The Most/Recent Articles

Showing posts with label Politics. Show all posts
Showing posts with label Politics. Show all posts

ගෝඨාගේ මාධ්‍යය හමුව ගැන පසු විපරමක්

දේශපාලන භේදයකින් තොරව මේ රටේ සිදු වී ඇති සමාජ කඩා වැටීම හඳුනා ගත යුතුව ඇත. එයට පිළිතුරු ලබා දිය හැක්කේ සාමුහික වෑයමකිනි.

විශේෂ ලියුම්කරුවෙකු විසිනි 

ගෝඨාබය රාජපක්ෂ මහතා අනවශ්‍යය මොහොතක අනවශ්‍යය පිරිසක් පිරිවරාගෙන ගොස් ජනමාධ්‍යය හමුවක් පැවැත් වූයේය. එය නොකළ යුතුව තිබු දෙයකි. එසේම ඔහුගේ දේශපාලන ව්‍යාපාරය ආරම්භ කළ අවධියට සාපේක්ෂව මේ වන විට ඔහුගේ අදහස් වල ඇති ක්‍රමෝපායික බව හීන වෙමින් තිබේ. දේශපාලන පක්ෂවල නායකයින් යැයි තමන් හඳුන්වා ගත්තද, ඔහු වටා සිටින බොහෝ දෙනෙකුට ඔහු හෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නොමැතිනම් ජනතා බලයක් හෝ දේශපාලන බලයක් නැත. එනයින් බලන කල්හී මොවුහු බොහෝ දෙනෙකු වෙනම දේශපාලන පක්ෂවල නායකයින් ලෙස හැඳින්වීමට වඩා, දේශපාලන පරපෝෂිතයින් ලෙස හැඳින්වීම අර්ථාන්විතය. 

අදාළ ජනමාධ්‍යය හමුවේදී "ද හින්දු" පුවත්පතේ මෙරට වාර්තාකාරිණිය විසින් රාජපක්ෂ මහතා වෙත යොමු කළ ප්‍රශ්ණය සහ එහිදී ඔහුගේ හැසිරීම විවිධ පාර්ශවයන් විසින් විවේචනය කරමින් සිටිති.  අදාළ ගැටලුවට නිවැරදිව සවන් දී සැලකිය යුතු වෙලාවක් ගැනීම වෙනුවට ඔහුගේ  ශරීර බාසාව ( බොඩි ලැන්ග්වේජ්) විසින් ඔප්පු වූයේ, මාධ්‍යවේදිනිය හමුවේ රාජපක්ෂ මහතා අසමත් වූ ස්වභාවයකි. අවාසනාවට මෙන්, ඊට විනාඩි කිහිපයකට පසු, "ද අයිලන්ඩ්" පුවත්පතේ පුවත් කතෘ ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු, ගෝඨාබය රාජපක්ෂ මහතාට වැදගත් වන කාරණයක් මතු කිරීමට උත්සහ කළද, ඔහු ඉන් ප්‍රයෝජනයක් ගත්බවක් නොපෙනුණි.

ගෝඨාබය රාජපක්ෂ මහතා
එම කාරණයේ ඇති වැදගත්කම විමසීම වැදගත් වන්නේ, වාර්ගික ප්‍රචණ්ඩත්වය ( එය යුද්ධයක් ලෙස බොහෝ දෙනෙකු නම් කරති. එය වැරදි භාවිතයකි.) අවසාන වූ වහාම ඊට ප්‍රතිචාර දැක්වීමේදී, ශ්‍රී ලංකාව රාජ්‍යයක්, ලෙස වරද්දා ගත් මූලික හැසිරීම එහි ගැබ්වී ඇති හෙයිනි.

දේශපාලන පක්ෂ භේදයකින් තොරව මෙය මනාව විමසා බැලිය යුතු කාරණයකි. මන්ද, ශ්‍රී ලංකාව රාජ්‍යයක් ලෙස දුර්වල වීම හෝ දුර්වල කිරීම සඳහා මෙම මූලික කාරණය ඉතාම බරපතළ ලෙස හේතු වී ඇති හෙයිණි. ඇතැමුන් මෙය නිර්ලජ්ජිත ලෙස භාවිතා කරති.

එවැනි ගැටලුවක් කුමන හෝ තැනකදී අසන අවස්ථාවකදී රාජ්‍යය නායකයෙකු හැසිරිය යුතු ආකාරය කෙසේද? මැතිවරණයෙන් කවුරුන් ජයග්‍රහණය කළද මෙම ගැටලු යළි යළිත් අසනු ඇත. එසේම, බලයේ සිටින්නා කවුරුන් වුවද එවැනි ගැටලු හමුවේ නිරුත්තර වීම හෝ පිළිතුරු ලබා නොදීම හෝ වෙනයම් හැසිරීමකින් ප්‍රතිචාර දැක්වීම සෑම විටම දක්නට ලැබෙන පොදු දුර්වලතාවයකි. මෙය වෙනස් විය යුතුව ඇත. ජාතිකත්වය ගැන පුරසාරම් දෙඩීමෙන් වැඩක් නැත. ඒ වෙනුවෙන් පෙනී සිටීමේ කෞශල්‍යයක් තිබිය යුතුය.

එහිදී, ස්වාධීන මාධ්‍යවේදියෙකු ලෙස ශමින්ද්‍ර විසින් මතුකළ කාරණය වැදගත් වේ. එනම් වාර්ගික ප්‍රචණ්ඩත්වයේ අවසාන භාගය ගැන පමණක් නොව, හැත්තෑව දශකයේ මුල් භාගයේ සිට මෙරට බලහත්කාර අතුරුදන් වීම් සිදුවූ අතර ඒ සියල්ල සඳහා ස්වාධීන වෝහාරික විඝනණයක් අවශ්‍ය වේ. එසේම ඉන්දීය සාම සාධක හමුදාව, මෙරටට "සාමය" උදා කිරීම උදෙසා කළ "කැපකිරීම්" වල ආනිසංසය ඉතාම බරපතළ විය. එහිදී දෙමළ වාර්ගික පුද්ගලයින් රාශියක් අතුරුදන් වූ බවත්, බොහෝ දෙමළ වාර්ගික ස්ත්‍රීන් ලිංගික හිංසනයට ලක් වූ බවත්, පිළිගත හැකි ස්වාධීන වාර්තා සාක්ෂි සහිතව සඳහන් කොට තිබේ. අතුරුදන් වීමේ ගැටලුව එක් තනි ආණ්ඩුවක් මත හෝ රාජ්‍යය පාර්ශවයට පමණක් එල්ල කළ හැකි චෝදනාවක් නොවේ. මේ නිසා මෙම ගැටලුව දේශපාලන පක්ෂ භේදයකින් තොරව විමසා බැලිය යුතු කාරණයකි. එය සමස්ථ සමාජය හමුවේ ඇති, විසඳාගත යුතු ගැටලුවකි.

