත් විජිත බලවතුන් එෆ්ඩීඅයි ක්ෂේත‍්‍රයේ දී ජර්මනිය පරදවා ඉදිරියට යමින් සිටියි.

2008 වසරේදී මහා බි‍්‍රතාන්‍යයේ විදේශ සෘජු ආයෝජන එහි දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 57ක් විය. ප‍්‍රන්සය සියයට 50ක් හා ජර්මනිය සියයට හතලිහක් විය. සැබෑ සංඛ්‍යාවන්ට අනුව බි‍්‍රතාන්‍ය එෆ්ඩීඅයි අගය යුරෝ ටි‍්‍රලියන 1.8ක් ද ප‍්‍රන්සයේ 1.3ක් හා ජර්මනියේ 1.2ක් විය. ප‍්‍රථම ස්ථානය හිමිකර ගත්තේ යුරෝ ටි‍්‍රලියන 3.5ක් වූ එක්සත් ජනපදයයි.

ජර්මානු එෆ්ඩීඅයි ප‍්‍රධාන වශයෙන්ම සංකේන්ද්‍රනය වූයේ යුරෝපය හා එක්සත් ජනපදය තුලය. 2004 වසරේදී සියයට 50ක් යුරෝපීය සංගමයේ පැරනි රාජ්‍යයන්හිත්, සියයට 30ක් එක්සත් ජනපදයේත් ආයෝජනය කෙරුනි. සියයට 6ක් පමන නව යුරෝපීය සංගමයේ රටවල හා සියයට එකක් පමනක් චීනයේ ආයෝජනය කෙරුනි.

ජාත්‍යන්තර මූල්‍ය අර්බුදයේ ප‍්‍රතිවිපාක

දැන් වන තෙක් ඉදිරිපත් කල සංඛ්‍යා 2008 මූල්‍ය අර්බුදය හටගැනීමට පෙරාතු කාලයට අදාලය. මෙම අර්බුදය ඓතිහාසික සන්ධිස්ථානයකි. මතුපිටට යටින් ඒකරාශීවූ සියලු ආර්ථික ප‍්‍රතිවිරෝධයෝ විප්ලවවාදී ඇඟවුම් සහිත ප‍්‍රධාන දේශපාලන හා ආර්ථික කම්පනයන්ට තුඩු දෙමින් එලිමහනට කඩාවැදී ඇත. පලමු හා දෙවන ලෝක සංග‍්‍රාමයන්ට පෙරාතු අවධියේ මෙන්ම අන්තර් අධිරාජ්‍යවාදී ගැටුම් වැඩීයාම කම්කරු පන්තියට එරෙහි ප‍්‍රහාරයක් සමඟ අත්වැල් බැඳගෙන තිබේ.

අර්බුදයට පූර්වයෙන් පවා කම්කරු පන්තියේ ජීවන තත්වයන් එකතැන පල්වෙමින් ද සමාජ ආරක්ෂන පද්ධතීන් ක‍්‍රමානුකූලව ඉවත් කෙරෙමින් ද තිබුනි. නැගෙනහිර යුරෝපයේදී ධනවාදය පුනස්ථාපනය කිරීම විනාශකාරී ප‍්‍රතිපල අත්කර දුන්නේ ය. සාපේක්ෂව කාර්යක්ෂම අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා ක‍්‍රමයන්හි කිසිවක් ඉතිරිව ඇත්තේ නැත. මිල මට්ටම් ඉක්මනින්ම බටහිර යුරෝපයේ තත්වයන්ට හැඩ ගැසුනු නමුත් කම්කරුවන්ට හා සේවකයින්ට සමහර අවස්ථාවල ගෙවනු ලැබුවේ බටහිර ගෙවූ වැටුපෙන් දහයෙන් පංගුවකි.

2006 වසරේ සේවකයින් දහයක් හෝ වැඩි ගනනක් සේවයේ යෙදවූ සමාගමක පූර්න කාලීන සේවකයෙක් වාර්ෂිකව ලැබූ සාමාන්‍ය ආදායම පහත වගුවෙන් පෙන්නුම් කෙරේ. වැටුප් ඩෙන්මාර්කයේ යුරෝ 43,000 සිට බල්ගේරියාවේ යුරෝ 1,300 දක්වා පරාසයක විය. ඒ අනුව බල්ගේරියා‍වේ කම්කරුවෙක් ඉපයුවේ සිය ඩෙන්මාර්ක සගයාට වඩා විසි ගුනයකින් අඩු මුදලකි. ග‍්‍රීසිය හා ස්පාඤ්ඤය ඒ අතර මැද යුරෝ 20,000ක් විය. මෙය ඩෙන්මාර්කයේ වැටුපෙන් අඩකටත් වඩා අඩු ප‍්‍රමානයකි. එහෙත් තවමත් බල්ගේරියාවේ වැටුපෙන් දහ ගුනයකටත් වැඩි විය.

2006 වසරේ වාර්ෂික ඉපැයීම් (සේවකයින් දහයක් හෝ ඊට වැඩි ව්‍යවසායන්)

ජාත්‍යන්තර මූල්‍ය අර්බුදයෙන් පසුව කම්කරුවන්ගේ ජීවන තත්වයන්ට එල්ල කරන ප‍්‍රහාර විනාශකාරී රූපාකාරයන් ගෙන ඇත. සිය සමපේක්ෂනාත්මක අලාභ ආවරනය කර ගැනීම පිනිස බැංකු වලට ලබාදුන් ටි‍්‍රලියන ගනන් අරමුදල් දැන් කම්කරු පන්තියේ වියදමෙන් පියවාගනු ලබයි. මෙම ක‍්‍රියාවලිය යුරෝපයේ වාටියෙන් පටන් ගෙන මධ්‍යය කරා ගමන්කොට ඇත.

හංගේරියාව, රුමේනියාව, ග‍්‍රීසිය, අයර්ලන්තය හා පෘතුගාලය ජනගහනයේ ජීවන තත්වයන් සියයට 20 සිට 30 දක්වා පහත හෙලමින් ද වැට් බදු වැඩිකිරීම නිසා අහස උසට ගොස් තිබෙන මිල ගනන් හා රැකියා හා මූල්‍ය ප‍්‍රතිපාදන කැපීමත් සමග රාජ්‍ය අංශය විනාශ කිරීම වැනි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු පියවරයන්ට දැනටමත් ගොදුරුවී ඇත. දැනටමත් මෙම දුප්පත් රටවල ජීවිතය සත්තකින්ම නොදැරිය හැකි තැනට වැටී ඇත.

ග‍්‍රීසියේ පැපැන්ඩි‍්‍රයෝ ආන්ඩුව දැනටමත් ජනගහනයේ ජීවන තත්වයන් සියයට 30න් පහත හෙලන ලද පලමු කප්පාදු වැඩසටහන් දෙකෙන් පසුව තවත් එකක් දැන් නිවේදනය කර ඇත. යුරෝපීය සංගමයෙන් හා ජාමූඅ න් මූල්‍ය ආධාර ඉල්ලා සිටීමෙන් පසුව පෘතුගාලය එවැනිම කප්පාදු වැඩසටහනක් ක‍්‍රියාවට දැමීමට නියමිතව ඇත.

මහා බි‍්‍රතාන්‍යයේ කැමරොන් ආන්ඩුව බි‍්‍රතාන්‍යයේ කම්කරු පන්තිය භුක්ති විඳින රජයේ සෞඛ්‍ය සේවය, නිදහස් අධ්‍යාපනය හා අනෙක් දේ විනාශ කිරීමේ කප්පාදු වැඩසටහනක් සම්මත කර තිබේ. ජර්මනියේ හා ප‍්‍රන්සයේ සමාජ ප‍්‍රහාර දැනට යොමුකර ඇත්තේ විශ‍්‍රාම වයස් සීමාව දිර්ග කිරීම, ශ‍්‍රම වෙලඳපොලේ නම්‍යතාවය වැඩි කිරීම, ශූභසාධන ප‍්‍රතිලාභ හිමියන්ට යොදන පීඩනය දැඩි කිරීම හා අඩු වැටුප් ශ‍්‍රමය පුලුල් කිරීම වෙතය. එහෙත් එය අවසානය නොවනු ඇත.

සුන්බුන්ව වියැකී ගිය අසංවිධානාත්මක හා බෙදීගිය පිස්සන් කොටුවක් ලෙස 1923දී ට්‍රොට්ස්කි යුරෝපය විස්තර කලේය. අද මෙම ප‍්‍රවනතා යලි වතාවක් ආධිපත්‍ය දැරීමට පටන් ගෙන ඇත. දුප්පත් රටවල් ලාභ නය වෙත පිවිසීමේ පහසුකම් ලබමින් අඩුම තරමින් ආර්ථික ධනවත්කම පිලිබඳ හැඟීමක් නිර්මානය කල අතර, ජර්මනියේ නිර්යාත ආර්ථිකය යුරෝවෙන් වාසි සලසාගත් ඒ කාලය අවසන්වී ඇත. පාලක පන්තිය ඔවුන්ගේ එක්සත් යුරෝපයක් පිලිබඳ ව්‍යාපෘතියට පිටුපස හරවමින් ආක‍්‍රමනකාරී ලෙස ජාතික අවශ්‍යතා අනුව යමින් සිටියි. මෙම වර්ධනයේ ප‍්‍රතිපලයක් ලෙස ආර්ථික පරිහානියේ හා වැඩෙන මිලිටරිකරනයේ වැය කම්කරු පන්තිය මත පටවනු ලැබේ.

ජර්මනියේ හා අනෙකුත් උතුරු යුරෝපීය රටවල් තුල යුරෝව වියදම් අධිකය. තනි ව්‍යවහාර මුදල අහෝසි කල යුතුය. ඉක්මනින්ම එසේ කලොත් වඩා හොඳය යන හඬ මතුකරන සංඛ්‍යාව වැඩි වෙමින් තිබේ. තනි ව්‍යවහාර මුදල උතුරු යුරෝපීය රටවල් කිහිපයකට සීමාකල යුතුය යන සේව් අවර් මනි (අපගේ මුදල් රැක ගනිමු) යන පොත ලිවූ හෑන්ස් ඔලාෆ් හෙන්කල් වැනි හුදෙකලා පුද්ගලයින් ස්වල්ප දෙනෙකුගේ දෘෂ්ටි ආස්ථානයට අනුග‍්‍රහය පලවෙමින් තිබේ. ප‍්‍රන්සයේ ට්රූ ෆින්ස් නැතිනම් ජාතික පෙරමුන වැනි යුරෝපීය සංගමයට මෙන්ම යුරෝවට ද විරුද්ධව උද්ඝෝෂනයේ යෙදුනු ජනතාවාදී දක්ෂිනංශික පක්ෂ, මාධ්‍යයේ ද සහයෝගය ඇතිව සහාය දිනාගනිමින් සිටියි. ජර්මනියේ හෙන්කල් හා තිලෝ සරසින් වැනි දක්ෂිනාංශික ජනතාවාදීන් ට නොයෙකුත් කතා මන්ඩප තුල ප‍්‍රසිද්ධ වේදිකා ලබාදී ඇත.

ජර්මනිය හා ප‍්‍රන්සය අතර යුරෝපීය මූල්‍ය ස්ථායිකරන යාන්ත‍්‍රනයේ ආකෘතිය අරභයා මූලික ගැටුම් වර්ධනය වෙමින් තිබේ. ගී‍්‍රසියට පෞද්ගලික නය පහසුකම් කපාහල හැකි හා එරට බැංකු ක්ෂේත‍්‍රයේ බිඳ වැටීමකට තුඩුදිය හැකි නය ප‍්‍රතිව්‍යුහකරන ව්‍යායාමයකට ජර්මනිය කැමැත්ත දක්වන අතර තමන්ට වල කැපෙනු ඇතැයි යන බිය නිසා ප‍්‍රන්සය එවැන්නක් සහමුලින්ම ප‍්‍රතික්ෂේප කරයි.

