වැලිවේරිය සංහාරය;- තව නොබෝ දිනකින්.



හර්ෂි සි. පෙරේරා 

වැලිවේරිය සංහාරය අමතක කිරීමට බලය ඇත්තවුන් උත්සාහ දරමින් සිටි. මිට අමතරව එයට රාජපක්ෂ ජනපතිවරයාද නොබෝ දිනකින් මැදිහත්වී වින්දිතයින්ට මුදල් දී හෝ සියල්ල ජනතාවට අමතක කිරීමටත් තමා ගැලවුම්කාරයා ලෙස පෙනිසිටිමින් සෙසු අවස්ථාවලදී මෙන් තමාට ලකුණු දමා ගැනීමට කටයුතු කරනු ඇත. රාජපක්ෂ පාලනය ආරම්බයේ සිටම අද දක්වාම සිදුවුයේ එයයි. වැලිවේරිය සංහාරයට නියම වගකිවයුත්තා මහින්ද රාජපක්ෂය. ඔහුට නොදන්වා මෙවැනි දෙයක් සිදුවිය හැකිද? නමුත් බොහෝ විදග්ද පාර්ශව පවා චෝදනා එල්ල කලේ හමුදාපතිට සහ ආරක්ෂක ලේකම් ගොටාබයටය. 

වැලිවේරිය සංහාරය අපේ හමුදා නැවත කියවයි. නමුත් මෙය අලුත් තත්වයක් නොව එදා සිට අද දක්වාම නිල ඇදුම ඇග ලාගත් විට සිදුවන වියරුවයි. 1971 සහ 1988/1989 සිදුවුයේ එයයි. දශක තිහක යුද්දයේදී උතුරේ සිද්ද වුයේද එයයි. එම හමුදාව අප හදුන්වන්නේ විනයගරුක විරෝදාර එකක් ලෙසය. ඔවුන්ට ලැබෙන මිලිටරි පුහුණුව කෙතරම් අගයයිද යත් අද රාජපක්ෂ පාලනය එය සරසවි සිසුන්ට සහ පාසල්වල විදුහල්පතිවරුන්ට හදුන්වා දෙමින් සිටියි. මෙය ඉතා බයානක තත්වයක් බව අද කුඩා දරුවකුට වුවත් අවබෝද කර ගත හැක. 

වැලිවේරියේදී සිදුවුයේ වතුර ඉල්ලු ජනතාවට වෙඩි තැබීමකි. අද එය දෙස් විදෙස් විවේචනයට ලක්වී හමාරය. හියුමන් රයිට් වොච් සංවිදානය මේ පිළබදව සුවාදින පරීක්ෂණයක් කල යුතු බවට ආණ්ඩුවට අවදාරණය කරන අතර පෙළපාලි ගිය ජනතාව මැඩීමට රයිෆල් වලින් සන්නද්ද බටයින් යැවීම කලකිරීම ඇති කරවන්නක් බව වැඩි දුරටත් ප්‍රකාශ කරයි. 

සියල්ල සිදුවී හමාරය. උතුරේ දශක 30 ක් තිස්සේ සිදුවූදේ උතුරට පමණක් උරුම වූ දෙයක් නොවේ. දකුණේද පොලිසිය සහ හමුදාව වදහිංසා පැමිණවීමේ සිට අමු අමුවේ මිනිසුන් ගාතනය කිරීමත් ඉඩම් කොල්ලකෑමත් සිදු කරයි. එයට මෙතෙක් බලයට පත්වූ සැම ආණ්ඩුවකම ආශීර්වාදය ලැබුණි. නමුත් උතුර ගැන කතා කරන බොහොදෙනක් දකුණේ තත්වය පිළිගැනීමටත් සුදානමක් නැත. 

බලාපොරොත්තු අතහැර දැමීමෙන් වළකිමු. ආකල්ප වෙනස් කර ගැනීමෙන් සහ දයිරය සම්පන්නව හඩ නැගීමෙන් බොහෝ යහපත් දේ උකහා ගත හැක.