මේ හා සමාන ගැටලුවක් කිසියම් පුද්ගලයෙකු (මාධ්‍යවේදියෙකු හෝ වෙනත් පුද්ගලයෙකු) රාජ්‍යය නායකයෙකුගෙන් හෝ ප්‍රතිපත්ති තීරකයෙකුගෙන්  ඇසූ විට, පළමුව එම ගැටලුවට පිළිතුරු ලබා දීමට පෙර තවත් ගැටලුවක් හෝ ගැටලු කිහිපයක් ප්‍රශ්න අසන සභාවෙන් ලබා ගැනීම ඉතා වැදගත් උපක්‍රමයක් ලෙස බොහෝ දෙනෙකු භාවිතා කරති. එය සාර්ථක උපායකි. ඒ සඳහා අවස්ථාවක් නොමැති නම්, මෙවැනි බරපතළ කාරණා සැහැල්ලුවට ගැනීමට වඩා, ඊට පිළිතුරු දීමේදී ඒ හා සමානව කලාපීය සහ ගෝලීය වශයෙන් වාර්තා වී ඇති සිදුවීම් විමසා බලමින් අදාළ ගැටලුවට තමන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන ආකාරය ගැන සාධනීය පිළිතුරක් ලබා දීම වැදගත් වේ. අවාසනාවට මෙන් රාජපක්ෂ මහතාට එම උපායන් දෙකම එහිදී අහිමි විය.

මෙම ගැටලුව ඇසූ මාධ්‍යවේදිනියට හෝ වෙනත් ඉන්දීය ජාතික මාධ්‍යවේදියෙකුට, කාශ්මීරයේ ඉන්දීය හමුදාව විසින් සිදුකොට ඇති බරපතළ අතුරුදන් කිරීම් ගැන හෝ සමූහ මිනීවළවල් ගැන, ඉන්දීය හමුදාවෙන් හෝ එරට දේශපාලන බලධාරීන්ගෙන් ඇසිය හැකිද? එසේම ඉන්දීය හමුදාව ඉන්දියාවේ ඊශාන දිග ප්‍රාන්ත වල ( අරුනාචල් ප්‍රදේශ්, ඇසෑම්, මනිපුර්, මෙගාලය, මිශෝරාම්, සිකීම්, ත්‍රීපුර) සිදු කොට ඇති බලහත්කාර අතුරුදන් කිරීම් ගැන ඇසිය හැකිද?

ඇසෑම් හී 1983 පෙබරවාරි මාසයේදී සිදු වූ නෙල්ලි සමූහ ඝාතනය ඉතිහාසයෙන් වසන් කොට ඇති මනුෂ්‍යය අපරාධ වලින් එකකි. ඒ ගැන සෙවීම සඳහා කොමිෂන් සභාවක් පත් කළේය.  ඝාතනයට ලක්  වූ නිරායුධ වැසියන් සංඛ්‍යාව දහස් ගණනක් බව හෙළිදරව් විය. නමුත් කොමිෂන් වාර්තාව පොදු ජනතාවගෙන් සඟවා තැබුවේය. එය දෙවන ලෝක යුද්ධයෙන් පසු සිදු වූ වඩාත් භයානකම ජන සංහාර වලින් එකක් ලෙස ඉතිහාසයේ සඳහන් වී ඇත. මේවා ගැන කතා කරන්නේ කවුරුන්ද? ඒවා ගැන ලිවීමට මාධ්‍යය නිදහසක් තිබේද? ඒවාට සිදුකළ සාධාරණය කුමක්ද?

ඊට සාපේක්ෂව ශ්‍රී ලංකාව රටක් ලෙස වඩාත් උසස් විනයකින් සහ වගකීමකින් කටයුතු කර ඇති බව ඔප්පු කොට තිබේ. ඒවා සාමූහික වගකීම් ලෙස ගනිමින් බොහෝ දෙනෙකු කටයුතුකොට ඇත. මේ ඇත්ත පිළිගැනීම වෙනුවට විවිධ දේශපාලන වාසි ලබා ගැනීම සඳහා මෙවැනි බරපතල සමාජ කාරණා විකෘති කිරීම නොහොඹිනා කටයුත්තකි. නමුත් සිදු වී ඇත්තේ එයයි.

ගෝඨාබය රාජපක්ෂ මහතාගේ දේශපාලන දර්ශනය ගැන විවිධ ගැටලු ඇතැමුන්ට තිබිය හැකිය. එසේම ඔහු සමග එකඟ විය නොහැකි කාරණා රාශියක් තිබිය හැකිය. නමුත්, දේශපාලනික භේදයකින් තොරව මේ රටේ සිදු වී ඇති සමාජ කඩා වැටීම හඳුනා ගත යුතුව ඇත. එයට පිළිතුරු ලබා දිය හැක්කේ සාමුහික වෑයමකිනි.

බොහෝ රටවල සිදු වන සහ සිදු වූ ගැටුම් වලට සාපේක්ෂව, මෙරට සිදු වූ වාර්ගික ගැටුම්වලින් පසු ජන ජීවිතය නගා සිටුවීම සඳහා ශ්‍රී ලංකාව තුළ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක විය. ඉන් බොහෝමයක් සාර්ථක විය. අවුල ඇත්තේ එතන නොව, ඒ කරපු හොඳ වැඩ ටික ලෝකය හමුවේ විකුණා ගැනීමට නොහැකිව අසමත් වීමය.

අවස්ථාවාදී පණ්ඩිතයින් ගොන්නක් රාජ්‍යයේ නායකයා සහ ප්‍රතිපත්ති තීරකයින් මුලාවේ හෙළීය.  ත්‍රස්තවාදය පිළිබඳ ව්‍යාජ විශේෂඥයින්, ගත් කතුවරයින් වූ "රණවිරුවන්", දුර්වල නමුත් මහන්තත්වයෙන් පෙළෙන දේශහිතෛශීන්, යහපාලන විශේෂඥයින්, ආදී බොහෝ දෙනෙකු බිහි වූවද ඔවුහු සිදු කරනු ලැබුවේ, තම තමන්ගේ පෞද්ගලික චරිතය පුම්බා ගැනීම සඳහා කටයුතු කිරීම මිස රාජ්‍යයේ හොඳ නම රැකගැනීම වෙනුවෙන් කටයුතු කිරීම නොවේ.  එසේම, ගෝඨාබය රාජපක්ෂ මහතාට එරෙහිව නගන චෝදනා රාශියක ඇති සැබෑ ස්වරූපය ගෙන බැලීමේදී  පෙනී යන්නේද, ඒවාට පිළිතුරු ලබා දිය යුත්තේ වත්මන් ආණ්ඩුව මිස ඒ මහතා නොවන බවයි.

2015 දී බලය පත් වූ ආණ්ඩුව, රාජපක්ෂ පරිපාලනය තුළදී සිදු වූ අපරාධ ගැන ලෝකය දෙවනත් කළේය. බලයට පැමිණි වහාම ඒ ගැන පරීක්ෂණ ආරම්භ කළේය. ඇතැම් අවස්ථා වලදී අගතියට පත් පාර්ශවවල පවුල්වල සාමාජිකයින් මෙරට තානාපති සේවයට අනියුක්ත කරනු ලැබීය. ඔවුහුගේ ජීවිත සුඛිත-මුදිත කළේය. එය හොඳ දෙයකි.

