ගඩාෆි අන්තිම මොහොතේ කිව්වේ කුමක්ද?

කලබලයට සහ අපේක්ෂබන්ගතාවට පැමිණි ලිබියාවේ හිටපු නායක කර්නල් ගඩාෆි අවසන් වරට සඳහන් කළ වචන මේ වන විට තහවුරු වෙමින් තිබේ. අදාළ ඝාතන සිදුවීම ඇතුලත් විඩිඕ පටවලට සියුම්ව ඇහුන්කම් දීමෙන් ඔහුගේ අවසන් වචන ඉතා පැහැදිලිව හඳුනා ගත හැකිය. ඒ අනුව, " කොල්ලනේ උඹලා මේ කරන වැඩේ වැරදියි. උඹලා හරි මොකද්ද වැරදි මොකද්ද කියල දනන්වද? , යයි ගඩාෆි එහිදී ප්‍රකාශ කරයි. " උඹලා මොනවාද කරන්නේ? ඉස්ලාමීය නිතීයට අනුකූල නෑ මේවා. ඊට අනුව උඹල මේ කරන දේ තහනම්. " යයි 69 හැවිරිදි හිටපු නායකයා ප්‍රකශ කළේය. 

එවිට කැරලි කරුවන්, " දෙවින් විශිෂ්ඨයි, දෙවින් සර්වබලධාරී. උඹ කටවහපන් බල්ලා," යයි කියනු ලබයි. එවිටම වෙඩි හඬ පත්තු වන අතර ගඩාෆිගේ කටහඬ එත් සමඟම නිමා වේ. - කිෂානි


Tell a Friend