යුරෝව පිලිකෙව් කිරීම ආර්ථික හා විදේශ පිලිවෙත්වල ප‍්‍රති දිශානුගතවීමක් සමඟ අත්වැල් බැඳගෙන ඇත. මේ වනතෙක් සම්පූර්න දත්ත ලබාගත නොහැකිවී ඇති නමුත් සමහර ප‍්‍රවනතා දකින්නට පුලූවන.

2009දී ජර්මනියේ අපනයන ආර්ථික අර්බුදයේ ප‍්‍රතිපල වශයෙන් සියයට 19න් පහත වැටුනි. 2010දී එරට මෙම අලාභ පියවා ගත්තේ, 2008 සාපේක්ෂව වාර්තාගත සංඛ්‍යා අත්පත් කර ගනිමිනි. එහෙත් යුරෝ කලාපයට යැවුනු අපනයන වැඩිවූයේ සියයට 14න් පමනි. එය අර්බුදයට පෙරාතු කාලයේ මට්ටමට වඩා පහතින් පැවතුනි. මේ අතර චීනයට කල ජර්මානු අපනයන සියයට 44න් ද රුසියාවට සියයට 28න් ද ඉහල ගියේය.

ජර්මනිය සිය සෘජු විදේශ ආයෝජනවල (එෆ්ඩීඅයි) පරාසය ද යුරෝපයෙන් එපිටට පුලුල් කර ගෙන ඇත. මෙය ලිබියාවට එරෙහි යුද්ධය මත ඇතිව තිබෙන ගැටුම් වලට එක් හේතුවකි. මෙම යුද්ධය කෙරෙන්නේ මූලිකව ම තෙල් සඳහා වන නමුත් අපනයන වෙලඳපොලවල් ප‍්‍රාග්ධන අපනයන හා සමස්ත අරාබි කලාපයේම විප්ලව මැඩීම ද නොවැදගත් නොවේ. ප‍්‍රන්සය, බි‍්‍රතාන්‍ය හා ඉතාලිය යලිත් ආක‍්‍රමනකාරී යටත් විජිත පිලිවෙතකට මාරුවීම දැකගත යුත්තේ මෙම සන්දර්භය තුලය. යුරෝපා සංගමය තුල අර්බුදය හමුවේ අතීතයේදී ජර්මානු එදිරිවාදියා මත ඔවුන්ට ප‍්‍රමුඛත්වය හිමිකර දුන් සම්ප‍්‍රදායික ක‍්‍රමෝපායන් කරා ඔවුහු ප‍්‍රතිවර්තනය වෙති.

මිලිටරි කාරනා වලදී බි‍්‍රතාන්‍ය හා ප‍්‍රන්සය තවමත් ප‍්‍රමුඛත්වය දරයි. ජර්මනිය මිලිටරි පිරිවැය සඳහා යොදවන්නේ දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.3ක් පමනි. ප‍්‍රන්සය හා බි‍්‍රතාන්‍ය සියයට 1.6ක් හා 2.8ක් වැය කරති. ඒ අනුව දෙරටේ ඒකාබද්ධ පිරිවැය ජර්මනිය මෙන් තුන් ගුනයකටත් වැඩිය. කෙසේ වෙතත් ඒ දෙරටම එක්සත් ජනපදය හමුවේ අඟුටු මිට්ටන් බවට පත් වෙයි. එරට මිලිටරි පිරිවැය වෙනුවෙන් දදේනි සියයට 5ක් පමන වැය කරයි.

සියලු පැති වලින් "හුදෙකලාවී” ඇති බව ජර්මනියට හැඟී ගිය 1890 මෙන්ම එරට තම අවශ්‍යතා ආරක්ෂා කර ගැනීමට වෙනත් මාධ්‍ය හා මාර්ග සොයනු ඇත. ජර්මන් හමුදාවේ වැඩිවන ක‍්‍රියාකාරකම් හමුවේ විදෙස් පිලිවෙතේ ප‍්‍රති දිශානුගත වීමක් අනිවාර්ය වන්නේය. කෙසේ වුවත් අරමුනු දෙකම අභ්‍යන්තර ගැටුම් හා අර්බුද වලින් තොරව පෙරට ගෙන යා නොහැකිය.

යුරෝපයේ දේශපාලන අර්බුදය

යුරෝපය තුල වෙනස්කම් සියලු ධනේශ්වර පක්ෂ තුල ගැඹුරු අර්බුදයකට තුඩුදී ඇත. මධ්‍යම පන්තීන් කැඩී යද්දී ඊනියා "මහජන පක්ෂවල” සමාජ පදනම් බිඳ වැටෙමින් තිබෙන අතර විදෙස් හා ආර්ථික පිලිවෙත්වල ප‍්‍රති දිශානුගතවීම අනිවාර්යයෙන්ම දේශපාලන ආතතීන්ට තුඩුදෙයි. ප‍්‍රන්සයේ, ජර්මනියේ හා ඉතාලියේ කොන්සවේටිව් (තත්වාරක්ෂක) ආන්ඩු සියල්ල ගැඹුරු අර්බුදයක ගිලී ඇත. මැතිවරන ආසන්න වී තිබිය දී ඒ කිසිවකට යලි බලයට පත් නොවිය හැකි බව පෙනෙන්නට තිබේ.

මේ වන තෙක්ම පාලක පන්තීන්ට මෙම අර්බුදය සියතට ගත හැකිව ඇත්තේ කම්කරු පන්තියට ස්වාධීන නායකත්වයක් හෝ දේශපාලන ඉදිරිදර්ශනයක් නොතිබීම නිසා ය. 1990 ගනන් මැද භාගයේ පටන් ඔවුන් සිය පාලනය සුරක්ෂිත කර ගැනීමේ දී ප‍්‍රධානකොටම වාරු වී සිටියේ මහා බි‍්‍රතාන්‍යයේ ටෝනි බ්ලෙයාර්ගේ නව කම්කරු පක්ෂය, ජර්මනියේ ෂ්රඩර් හා ෆිෂර්ගේ එස්පීඩී හා හරිත පක්ෂ සභාගය, ප‍්‍රන්සයේ ජොස්පින් පාලනය හා ඉතාලියේ ප්‍රෝඩි ආන්ඩුව වැනි සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ හා වෘත්තීය සමිති මතය. මෙම ක‍්‍රියාවලියේ ප‍්‍රතිපලයක් ලෙස සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් විහින් ම අපකීර්තියට පත්වූ අතර යලි ගොඩආවේ නැත.

එතැන් සිට ධනේශ්වරය කම්කරු පන්තිය පාලනයේ තබාගැනීමටත්, ස්වාධීන විප්ලවවාදී ව්‍යාපාරයක් වැලැක්වීම සඳහාත්, වඩ වඩාත් හිටපු වම්මුන් හා සුලු ධනේශ්වර බලවේගයන් වෙත හැරුනහ. ප‍්‍රන්ස පැබ්ලෝවාදීහු සමාජවාදී පක්ෂයේ පරිහානියෙන් වාසි ලැබ මැතිවරනවල දී සැලකිය යුතු සාර්ථකත්වයන් අත්කර ගැනීමට සමත් වූ අතර මෙම ක‍්‍රියාවලියේදී ප‍්‍රධාන භූමිකාවක් ඉටු කලහ. ඔවුන් සිය "සාර්ථකත්වයට” ප‍්‍රතිචාර දැක්වූයේ, ට්‍රොට්ස්කිවාදය සමග සෑම විධිමත් සම්බන්ධයකින්ම කැඩී වෙන් වෙමින් කවර කලෙකටත් වඩා විවෘත ධනපති හා පාර්ලිමේන්තුවාදී නව ධනේශ්වර විරෝධී (එන්පීඒ) පක්ෂය පිහිටුවීම මගින්ය. එන්පීඒ සාකෝසිට එරෙහි වැඩවර්ජන ව්‍යාපාරය මැඩීමේ දී වැදගත් භූමිකාවක් ඉටුකල අතර දැන් ලිබියාවට එරෙහි නේටෝ යුද්ධය යුක්ති සහගත කරයි.

මේ අතර ධනේශ්වර දේශපාලනයේ කුනුවීම දක්ෂිනාංශික හා ෆැසිස්ට් ව්‍යාපාරවල වැඩීමට තෝතැන්නක් වන මට්ටමට ලඟාවී ඇත. ප‍්‍රන්සයේ ජාතික පෙරමුනට සාකෝසිගේ යූඑම්පීයට වඩා ඡන්ද ප‍්‍රමානයක් ලැබුනි. ෆින්ලන්තයේ ට්රූ ෆින්ස්, අලුත්ම මැතිවරනයේදී මුලු ඡන්ද වලින් පහෙන් එකක් ලබා ගත්තේය. හංගේරියාවේ පාලක ෆිඩෙස් පක්ෂය හෝති තන්ත‍්‍රයේ ඒකාධිපති සම්ප‍්‍රදායන් පනගන්වමින් සිටියි. ඉතාලියේ, ඔස්ටි‍්‍රයාවේ, ඩෙන්මාර්කයේ, නෙදර්ලන්තයේ හා ස්විට්සර්ලන්තයේ දක්ෂිනාංශික ජනතාවාදී පක්ෂ ද වැදගත් ක‍්‍රියා කලාපයක් ඉටුකරති.

ඔවුන් සිය සාර්ථකත්වය අත් කර ගෙන ඇත්තේ ධනේශ්වර "වම” හා "අන්ත වම” වඩ වඩාත් දකුනට මාරුවීම හා සමාජ නොසංසුන්තාවයේ වැඩෙන රැල්ල ගසාකෑමට අන්ත දක්ෂිනාශයට ඉඩ සලසා තිබීමේ කාරනය නිසාවෙනි. නිදසුනක් ලෙස පසුගිය ජනවාරියේදී සිය පියා වන ජීන් මෙරී ලේ පෙන් වෙතින් ජාතික පෙරමුනේ නායකත්වය භාරගත් මැරීන් ලේ පෙන් සිය උත්සුකය සමාජ ප‍්‍රශ්න වෙත මාරුකර ඇති අතර සමහර මත විමසුම් වලට අනුව ඇතැම් කම්කරු කොටස්වල පවා සහාය දිනාගෙන සිටියි.

ඒ සමගම අන්ත දක්ෂිනාංශය මාධ්‍ය හා සම්ප‍්‍රදායික ධනේශ්වර පක්ෂ වල සැලකිය යුතු සහායක් ලබාගෙන ඇත. ඔවුන් එවැනි ව්‍යාපාර වලට ඉඩ සලසා ඇත්තේ ඔවුන්ගේ විදේශික විරෝධයට අනුගත වීම මගින් හෝ සෘජු සම්බන්ධතා ගොඩනඟා ගැනීමෙනි. ප‍්‍රන්සයේ දී ඉස්ලාමික භීතිකාව හා විදේශික භීතිකාව ආන්ඩුවේ නිල ප‍්‍රතිපත්තියයි: පාසැල් තුල ලේන්සු වලින් හිස ආවරනය කිරීම හා මුලු සිරුර ම වසන මුස්ලිම් කාන්තා ඇඳුමක් වන බුර්කා පැලඳීම තහනම් කිරීම වැනි පියවරයන්ට ඊනියා "වම්මු” අනෙක් අතට සහයෝගය දැක්වූහ පාලක යූඑම්පීයේ කොටසක් ජාතික පෙරමුන සමග මැතිවරන සන්ධනයකට උඩගෙඩි දෙති.

