ගඩාෆිගේ වැඩිමල් පුත්‍රයා අත්අඩංගුවට - ලිබියානු අන්තර්වාර ආණ්ඩුව

| කිෂානි වැලිවිටිගොඩ

ලිබියානු නායක ගඩාෆිගේ වැඩිමහල් පුත්‍රයා වන සයිෆ් අල් ඉස්ලාම් ජීවග්‍රහණයෙන් අල්ලාගත් බව සහ ඔහුට කිසිඳු තුවාලයක්  සිදු වී නැති බව ලිබියානු නිලධාරින් අද ( ඉරිදා ඔක්තෝබර් 23) දැනුම් දුන්නේය.

කෙසේ වෙතත් සයිෆ් පිළිබඳ විවිධ ආරංචි පැතිර ගිය අතර ඉන් ඇතැම් වාර්තාවලට අනුව ඔහුට වෙඩි වැදුණි. තවත සමහරක් වාර්තා වලට අනුව ඔහුට ඔහුගේ අත් දෙකම අහිමි විය.

කෙසේ වෙතත් ජාතික අන්තර්වාර කවුන්සලයේ ප්‍රකාශකයා මාධ්‍යට ප්‍රකාශ කොට සිටියේ මිස්රට ප්‍රදේශයට පැන යමින් සිටි සයිෆ් සහ ගඩාෆිගේ මාධ්‍ය ප්‍රකාශකයා ලෙස කටයුතු කළ මොවුසා ඉබ්‍රහිම්, බනි වලිඩ් ප්‍රදේශයේ පිහිටි නෙසේමා හීදී අත්අඩංගුවට ගත් බවයි.

කෙසේ වෙතත් ඔහු සම්බන්ධයෙන් විවිධ අදහස ප්‍රකශ වන අටහ්ර ට්‍රිපෝලි නගරයට සැතපුම් 99 ක් දුරින් පිහිටි ස්ලිතාන් ප්‍රදේශයේදී ඔහු අල්ලා ගත් බවට ඊයේ ප්‍රකාශ විය.

මේ අතර සයිෆ් අල්ලාගෙන නිතීය හමුවට පැමිණවීමෙන් බ්‍රිතාන්‍ය දේශපාලනඥයින් රැසකට අභියෝගයක් විය හැකිය. මන්ද බ්‍රිතාන්‍ය ආණ්ඩුව සමඟ ඍජු ලෙස ගනුදෙනු කරනු ලැබුවේ ඔහු විසිනි.

ගඩාෆි තම පුත්‍රයන් වන මොහොමඩ් සහ සයිෆ් සමඟ වසර ගණනාවකට පෙර ලබාගත් සේයාරුවකි. තම දියණිය වන අයේෂාද මෙහි වෙයි

Tell a Friend