නමුත්, වසර පහකට ආසන්න කාලයක් ගතවිය. අපරාධකරුවන් සොයා ගැනීමට හෝ ඔවුහුට එරෙහිව නීති මාර්ගයෙන් කටයුතු කිරීමට සමත් වූයේ නැත. එනම්, ගැටලුව ඇත්තේ, රාජපක්ෂ පරිපාලනය තුළ යැයි කීම විහිළුවකි. මන්ද, බොහෝ නොවිසිඳුණු දෑ පවතින්නේ වත්මන් ආණ්ඩුවේ දුර්වලතාවයන් නිසාය. ආණ්ඩුව දුර්වල නම්; එය ජනතා අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීමට අසමත් වන්නේ නම්. ඊට වගකිව යුත්තේ ආණ්ඩුව මිස විපක්ෂය නියෝජනය කරන පිරිස නොවේ. මෙය මූලික කරගෙන ප්‍රතිචාර දැක්වීම සහ තම පරිපාලන කාලය තුලදී සිදු වූ වැරදි හේතුවෙන් ඇති වී ඇති සැක සංකා නැතිවන ලෙස කරුණු කාරණා ගෙනහැර දැක්වීම සෑම විටම වැදගත් වේ.

එසේම, මැතිවරණයකදී වැදගත් වන්නේ මේ වන විටත් කැමැත්ත දිනාගෙන ඇති පිරිස කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම නොවේ. ඒ වෙනුවට, නව බලවේග තමන් දෙසට ආකර්ශනය කර ගැනීමේ වැඩපිළිවෙක් ක්‍රියාත්මක කිරීමද ඒහා සමානව වැදගත් වේ.

තම අපේක්ෂාව ජයග්‍රහණය නම්, ගෝඨාබය රාජපක්ෂ මහතා මූලික වශයෙන් අවදානය යොමු කළයුතු පරාසය මෙය යැයි අපට සිතේ. මැතිවරණය ජයග්‍රහණය කිරීම පමණක් නොව ජයග්‍රහණයකින් පසු සාර්ථක පරිපාලනයක් ගොඩ නැගීම මනා සිහියෙන් සහ ප්‍රවේශමෙන් කළ යුතු කටයුත්තකි.

බලයට පත්වන්නා කවුරුන් වුවද ඔහු සාර්ථක පාලකයෙකු වන්නේ ඔහු සමග සිටින කණ්ඩායමේ එනම් තමන් වටා ඒකරාශී වන සැබෑ දැනුමක් සහ  අවංක  චේතානාවක් ඇති පිරිස මතය.

ගෝඨා වෙනුවට මෛත්‍රී ?

ජනාධිපති සිරිසේන මහතා නියමිත මොහොත එන තෙක්  නිලය ඇල්ලීමට අර අදින ආකාරයක්  දිස්වේ. 


කතුවැකිය

වෙනදා මෙන්ම මේ දිනවලත් රටේ දේශපාලනය  ඉතාම උණුසුම්ය. මෙරට ප්‍රධාන ආහාරය වී ඇත්තේ දේශපාලනයය. මාධ්‍යය වල ප්‍රසිද්ධ වන වාර්තා දෙස බැලුවද, වෙනත් ඕනෑම තැනක සිදුවන දෑ සලකා බැලුවද, දේශපාලනය ප්‍රධාන වේ. ඉන් තොර ලෝකයක් අපට නැත. එය මෙරට පමණක් නොව බොහෝ රටවලද එසේමය. දේශපාලනය යනු සියල්ලමැයි.  

සිවිල් අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාධරයින් දෙදෙනෙකු වන ගාමිණි වියන්ගොඩ මහතා සහ මහාචාර්යය තේනුවර මහතා, පොදු ජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂකයාගේ විශ්වසනීයත්වය ප්‍රශ්න කරමින් ගරු අධිකරණයේ පිහිට පතා ඇත. රටක පුරවැසියන් ලෙස ඔවුහුට ඒ සඳහා පූර්ණ අයිතියක් ඇත. 

එසේම, ඔවුහුගේ පැමිණිල්ල ගැන විශ්ලේෂණය කරනු ලැබූ වික්ටර් අයිවන් මහතා, ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට ආගමන සහ විගමන නීතිය හිතා මතාම උල්ලංඝනය කොට ඇති බව සඳහන් කරනු ලබයි. අයිවන් මහතාගේ පැහැදිළි කිරීම විසින් මෙම කාරණයේ ඇති බරපතල තත්වය මනාව විමසීමට ලක්කොට ඇත. 

රටක ජනාධිපතිවරයෙක් තෝරා ගැනීම යනු එම රටේ ඉරණම තීන්දු කිරීමකි. එසේම මීට සති කිහිපයකට පෙර ගෝඨාබය රාජපක්ෂ මහතා රටේ ස්වාධීන අධිකරණ ක්‍රමයක් තිබීමේ වැදගත්කම සහ රටක නීතිය සෑම අයෙකුටම සමාන ලෙස ක්‍රියාත්මක වීමේ වැදගත්කම ගැන දීර්ඝ වශයෙන් විශේලශ්ණය කළේය. ඒ ඔහු විසින් සංවිධානය කරනු ලැබූ සමුළුවකදීය. ඒ නිසා මෙම කාරණය මූලික කරගෙන මතු වී ඇති බරපතල තත්වය ගැන වෙන කාටත් වඩා හොඳ අවබෝධයක් ඔහුට ඇතැයි අපි විශ්වාස කරමු.



කෙසේ වෙතත්, අවසාන තීන්දුව ගරු අධිකරණය විසින් ලබා දීමට නියමිතය. 2018 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේ සිදු වූ “ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණය” අවස්ථාවේදී රටේ අධිකරණය,  එහි ස්වාධීනත්වය සහ ගෞරවය ඔප්පු කළ ආකාරයෙන්ම මෙම තීරණාත්මක කාරණයද විසඳි යනු ඇතැයි අපි විශ්වාස කරමු. 

ගරු අධිකරණයේ තීන්දුව, ගෝඨාබය රාජපක්ෂ මහතාට වාසී වුවහොත් එනම් ඔහු නිවැරදි කරු වුවහොත් කිසිඳු අවහිරයක් නොමැතිව තම සටන ඉදිරියට රැගෙන යා හැකිය. නමුත්, අධිකරණ තීන්දුව බැරිවෙලාවත්, ගෝඨාබය රාජපක්ෂ මහතාට අවාසී ලෙස ලබා දුන්නොත් ඊට අවශ්‍යය විකල්පයක් තිබිය යුත්තේය. එවැනි තත්වයක් මතු වුවහොත් සිදුවිය හැකි දේ කුමක් විය හැකිද?

මීට පිළිතුරු ලබා දීම සඳහා ජනධිපති මෛත්‍රිපාල සිරිසේන  මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ගනුදෙනුව වෙත අවදානය යොමු කිරීම වැදගත් වේ.

