ශ්‍රී ලංකාව "ලැජ්ජා" ලැයිස්තුවෙන් ඉවතට.

එක්සත් ජාතීන්ගේ ප්‍රදානියාගේ වාර්ෂික වාර්තාවේ ලජ්ජා ලැයිස්තුවෙන් එනම් ළමුන් හමුදා සේවයට බදවා ගැනීම සම්බන්දයෙන් ශ්‍රී ලංකාව ඉවත්කර තිබේ. ශ්‍රී ලංකාව ආරක්ෂක මණ්ඩලයේ වැඩසටහන එනම් ළමුන් යුද්දයට බදවා ගැනීම සහ යොදා ගැනීමෙන් වැලකීම සාර්ථකව නිමා කල බව එම වාර්තාවේ වැඩි දුරටත් සදහන් වේ. ගැටුම් වලට සම්බන්ද පාර්ශවයන් එනම් ශ්‍රී ලංකාව සමග නේපාලයද මෙම වාර්තාවෙන් ඉවත් කර ඇත. " වාර්තාගත කල කාලයේ රටේ ආරක්ෂක වාතාවරණය ස්ථාවර විය. ඉක්මනින් යථා තත්වයට පත්වෙමින් තිබේ. කෙසේනමුත් පහසුවෙන් පිඩාවට පත්වන උතුරේ පවුල්වලට සහන සැලසීම තවදුරටත් අබියෝගයක්ව පවතියි. තවද හමුදාව අකණ්ඩව එම ප්‍රදේශ වල රැදී සිටිති. තවදුරටත් සිවිල් පරිපාලනය ශක්තිමත් විය යුතුව තිබේ." යනුවෙන් වාර්තාව සදහන් කරයි.


හර්ෂි සි. පෙරේරා