අන්ත දක්ෂිනාංශිකයින්ට ලැබී ඇති මෙම සහයෝගය කම්කරු පන්තියට අනතුරු ඇඟවීමකි. කම්කරු පන්තිය මැඩලීම සඳහා ෆැසිස්ට් ක‍්‍රමවේදයන් යොදාගැනීමේ ධනපති පන්තියේ කැමැත්ත වැඩි වෙමින් තිබේ.

ජර්මනියේ ද විදේශික භීතිකාව හා වර්ගවාදය වගාකිරීමේ අරමුන සහිත හිතාමතාම ගෙනයන උද්ඝෝෂන පවතී එක් නිදසුනක් නම්, මාධ්‍ය විසින් තියෝ සරසින්ට ඔහුගේ වර්ගවාදී දහජරාව වැගිරීම පිනිස පුලුල් වේදිකාවක් සපයා තිබීම යි. සරසින්ට ලැබෙන සහයෝගයේ ප‍්‍රධාන මූලාශ‍්‍රය වන්නේ මධ්‍යම පන්තියේ ධනවත් කොටසයි. එහෙත් වර්තමානයේ තවත් දේශපාලන වර්ධනයක් එනම් හරිත පක්ෂයේ නැඟීම ප‍්‍රමුඛත්වයට පැමින තිබේ.

හරිතයින්ගේ දේශපාලන මුල් ඇදී ඇත්තේ හැට ගනන් අග හා හැත්තෑ ගනන් තුලය. මේ අනුව 1990 ගනන් අග භාගය වන විටත් හරිතයින් විවෘත අධිරාජ්‍යවාදී පක්ෂයක් බවට පත්ව තිබුනේ වී නමුත් ඔවුන් හා ප‍්‍රන්ස වම්මුන් අතර සමාන්තරයන් දැකිය හැකිය. ඒ වන විට ආන්ඩු කරවන පක්ෂයක් ලෙස ඔවුන් තමන්ගේම පක්ෂයේ විරෝධය හමුවේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී චාන්සලර් ගේහාඩ් ෂ්රඩර්ට සහාය දෙමින් 2010 න්‍යායපත‍්‍රය ක‍්‍රියාත්මක කිරීමේ දී හා ජර්මන් මිලිටරිවාදය නඟා සිටුවීමේ දී තීරනාත්මක භූමිකාවක් ඉටුකර තිබුනි. දැන් අනෙකුත් සියලු ධනේශ්වර පක්ෂවල පොදු අර්බුදයක තත්වය යටතේ කම්කරු පනත්තියට එරෙහිව සුලු ධනේශ්වර ස්ථරයන් මෙහෙයවීම සඳහා ඔවුන් අවශ්‍යව තිබේ. පරිසර විද්‍යාවේ කෑලිබෑලි අනන්‍යතා හා විකල්ප දේශපාලනය දැඩි මූල්‍ය කප්පාදු සමඟ මාට්ටු කර ඇති ඔවුන්ගේ ක‍්‍රියාමාර්ගයෙහි හරය එයයි.

යුරෝපීය අර්බුදයේ වැඩිදියුනු තත්වය සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා එහි යුරෝපීය සම චින්තකයින් හමුවට ප‍්‍රධාන දේශපාලන අභියෝග මුනගස්වා තිබේ. අර්බුදයේ ඊලඟ අවධිය කෙසේ වර්ධනය වනු ඇත්දැයි හරියට ම පැවසීම දුෂ්කර ය. කෙසේ වෙතත් මෙම අර්බුදය ගැඹුරු වෙමින් දිග් ගැස්සුනු කාල පරිච්ඡේදයක් පුරාවට පවතිනු ඇති බව පැවසිය හැකිය.

ඔවුන්ගේ පැරනි සංවිධාන පිටුපස සිට පිහියෙන් අනිනු ලැබ තිබිය දී පවා කම්කරු පන්තිය තම සමාජ හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එල්ල කරන ප‍්‍රහාර ප‍්‍රතිරෝධයකින් තොරව පිලිගනු නැත. මෑත මාසවල විරෝධතා හා කම්කරු අරගලයන්හි සැලකිය යුතු වර්ධනයක් අප අත්දැක තිබේ. ටියුනීසියාවේ හා ඊජිප්තුවේ විප්ලවයන් මෙන්ම එක්සත් ජනපදය තුල පන්ති අරගලය පුනර්ජීවනය වීම ජාත්‍යන්තර වැදගත් කමක් උසුලයි.

මෙම අරගලයන්ට නායකත්වය හා ඉදිරිදර්ශනය සම්පාදනය කිරීමේ වගකීම පැවරී ඇත්තේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට හා එහි ජර්මානු ශාඛාව වන සසපයටයි. පසුගිය විසිපස් වසර පුරා අප කර ඇති වැඩ කටයුතු මෙම කර්තව්‍ය සඳහා අපව සූදානම් කර ඇත.

1985-86 කාලයේ දී අපි ජාත්‍යන්තරවාදය වෙතින් ඉවතට ස්ටැලින්වාදය වෘත්තීය සමිති නිලධරය හා සුලු ධනපති ජාතිකවාදය දෙසට මාරුවූ බි‍්‍රතාන්‍ය කම්කරු විප්ලවවාදී පක්ෂයේ භ‍්‍රෂ්ටයින්ගෙන් බිඳී වෙන් වුනෙමු. මෙම භේදය නොවන්නට අද අප ද සිටිනු ඇත්තේ වාම පක්ෂ කඳවුරේය. එම කාලයේ පටන් අපි වෘත්තීය සමිති ජාතික විමුක්ති ව්‍යාපාර පිලිබඳ අපගේ දෘෂ්ටීන් වර්ධනය කර විස්තාරනය කරමින් සසප පිහිටුවා ලෝක සමාජවාදී වෙබ් අඩවිය ගොඩනැඟුවෙමු.

වාම පක්ෂයටත් ප‍්‍රන්ස එන්පීඒටත් එරෙහි අපගේ අරගලයන් ද හොර රහසේ ෆ‍්‍රැන්ක්ෆර්ට් ගුරුකුලයේ දෘෂ්ටිවාදය අපගේ ව්‍යාපාරය තුලට රිංගවීමේ උත්සාහයන්ට එරෙහි විවාදත් වත්මන් තත්වය සඳහා දේශපාලනිකව හා දෘෂ්ටිමය වශයෙන් අප සූදානම් කලේය. එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය "සමාජවාදය සඳහා අද සටනට බසිනු” යන ආදර්ශ පාඨය යටතේ මෑතක දී පවත්වන ලද සාර්ථක සම්මන්ත‍්‍රන අපගේ ක‍්‍රියාමාර්ගය කම්කරු පන්තිය අතර රැව් දෙන්නට පටන් ගෙන ඇති බව පෙන්නුම් කලේය. යුරෝපය තුල ජාත්‍යන්තර කමිටුව ගොඩනැඟීම ඉල්ලා සිටින්නේ ව්‍යාජ වම්මුන්ට හා හරිත පක්ෂය වැනි සුලු ධනපති පක්ෂ වලට එරෙහිව ස්ථිරසාර දේශපාලන හා දෘෂ්ටිමය අරගලයක් මෙන්ම කම්කරු පන්තිය තුල ආක‍්‍රමනශීලී මැදිහත් වීමකි. මෙම කර්තව්‍යයන් දෙක නොවෙන්කල හැකි සේ එකිනෙකට සම්බන්ධය.

මේ සම්බන්ධයෙන් සැප්තැම්බරයේ පැවැත්වීමට නියමිත බර්ලින් ප‍්‍රාන්ත මැතිවරනය තුල අපගේ මැදිහත් වීම වැදගත් ක‍්‍රියා කලාපයක් ඉටු කරනු ඇත. බොහෝ අංශ වලින් යුරෝපයේ සියලු සමාජ හා දේශපාලන ප‍්‍රශ්නවල සංකේන්ද්‍රිත ප‍්‍රකාශනයක් බර්ලිනය තුල දැකිය හැක. නගරය විරැකියාවෙන් හා පහත් වැටුප් ශ‍්‍රමය මගින් අංගලක්ෂිත වෙයි. ධනේශ්වර කඳවුරෙහි හිටපු වම්මුන් සහාය දක්වන සමාජ ප‍්‍රජාතන්ත‍්‍ර හා වාම පක්ෂයේ සභාගයකට හරිතයින් මුහුන දෙයි. සීඩීයූ හා එෆ්ඩීපී කිසිදු වැදගත් භූමිකාවක් ඉටු නොකරයි.

අපගේ උද්ඝෝෂනය අවධානය යොමු කරන්නේ කඳවුරු දෙකට ම එරෙහිව ක‍්‍රමානුකූල දේශපාලන හා දෘෂ්ටිමය අරගලයක් සඳහා නව සාමාජිකයින් දිනාගෙන දේශපාලනිකව ඔවුන් පුහුනු කිරීම සඳහා ය.

අපි මෙම උද්ඝෝෂනය යුරෝපීය හා ජාත්‍යන්තර ඉදිරිදර්ශනයක පදනම මත මෙහෙයවන්නෙමු. යුරෝපීය සංගම් පාක්ෂිකයින්ටත් ඔවුන්ගේ විරුද්ධවාදී අන්ත දක්ෂිනාංශිකයින්ටත් එරෙහිව සටන් කිරීමේ දී එක්සත් ජනපදයේ සසප ඉදිරිදර්ශනය වැදගත් ක‍්‍රියා කලාපයක් ඉටු කරයි. කම්කරු පන්තියේ දෘෂ්ටි ආස්ථානයෙන් යුරෝපීය ආර්ථික සංගමය තීරනාත්මක ය. එහෙත් මෙම කාර්යය යුරෝපයේ බෙදීම් හා ගැටුම් ගැඹුරු කරන ධනේශ්වරයට හෝ එහි යුරෝපීය ආයතන වලට බාරදිය නොහැකිය. එය කම්කරු පන්තිය දේශපාලන බලය අල්ලා ගැනීම හා සමාජවාදී ක‍්‍රියාමාර්ගයක් දියත් කිරීම සමග නොවෙන්කල හැකි පරිදි බැඳී ඇත.

1926 වසරේ ට්‍රොට්ස්කි "යුරෝපය හා ඇමරිකාව” නමැති ඔහුගේ කතාවේ දී මෙසේ ප‍්‍රකාශ කලේය: "විප්ලවය ප‍්‍රථමයෙන් හටගන්නේ කොතැනක වුවත්, එහි ලයමානය කුමක් වුවත්, එහි සමාජවාදි ප‍්‍රති නිර්මානයේ පලමු දියකර නොහැරිය හැකි කොන්දේසිය වන්නේ යුරෝපීය ආර්ථික ඒකාබද්ධතාවයි. යුරෝපය බෙදනු ලැබූ අය අවශ්‍යයෙන්ම පලවා හැර එක්සත් කිරීම සඳහා ද සමාජවාදී යුරෝපා එක්සත් ජනපදයක් නිර්මානය කිරීම සඳහා ද බෙදුනු යුරෝපයේ බලය අල්ලාගත යුතුයයි 1923දී කොමියුනිස්ට් ජාත්‍යන්තරය ප‍්‍රකාශ කලේය.”