මීට මාස කිහිපයකට පෙර කා අතරත් ප්‍රචලිත වූ කාරණයක් වූයේ, ජනාධිපති සිරිසේන මහතා මීලඟ ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ කැමැත්ත ලැබී තිබුණු බවයි. එසේම සිරිසේන මහතාද එය ඉතාම ඕනෑකමින් ඉල්ලා සිටි බව දේශපාලන ආරංචි මාර්ග සනාථ කළේය. ඒ වෙනුවෙන් බොහෝ දේශපාලනික කටයුතු තිරය පිටුපසින් සිදු වූ බව රහසක් නොවේ. 

නමුත් ඔක්තෝම්බර් මාසයේ සිදු කළ දේශපාලන කෝලාහලයෙන් තම බලාපොරොත්තු ඉටුකර ගැනීමට අසමත් වූ පසු ඊට සහභාගී වූ බොහෝ දෙනෙකු විසිරී ගිය අතර, සිංගප්පූරුවේදී වෛද්‍යප්‍රතිකාර ලබා මෙරටට පැමිණි ගෝඨාබය මහතා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කිරීම ලහි ලහියේ සිදුවිය. එය කිසිවෙකුගේ හෝ වුවමණාවට බලෙන් සිදුවූවාක් වැනි ස්වභාවයක් නිරීක්ෂණය විය. 

පොදු ජන පෙරමුණ සම්මේලනයේදී අදාළ නිවේදනය නිකුත් කිරීමට පැය කිහිපයක පෙර මහින්ද රාජපක්ෂ මහතා සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍යය නියෝජිතයින් අතර හමුවක් පැවැත්වූයේ ඒ මහතාගේ නිවසේදීය. එහිදී ඍජු සහ වක්‍ර අදහස් රාශියක් ඉදිරිපත් වූ බව පැහැදිළිය. නමුත් ඒවා බොහෝමයක් රාජපක්ෂ මහතා මවිත කිරීමට සමත් වූ දෑ වීම නිසා ගෝඨාබය රාජපක්ෂ මහතා වහාම ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස නම් කළේද යන්න දන්නේ ඒ මහතා ඇතුළු කිහිප දෙනෙකු පමණි. 

නමුත් මේ වන විට රටේ ඇතිවී තිබෙන්නේ රාජපක්ෂ මහතා බලාපොරොත්තු නොවූ දේශපාලන ප්‍රවණතාවයකි. රාජපක්ෂ මහතා, සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිධූරය සඳහා තරග කිරීමට වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය ලැබේ යැයි සිහිනෙන්වත් නොසිතන්නට ඇත. එසේම, තම බලාපොරොත්තුව  ඉටු වූ පසු සජිත් ප්‍රේමදාස මහතා ඉතාම සීඝ්‍රයෙන් ජාතික නායකයෙකුගේ භූමිකාව පිළිඹිඹු කරන ආකාරය බොහෝ දෙනෙකුගේ මවිතයට හේතු වී ඇත. 

මෙම ප්‍රවණතාවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ඉතාම හිතකර අන්දමින් නිර්මාණය වී තිබීම සැලකිය යුතු කාරණයකි. එසේම මීට දින කිහිපයකට ඉහතදී, සිරිසේන මහතා තමන් ඉතාම සෞඛ්‍ය සම්පන්න බවත් තමන්ට තව දුරටත් රටට සේවය කළ හැකිබවත් සපත කළේය. ඉන් පසු රටේ නීතිය අභිබවමින්, මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණඩායමේ දේශපාලන පැවැත්ම තහවුරු කළ බව සඳහන් කළ හෙතම පොදුජන පෙරමුණට සහය වන්නේ, තම එකඟතා වලට එකඟ වන්නේ නම් පමණක් බව සඳහන් කළේය. ඒ අතර වැදගත් මංගල ත්‍යාගයක් ලෙස රාජපක්ෂ මහතාගේ දෙටුපුත් යෝෂිත රාජපක්‍ෂ යළිත් නාවික හමුදා සේවයේ පිහිටුවීමට තීරණය කළේය. මෙය මහින්ද රාජපක්ෂ මහතාගේ න්‍යෂ්ඨික පවුල ආකර්ෂණය කර ගැනීමකි. 

මෙම සන්දර්භය තුළ, ගෝඨාබය මහතාට ජනාධිපතිවරණය තරග කිරීම සඳහා නෛතික අයිතියක් නැති බව ගරු අධිකරණය තීන්දු කළහොත්, මහින්ද රාජපක්ෂ මහතාට කළ හැකි හොඳම තීන්දුව මෛත්‍රිපාල සිරිසේන මහතා කරළියට ගෙන ඒම විය හැකිය. ඊට ඔහුගේ න්‍යෂ්ඨික පවුලේ බලවත් ආශීර්වාදය ලැබෙනු ඇත. මෙම යථාර්තය ඉතාම හොඳින් දැනගෙන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශවය කටයුතු කරනවා විය හැකිය.  මහින්ද අගමැති, මෛත්‍රී ජනපති ගැන මුලින්ම කතා බහ වූයේ මීට මාස කිහිපයට පෙරදීය. 

මීට ස්වල්ප වේලාවකට පෙර පක්ෂයේ මාධ්‍යම කාරක සභාව කිසිඳු අවසන් තීන්දුවක් නොගෙන තම රැස්වීම අහවර කරනු ලැබුවේ එළඹෙන ඔක්තෝම්බර් පස්වනදා යළි මුණ ගැසීමට තීන්දු කිරීමෙන් අනතුරුවය. පස්වනදා එනම්, ගරු අධිකරණය හමුවේ ගෝඨාබය රාජපක්ෂ මහතාට අදාළ පැමිණිල්ල විභාග කොට දින දෙකකින් පසුය. 

ජනාධිපති සිරිසේන මහතා නියමිත මොහොත එන තෙක්  නිලය ඇල්ලීමට අර අදින ආකාරයක් මින් දිස්වේ. මේ නිසා,  ඉදිරි දින කිහිපය තුළ පෙරදා නොවූ විරූ දේශපාලනික අත්දැකීමක් රටේ ජනතාවට අත්විඳීමට සිදුවීමේ සම්භාවිතාව ඉතාම ඉහළය. 

ලංකාවේ ක්‍රිකට් සහ කෝප් කමිටුව - Set a thief to catch a thief

කෝප් කමිටුවේ කටයුතු මහජනතාවට විවර වීම ඉතාම හොඳ කටයුත්තකි. එසේම කමිටුවේ සභාපති ලෙස හඳුන්නෙත්ති මහතා සිදුකරන්නේ වැදගත් මෙහෙවරකි. ඔහු හොරෙක් නොවේ. 

