ලිබියාව : ගඩාෆිගේ ආධාරකරුවන්ට පොදු සමාවක්

| කිෂානි වැලිවිටිගොඩ

ලිබියාවේ හිටපු නායක ගඩාෆි වෙනුවෙන් සටන් වදින සහ වැදුණු සියලුම දෙනාට පොදු සමාවක් ප්‍රධානය කිරීමට කැමති බව ජාතික අන්තර්වාර කවුන්සලයේ නායක අබදෙල් ජලෙල් ප්‍රකාශ කළේය. ලිබියාවේ සියලුම තැන් අන්තර්වාර කවුන්සලය යටතට අයත්. දැන් ලිබියාව අපි සියල්ලටම අයිතියි, යැයි ජලෙල් අද පැවති ජාතික සංහිදියාව උදෙසා වන සමුළුවේදී ප්‍රකශ කළේය.

ගඩාෆිගේ හමුදාව විසින් අපි සියලු දෙනාට කළ සියලුම දේවල් අමතක කොට දමා ඔවුන්ට පොදු සමාවක් ලබා දීමට සහ එය ඉවසීමෙන් පිළිගැනීමට අපි තීරණය කළෙමු, යැයි ද ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

පසුගිය ඔක්තෝබර් 23 වැනිදින ලිබියාව නිදහස් කර ගත බව ප්‍රකශ කිරීමෙන් පසු මේ ආකාරයෙන් පැවැත් වූ ප්‍රථම සමුළුව වන්නේ මෙයයි.