ලිබියාව තුල එක්සත් ජනපද-නේටෝ යුද අපරාධ

| බැරී ග්‍රේ

( 24-01-2011 | lankaguardian.com) කර්නල් මුවම්මර් ගඩාෆි බලයෙන් පහකල පසුගිය වසරේ යුද්ධය අවධියේ, එක්සත් ජනපදය, නේටෝව හා ඔවුන්ගේ බැල "කැරලි” හමුදා විසින් ලිබියාව තුල සිදුකරන ලද යුද අපරාධ පිලිබඳ සවිස්තර සාක්ෂි, පසුගිය සතියේ නිකුත් කරන ලද මැද පෙරදිග මානව අයිතීන් සුරකින සංවිධාන වාර්තාවකින් ඉදිරිපත් කර තිබේ. "ලිබියාවට ගිය සිවිල් සමාජයේ තොරතුරු රැස් කරන ස්වාධීන දූත කන්ඩායමක වාර්තාව,” මානව අයිතීන් පිලිබඳ පලස්තීන මධ්‍යස්ථානය හා ජාත්‍යන්තර නීති සහයෝගිතා සාමුහිකය සමග එක්ව මානව අයිතීන් පිලිබඳ අරාබි සංවිධානය විසින් පසුගිය නොවැම්බරයේදී ගෙනගිය පරීක්ෂනයක තොරතුරු ඉදිරිපත් කරයි.

යුද අපරාධ පිලිබඳව සාක්ෂි දරන්නවුන් මෙන්ම ට්‍රිපොලි, සාවියා, සිබ්‍රාටා, කොම්ස්, ස්ලිට්න්, මිස්රාටා, ටවර්ගා හා සර්ටි හි ලිබියානු නිලධාරීන් හා සාක්ෂිකරුවන් ද සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡා පදනම් කරගෙන වාර්තාව, බොහෝ මිනිසුන්ට මරන හා තුවාල සිදුකරමින් නේටෝව සිවිල් මධ්‍යස්ථාන ඉලක්ක කරගැනීම පිලිබඳ සාක්ෂි මුල්කරගෙන පරීක්ෂනයක් සඳහා කැඳවුම් කරයි. නේටෝවේ බෝම්බ හා මිසයිල මගින් ඉලක්ක කල සිවිල් මධ්‍යස්ථාන අතර පාසැල්, ආන්ඩුවේ ගොඩනැඟිලි, අඩුම තරමින් එක් ආහාර සැපයුම් මධ්‍යස්ථානයක් හා පෞද්ගලික නිවාස ද විය.

Mother and daughter raped and murdered by NATO ‘rebels’ in Misurata
නේටෝවේ පිටුබලය ලත් ජාතික සංක්‍රමනීය කමිටුවේ (එන්ටීසී) "කැරලි” හමුදා, ගඩාෆි හිතවාදීන් බවට සැක කල අය මරාදැමීම, වධ හිංසා පැමිනවීම, පලවා හැරීම හා ඔවුන්ට එරෙහිව සිදු කල නොපනත්කම් පිලිබඳව ද වාර්තාව සාක්ෂි ගෙනහැර දක්වා ඇත. ටීඑන්සීයට හා එහි සංක්‍රමන ආන්ඩුවට පක්ෂපාතී හමුදා, බොහෝකොටම කලු පැහැති තවගාහි පදිංචිකරුවන් බලහත්කාරයෙන් පලවා හැරීම හා උප සහරානු සංක්‍රමනික කම්කරුවන් දඩයම් කිරීම ගැන එය විස්තර සපයයි.

චෝදනා හෝ නඩු නොමැතිව රඳවා සිටි සිරකරුවන්ට එකපිට දරුනු ලෙස පහර දීම, ගඩාෆිට පක්ෂපාතී සටන්කරුවන් තොග පිටින් මරා දැමීම හා "හිටපු සටන්කරුවන්ගේ බෙල්ල කපා මරාදැමීම ද ඇතුලු පලිගැනීමේ චේතනාවෙන් සිදු කල ඉවක් බවක් නැති ඝාතන” ගැන සාක්ෂි සහිත තොරතුරු පරීක්ෂකයින් විසින් ඉදිරිපත් කර තිබේ.

එක්සත් ජනපදය, ප්‍රන්සය, බ්‍රිතාන්‍යය හා ඔවුන්ගේ නේටෝ අපරාධකරුවන් ගෙන ගිය යටත් විජිත වර්ගයේ යුද්ධයක් සඳහා කඩතුරාව ලෙස යොදාගත්, මානව අයිතීන්හි හා ප්‍රජාතන්ත්‍රවාදයේ නිරුවත වාර්තාවෙන් හෙලිදරව් කරයි. මුවම්මර් ගඩාෆි විසින් කරනලද හිංසනකාරී කටයුතු වලින් සිවිල් ජනතාව ආරක්ෂා කිරීමට බව පවසමින් පසුගිය මාර්තුවේ දී ලිබියාවට ඉහල අහසේ "පියාසර තහනම් කලාපයක්” හා ආයුධ සැපයීමේ තහනමක් පනවන ලද 1973 දරන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඬල යෝජනාව සැබවින්ම යොදාගනු ලැබුවේ, භූමියෙහි ක්‍රියාත්මකවූ "කැරලි” හමුදා හා සම්බන්ධීකරනය කල නිර්දය ගුවන් ප්‍රහාර එල්ල කිරීම පිනිස බව එය මනාව පැහැදිලි කරයි.

බෙන්ගාසි හා අනෙකුත් නගරවල ගඩාෆි විරෝධී උද්ඝෝෂන පැන නැගීමත් සමග ම, විපක්ෂ හමුදාවන්ට බටහිර රටවල මිලිටරි පුහුනුව මෙන්ම නේටෝ බලයන්ගෙන් හා අරාබි රටවලින් අවි ආයුධ ලැබෙන්ට පටන්ගත් බව වාර්තාව සඳහන් කරයි. ඊජිප්තුවේ මුබාරක් ඇදවැටීමෙන් පසුව පසුගිය පෙබරවාරියේ දී ගඩාෆිට එරෙහිව පැන නැඟි මහජන විරෝධය, අධිරාජ්‍යවාදයට ගැති සිවිල් යුද්ධයක් දියත් කිරීම සඳහා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, ප්‍රන්සය හා ලිබියාව තුල ඔවුන්ගේ ඒජන්තයින් විසින් වහාම තම අත්අඩංගුවට ගත්තේය.

වාර්තාව සඳහන් කරන පරිදි, "දූත කන්ඩායමට ලබාගත හැකිවූ ඇසින් දුටු සාක්ෂි හා වෙනත් තොරතුරුවලින්, නිදසුනක් ලෙස ගඩාෆි හමුදා යටතේ පැවති නගර හා නාගරිකයන්ට පහරදීමේ දී, ආක්‍රමනික යයි ගුනාංගී කරනය කල හැකි විපක්ෂ හමුදා ක්‍රියාකාරකම්වල දී නේටෝවේ සහභාගිත්වය දැකිය හැකිය. එසේම සමහර ඉලක්ක එනම් ප්‍රාදේශීය ආහාර ගබඩාවක් වැනි දෙයක් තෝරාගැනීමේ දී, සිවිල් වැසියන්ගේ ආරක්ෂාව පිලිබඳ කාරනයට අදාලව එවන් ප්‍රහාර සැලකිල්ලට ගත් කල බැලූ බැල්මටම ප්‍රශ්න මතු කරයි.”

වාර්තාවෙන් කෙරෙන්නේ, රටේ තෙල් සම්පත් ඇමරිකානු හා බ්‍රිතාන්‍ය සමාගම් වෙත පවරන ලද හා එම බලවතුන් දෙදෙනාට ලිබියානු භූමිය මත දැවැන්ත මිලිටරි කඳවුරු පවත්වාගෙන යාමට ඉඩ සැලසූ ඉඩ්රිස් යන එම රටේ රූකඩ රජු යටතේ, වසර 43කට පෙර පැවති තත්වයන් කරා ඔර්ලෝසුව ආපසු කැරකවීමේ අරමුන සහිත මෘග ප්‍රහාරයක පින්තූරය, හැකිතාක් සුමටව ඉදිරිපත් කිරීම පමනි. සර්ටි නගරය සමතලා කිරීම හා ඉබාගාතේ ගඩාෆි මරා දැමීමෙන් කුලුගැන්වුන මහා පරිමාන විනාශය හා ඝාතන, එක්සත් ජාතීන්ගේ අනුමැතිය ලත් "මානව හිමිකම්” හා "සිවිල් වැසියන්ගේ ආරක්ෂාව” සඳහා වූ යුද්ධයක්ය යන ප්‍රකාශ අභූත වනවා පමනක් නොව, අමූලික කුපාඩිකමක් බව ද එමඟින් හෙලි කරයි.

ලිබියාවට කඩා පැනීම වනාහි, ලිබියානු දේශසීමාවේ පිහිටි දිගු ක‍ාලීන බටහිර ගැති රටවල් දෙකක් වන ටියුනීසියා හා ඊජිප්තු පාලන තන්ත්‍ර පෙරලා දැමුනු මහජන විප්ලවවාදී නැඟිටීම් කෙරෙහි එක්සත් ජනපදයේ හා යුරෝපීය අධිරාජ්‍යවාදීන්ගේ ප්‍රතිචාරය විය. මෙම අධිරාජ්‍යවාදී යුද්ධයේ අරමුන, රටේ තෙල් සම්පත් මත සම්පූර්න පාලනය පිහිටුවීමත් උතුරු අප්‍රිකාව හා මැද පෙරදිග සිසාරා වැඩී ගිය කම්කරු පන්ති අරගල පීලිපන්නවා මැඩපැවැත්වීමත්ය. එසේම, ගඩාෆි තන්ත්‍රය සමග සමීප ආර්ථික සම්බන්ධතා ගොඩනගාගෙන සිටි චීනයට හා රුසියාවට පහරක් එල්ල කිරීම ය.

යුද්ධය එම රට විනාශ කලේය. ගඩාෆි තන්ත්‍රයේ හිටපු නිලධාරීන්, අල් කයිඩාව සමග පවා සමහර බැඳීම් ඇති කොටස් ද ඇතුලු ඉස්ලාම්වාදීන් හා බටහිර ඔත්තුසේවා සමග සම්බන්ධ කොටස්වලින් සැදුම්ලත් වැනෙන සභාගයක් වන එන්ටීසීය ම ගනන් බලා ඇති පරිදි, යුද්ධයෙන් ජීවිත 50,000ක් විනාශ කල අතර තවත් 50,000කට තුවාල සිදු කලේය. එන්ටීසීයේ කොටස් අතර වර්ධනය වන අභ්‍යන්තර ගැටුම්, ප්‍රතිවාදී හා ප්‍රදේශීයව පදනම් වූ කල්ලි අතර පූර්න පරිමානයේ සිවිල් යුද්ධයක් සඳහා දොර විවර කරයි.

එලඹෙමින් තිබෙන සිවිල් යුද්ධයක් පිලිබඳ ටීඑන්සී සභාපති මුස්ටෆා අල් ජලීල්ගේ අනතුරු ඇඟවීම් මධ්‍යයේ, බෙන්ගාසිහි ටීඑන්සී මූලස්ථානයට කඩා වැදුනු පිරිස්, සංක්‍රමන ආන්ඩුව ඉල්ලා අස්විය යුතු බවට බලකර සිටියේ යන්තම් පසුගිය සතියේ ය. ඒ අනුව ටීඑන්සී නියෝජ්‍ය සභාපති අබ්දෙල් හෆීස් ගෝගා ඉල්ලා අස් විය.

