| කිෂානි වැලිවිටිගොඩ
ලිබියානු අන්තර්වාර කවුන්සලය විසින් නව කැබිනට් මණ්ඩලයක් ඊයේ පත් කරනු ලැබීය. අදාළ කවුනසලේ අගමැතිවරයා ලෙස කටයුතු කරන අබුදුර්හයිම් අල් කෙයිබ් විසින් මෙසේ නව කැබිනට් මණ්ඩලය නම් කරනු ලැබීම සිදු කරනු ලැබුවේ එක්සත් ජනපදයේ එකසත් ජාතීන්ගේ මණ්ඩලයේ තානාපති වශයෙන් කටයුතු කරන සුසාන් රයිස් ට්‍රිපොලි නුවරදී හමු වී සාකච්චා කිරීමෙන් ස්වල්ප වෙලාවකට පසුය.
රොයිටර් පුවත් සේවය වාර්තා කරන අන්දමට පසුගිය අගෝස්තු මාසයේදී ට්‍රිපොලි අගනගරය අල්ලා ගැනීම සඳහා සටන් මෙහෙය වනු ලැබූ ඔසාමා අල් ජුවාලි එරට නව ආරක්ෂක ඇමතිවරයා ලෙස පත් කොට තිබේ.
Post a Comment