ගඩාෆි මරා දැමීම ගැන නේටෝවට යුද අපරාධ චෝදනා ගොනු කල හැකිය

| අමිල ගුණරත්න

ගඩාෆි ගමන්ගත් ජීප් රථයට නේටෝ සංවිධානයේ සහය ලබන කැරලිකාර හමුදාව ප්‍රහාර එල්ල කරන විට ඔහු රථයෙන් බැස පැනයාමට තැත් කළ අවස්ථාවේදී කැරලිකරුවන් ඔහුට වෙඩි තැබූ බව අන්තර්වාර පාලනයේ ක්ෂේත්‍ර ආඥාපති මොහොමඩ් ලෙයිත් පවසයි. වෙඩි හුවමාරුවේදී ගඩාෆිගේ පාද වලට සහ හිසට බරපතළ තුවාල සිදුවී ඇත. මිස්රටා රෝහලට රැගෙන එන තුරුම ඔහුට පණ තිබී ඇත. ගඩාෆිව ජීවග්‍රහයෙන් අල්ලාගත් නේටෝ සංවිධානයේ සහය ලබන කැරලිකාර හමුදාවේ සාමාජිකයන් කිසිදු නඩු විභාගයකින් තොරව ඔහුව අමු අමුවේ වෙඩි තබා ඝාතනය කරන ලදී. ගඩාෆි මරා දැමු අයුරු පිලිබඳ සාක්ෂි කදිමට කැමරා කාච වල සටහන් වී තිබේ. ඝාතනය කළ ලිබියානු නායකයා ගේ මළ සිරුර වීදි දිගේ ඇදගෙනද යන ලදී. නේටෝ සංවිධානය සහ කැරලිකරුවන් විසින් කල මෙම ක්‍රියාව ජිනීවා සම්මුතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමකි.




Tell a Friend