එක්සත් ජනපද-නේටෝ යුද අපරාධ පිලිබඳ වාර්තාව මානව හිමිකම් පිලිබඳ වොෂින්ටනයේ හා නේටෝවේ කඩතුරාව අනුව තාලය අල්ලමින්, විවෘතව හෝ වක්‍රව ලිබියානු යුද්ධයට සහාය පුදකල "වාම” පක්ෂ, බුද්ධිමතුන් හා ශාස්ත්‍රාලිකයින්ගේ ද්‍රෝහිත්වය පිලිබඳව ද චෝදනා පත්‍රයකි. සමාජ ප්‍රජාතන්ත්‍ර, හරිත හා ජර්මානු වාම පක්ෂයේ හිටපු ස්ටැලින්වාදීන්ගේ පටන් ප්‍රන්සයේ නව ධනේශ්වර විරෝධී පක්ෂය හා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය වැනි ව්‍යාජ රැඩිකලුන් දක්වා වූ මෙම බලවේග අධිරාජ්‍යවාදී කඳවුරට තල්ලුවී ඇති ආකාරය ද මෙයින් සලකුනු කෙරෙයි.




ලිබියාව : ගඩාෆිගේ ආධාරකරුවන්ට පොදු සමාවක්

| කිෂානි වැලිවිටිගොඩ

ලිබියාවේ හිටපු නායක ගඩාෆි වෙනුවෙන් සටන් වදින සහ වැදුණු සියලුම දෙනාට පොදු සමාවක් ප්‍රධානය කිරීමට කැමති බව ජාතික අන්තර්වාර කවුන්සලයේ නායක අබදෙල් ජලෙල් ප්‍රකාශ කළේය. ලිබියාවේ සියලුම තැන් අන්තර්වාර කවුන්සලය යටතට අයත්. දැන් ලිබියාව අපි සියල්ලටම අයිතියි, යැයි ජලෙල් අද පැවති ජාතික සංහිදියාව උදෙසා වන සමුළුවේදී ප්‍රකශ කළේය.

ගඩාෆිගේ හමුදාව විසින් අපි සියලු දෙනාට කළ සියලුම දේවල් අමතක කොට දමා ඔවුන්ට පොදු සමාවක් ලබා දීමට සහ එය ඉවසීමෙන් පිළිගැනීමට අපි තීරණය කළෙමු, යැයි ද ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

පසුගිය ඔක්තෝබර් 23 වැනිදින ලිබියාව නිදහස් කර ගත බව ප්‍රකශ කිරීමෙන් පසු මේ ආකාරයෙන් පැවැත් වූ ප්‍රථම සමුළුව වන්නේ මෙයයි.


ලිබියාව නව කැබිනට් මණඩලයක් නම් කරයි

| කිෂානි වැලිවිටිගොඩ

ලිබියානු අන්තර්වාර කවුන්සලය විසින් නව කැබිනට් මණ්ඩලයක් ඊයේ පත් කරනු ලැබීය. අදාළ කවුනසලේ අගමැතිවරයා ලෙස කටයුතු කරන අබුදුර්හයිම් අල් කෙයිබ් විසින් මෙසේ නව කැබිනට් මණ්ඩලය නම් කරනු ලැබීම සිදු කරනු ලැබුවේ එක්සත් ජනපදයේ එකසත් ජාතීන්ගේ මණ්ඩලයේ තානාපති වශයෙන් කටයුතු කරන සුසාන් රයිස් ට්‍රිපොලි නුවරදී හමු වී සාකච්චා කිරීමෙන් ස්වල්ප වෙලාවකට පසුය.

රොයිටර් පුවත් සේවය වාර්තා කරන අන්දමට පසුගිය අගෝස්තු මාසයේදී ට්‍රිපොලි අගනගරය අල්ලා ගැනීම සඳහා සටන් මෙහෙය වනු ලැබූ ඔසාමා අල් ජුවාලි එරට නව ආරක්ෂක ඇමතිවරයා ලෙස පත් කොට තිබේ.

වෙබ් අඩවි ලියාපදිංචි කරන්නැයි ගඩාෆිගෙන් ලිපියක්


මීට මාසයකට පමණ ඉහතදී ලිබියාවේ නායක කර්නල් මුවමර් ගඩාෆි විසින් ශ්‍රී ලංකා ගාර්ඩියන් වෙබ් අඩවිය වෙත විශේෂ ලිපියක් ඒවා තිබුණි. අදාළ ලිපිය මගින් ශ්‍රී ලංකා ගාර්ඩියන් ලිබියාව සම්බන්ධයෙන් සිදු කළ වාර්තාකරණයන් පිළිබඳව සතුට මෙන්ම අසතුට පළ කර තිබු ගඩාෆි මහතා අපගේ වෙබ් අඩවිය ට්‍රිපොලි නුවර කාර්යාලයක් පිහිටුවාගෙන ඇති ඔහුගේ පළමු බිරිඳට දාව උපන් පුත්‍රයා වන මොහොමඩ් මුවමර් ගඩාෆි යටතේ වහාම ලියාපදිංචි කරන ලෙස ඉල්ලා ඇත. අදාළ ලියාපදිංචිය සඳහා අදාළ කටයුතු සුදානම් කළ අවස්ථාවේදී නායක ගඩාෆි මහතා ඇතුළු ඔහුගේ සගයින් ට්‍රිපොලි නුවර අතහැර පන බෙර ගැනීම සඳහා තම උපන් බිම වන සර්ට් නුවරට පලා ගියහ. ඉන් දින කිහිපයකට පසුව අවුරුදු 42 ක් පාලනයේ සිටි ගඩාෆි මහතා මහමගදී සතෙකු ඝාතනය කරනු ලැබිය. ජනාධිපති රාජපක්ෂ මහතාගේ කලණ මිත්‍රයෙකු වන ඔහු විසින් ලිබියාව ගැන පළ කරන සියලුම වෙබ් අඩවි තම ආණ්ඩුව යටතේ ලියාපදිංචි කළ යුතු බවට කල බලපෑම අඩංගු ලිපිය ලංකාවේ පවතින් වත්මන් තත්වය සමග හොඳින් ගැලපේ. සැබවින්ම මහාචාර්යවරයකු වන ආරියරත්න ඇතුගල අත්සන බලයෙන් යොදාගෙන දෝ එක්තරා ලේඛම්වරයකු ඉදිරිපත් කළ ලිපිය එහිම කොපියකි. සම්පූර්ණ ලිපිය පහත පල වන්නේ ගඩාෆි මහතාට ගරු කිරීමක් වශයෙන් සහ රාජපක්ෂ මහතාට සිහි කැඳවීමක් වශයෙනි.


කර්නල් මුවමර් ගඩාෆි,
නායක,
ග්‍රේට් සොෂලිස්ට් පීපල් ලිබියන් ඇරැබ් ජමෙහිරියා,
බබ් අල් අසිසියාහ්,
ට්‍රිපොලි, ලිබියා,

පුවත් නිවේදනය

..............................,
ප්‍රධාන කතෘ,
ශ්‍රී ලංකා ගාර්ඩියන්,

දයාබර කතෘ තුමනි,

සැන්ගා...සැන්ගා... දෙවියන් ශ්‍රේෂ්ඨයි ... නේටෝ සංවිධානයෙන් අඛණ්ඩව එල්ල වන ෂෙල් ප්‍රහාරය සහ ඒ ප්‍රහාර වලට සහ අපගේ ප්‍රහාර වලට ගොදුරු වන අපගේ අහිංසක ජනතාව ගැන නොතකා ඔබගේ වෙබ් අඩවිය සම්බන්ධයෙන් මා හට කරුණු දැක්වීමට සිදු වී ඇත්තේ ඔබ විසින් ලිබියාව අරම්භයා සිදු කරනු ලැබූ වාර්තාකරණයෙන් මාගේ උත්තරීතර නායකත්වයටත් ඊට අනුබල දෙන ඊට වඩා උත්තරීතර පුද්ගලයන්ටත් හානි වන ආකාරයට ඔබ පුවත් ප්‍රකාශ කොට ඇති නිසාය. තුන් වන විශ්වීය වාදය එළි දක්වමින් ගඩාෆි ප්‍රජාතන්ත්‍රවාදය ගැන කරුණු දැක් වූ මා විසින් රචිත හරිත පොත ලෝකයේ පිළිගත් කිසිම සම්ප්‍රදායකට අනුකුල නොවේ. එය මාගේ සම්ප්‍රදායයි. මානව හිමිකම් වැනි විශ්වීය මුලික අයිතීන් මා හට අයිති නොවේ. එය කෙතරම් ශ්‍රේෂ්ට් දෙයක් ද යත් ඔබ රටේ නායකයා වන මාගේ මිතුරු මහින්ද මල්ලියා තමන්ගේ චින්තන පොත සෑදීම සඳහා මාගේ හරිත පොතේ කොපි 1000 ක් අරන් ගියා මට තාමත් මතකය. ඒ මල්ලියා එයින් ඉගෙන ගත්තා පමණක් නොව උගේ ලොකු එකාද මා හමු වීමට එව්වේය. තාත්තාගේ අඩි පාරේ යන ඔහු මුලින්ම විමසුවේ මාගේ ආරක්ෂාවට සිටි කන්‍යාවියන් සහ ඔවුන්ගේ ප්‍රමිතියයි. ඉන් පසු කවරය විතරක් අත පත ගා කිසිවක් නොකියවා ඇති මගේ හරිත පොත ගැනද මහා අභිමානයෙන් කතා කළේය. නීති විද්‍යාලයේ හොරට විභාගය කොට ලෝයර් මාත්තයෙක් වූ බව මට ආරංචි වුවද පොඩි එකාගේ ආසාව යැයි සිතා මම ඔහුට කමා කළෙමි.

හිතාදර කතෘ තුමනි,

මේ මොනවා කිව්වත් වැඩක් නැත. ඔබ මා ගැන පළ කරනු ලැබූ අදහස් ගොඩාක් හේතුවෙන් මගේ සිත සතුටින් මෙන්ම දොම්නසින්ද පිරි ගොස් ඇත. එසේම දේශපාලනය නමැති මාගේ වක්කඩේ හකුරු හංගන අයවලුන් රැසකගෙන් පැමිණිලි ගලා එමින් තිබේ. සමහරකුට මෙවැනි කේලාම් කියා සේවා දිගුවක් හෝ තමන්ගේ පැටවුන්ට තානාපති තනතුරක් ලබා ගැනීම පරම ආශාව වේ. ඒ පැමිණිලි වලින් කිය වෙන්නේ මා මෙන්ම මාගේ ඇමති වරුන්ද අනෙකුත් ලිබියාවේ ප්‍රභුවරුන්ද අපහාසයට ලක් කර ඇති බවයි. මාගේ මහින්ද මල්ලියා මෙන්ම ඔහු වටා සිටින අයවලුන් මෙන් මාද මා වටා සිටින අයවලුන්ද හොරුන් නොවේ. ජනතාවට කෙසේ වෙතත් අපි අපට කිසිම අසාධාරනයක් සිදු කර ගත්තේ නැත. රටේ ජනතාවගෙන් බහුතරයක් දෙපයින් හිටගෙන සිටිද්දී අපි ඔලුවෙන් හිට ගෙන අත් දෙකෙන් ඇවිද්දෙමු. ලෝකයේ සිටි මහා භායනකතම ත්‍රස්තවාදය අනුන්ගේ පිහිටෙන් පරාජය කළ මගේ මල්ලියා ඊට නායකත්වය දුන් සේනාධිනායකයා මහ උළුගෙදර යවා කුරහන් තලප ගිලමින් මුහුණ දුන්නේද ලෝකයේ සිටින මහා බලවත්ම හමුදාවට එරෙහිව සටන් කරන මා මුහුණ දී සිටින්නේද එකම ඉරණමකටය. එම නිසා ඔබ සියලු දෙනාම කොන්දේසි විරහිතව අපට ආචාර කළ යුත්තේය. එබැවින් මා රට ගැන පළ කරන සෑම වෙබ් අඩවියක්ම වහාම ලියාපදිංචි කළ යුතු බව මෙයින් දැනුම් දෙන්නෙමි. එම නිසා වහාම එය සිදු කරන ලෙසත් පිළිගත් ජනමාධ්‍ය සදාචාරයන්ට අනුකුලව කටයුතු කිරීම හෙවත් හැකි තරම් මා ගැන ගුණ කීම සිදු කළ යුත්තේය.මේ පිළිබඳව වැඩි විස්තර පොල්හේන්ගොඩ පිහිටි චින්තන මල්ලියාගේ අමාත්‍යාංශයෙන් හෝ ට්‍රිපොලි නුවර පිහිටි මාගේ පුතාගේ අමාත්‍යාංශයෙන්ද සිදු කර ගත හැකිය.

