ශ්‍රී ලංකාවේ මානව අයිතීන් ප්‍රගතිය

( 24-01-2011 | lankaguardian.com) බෙදුම්වාදී දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ පරාජයත් සමග 2009 මැයි වල නිමාවට පත් වූ ශ්‍රී ලංකාවේ සියවස් කාලයක් පමණ දිගු වූ සිව්විල් යුද්දයේ විපාකයෙන් පසුත් 2011 වන විටත් එම සිදුවීම් විසින්ම ආධිපත්‍ය දැරිම දිගටම සිදුවන්නට විය. අප්‍රේල් වලදී එක්සත් ජාතීන්ගේ මහා ලේඛම් බෑන් කි මුන් විශේෂඥ මණ්ඩලයක් මගින් සකස් කළ වාර්තාවක් නිකුත් කළේය. එම වාර්තාව නිගමනය කළේ ආණ්ඩුවේ හමුදාව හා එල්ටීටීඊ ය යන දෙපාර්ශවයම සිවිල් වැසියන්ගේ ආරක්ෂාව, අයිතිවාසිකම්, සුබ සාධනය හා ජිවිත සම්බන්ධයෙන් අතිශයින්ම බරපතල නොසලකා හැරීමකින් යුතුව යුද මෙහෙයුම් කරගෙන ගිය බව හා ජාත්‍යන්තර නීතියේ ප්‍රතිමානයන්ට ගරු කිරීමට අසමත් වූ බවය. විශේෂඥ මණ්ඩලය ජාත්‍යන්තර විමර්ශන යාන්ත්‍රණයක් ස්ථාපිත කරන්නට නිර්දේශ කළේය. ශ්‍රී ලංකා නිලධාරින් ඊට ප්‍රතිචාර දැක් වුයේ වාර්තාව හා මණ්ඩල සාමාජිකයන් අපවාදයට ලක් කරමින.