EXCLUSIVE: EAP බංකොලොත් : ජීවකගේ බෙන්ස් රථය වෙන්දේසියේ

ස්වර්ණවාහිනියටත් ප්‍රතිෂ්ඨාවක් දීමට යයි


EAP සමුහ ව්‍යාපාරයේ ප්‍රධානියා වන ජීවක එදිරිසිංහ මහතාට අයත් බෙන්ස් රථය වෙන්දේසිය දමා ඇති බව ලැබෙන අලුත්ම වාර්තා සඳහන් කරයි. ඊයේ පල වූ සන්ඩේ ටයිම්ස් පුවත් පත සමඟ ලබා දෙන වෙළඳ දැන්වීම් අතිරේකය වන හිට්ස් ඇඩ් හී අදාළ මෝටර් රථයට අදාළ වෙළඳ දැන්වීමක් පල කොට තිබු අතර අදාළ රථය ජීවක එදිරිසිංහ මහතාට අයත් එකක් බව අපගේ කොළඹ වාර්තා කරු තහවුරු කරගත් මුලාශ්‍ර පදනම් කර ගනිමින් අනාවරණය කළේය.

මේ අතර විශ්වාස දායක ආරංචි මාර්ග සඳහන් කළේ අදාළ සමුහ ව්‍යාපාරයට අයත් ස්වර්ණවාහිනී ආයතනයට ප්‍රතිෂ්ඨාවක් ( ඔෆර්) ලබා දී ඇති වාර්තා වේ. එය මේ වන විට සාකච්චා මට්ටමේ පවතින අතර ආණ්ඩුවේ ප්‍රධාන පෙලේ දේශපාලනඥයින් කිහිප දෙනෙකුගේ සහය අදාල ආයතනය වෙත ලැබී ඇති බවද වාර්තා වේ.

Tell a Friend