මාගේ ශක්තිය තව තවත් වැඩි වී මා දිනේවා!! මාගේ බලය සදාකාලික වේවා!! ඔබටද ජනතාවටද නීතියටද ඉහලින් සිටිමින් මොන තක්කඩි කටයුත්ත සිදු කළත් මා හට එරෙහිවීමට කිසි වෙකුට නොහැකි වේවා!! එරෙහිවන්නන් දේශද්‍රෝහීන් ලෙස සළකා රට පුරා මා දේශ ප්‍රේමියෙකු ලෙස වැජඹේවා!!

මීට,
කර්නල් මුවමර් ගඩාෆි

Tell a Friend

ලිබියාව, ලෝක පුවත් සේවා සහ අපි

හිටපු එම. අයි. 5 ඒජන්ත ඇනී මැෂෝන් RT නම් රුසියානු රූපවාහිනී සේවය සමඟ කළ සාකච්චාවේදී නේටෝ සංවිධානය එල්ල කළ බෝම්බ ප්‍රහාර වලින් සැලකිය යුතු මට්ටමේ ඉහල ජීවන් තත්වයක් තිබූ ලිබියාවේ ජන ජීවිතය අද ගල් යුගය දක්වා ආපසු හරවා යවා ඇති කිව්වාය. ලිබියාවේ පවතින තත්වය ගැන මණ්ඩාවල පඥ්ඥාවංශ හිමියන් විසින් සිදු කරනු ලැබූ විග්‍රහයකි මේ,



Tell a Friend

මුවමර් ගඩාෆි - ජීවිතයේ සහ මරණයේ පාඩම





l සුනන්ද දේශප්‍රිය

කර්නල් මුවමර් අල් ගඩාෆි ශ්‍රී ලංකා ආණ්ඩුවට සහ ජනාධිපති රාජපක්ෂට ඉතා සමීප දේශපාලනඥයකු විය. ඔහු අත් අඩංගුවට ගෙන වධ දී පසුව ඝාතනය කිරීම පිළිබද පරීක්ෂනයක අවශ්‍යතාවය අවධාරණය කරන අතලොස්සක් රටවල් අතර ශ්‍රී ලංකාව ද එකකි. මේ අරභයා එක් වාක්‍යයක සහ වචන 21ක ප්‍රකාශනයක් නිකුත් කළ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය කියා සිටියේ කර්නල් මුවමර් ගඩාෆිගේ මරණය සිදුවූ අන්දම පිළිබඳව පැහැදිලි කිරීමක් අත්‍යවශ්‍ය බවයි. වෙනත් වචනයෙන් කියන්නේ නම් ඉන් අදහස් වුයේ ගඩාෆි ඝාතනය ගැන පරීක්ෂනයක් අවශ්‍ය බවයි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලිත ජනමාධ්‍ය ගඩාෆි සම්බන්දයෙන් දැක්වූයේ හිතෛශී ආකල්පයකි.

අත් අඩංගුවට ගන්නා ලද හිටපු ලිබියානු නායකයාගේ ලේ වැකි දුක්බර මුහුණ සහ වෙඩි තබා ඝාතනය කරන ලද ඔහුගේ මළ සිරුර පැහැදිලිව කියා සිටියේ ඔහු මරා දමන ලද්දේ වධ හිංසා පැමිණවීමෙන් පසවු බවයි. ගඩාෆි වෙඩි තබා මරා දැමීමේ වගකීම පිළිගත් තරුණ කැරලිකරුවා කැමරාවක් ඉදිරියේ කියා සිටියේ අනෙක් කැරලිකරුවන් ඔහුට වධ හිංසා පැමිණවීමට උත්සාහ දැරු බැවින් තමා දෙවරක් වෙඩි තබා ඔහු මරා දැමූ බවයි. කැරලිකරුවන් තර්ක කරනු ඇත්තේ ගඩාෆි දහදහස් ගණනාවක් ලිබියානු ජනයාගේ මරණවලට වග කිවයුතු වසර 49ක් ආඥාදායකු ලෙස ලිබියාව පාලනය කළ ත්‍රස්ත රාජ්‍ය නායකයකු බැවින් ඔහු ඝාතනයවී යෑම ඉතිහාසයේ තීන්දුව බවයි. බටහිර රටවල් තර්ක කරනු ඇත්තේ ද එලෙස ය. අන්තර්කාලීන ලිබියානු ආණ්ඩුව කියා සිටියේ අවසන් වතාවත් සඳහා ඥාතීන්ට ඉඩ සැළසීමෙන් අනතුරුව ගඩාෆි දේහය කාන්තාරයේ නොදන්නා ස්ථානයක මිහිදන් කළ බවයි.

ගඩාෆි ඝාතනය පිළිබඳව ශ්‍රී ලංකාණ්ඩුව පරීක්ෂනයක් ඉල්ලා සිටීමට පෙර එම අවශ්‍යතාවය පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ යුද්ධයේදී සිදුව ඇතැයි කියන මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂනයක් අවශ්‍ය බවට උද්ඝෝෂනයක් ගෙන යන හියුමන් රයිට්ස් වොච් සහ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් යන සංවිධානයන් ය. එක්සත් ජාතින්ගේ සංවිධානය ද එවැනි පරීක්ෂනයක් අවශ්‍ය බවත් දැනටම ආරම්භ වී ඇති මානව හිමිකම් කවුන්සිලයේ පරීක්ෂනය විසින් ගඩාෆි ඝාතනය ද සොයා බලනු ඇතැයි ද කියා සිටියා ය. මෙම ඝාතනය අත් අඩංගුවට ගැනීමෙන් පසු කරන මෙම ඝාතනය යුද අපරාධ ගනයට වැටිය හැකි බවද අපරාධයට දඩුවම් දිය යුතු බව ද එකී සංවිධාන කියා සිටියා ය.

යුද්ධයේ අවසාන භාගයේ දී එවැනි ඝාතන ශ්‍රී ලංකාවේ දී සිදුවූ බවට එම සංවිධානම චෝදනා කරයි. නැගෙනහිර එල්ටීටිඊ නායකයකු වූ රමේශ්ගේ මරණය එවැනි එක් අවස්ථාවකි. ජීවග්‍රහයෙන් ගත් රමේශ්ගෙන් යුද හමුදා සෙබලූන් විසින් ප්‍රශ්ණ කරනු ලබන සහ ඔහුගේ මළසිරුර දැක්වෙන විඩියෝ දර්ශන මේ සඳහා සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර තිබේ. මෙම චෝදනාවට පිළිතුරු වශයෙන් ආරක්ෂ ලේකම්වරයා කියා සිටියේ රමේශ් දරුණූ ඝනයේ ත්‍රස්තවාදියකු බවයි. එමෙන්ම එල්ටීටිඉ නායකයින් වූ සිය සැමියන් යුද හමුදාවට භාර වූ බවත් ඉන් අනතුරුව ඔවුන් අතුරුදහන්ව ඇති බවත් බිරින්දන් ගණනාවක්ම ආණ්ඩුවේ එල්එල්ආර්සී කොමිසම හමූයේ සාක්ෂි දුන්හ. ආණ්ඩුව කියනු ඇත්තේ ඔවුන් ත්‍රස්ත නායකයින් බවත් එම මරණවලට තමන් වගනොකියන බවත් ය.

දැන් ලිබියානුවන්ට ද ගඩාෆි සම්බන්ධයෙන් එවැනිම පිළිතුරක් දිය හැකිය. නමුත් පෙනන විදියට හියුමන් රයිට්ස් වොච් සහ ඇමෙන්ස්ටි ඉන්ටර්නැෂනල් මෙන්ම ශ්‍රී ලංකාණ්ඩුව ද එම පිළිතුර පිළිගැනීමට සූදානම් නැත. එසේ නම් යුද්ධයේ අවසන් සමයේ සිදුවූ බවට කියැවෙන ඝාතන සම්බන්ධයෙන් පරීක්ෂනයක් අවශය නැතැයි කීමට ශ්‍රී ලංකාණ්ඩුවට ඇති අයිතිය කුමක් ද? එවැනි පිළිතුරු එම ප්‍රශ්නයට මැදිවූ දෙමළ ජනයා සහ අන්තර් ජාතික මානව හිමිනම් ප්‍රජාව විසින් පිළිගනු ඇත් ද?

ශ්‍රී ලංකාවේ මෙන්ම ගඩාෆිගේ ලිබියාවේ අංක එකේ මිතුරකු වූ චීනය මේ සම්බන්ධයෙන් දැක්වූ ස්ථාවරය සහමුලින්ම වෙනස් ය. එය කියා සිටියේ දැන් ලිබියාවෙහි ප්‍රජාතන්ත්‍රවාදය සහ සාමය උදා වෙනු ඇතියි තමන් අපේක්ෂා කරන බවත් නව ආණ්ඩුව සමඟ කටයුතු කිරීමට තමන් සූදානම් බවත් ය. ඉන්දියාව ද ප්‍රකාශ කළේ එවැනිම ස්ථාවරයකි. අප ශ්‍රී ලංකාණ්ඩුව ගත් ස්ථාවරය අගය කළ යුතු වන්නේ විශේෂයෙන්ම ගඩාෆිගේ ලිබියාවේ මිතුරන් වූ බලගතු රටවල් නිහඩව සිටිය දී ගන්නා ලද නිවැරදි ස්ථාවරයක් නිසා ය. කවර වරදකට වෝදනා ලැබ තිබුන ද අත් අඩංගුවට පත් සතුරකු මරා දැමීම දඩුවම් ලැබිය යුතු වරදකි.

එසේ නමුත් ශ්‍රී ලංකාන්ඩුවේ භාවිතය ගඩාෆි සම්බන්ධයෙන් දරන ලද මෙම ස්ථාවරයට සහමුලින් වෙනස් ය. එය අත් අඩංගුවට ගන්නා සැකකාර පතාල සාමාජිකයින් පවා නඩු නැතිව ඝාතනය කරයි. දේශපාලන ඝාතන පිළිබඳ පොලිස් පරීක්ෂන යටපත් කරයි. අධිකරන තීන්දු ලැබීමට පෙරම අත් අඩංගුවේ සිටින සැකරුවන් දරුණු ඝනයේ අපරාධකරුවන් ලෙස නම් කරයි. ගඩාෆි සම්බන්ධයෙන් ඇති අනුකම්පාව සිය රටෙහි එවැනි ඝාතනයවූවන්ට දැක්වීමට නොහැකි වීම විසින් පෙනුන්ම් කරන්නේ ගඩාෆි ඝාතන පරීක්ෂනයක් අවශ්‍ය බවට ශ්‍රී ලංකාණ්ඩුවේ ස්ථාවරය මූලධාර්මික ස්ථාවරයක් නොව දේශපාලන ඥාතීත්වය මතින් පැන නැගුණු එක්ක බවයි. ඒ කෙසේ වෙතත් ගඩාෆි දේශපාලනය සහ එහි අවසානය ශ්‍රී ලකාව තේරුම් ගැනීමට ප්‍රවේශයක් වැන්න.

