අශ්චර්යේ වහලියන්! ඩිලාන්ට නොනගතේ !

හර්ෂි සි. පෙරේරා
ඩිලාන් පෙරේරා ලොකුවට කතා කරන්නේ ගෘහ සේවිකා යන වචනය වෙනස් කිරීම ගැනය. නමුත් අපේ ඒකියන් මැදපෙරදිග ගොස් විදින අපා දුක් ගැන ඩිලාන්ට ගානක් නැත. ඔහුට ඒ පිළිබද තම ඇමති දුරයේ කටයුතු කිරීමට තවමත් නොනගත කාලයයි.

දිනය - 2011.06.08

වෙලාව පස්වරු - 2.10

මුලාශ්‍රය - ඩේලි මිරර්

සවුදි හාම්පුතෙක් පඩි නොගෙවා වසර 16 ක කාලයක් ශ්‍රී ලාංකීය ගෘහ සේවිකාවක් සිර කරගෙන සිටියි. මේ කාලය තුල එකදු වතාවක්වත් ඇය මවුබිමට පැමිණ නැත. මේ බව බදාදා වාර්තා කලේ තෙල් වලින් පොහොසත් ගල්ෆ් කලාපේ පුවත් පතකි.

හාම්පුතා ඇයට ජසන්හි දකුණු ප්‍රාන්තයේ පිහිටි සිය නිවසින් පිටටත ගොස් වීසා ගැනීමට අවසර දෙන්නේද නැත.

"මේ බරපතල මානව හිමිකම් උල්ලංගනය ගැන අපි සොයා ගත්තේ ඉතාම මෑතකදී" එසේ කියන්නේ සවුදියේ ජාතික මානව හිමිකම් කොමිසමේ අන්ස කළමනාකරුවෙක් වන අහමඩ් අල් බකලිය.

"ඇය ඉතාම බයානක තත්වයක ජිවත් වෙනවා. මේ වනවිට හාම්පුතා රැදවුම් බාරයේ. ඔහුව, ඇයට ඇගේ අයිතීන් සහ වැටුප් ගෙවා ගෙදර යාමට ඉඩ සලසන තෙක් රදවාගෙන ඉන්නවා."

ඩිලාන් වැඩ අල්ලන්න. ජනතාවගෙන් පඩි නඩි ගන්න ඔබ ඔවුන්ට පුණ්‍ය කාලය උදා කලයුතුයි.




Tell a Friend