කතුවැකිය 

සිරි ලංකාව වගේ රටක් ලෝකයේ කොහේවත් නැත. මේ රටේ සිදු වන දේ අමුතුය. රටේ පළමු රජ්ජුරුවෝ පිටරටින්  පැමිණි අයෙක් වූවා සේම රටේ අන්තිම රජ්ජුරුවෝද එසේමය.  මේ වන විට රට පුරාම කතාවෙන ප්‍රධාන මාතෘකාව වන ඉදිරි ජනාධිපතිවරණයේ හැඩතලද එසේමය. රටට සැබෑ නායකයෝ නැත. හැම එකෙක්ම නායකයෙක් වීමට උත්සහ කරති. කරේ රත්තරං බැඳගත් කටුස්සන් සෑම තැනකම පාහේ නැංගුරම් ලා සිටිති. ඉන්න තරමක් ඉන්නේ, තැන දුටු තැන වල ඉහ ගන්නා ජාතියේ කොටසකි. උන්ට අපි පාලකයෝ සහ නිලධාරීන් යැයි කියමු. බොහෝ තැන් වල සේවය කරන නිලධාරීන්ට, දේශපාලනඥයිනට සේම, රාජ්‍යය සම්පත් අවභාවිතය කිරීමට හැරෙන්නට වෙනත් කිසිම වුවමණාවක් නැත. 


මේ අතර කෝප්  කමිටුවේ තවත් එක් හමුවක් ඊයේ පවත්වනු ලැබීය. සාමාජ මාධ්‍ය වලට ස්තූති වන්නට, අදාළ කමිටුවේදී  දැක්වූ අදහස්  සජීවීව විකාශය කරනු ලැබීය. රටට සහ ජනතාවට වැදගත් වන්නේ විවිධ දේශපාලන න්‍යාය පත්‍ර සපුරා ගැනීම සඳහා ජනතාවගේ කාලය සහ මොළ ගෙඩි ව්‍යාකූල කරන රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා නොවේ. ඒවාට වියදම් කරන කාලය,  සමාජ මාධ්‍යය සහ අනෙකුත් නව මාධ්‍යය වලට වියදම් කිරීම යහපත්ය. 

කෝප් කමිටුවේ කටයුතු මහජනතාවට විවර වීම ඉතාම හොඳ කටයුත්තකි. පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය විමර්ශනය කරන විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවේ කටයුතු විකාශය කොට රටේ ආරක්ෂක කටයුතු අදූරදර්ශී ලෙස දේශපාලනීකරණය කිරීම සිදු කළද මෙම කෝප් කමිටුවේ හමුවීම් සියල්ලම සජීවීව විකාශය කිරීම ඉතාම හොඳ කටයුත්තකි. එසේම කමිටුවේ සභාපති ලෙස හඳුන්නෙත්ති මහතා සිදුකරන්නේ වැදගත් මෙහෙවරකි. ඔහු හොරෙක් නොවේ.

කෝප් කමිටුව සහ මෙරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් ඊයේ උදෑසන රට හමුවේ රඟපෑ නාට්‍යය ඉතාම වැදගත්ය. දෙපාර්ශවයේ සංයුතියද ඉතාම අගනේය.  ප්‍රශ්ණ අසනු ලැබූ පාර්ශවය මෙන්ම ඊට පිළිතුරු ලබා දුන් අයද ලංකාවේ සැබෑ සමාජ ව්‍යුහයේ නියම හරස්කඩකි.

"Set a thief to catch a thief" යැයි  කියමනක් ඉංග්‍රීසි බාසාවේ තිබේ. එහි සරල අර්ථය වන්නේ, හොරෙක් අල්ලා ගැනීම සඳහා හොරෙක් ස්ථානගත කළ යුත්තේය, යන්නය. අදාළ කෝප් කමිටුවේ සාමාජිකයින් ලෙස වාඩී වී සිටි ඇතැම් මන්ත්‍රීවරුන් සහ රාජ්‍යය අමාත්‍යවරුන් දෙස බැලීමේදී කිව යුත්තේ එයයි.

කෝප් කමිටුව විසින් සිදු කර ඇති මූලික දේශපාලනික න්‍යාය වන්නේ හොරෙක් අල්ලා ගැනීම සඳහා තවත් හොරෙක් හෝ හොර රංචුවක් ස්ථානගත කිරීමය.  ක්‍රිකට් ආයතනයේ දූෂණ ගැන විමසනු ලැබූ ඇතැමුන් ශතයක දෙයක් වංචා නොකළ ශාන්තු වරුන්සේ හැසිරීම ඉතාම විනෝද ජනකය. මහජන දේපල, පෞද්ගලික කොන්ත්‍රාත්කරුවන් විසින් මංකොල්ල කෑම ගැන වැදිබණ දෙසන මෙම බොහෝ මහත්වරුන්ගේ චරිතද එසේමය. උන්ට යහපාලනය, රජපාලනය, සම්මුතිවාදය, පවුල්වාදය වැදගත් නැත. උන්ට අවශ්‍යය වන්නේ "ප්‍රසන්ටේජ්" එකය. එනම්, කොමිස් මුදල හෙවත් ඔවුහුගේ බසින් "මාකප්" එකය.

පම්පෝරිය වැඩියෙන් හෙළන්නා කුමක් හෝ සඟවා ගැනීමට උත්සහ කරෙන්නෙකි. මේ සුදු ඇඳගත් සහ බටහිර පන්නයට හැඳගෙන කැඩුණු ඉංග්‍රීසියෙන් සහ නොගැලපෙන සිංහලෙන් දොඩන මහත්වරුන්  ඔක්කෝගෙම ඇත්ත කැරැට්ටුව ඒකය. ක්‍රිකට් ආයතනයේ දූෂණ ගැන විශාල කම්පාවෙන් කතාකරන සුජීව සේනසිංහ හෝ මන්හිදානන්ද අලුත්ගමගේ වැනි අයවලුන්ට තම වත්කම් ගැන සත්‍යය වාර්තාවක් රට හමුවේ ඉදිරිපත් කළ හැකිද? මේ මිනිසුන් කරන ජනතා සේවයේ තරම සැඟවී ඇත්තේ එතැනය. ඔක්කොම අමූලික බොරුව සහ අහංකාරකම කරපින්නා ගත් නිශාචර චෞරයින් රෑනකි. ඔවුහුගේ එකම සුදුසුකම තවත් හොරෙක් අල්ලා ගැනීමට ඉතාම කෙටි කාලයකින් දක්ෂ වීමය. කෝප් කමිටුවට ඔවුහු වැදගත් වන්නේ ඒ නිසාය.

එසේම,  මෙරට ක්‍රිකට් පරිපාලනය අතිශය දූෂිත සහ කිසිඳු ගරුත්වයක් දිනා නොගත් ආයතනයකි. ක්‍රිකට් ක්‍රීඩාව ලංකාව  මුළුමනින්ම යහපත් ලෙස වෙනස් කිරීමට හැකියාව තිබූ ක්‍රීඩාවකි. මූල්‍යමය වශයෙන් පමණක් නොව ජාතික සමගිය සහ විදෙස් ප්‍රතිපත්තිය මුවහත් කිරීමටද එය භාවිතා කළ යුතුව තිබුණි. නමුත්, ජාතියේ අවාසනාවට, පාදඩ මාෆියාවක් බවට පත් වූ එය, රටට අපකීර්තියක් ලබා දෙනු ලැබීය.

