ජෙරාල්ඞ් පෙරේරා -ඝාතනයට වසර හයක් ඉක්ම ගොස් ඇත. ඝාතකයෝ පොලීසියයි.

ජනසංසදය
යුක්තිය ඉටු කර ගැනීම සදහා පවතින යාන්ත්රාණයේ කොටස් කරුවන් අපරාධ කරුවන් වූ විට - සාමාන්යා රටවැසියෙකුට අයත්වන ඉරණම කුමක්ද ? යන්න පැහැදිළි කරන ජෙරාල්ඞ් පෙරේරා ඝාතනය - අමතක වන්නට ඉඩ හැරීම අපරාධයකි.

වත්තල පොලීසිය වැඩට ගොස් ගෙදර එන ජෙරාල්ඞ් පෙරේරා සැලසුම් සහගතව මග රැක අත්අඩංගුවට ගනී. දවසක් පුරා ලබාදෙන වධහිංසාවෙන් ඔහු නොමැරී බේරෙයි.

නීති විරෝධී අත්අඩංගුවට ගැනීම, වධහිංසා පැමිණවීම පිළිදව මූලික අයිතිවාසිකම් නඩුවෙන් වාර්තා ගත වන්දි මුදලක් පිරිනමන්නේ, අධිකරණ තීන්දු ඉතිහාසයටද ජෙරාල්ඞ් පෙරේරා එක් කරමින්ය.

ශ්රේෂ්ඨාධිකරණය, එවකට වත්තල පොලීසියේ සිටි ස්ථානාධීපති සේන සමරවීර, හිටපු උප පොලිස් පරීක්ෂක ගුණරත්න, පො.කො.නලින් ජයසිංහ හා පො.කො.පෙරේරා ට පෞද්ගලිකව වන්දි ගෙවීමට නියම කරන අතර, රජයට වන්දි හා ඔහුට ප්රිතිකාර ලබාදුන් නවලෝක රෝහලේ බිලද ගෙවන්නට නියම කළේය.

නීතිපති, 1994 අංක 22 වධහිංසාවට එරෙහි සම්මුති පනත යටතේ, මෙම පොලිස් නිළධාරීන්ට එරෙහිව අපරාධ නඩුවක් මීගමුව මහාධිකරණයේ ගොනු කළේය.

නඩුවට සාක්ෂි දීමට සිටි ජෙරාල්ඞ් පෙරේරාට, 2004 නොවැම්බර් 22 මහ දවාලේ වෙඩි තැබුවේ රැකියාවට යමින් සිටියදීය. ඒ මේ පොලිස් කාරයින් විසින්මය.

ඔහු දින දෙකකට පසුව දැයෙන් සමුගත්තේය.

නඩුව විභාග කල මීගමුව මහාධිකරණ නඩුවෙන් සියලූම පොලිස් කාරයින් නිදොස්කොට නිදහස් කළේය.
මිනීමැරීමට අදාළ නඩුව තවම ඉවරයක් නැත.

විනිසුරු අඹේපිටිය වෙඩි තබා මැරුවේ ජෙරාල්ඞ් පෙරේරාව මරන්න දවස් දෙකකට පෙරය. පොලීසිය මිනීමරුවන් ක්ෂණිකව ඇල්ලූවේය.

නීතිපති කල්මරන්නේ නැතිව නඩුව පැවරුවේය. අධිකරණය කල්දමන්නේ නැතිව නඩුව අසා ඉවර කළේය. සැකකරුවන් වරදකරුවන් විය. දඩුවම්ද නියම විය. ඇපෑල සියල්ලම වහා කඩිනමින්ම අහවර කළේ තීන්දුව ස්ථිර කරමින්ය.

වෙනසක මහිමය

ජෙරාල්ඞ් පෙරේරා - සංකේතයකි. යුක්තිය ඉටුකරගන්න , යුක්ති දාමය කෙරෙහි විශ්වාසය තැබූ.
එහෙත් වටහා ගන්නා විට බොහෝ ප‍්‍රමාදය.
අමතක නොකරමු අරගලය අවසන් නැත.

Tell a Friend