ඔහු ඉපදුනේ එඩේර ගෝත්‍රයක ගොවි පවුලක ලාබාල දරුවා ලෙස ය. සාමාන්‍ය පාසැළක ඉගෙනුම ලබා නීති උපාධිය දිනා ගැනීම දක්වා ඉහළට ගියේ ය. පාසැල් වියෙහි දී ම විප්ලවකාරී අදහසින් වෙළි ගිය ගඩාෆි නීතිය හැදැරීමෙන් අනතුරුව යුද හමුදාවට බැදී බ්‍රිතාන්‍යයේ වැඩිදුර පුහුණව ද ලැබීමට සමත් 1959 සැප්තැම්බර් 1 දා සිය පාසැල් සමයේ විප්ලවකාරි සගයන්ද හවුල්කර ගනිමින් කපිතාන් ගඩාෆි එකළ රට කරවූ ඉර්දිස් රජු බලයෙන් පහ කළේ ය. විය. එමගින් විසි නමවැනි වියෙහිදීම ගඩාෆි ලිබියාවේ නායකයා බවට පත් විය.

ලිබියාව විදේශ අධිපත්‍යයෙන් නිදහස් රටක් බවට පත් කිරීම තරුණ ගඩාෆිගේ අපේක්ෂාව වු අතර ඔහු සිය ආදර්ශය ලෙස සළකා ගත්තේ ඊජිප්තුවේ පෙරළිකාරී නායකයා වූ ගමෙල් අබ්දුල් නසාර් ය. ලිබියාව ආර්ථීක වශයෙන් සමෘද්ධිමත් කිරීමට අවශ්‍ය සම්පත් රටෙහි ආඩ්‍යව තිබුණි. ලිබියාව අද දක්වාම විදේශ ණය හෝ වෙනත් ණය බරක් හෝ නැති රටකි. බටහිර කොල්ලකාරී සමාගම් විසින් ගරාගනිමින් තිබූ තෙල් සම්පතෙහි අයිතිය යළි ලබා ගත් ප්‍රථම අරාබි රාජ්‍යය වූයේ ලිබියාවය.

ගඩාෆිගේ පාලනය යටතේ ලිබියානු ජනතාවගේ සාක්ෂරතාවය සියයට 10 සිට සියට 90 දක්වා ඉහළ නැගුණි. පරමායුෂ වයස අවුරුදු 57 සිට 77 බවට පත් විය. ස්ත්‍රින්ට සමාන අයිතීන් ලබා දීම අතින් ද ලිබියාව ඉහළ තැනක සිටි අතර අධ්‍යාපානය සහ සුව සේවා නොමිලයේ සැපයුනි. සහනදායී නිවාස ණය මහා ජනයාට විවෘත විය.

එනමුත් මේ සියළු සාධාරණීය පියවරයන් මකා දැමෙන නපුරක් ගඩාෆිගේ දේශපාලනයේ අන්තර්ගත වී තිබුණි. එනම් ඉරිදිස් රජු මෙන්ම තමන් ද ලිබියාවේ සදාකාලික අසාහාය නායකයා විය යුතුය යන මතය යි. බටහිර අධිපත්‍යයෙන් මිදිමට ඇති නිදහස මෙන්ම දේශීය අඥාදායකත්වයෙන් නිදහස්වීමට ලිබියානු ජනයා තුල වූ අපේක්ෂාවට ගඩාෆි එරෙහි විය.

ඔහු තමන්ගේ ම චින්තනයක් නිර්මානය කර එහි ම ගොදුරක් බවට පත් විය. නිදහස් හා සාධාරණ මැතිවරණ මගින් මහජන නියෝජිතයින් පත් කැරෙන ක්‍රමයක් වෙනුවට ඒවායේ සාමාජිකයින් රජයේ ඔත්තු සේවකයින් ලෙස සේවය කළ දේශපාලන කමිටු මගින් රට පාලනය කිරීම ගඩාෆි තෝරා ගත්තේය. කිසිදු විරුද්ධ මත දැක්වීමකට අවස්ථාවක් නැති විය. රජයේ සෑම අංශයක්ම මෙම ඔත්තුකරුවන්ගෙන් පුරවන ලදී. විදේශිකයකු සමග දේශපාලන සංවාදයක යෙදීම පවා තෙවසරක් සිරගත කැරෙන අපරාධයක් බවට පත් කරන ලදී. ඕනෑම මර්ධනකාරි පාලකයකු මෙන් ම ගඩාෆිගේ විශාලතම බිය තිබුණේ නිදහස් මාධ්‍යට ය. මාධ්‍ය මර්දනය කොතරම් වී ද යත් රටවල් 178ක මාධ්‍ය නිදහසේ දර්ශකයෙහි ගඩාෆිගේ ලිබියාව පැවැතියේ 160වන ස්ථානයේ ය. විසංවාදය රට තුළ මර්දනය කිරීමෙන් නොනැවතී ලිබියාවේ ප්‍රතිරූපය එතෙරදී විනාශ කරන ද්‍රෝහීන් ද විනාශ කල යුතු යැයි කී මුවමර් ගඩාෆි ප්‍රජාතන්ත්‍රවාදී අරගලය දිගටම ගෙන යෑම පිණිස විදේස්ගතව සිටි ක්‍රියාකාරීන් විශාල ගණනාවක් ඝාතනය කිරීමට ඝාතක කණ්ඩායම් යොදා ගත්තේ ය.

ගිලිහෙන ජනප්‍රියත්වය රැක ගැනීම පිණිස ගඩාෆි මුස්ලිම් ආගම් ප්‍රචාරය යොදා ගත්තේ ය. ලිබියානු දේශපාලනය ආගමික දේශපාලනයක් බවට පෙරළන ලද අතර එහි මුදුන් මල් කඩ බවට තමා ම පත්කර ගන්නා ලදී. පුද්ගලාභිවාදනය රටපුරා ගඩාෆි පුවරු පිහිටුවීමෙන් ලක්ෂිත විය. අනෙත් අතට බලය තහවුරු කර ගැනීම පිණිස ඥාති සංග්‍රහය දේශපාලනයේ සහ ආර්ථීකයේ සිය පිළිවෙත බවට ගඩාෆි විසින් පත්කර ගන්නා ලදී. ගඩාෆි දරුවනට සහ ඥාතීන්ට දේශපාලන බලයෙන් ද ආර්ථීක බලයෙන් ද කිසිදු අඩුවක් වූයේ නැත. නමුත් සමාජ බලයක් තිබුනේ නැත.

මේ සියල්ලටම අමතරව ඔහු බටහිර ධනවත් රටවල් සමඟ නොනවතින ගැටුමකට එළඹී සිටියේ ය. ජර්මනියෙහි බෝම්බ පපුරුවන ලද අතර බි්‍රතාන්‍යයේ මගී ගුවන් යානිවක් පුපරුවා හැරුණි. බටහිර විරෝධය කොතරම් විකාරයක් බවට පත් වූයේද යත් 1986 දී ඉංග්‍රිසි බස වෙනුවට පාසැල්හි රුසියානු බස ඉගැන්වීම ආරම්භ කෙරුණි. (පසුව එය අසාර්ථක විය)

සිය ආධිපත්‍ය ගිලිහී ඇති බවත් ජනයාට වෙනසක් අවශ්‍ය බවත් ඔහුට තේරුම් ගැනීමට නොහැකි විය. එමෙන්ම යුද්ධයෙන් තමා පරදින බව ඔහු තේරුම් ගත්තේ ද නැත. අවසානයේ දී යහපත් අරමුණින් යුතුව රාජකීයත්වය පෙරළා දමා ජනයාගේ සුබසෙත පැතූ ගඩාෆි එහි ම ප්‍රතිවිරෝධය බවට පත්ව තිබුණි. බලය විසින් දූෂනය ඇති කරන පරිද්දෙන් අත්‍යන්ත බලය විසින් අත්්‍යන්ත දූෂණය ඇති කර තිබුණි. සදා බලයේ සිටීමට තිබූ අභිලාෂය සහ වෙනත් මත සහ විවේචන නොඉවසීම ගඩාෆි දරුණු අඥාදායකයකු බවට පත් කරන ලදී. සදාකාලික වන්නේ යුද්ධය හෝ අඥාදායකත්වය නොව සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය ය යන ඉතිහාසයේ න්‍යාය ධර්මය අවසානයේ දී ජයගත්තේ ය. ගඩාෆි ජීවිතයෙන් පමණක් නොව ඉතිහාසයෙන් ද මිය ගොසිනි.

Tell a Friend

ගඩාෆි මරුවා --- ඒත් ගුවන් කටයුතු සඳහා ලිබියාව තවත් කල් ගනියි

| කිෂානි වැලිවිටිගොඩ

පසුගිය මාර්තු මාසයේ සිට ලිබියාවට අයත් ගුවන් කලාපය තහනම් කලාපයක් ලෙස නම් කළ අතර මේ වන විට එහි යුද්ධය අවසන් වී ඇති බැවින් අදාළ තහනම් ගුවන් කලාපය ඉවත් කිරීම සඳහා එකසත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් පැවැත්වීමට නියමිත චන්ද විමසීම තවත් කල් යනු ඇත.

ඒ අනුව සාමාජිකයින් 15 දෙනෙකුගෙන් සමන්විත අරාක්ෂ මණ්ඩලයේ චන්ද විමසීම එළඹෙන ඔක්තෝම්බර් 31 වැනිදින එරට රාත්‍රී 12 ට පැවැත්වීමට නියමිතය.

මේ අතර ලිබියාවේ ගඩාෆි ඉලක්ක කරගමිනින් එල්ල කළ ගුවන් ප්‍රහාර නිල වශයෙන් අවසන් කරන බව එම සංවිධානය ඊයේ බ්‍රසල් නුවර අද ( සිකුරාදා ) පැවැත් වීමට නියමිත රැස්වීමේදී සඳහන් කළේය.

එසේම අදාළ රැස්වීමේදී ලිබියාවේ තාවකාලික පාලකයා වී සිටින ජාතික අන්තර්වාර කවුන්සලයට සහය විය හැකි මාර්ගයන් පිළිබඳවද සාකච්චා කෙරෙනු ඇත.

Tell a Friend

ගඩාෆිගේ පවුල නෙටෝවට විරුද්ධව නඩු මඟට

| කිෂානි වැලිවිටිගොඩ

අල්ලා ගැනීමෙන් පසු වඩා දී මහා මඟදී මරා දැමුණු ලිබියාවේ හිටපු නායක මෝහම්මර් ගඩාෆි පිළිබඳව කාරණය සඳහා නේටෝ සංවිධානයට විරුද්ධව යුධ අපරාධ විෂය කොට ගනිමින් නඩු දැමීමට ගඩාෆිගේ පවුලේ සාමාජිකයින් කටයුතු කරමින් සිටින බව එම පවුලේ නීතිඥයා ප්‍රංශ පුවත් සේවයට ප්‍රකාශ කළේය.

ප්‍රංශ ජාතික නිතීඥයකු වන මර්චෙල් සේකල්දී මීට පෙර ගඩාෆිගේ ආණ්ඩුවේ නිතීඥයෙකු ලෙස කටයුතු කළ අතර මේ වන විට එම පවුල නීතීඥයා ලෙස කටයුතු කරමින් සිටින්නේය. ඔහු සඳහන් කරන පරිදි ගඩාෆි මරා දැමීමට ගුවන් ප්‍රහාර එල්ල කිරීම කරන කොට ගෙන නොවේ සංවිධානයට එරෙහිව හේග් හී පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නඩු පැවරීමට තීරණ කොට ඇත.