උග්‍ර ලෙස, නිලධාරීවාදයට සහ දේශපාලනීකරණයට ගොදුරු වූ මෙම ආයතනයට සිදු වූ නස්පැත්තිය කෙතරම්ද යන්න, අඩි තිස්දහසක් උඩ ගුවනේදී මගී ගුවන් යානයක දොර ඇරීමට උත්සහ කළ ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ වෙස්ගත් බේබද්දෙකුගේ කෙරුවාවෙන්ම පෙනේ. ඔහු කෙහෙළිය රඹුක්වැල්ල නමැති දේශපාලනඥයාගේ පුත්‍රයාය. ඒහා සමාන සිදුවීම් රාශියකි. 

බලයට පත් වූ සෑම ආණ්ඩුවකම සිටි කඳ පණුවන් රාජ්‍යයට සේවය කිරීමට වඩා, රාජ්‍යය සම්පත් ඇති  තැන් වලට කෙළ හලා ඒවායෙන්  තම  මඩිය තර කර ගැනීමට උත්සහ කළා මිස රටට සහ අසරණ ජනතාවට සේවයක් කිරීමට උත්සහ කළේ නැත. ඔවුහුට ජනතාව යනු තම වාසිය වෙනුවෙන් භාවිතා කළ හැකි විෂයයන්ය.

මේ නිසා, සැබෑ ක්‍රීඩකයින්ට ඉදිරියට පැමිණීමට තිබූ මාර්ග අවහිර කළා පමණක් නොව දක්ෂයින් ඇතිවීමට ඇති අවස්ථාවද අහුරුවාලනු ලැබීය. මෙය ක්‍රිකට් වලට පමණක් අදාළ කාරණයක් නොවේ. රටේ සෑම ක්ෂේත්‍රයකම ව්‍යාප්ත වී ඇත්තේ මෙයයි. වීදියේ සෙල්ලම් කරන කොලු ගැටයෙකු කොළඹ ගෙනවිත් ඔහු ලෝකයේ හොඳම ක්‍රීඩකයෙකු බවට පත්කොට නිරහංකාරව ආඩම්බර වන රාමනායකලා වැනි මිනිසුන් වත්මන් ක්‍රිකට් පරිපාලනයේ නැත.

කෙසේ හෝ වේවා, කෝප් කමිටුව හේතුවෙන් සැඟවී ගඳ ගසමින් තිබෙන කුණු මතුපිටට පාවෙමින් තිබේ.  ඒවායේ දුර්ගන්දය දසත පැතිරෙමින් තිබේ. වැදගත් වන්නේ  ශක්තිමත් රාජ්‍යය ප්‍රතිපත්ති භාවිතා කොට කුණුවී ඇති තුවාලය ශුද්ධ කිරීමය. එලෙස ශුද්ධ කරන විට තව එක් හිරගෙදරක් පමණක් නොව හිරගෙවල් සීයක් තැනීමට සිදුවුවද කම් නැත. වැදගත් වන්නේ, මේ රටේ ජනතාවට තම ආත්මගරුත්වයක් ඇතිව ජීවත් වීමට ඇති වටපිටාව සකස් කිරීමය. පාලකයෙකු අවශ්‍යය වන්නේ එම භාරදූර කාර්යයට මිස වෙන ඉලව්වකට නොවේ.  

රනිල්-සජිත්-කරු ඇතුළු එජාපය අනුරට සහය දිය යුතුය

අනුර සියලු අභියෝග  ජයගනු ලැබුවේ, වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂය තුළ මතු වූ ගැටුම් වලින් ගොඩ ගිය ආකාරයෙකි. ශූක්ෂ්ම දේශපාලනඥයෙකුට අවශ්‍යය වන්නේ එවැනි දේශපාලනික චින්තනයකි. දේශපාලනික වශයෙන් ඉහළ තත්වයේ උපාශීලී පුද්ගලයෙකු ලෙස අනුර කුමාර දිසානායක සැලකිය හැකිය. 

දෙවැනි කතුවැකිය 


මේ මොහොතේ කළ හැකි හොඳම දේ කුමක්ද? පවතින සාධක මනාව කළමනාකරණය කළහොත් විපල්වීය දේශපාලනික පියවරක් ගත හැකිය. එනම් විධායක ජනාධිපතිධූරය අහෝසි කොට 20 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ඒමය. ඉන් පසු සම්මානනීය ජනාධිපතිවරයෙකු පත්කිරීමය. විලියම් ගොපල්ලව ජනාධිපතිවරයාගෙන් පසු එම සම්මානනීය ජනාධිපති ධූරය දැරීමට ව්‍යවස්ථාවෙන් ඉඩ ලබා දෙන්නේ නම්, එය වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන  මහතාට පැවරීමේ වරදක් අපට නොපෙනේ. වික්‍රමසිංහ-සිරිසේන-සම්බන්ධන්-හකීම්-චම්පික සහ  අනුර දිසානායක දේශපාලන කඳවුරට හෙවත් දේදුනු වර්ණ දේශාපාලන රටාවට කළ හැකි  ඓතිහාසික කටයුත්තක් මෙන්ම විප්ලවීය දේශපාලන පියවරක් ලෙස එය හැඳින්වීම වරදක් නැත. නමුත් අපි ජාතියක් ලෙස එතරම් වාසනාවන්ත යැයි පුරාජේරු දෙඩීම කමකට නැත.

මන්ද, බලය හමුවේ කවුරුත් තම තණ්හාවේ ප්‍රමාණය මැන බලන්නෝ වෙති.  බලය හමුවේ ගන්නා තීන්දු තීරණ රාශියක් රාජ්‍යයේ හෝ ජනතාවගේ සුභ සිද්ධිය දෙවැනි කොට සලකන කාරණාය. මෙරට මෙන්ම බොහෝ රටවල ඉතිහාසය මෙයයි. ඊට කදිම නිදසුනක් මෑතකදී ජනාධිපති සිරිසේන මහතා විසින් සඳහන් කළේය. එනම් වසර 35 ක් කාම්බෝජයේ අගමැති ලෙස කටයුතු කරන හුන් සෙන්ගෙන් තවත් වසර කීයක් බලයේ ඉන්න බලාපොරොත්තු වන්නේ දැයි ජනාධිපතිවරයා ඇසූ විට අගමැතිතුමා, වසර දහයක් වත් ඉන්නා ඕනා යැයි පිළිතුරු දුන්නේලු. ලෝකයේ  දේශපාලන බලයේ ඇති ව්‍යාකූලභාවය සහ අප්‍රසන්නකම මෙවැනි නිදසුන් වලින් සනාථ වේ. මේ නිසා ජනතාවාදී විප්ලවීය දේශපාලන පියවරක් ගනීවි යැයි, පෞද්ගලික බලය කේන්ද්‍රීය කරගෙන තම චින්තනය සකස්කරගෙන ඇති අයවලුන්ගෙන් බලාපොරොත්තු වීම එතරම් සුදුසු නොවේ. කෙසේ වෙතත්, අපි එවැනි පරමාදර්ශයක් මේ පොළවේ සිදුවේවා යැයි පතමු.

