ගම්පහ නගරාධිපතිගේ කරා පාට්

අමිල ගුණරත්න

ගම්පහ නගර සභාවේ නගරාධිපති එරංග සේනානායක විසින් තමන්ගේ නිවස අද්දරට මදුරු නාශක දුම් ගසා නැති බවට චෝදනා කරමින් මදුරු නාශක වැඩසටහන කරමින් සිටි පිරිසට බැනවැදී වාහනයේ රියදුරාට පහර දී ඇත. නගරාධිපතිගේ පහරදීම නිසා තුවාල ලැබූ චතුර කුමාර නම් රියදුරා ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. නගරාධිපතිවරයාගේ මෙම නිර්ලජ්ජ හැසිරීම හෙළාදකින ගම්පහ ප්‍රදේශයේ උගත් මහතෙකු අප සමග ප්‍රකාශ කලේ අතීතයේ නගරධිපති පදවි වැදගත් මහත්තුරුන් දැරුවද අද කාලයේ චන්ද ටිකක් ලබා ගතහැකි ඕනෑම හයිරන්කාරයෙකුට නගරාධිපති පුටුවේ වාඩි විය හැකි නිසා චාරයක් නැති පිස්සු බල්ලන් වැනි පුද්ගලයන්ද දැන් නගරාධිපතීන් වී ජනතාවට හිරිහැර කරන බවයි. මෙවැනි පිස්සු බල්ලන් තව තවත් මිනිසුන් හපාකන්ට පෙර දම්වැලකින් බැඳ දාන්නේ නම් නම් එය ජනතාවට කරන උපකාරයකි.


Tell a Friend