බොරු නඩුවට නිවැරදිකරු කීම පන්න පන්නා පහර දීමට හේතු වේ.

හර්ෂි සි. පෙරේරා
“අදුර අදුරෙන්ද  නරක දෙයක් නරක දෙයකින්ද වෙනස් කල නොහැක. ” – මාටින් ලුතර් කින් ජුනියර්. ශ්‍රී ලංකා පොලිසිය නැතහොත් ලංකාවේ දුෂිතම රාජ්‍ය සේවය දිගින් දිගටම නීතිවිරෝදී අයහපත් කටයුතු වල නිරත වේ. මහජනතාව කුමක් කල යුතුද? අවි මුගුරු අතට ගැනීම පලක් නොවේ. තවමත් ශ්‍රී ලංකාවේ අදාල වගකිවයුත්තන්ට පැමිණිලි සහ බලපෑම් කිරීම මගින් යුක්තිය මෙන්ම අනෙකුත් සහන ලබා ගැනීමේ අවකාශය ඇත. නමුත් සාමාන්‍ය ජනයා ඒ සදහා බල ගැන්වීමක් සිදුව නැත. නමුත් මානව හිමිකම් ක්‍රියාකාරීන්ට එනම් ආරක්ෂකයින්ට මෙහිලා සුවිශේෂී කර්යබාරයක් කිරීමට හැකිය. එනම් පළමුව තමන් බලගැන්වී දෙවනුව සමාන්‍ය ජනයා බලගැන්වීමයි. නදිෂ්ගේ සිද්දිය මෙරට පොලිසි මගින් දහස් ගණනින් මහජනයා වේදනාවට පිඩාවට පත් කිරීම පිළිබද තවත් එක් සිද්දියක්  පමණි. 

01. පොලිස්පති,
පොලිස් මූලස්ථානය,
කොළඹ.

02. සභාපති,
මානව හිමිකම් කොමිෂන් සභාව,
165, කිංසි පාර,
කොළඹ 08.

03. ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී,
ජේ්‍ය.පො.අ.කාර්යාලය,
ක`ඵතර.

අගලවත්ත පොලිසියේ කැඳවීම මත එහි ගිය පසු, අත්අඩංගුවට ගෙන, වධහිංසා පමුණුවීම
වලක්වාලන ලෙසට කරණු ලබන ඉල්ලීමයි.

පැලැන්ද විතානගේ නදීශ් රුක්මාල්, අවු: 26යි, ජා.හැ.අ.872483624ඪ, විවාහක, දරුවන් 01යි, කම්කරු.
ලිපිනය : හල් ඕවිට පාර, පිඹුර, අගලවත්ත.
දු.අ. 034 5711590.
2014.01.16 දිනදීය.

2014.01.12 වන දින, දහවල් 11.00 ට පමණ, මතුගම පොලිසියේ හතර දෙනෙක් ත‍්‍රී රෝද රථයකින් පැමිණියා. එ් සමගම ජීප් රථයද පැමිණියා. ත‍්‍රී විල් රථයේ පැමිණි හතර දෙනා නිවස සෝදිසි කර, මගේ බිරිඳට කුණූහරප කියමින්, බැණ වැද, නින්දා අපහාස කර ගොස් තිබේ.
ඊයේ (15 දා* මගේ බිරිඳගේ දෙමාපියන්ගේ නිවසට, අගලවත්ත පොලිසියෙන් පැමිණ, හෙට (16දා* උදේ, පොලිසියට පැමිණෙන ලෙසට දැනුම් දී ගොස් තිබෙනවා.
එ් අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ බිරිඳගේ පියා වන හේමසිරි ක`ඵආරච්චි පමණි. ඔහුට පොලිසිය පවසා ඇත්තේ කොස්ගහක් කැපීම සම්බන්ධයෙන් පැවැත්වෙන විභාගයට කියාය.
මා කිසි විටෙකත් කොස් ගසක් කැපීමකට සම්බන්ධ වී නැත. එමෙන්ම සොරකම් ද සිදු කර නැත.
නමුත්, මතුගම හා අගලවත්ත පොලිසි දෙක, ගමේ යම් සිද්ධියක් ඇතිවුවහොත් එයට මා සම්බන්ධකර හිරිහැර කිරීමට උත්සාහයක් තිබේ.
මෙයට හේතුව වී ඇත්තේ, 2008 වසරේදී, සොරකම් සම්බන්ධයෙන් මට විරුද්ධව දමන ලද බොරු නඩුවට නිවැරදි කරු බව ප‍්‍රකාශ කිරීමය.
මෙම නඩුවෙන් පසුව, මතුගම හා අගලවත්ත පොලිසි මා බොරු නඩුවලට පැටලීමට උත්සාහයක් තිබේ.
එමෙන්ම, අප ප‍්‍රදේශයේ පදිංචි කරුවකු වන ප‍්‍රසාද් කැප්පෙට්ටිපොල යන අයව සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට මතුගම පොලිසියට අපොහොසත්වී ඇති අතර, එ් වෙනුවට මා ඇතු`ඵ තවත් අය අත්අඩංගුවට ගැනීමට සූදානම් වෙයි.
මේ නිසා, හෙට (17 දින* මා අගලවත්ත පොලිසියට ගිය පසුව, මා අත්අඩංගුවට ගෙන, රඳවා තබාගෙන, වධහිංසා පැමිණවීමට ඉඩ තිබෙන බව ප‍්‍රකාශ කරමි.
පොලිසියේ කැඳවීම මත මා, හෙට අගලවත්ත පොලිසියට උදේ 7.00 ට යන බව ප‍්‍රකාශ කරන අතර, එ් අවස්ථාවේ මට විරුද්ධව ව්‍යාජ චෝදනා නැගීම, වධහිංසා පැමිණවීම වලක්වාලන ලෙසට ඉල්ලා සිටිමි.
පී.වී. නදීශ් රුක්මාල්
(ජනසංසදය – 81/2 ආතර් වී දියෙස් මාවත පානදුර 0382231419)