වසර 40කට වැඩි කාලයක් තිස්සේ පවතී ගඩාෆි පාලනය පසුගිය 22 වැනිදා ගඩාෆි මරා දම්මෙන් පසු අවසන් වූ අතර මාස අටක් තිස්සේ පවතී යුද්ධයෙන් 30,000 කට අධික පිරිසක් මිය ගිය බව වාර්තා වේ. 



Tell a Friend

ගඩාෆි අද අවසන ගමන් යයි

| කිෂානි වැලිවිටිගොඩ

තමන් අසහා තම පුත්‍රයා කැරලිකරුවන්ට යටත් වීමෙන් පසු දස වද දී මරා දැමුණු ලිබියාවේ නායක කර්නල් ගඩාෆි අද දින ලිබියාවට අයත් කන්තාරභූමියේ රහස් තැනකදී මිහිදන් කිරීමට කටයුතු කොට ඇතැයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කරයි. මුස්ලිම් පූජකවරුන් කිහිප දෙනෙකුගේ මුලිකත්වයෙන් පැවැත්වෙන ආගමික වතාවත් වලින් පසු සිදු කෙරෙන සරල උත්සවයකින් අදාළ භූමදාන කටයුතු අවසන් කරනු ඇති.

ඔහුගේ ගෝත්‍රයේ කිසිවෙකුගෙන් ගඩාෆිගේ මළ සිරුර භාර ගැනීම සඳහා ඉදිරිපත් නොවූ බව සඳහන් කරන ලිබියාවේ ජාතික අන්තර්වාර ආණ්ඩුව අවසන් සටන යයි ඔවුන් හදුන්වන සටනේදී භාරවීමෙන් පසු මරා දැමු ගඩාෆිගේ පුත්‍රයා වන මොට්ටාසීම්ගේ මළ සිරුරද එම ස්ථානයේම මිහිදන් කරන බවයි.

මේ අතර ගඩාෆිගේ තවමත් ජීවතුන් අතර සිටින පුත්‍රයා වන සයිෆ් අල් ඉස්ලාම් ඇල්ජීරියා - නයිගර් දේශසීමා අසනන්නයේ සිටින බවත් ව්‍යාජ බලපත්‍රයක් සාදාගෙන පැන යාමට උත්සහ කරන බවත් ලිබියානු තාවකාලින ආණ්ඩුව ප්‍රකශ කෙළ්ය. 



Tell a Friend

ගඩාෆිගේ වැඩිමල් පුත්‍රයා අත්අඩංගුවට - ලිබියානු අන්තර්වාර ආණ්ඩුව

| කිෂානි වැලිවිටිගොඩ

ලිබියානු නායක ගඩාෆිගේ වැඩිමහල් පුත්‍රයා වන සයිෆ් අල් ඉස්ලාම් ජීවග්‍රහණයෙන් අල්ලාගත් බව සහ ඔහුට කිසිඳු තුවාලයක්  සිදු වී නැති බව ලිබියානු නිලධාරින් අද ( ඉරිදා ඔක්තෝබර් 23) දැනුම් දුන්නේය.

කෙසේ වෙතත් සයිෆ් පිළිබඳ විවිධ ආරංචි පැතිර ගිය අතර ඉන් ඇතැම් වාර්තාවලට අනුව ඔහුට වෙඩි වැදුණි. තවත සමහරක් වාර්තා වලට අනුව ඔහුට ඔහුගේ අත් දෙකම අහිමි විය.

කෙසේ වෙතත් ජාතික අන්තර්වාර කවුන්සලයේ ප්‍රකාශකයා මාධ්‍යට ප්‍රකාශ කොට සිටියේ මිස්රට ප්‍රදේශයට පැන යමින් සිටි සයිෆ් සහ ගඩාෆිගේ මාධ්‍ය ප්‍රකාශකයා ලෙස කටයුතු කළ මොවුසා ඉබ්‍රහිම්, බනි වලිඩ් ප්‍රදේශයේ පිහිටි නෙසේමා හීදී අත්අඩංගුවට ගත් බවයි.

කෙසේ වෙතත් ඔහු සම්බන්ධයෙන් විවිධ අදහස ප්‍රකශ වන අටහ්ර ට්‍රිපෝලි නගරයට සැතපුම් 99 ක් දුරින් පිහිටි ස්ලිතාන් ප්‍රදේශයේදී ඔහු අල්ලා ගත් බවට ඊයේ ප්‍රකාශ විය.

මේ අතර සයිෆ් අල්ලාගෙන නිතීය හමුවට පැමිණවීමෙන් බ්‍රිතාන්‍ය දේශපාලනඥයින් රැසකට අභියෝගයක් විය හැකිය. මන්ද බ්‍රිතාන්‍ය ආණ්ඩුව සමඟ ඍජු ලෙස ගනුදෙනු කරනු ලැබුවේ ඔහු විසිනි.

ගඩාෆි තම පුත්‍රයන් වන මොහොමඩ් සහ සයිෆ් සමඟ වසර ගණනාවකට පෙර ලබාගත් සේයාරුවකි. තම දියණිය වන අයේෂාද මෙහි වෙයි

Tell a Friend

ලිබියානු යුද්ධය අවසන්

වසර 42 ක ගඩාෆි පාලනය අවසන් කරමින් රටේ සිදු වූ සිවිල් යුද්ධය අවසන් කළ බවත් මාස අටක් ඇතුලත ප්‍රථම නිදහස් මැතිවරණය පැවැත්වීමට සූදානම් කොට ඇති බවත් ලිබියාවේ අන්තර්වාර කවුන්සලය අද නිල වශයෙන් දැනුම් දුන්නේය.


Tell a Friend

ගඩාෆි මරා දැමීම ගැන නේටෝවට යුද අපරාධ චෝදනා ගොනු කල හැකිය

| අමිල ගුණරත්න

ගඩාෆි ගමන්ගත් ජීප් රථයට නේටෝ සංවිධානයේ සහය ලබන කැරලිකාර හමුදාව ප්‍රහාර එල්ල කරන විට ඔහු රථයෙන් බැස පැනයාමට තැත් කළ අවස්ථාවේදී කැරලිකරුවන් ඔහුට වෙඩි තැබූ බව අන්තර්වාර පාලනයේ ක්ෂේත්‍ර ආඥාපති මොහොමඩ් ලෙයිත් පවසයි. වෙඩි හුවමාරුවේදී ගඩාෆිගේ පාද වලට සහ හිසට බරපතළ තුවාල සිදුවී ඇත. මිස්රටා රෝහලට රැගෙන එන තුරුම ඔහුට පණ තිබී ඇත. ගඩාෆිව ජීවග්‍රහයෙන් අල්ලාගත් නේටෝ සංවිධානයේ සහය ලබන කැරලිකාර හමුදාවේ සාමාජිකයන් කිසිදු නඩු විභාගයකින් තොරව ඔහුව අමු අමුවේ වෙඩි තබා ඝාතනය කරන ලදී. ගඩාෆි මරා දැමු අයුරු පිලිබඳ සාක්ෂි කදිමට කැමරා කාච වල සටහන් වී තිබේ. ඝාතනය කළ ලිබියානු නායකයා ගේ මළ සිරුර වීදි දිගේ ඇදගෙනද යන ලදී. නේටෝ සංවිධානය සහ කැරලිකරුවන් විසින් කල මෙම ක්‍රියාව ජිනීවා සම්මුතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමකි.




Tell a Friend

ගඩාෆි අන්තිම මොහොතේ කිව්වේ කුමක්ද?

කලබලයට සහ අපේක්ෂබන්ගතාවට පැමිණි ලිබියාවේ හිටපු නායක කර්නල් ගඩාෆි අවසන් වරට සඳහන් කළ වචන මේ වන විට තහවුරු වෙමින් තිබේ. අදාළ ඝාතන සිදුවීම ඇතුලත් විඩිඕ පටවලට සියුම්ව ඇහුන්කම් දීමෙන් ඔහුගේ අවසන් වචන ඉතා පැහැදිලිව හඳුනා ගත හැකිය. ඒ අනුව, " කොල්ලනේ උඹලා මේ කරන වැඩේ වැරදියි. උඹලා හරි මොකද්ද වැරදි මොකද්ද කියල දනන්වද? , යයි ගඩාෆි එහිදී ප්‍රකාශ කරයි. " උඹලා මොනවාද කරන්නේ? ඉස්ලාමීය නිතීයට අනුකූල නෑ මේවා. ඊට අනුව උඹල මේ කරන දේ තහනම්. " යයි 69 හැවිරිදි හිටපු නායකයා ප්‍රකශ කළේය. 

එවිට කැරලි කරුවන්, " දෙවින් විශිෂ්ඨයි, දෙවින් සර්වබලධාරී. උඹ කටවහපන් බල්ලා," යයි කියනු ලබයි. එවිටම වෙඩි හඬ පත්තු වන අතර ගඩාෆිගේ කටහඬ එත් සමඟම නිමා වේ. - කිෂානි


Tell a Friend

පවුම් මිලියන් 3.2 ක් මසකට පෙමවතිය වියදම් කළ ගඩාෆිගේ පුත්‍රයා

| කිෂානි වැලිවිටිගොඩ

ගඩාෆිගේ පස්වන පුත්‍රයා වන මුටාසීම් පන පිටින් අල්ලා ගැනීමෙන් පසු කැරලි කරුවන් ඝාතනය කළ ආකාරය දැක්වෙන නව සෙයාරූ පෙළක් මධාට නිකුත් වී තිබේ. ඒවායෙහි සඳහන් පරිදි ඝාතනය වීමට මොහොතකට පෙර ඔහු වතුර බොමින් සිගරට්ටුවක් පානය කරන අයුරු දැක් වේ. ඉන් සුළු වෙලාවකට පසු ඔහු ඝාතනයට ලක් වන්නේ බෙල්ලට සහ පපු ප්‍රදේශයට වැදුණු වෙඩි ප්‍රහාර වලිනි.

මුටාසීම්ද ගඩාෆිගේ අනෙක් දරුවන් මෙන් සුපිරි ජීවිතයක් ගත කළ අයෙකු වන අතර ඔහුද රටේ නිතීය සහ ජනතාවගේ මුදල් සියතට ගෙන රිසි සේ වියදම් කළහ. කෙසේ වෙතත් අවසන් මොහොත දක්වා සර්ට් වල තම පියා සමඟ රැඳී සිටි හෙතම අවසන් මොහොතේදී පියා සමඟම මිය ගියේය.

වාර්තා පෙන්වා දෙන පරිදි ඔහු ගඩාෆිගේ ජාතික ආරක්ෂක උපදේශකයා වූ අතර ට්‍රිපෝලි නගරයේ ජීවත් විය. එක්තරා කාලයකදී ඔහුගේ ප්‍රේමවන්තියක් වූ තලිතා වන් සෝන් නමැති ලන්දේසි ජාතික මෝස්‌තර නිරුපිකාවට පවුම් මිලියන් 3.1 ක් බැඟින් එක මාසයකට පමණක් වියදම් කොට ඇත. නත්තල් සමයේදී ඔහු සමඟ විසීමට ඇය පැමිණ ඇත්තේ ඔහුට අයත් බෝයින් ගුවන් යානයෙනි. කෙසේ වෙතත් අදාළ ස්ත්‍රීය ලිබියාවෙන් පැන ආවේ කැරලිකරුවන් ඇයව පණපිටින් පුළුස්සන බවට තර්ජනය කිරීමෙන් පසුය. එසේම ඔහු බෝනියන් ඇතුළු ලොව ප්‍රකට සංගීත කණ්ඩායම් ගෙන්වා ඔහුගේ පුද්ගලික නිවසේදී උත්සව රැසක් පැවැත් වූ බවත් ඒවාට මිලියන ගණන් මුදල් වියදම් කළ බවත් සඳහන් වේ. 



Tell a Friend