මෙන්න දැන් සිදුවන පොලිස් වදහිංසා පැමිණවීමක්.



හර්ෂි සි. පෙරේරා 

27 හැවිරිදි සමන් පෙරේරා විවාහක දෙදරු පියෙකි. කුලී වැඩ කර ජිවත් වේ. 2012.11.29 වන දින සවස 3 ට පමණ වාද්දුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මේ මොහොතේත් දරුණු ලෙස වදහින්සාවට බාජනය කරනු ලැබේ. ඒ සොරබඩු ඉල්ලමිනි. අද උදේ ඔහු බැලීමට ගිය බිරිදට පවසා ඇත්තේ තමාට අමානුෂික ලෙස පොලිස් නිලදාරීන් පහරදුන් බවත් ගෙල මිරිකු බවත් අද දින රාත්‍රියේ එල්ලා පහර දෙන බවට පොලිස් නිලදාරීන් තර්ජනය කල බවත්ය. මේ පිලිබදව ඔහුගේ බිරිද කේ ඒ ගීතානි මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිට සහ ජේස්ට පොලිස් අදිකාරී වෙත ෆැක්ස් මගින් දැනුම් දෙන ලදී. ඇය ඉල්ලා සිටියේ සැමියාට පහරදීම වලක්වා වයිද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙසත් ඔහුව අදිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසත් සහ නීතිවිරෝදී ලෙස කටයුතු කරන වාද්දුව පොලිසියේ නිලදාරින්ට විරුද්දව නීතිමය පියවර ගන්නා ලෙසත්ය. -->