පවුම් මිලියන් 3.2 ක් මසකට පෙමවතිය වියදම් කළ ගඩාෆිගේ පුත්‍රයා

| කිෂානි වැලිවිටිගොඩ

ගඩාෆිගේ පස්වන පුත්‍රයා වන මුටාසීම් පන පිටින් අල්ලා ගැනීමෙන් පසු කැරලි කරුවන් ඝාතනය කළ ආකාරය දැක්වෙන නව සෙයාරූ පෙළක් මධාට නිකුත් වී තිබේ. ඒවායෙහි සඳහන් පරිදි ඝාතනය වීමට මොහොතකට පෙර ඔහු වතුර බොමින් සිගරට්ටුවක් පානය කරන අයුරු දැක් වේ. ඉන් සුළු වෙලාවකට පසු ඔහු ඝාතනයට ලක් වන්නේ බෙල්ලට සහ පපු ප්‍රදේශයට වැදුණු වෙඩි ප්‍රහාර වලිනි.

මුටාසීම්ද ගඩාෆිගේ අනෙක් දරුවන් මෙන් සුපිරි ජීවිතයක් ගත කළ අයෙකු වන අතර ඔහුද රටේ නිතීය සහ ජනතාවගේ මුදල් සියතට ගෙන රිසි සේ වියදම් කළහ. කෙසේ වෙතත් අවසන් මොහොත දක්වා සර්ට් වල තම පියා සමඟ රැඳී සිටි හෙතම අවසන් මොහොතේදී පියා සමඟම මිය ගියේය.

වාර්තා පෙන්වා දෙන පරිදි ඔහු ගඩාෆිගේ ජාතික ආරක්ෂක උපදේශකයා වූ අතර ට්‍රිපෝලි නගරයේ ජීවත් විය. එක්තරා කාලයකදී ඔහුගේ ප්‍රේමවන්තියක් වූ තලිතා වන් සෝන් නමැති ලන්දේසි ජාතික මෝස්‌තර නිරුපිකාවට පවුම් මිලියන් 3.1 ක් බැඟින් එක මාසයකට පමණක් වියදම් කොට ඇත. නත්තල් සමයේදී ඔහු සමඟ විසීමට ඇය පැමිණ ඇත්තේ ඔහුට අයත් බෝයින් ගුවන් යානයෙනි. කෙසේ වෙතත් අදාළ ස්ත්‍රීය ලිබියාවෙන් පැන ආවේ කැරලිකරුවන් ඇයව පණපිටින් පුළුස්සන බවට තර්ජනය කිරීමෙන් පසුය. එසේම ඔහු බෝනියන් ඇතුළු ලොව ප්‍රකට සංගීත කණ්ඩායම් ගෙන්වා ඔහුගේ පුද්ගලික නිවසේදී උත්සව රැසක් පැවැත් වූ බවත් ඒවාට මිලියන ගණන් මුදල් වියදම් කළ බවත් සඳහන් වේ. 



Tell a Friend