එය එසේ සිදු නොවී, ජනාධිපතිවරණය පවත්වන්නේ යැයි උපකල්පනය කළහොත් වත්මන් ආණ්ඩුව හමුවේ ඇති හොඳම පියවර කුමක්ද?

අපි ගෙවා දමමින් සිටින්නේ, වත්මන් ආණ්ඩුව ජනාධිපතිවරණයට දැමිය හැකි හොඳම අශ්වයා ගැන වාද විවාද සහ විවිදාකාරයේ කුමන්ත්‍රණ පවත්වන කාලයකි. කොසොල් රජුගේ සිහින දහසය සනාථ කරමින්, සෑම දෙනෙකුම නායකයෙකු වීමට උත්සහ දරති. නැති සිහින මවා පාති.

වත්මන් ආණ්ඩුවේ සංයුතිය ගෙන බැලුව හොත් මේවන විට ජනාධිපතිධූර අපේක්ෂත්වය අපේක්ෂාවෙන් වැඩිම මුදලක් වියදම් කොට ඇත්තේ නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යය සජිත් ප්‍රේමදාස මහතාය. ඔහුට සිංහල ග්‍රාමීය ප්‍රජාවගේ විශාල කැමැත්තක් ඇතිබව ඇතැමුන් කියති. එසේම ඔහු දිනන අශ්වයා බව බොහෝ දෙනෙකු කැටතියා සපත කරමින් සිටිති.

සජිත්  ප්‍රේමදාස මහතා ජනාධිපතිධූරය සඳහා සුදුසුද නැද්ද යන්න ඔහුගේ කටයුතු සහ ප්‍රතිපත්ති මූලික කරගෙන ගැඹුරෙන් විමසා බැලිය යුතු කාරණයකි. කෙසේ නමුත් හෙතම පසුගිය දින කිහිපය පුරා ඉදිරිපත් කළ අදහස් දැක්වීම් දෙස බලන විට අපේ තකසේරුව අනුවනම් සජිත් ජනාධිපති වීම සඳහා සිහින දැකීම එතරම් යෝග්‍යය ව්‍යායාමයක් ලෙස නොපෙනේ. එසේම ඔහුට ජාතික නායකත්වයකට සතු ගුණාංග ඇති බව තවමත් පෙන්වා නැත. ඔහුගේ නිවාස ව්‍යාපෘතිය කේන්ද්‍ර කරගෙන ඇත්තේ පනහ සහ හැට දශක වල ජනාවාස ඉදිකිරීමේ මූලික සංකල්ප වලට අනුවය. එය වත්මන් ලෝකයට ගැලපෙන ලෙස වහාම වෙනස්විය යුතුය.

******

******

විශේෂයෙන් ස්වභාවික සම්පත් වඩාත් හොඳින් කළමනාකරණය කොට සුහුරු නගර ( ස්මාර්ට් සිටි) වෙත අවදානය යොමු කරමින් ස්වභාවික විපත් වලට ගොදුරුවීමේ අවදානම නැති කිරීම අත්‍යවශ්‍යය වේ. ඒ වෙනුවට ඉතුරු වී ඇති රජයේ ඉඩම් පවරාගෙන ඒවායේ කුඩා කුඩා නිවාස තැනීමෙන් රටේ ඇති විශාල ගැටලුව විසඳෙන්නේ නැත. ඔහු නියෝජනය කරන දේශපාලාන සම්ප්‍රදායේ ඇති අවලස්සන, අදාළ ආදර්ශ ගම්මාන වලට නම් තැබීමේදී ඔප්පු කොට ඇත. "ලෝක පූජිත - සදා නොමැකෙන " ආදී ගෝත්‍රිකවාදී සංකල්ප ඉදිරියට ගනිමින් සිදුකරණ කටයුතු හැකි වහාම වෙනස් විය යුතු වේ. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිධූරය සඳහා සිහින දැකීමට පෙර ජාතික සහ ජාත්‍යන්තර වෙළඳපොළ  න්‍යාමනයන් සහ ජාත්‍යන්තර දේශපාලනය හමුවේ ලංකාව ඉදිරියට ගමන් කළ හැකි ආකාරය ගැන මනා සිහියෙන් හැදෑරීම වැදගත් වේ. කරු ජයසූරිය මහතා ගැන සඳහන් කිරීමට ඇති මූලික කාරණාද ඒ හා සමානය. ව්‍යාජ සමීක්ෂණ එළියට දැමු  පමණින් රටේ නායකත්වයට සුදුසු යැයි නිර්ණය කිරීම මුලාවකි.

කෙසේ හෝ වේවා! සජිත් ප්‍රේමදාස මහතා නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය හමුවේ ඇති අභියෝගය හිතනාවට වඩා බරපතළ එකකි. වාසනාවට මෙන්, එම අභියෝගය ජයග්‍රහණය කළ හැකි මාර්ගයක් තිබේ. එම මාර්ගය සජිත් ප්‍රේමදාස හෝ කරු ජයසූරිය මූලික කරගනිමින් නිර්මාණය වී නැත. එම මාවත සකස් වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂය ඇතුළු සන්ධානය සමග සිටින පාර්ශ්වයන්, අනුර කුමාර දිසානායක සමග අත්වැල් බැඳ ගැනීම ඔස්සේය. එය දිනිය හැකි මාර්ගයකි. එසේම රටේ අනාගතය ගැන යම්කිසි ධනාත්මක බලාපොරොත්තුවක් තැබිය හැකි මාර්ගයකි. එබැවින් මේ ගැන විමසා බැලීම ඉතාම වැදගත් වේ.

පුරාණ ග්‍රීක ශාස්තෘවරුන් සඳහන් කොට ඇති අකාරයට බහුජන කැමැත්ත යනු මුලාවක් බව මේවන විට ප්‍රජාතන්ත්‍රවාදය නමැති සුන්දර සංකල්පය දූෂණය වී ඇති ආකාරය දෙස දකින ඕනෑම අයෙකුට පැහැදිළි වේ. මොන අයිතිය ගැන වහරණු ලැබුවද,  සර්වජන ඡන්දබලය යනු මුලාවකි. රාජ්‍යයේ කටයුතු සඳහා උචිත නායකයෙකු තෝරා ගැනීමට එම රාජ්‍යයේ සියලුම පුරවැසියන්ට කළ නොහැකිය. එය කළ හැක්කේ එම රාජ්‍යයේ පරිපාලනය සහ අනාගත අවශ්‍යතා ගැන අවබෝධයක් ඇති පිරිසටය. එම තෝරා ගැනීමේ බලය ලබා දෙන පිරිස තෝරා ගැනීම මහත් පරිශ්‍රමයක ප්‍රතිඵලයකි. නමුත් දශක ගණනාවක් තිස්සේ ප්‍රජාතන්ත්‍රවාදය සහ සර්වජන ඡන්දබලය නමැති මුලාවේ  වැටී ඇති ජාතියක් වන අපට ගොඩ ඒමට ඇත්තේද වැටී සිටින ළිං කටෙන්මය. මේ නිසා ශ්‍රී ලාංකිකයින් වන අප හමුවේ ඇති අභියෝගයද එසේමය.

