මේ දැනුත් පානදුර දකුණ පොලිසිය පුද්ගලයකුට කොච්චි මිරිස් කවමින් පහර දෙයි.


හර්ෂි සි. පෙරේරා
දකුණේ වදහිංසාව ගැන කතා කිරීමට උතුර ගැන කතා කරන අය අකමැතිය. නමුත් යුද්දය පැවති වකවානුවේදීත් පවා දකුණේ පොලිසිය බරපතල වදහිංසා පැමිණවීම් වල නිරත විය. දැන් ජිනීවා මානව හිමිකම් සමයයි. පානදුර දකුණ පොලිසිය දැනුත් උදය කුමාරට වද දෙයි. ඒ ශාරීරිකව සහ මානසිකවය. ඒ නිසා වේදනාවට පිඩාවට සහ බරපතල රස්තියාදු කිරීමකට ලක්වන්නේ ඔහුගේ බිරිද දරු දෙදෙනා සහ ඥාතින්ය. ඒ අනුව කාන්තා සහ ළමා මානව හිමිකම් උල්ලන්ගනයක්ද සිදුවේ. චායරුපයේ සිටින්නේ මිට මොහොතකට පෙර ජනසංසදය කාර්යාලයට ඔහුගේ බිරිද සහ දරු දෙදෙනාය. ජනසංසදය – 038 2231419 – 81/2 ආතර් වී දියෙස් මාවත, පානදුර.
ඊ.ඒ.සමන්ති
39 ඒ/2,
මංගල මාවත,
වලාන,
පානදුර.
2014.03.06

01. සභාපති,
මානව හිමිකම් කොමිෂන් සභාව,
165, කිංසි පාර,
කොළඹ 08.

02. පොලිස්පති,
පොලිස් මූලස්ථානය,
කොළඹ.

03. ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී,
ජේ්‍ය.පො.අ.කාර්යාලය,
පානදුර.

අත්අඩංගුවට ගෙන, නීති විරෝධී ලෙස රඳවා තබාගෙන, අමානුෂික වධහිංසා පමුණුවීම
ක`ඵතන්ත‍්‍රිගේ උයද කුමාර පීරිස් ගුණතිලක, අවු: 35යි, විවාහක, දරුවන් 02යි,
රැුකියාව – පෙදරේරු.
මාගේ ස්වාමි පුරුෂයා වේ.

2014.03.03 දින, පානදුර දකුණ පොලිසිය විසින් – සවස 5.30 පමණ, පානදුර, කුලතුංග පාරේ නිවසකදී මාගේ සැමියාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට මේ වන තෙක් නීති විරෝධීව රඳවා තබාගෙන – පහර දෙමින් අමානුෂික වධහිංසා පමුණුවනු ලබයි.
අත්අඩංගුවට ගෙන අදට දින 3කි.
2014.03.05 දින ඔහුට කොච්චි මිරිස් කරල් කැවූ බවද, සැමියා මා සමග පවසා සිටියා.
අද දින මා සැමියා බැලීමට පොලිසියට ගිය විට – නිලධාරීන් මා සමග පවසා සිටියා අදවත් හෙටවත්, අනිද්දාවත් උසාවි දාන්නේ නැහැ කියා.
වධහිංසා පමුනුවීම් නිසා මාගේ සැමියා මේ වන විට දැඩි පීඩාකාරී තත්වයක පසුවේ.
මා ඉල්ලා සිටින්නේ,
අත්අඩංගුවට ගෙන, නීති විරෝධී ලෙස රඳවා තබාගෙන, අමානුෂික වධහිංසා පමුණුවමින් රඳවා තබාගෙන සිටින මාගේ සැමියාට කඩිනමින් වෛද්‍ය ප‍්‍රථිකාර ලබා දීමට හා වහාම ඔහුව අධිකරණයට ඉදිරිපත් කරවීමට කටයුතු කරනා ලෙසටය.

ඊ.ඒ.සමන්ති