ඒ අනුව අගමැති වික්‍රමසිංහ ප්‍රමුඛ සන්ධානයට වැදගත් වන්නේ, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන අනුර කුමාර දිසානායක මහතාට සහෝගය දැක්වීම සඳහා පුළුල් සන්ධානයක් නිර්මාණය කිරීමය. එය 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය කඩිනම් කිරීමට මෙන්ම  ව්‍යවස්තානූකූලව රටේ පවතින තත්වය මනාව විසඳා ගැනීම සඳහා පිටිවහලක් වේ.

එසේම දේශපාලනික වශයෙන් ගත්කළ, එක්සත් ජාතික පක්ෂය ඇතුළු සන්ධානය ජනතා විමුක්ති පෙරමුණට සහයෝගය දීම ඓතිහාසික වේ. දශක දෙකක පමණ කාලයක් තිස්සේ ජනතා විමුක්ති පෙරමුණ සන්ධාන ගත වී අනෙකාට සහයෝගය දුන්නේය. මෙවර සැලකිය යුතු ජන විශ්වාශයක් ඇතුව ඔවුහු තමන්ගේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කොට ඇත. ඊට පෙර එම පක්‍ෂය දේශපාලනිකව ගත්කළ ඉතාම වැදගත් ආයෝජනයක් ලෙස සැලකිය හැකි 20වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරනු ලැබීය. එසේම දිසානායක දේශපාලනික වශයෙන් මනා සිහියෙන් කටයුතු කරනු ලබන තරුණ නායකයෙකි. ඔහු, තම පක්ෂය තුළ බලය ඇල්ලූ ආකාරය ඉතාම ආකර්ශනීය වේ. විමල් වීරවංශ මහතා සමාජවාදියෙකු ලෙස උගුර ලේ රහවන තෙක් කතාකොට ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනික වශයෙන් ගොඩ දමා පක්ෂයේ කැපිලි වලට හසු වී හඬමින් නික්ම ගොස් සදාකාලීක කොන්ද පරළු වූ දේශපාලනඥයෙකු බවට පත් වුවද අනුර සියලු අභියෝග  ජයගනු ලැබුවේ, වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂය තුළ මතු වූ ගැටුම් වලින් ගොඩ ගිය ආකාරයෙකි. ශූක්ෂ්ම දේශපාලනඥයෙකුට අවශ්‍යය වන්නේ එවැනි දේශපාලනික චින්තනයකි.

දේශපාලනික වශයෙන් ඉහළ තත්වයේ උපාශීලී පුද්ගලයෙකු ලෙස අනුර කුමාර දිසානායක සැලකිය හැකිය. විවිධ පෞද්ගලික කාරණා ඉදිරියට දමමින් යම්කිසි කෙනෙකුට අපහාස කිරීමට වඩා වැදගත් වන්නේ ඔහු ගැන සාධනීයව විමසා බැලීම සහ ඔහුගේ ඉගෙන ගැනීමය.

මෙවැනි වටපිටාවක් තුළ වත්මන් ආණ්ඩුව හමුවේ ඇති ඉතාම අගනා දේශපාලිනික පියවර වන්නේ, වික්‍රමසිංහ මහතා ඇතුළු සන්ධානය මෙන්ම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පාර්ශවය අනුර කුමාර දිසානායක පොදු අපේක්ෂකයා බවට පත් කිරීමය. එය ඔවුහු වෙළී සිටින දේශපාලන අඝාධයෙන් නම්බු පිටින් ගොඩ ඒම සඳහා ගතහැකි විපල්වීය පියවරකි. එය රාජ්‍යයේ යහපතට හේතු වේ.

අනුර කුමාර දිසානායක ගාලු මුවදොර පැවති රැළියේදී තම දේශපාලන සගයින් සමග

රාජ්‍යය බුද්ධි සේවයට චෝදනා කිරීම නිවැරදිද?

එම ලැබුණු තොරතුරු, ජාතික බුද්ධි ප්‍රධානියාද, ආරක්ෂක ලේකම්වරයාට සහ පොලිස්පතිතුමාට දැනුම් දී තිබේ. නමුත්, හිටපු ආරක්ෂක ලේකම් මෙන්ම අනිවාර්යය නිවාඩු යවා ඇති පොලිස්පතිතුමා කියන්නේ, තොරතුරු ලබා දුන්නද අදාළ වගකිව යුතු පාර්ශ්වය එතරම් බරපතළ ලෙස දන්වමින් එම තොරතුරු ලබානොදුන් බවයි. මෙය අසත්‍ය කාරණයකි.

අබ්දුල් කරීම්

මෙම ලිපිය ලිවීමට තීරණය කරණු ලැබුවේ, මේ වන විට රටේ මතු වී ඇති ප්‍රධානතම ගැටලුව සම්බන්ධයෙන්  බුද්ධි අංශ ප්‍රධාන මාතෘකාව බවට පත් වී ඇති හෙයිණි.  අසත්‍යය සහ බරපතළ ලෙස දේශපාලනීකරණය කරනු ලැබූ කාරණා ඉතාම අනතුරුදායක මට්ටමින් ඉදිරිපත් වීම හේතුවෙන් මෙම ලිපිය රටේ ප්‍රධාන ජනමාධ්‍යන් වල අවදානය පිණිස යොමු කිරීමට තීරණය කරණු ලැබුවෙමි. මෙය ප්‍රසිද්ධ කිරීම හෝ නොකිරීම එම මාධ්‍යන් වල සේවය කරන කතෘ මහත්ම-මහත්මීන් සතු කාරණයකි. නමුත් මා මෙහිදී සහතික කරණු කරනු ලබන්නේ, මෙය රටේ සුරක්ෂිතභාවය වෙනුවෙන් සහ ජාතික අවශ්‍යතාවයක් ලෙස සලකා රචනා කිරීමට තීරණය කළ බවයි. අල්ලාහ් දෙවියන්ගේ  නාමයෙන් මා මෙම සටහන ලියනු ලබන්නේ අනාගතයේ සිදුවීමට ඉඩතිබේ යැයි අනුමාන කළ හැකි විනාශයන් වලින් අපේ රටට සහ ජනතාවට බේරීමට හැකිවේවා යැයි ප්‍රාර්ථනය කරමිනි.  



මා සුන්නි නිකායට අයත් ඉස්ලාම් භක්තිකයෙකු වේ. සිව් දෙනෙකුගෙන් යුතු පවුලේ වැඩිමහල් දරුවා ලෙස මා උපත ලැබුවෙමි. මාගේ මුල් අධ්‍යාපනය  සිංහල භාෂාවෙන්ද සහ පසුව අපේ මුල් පවුල විතැන්වීම නිසා සිදු වූ දුෂ්කරතාවයන් නිසා දෙමළ පාසලකද ඉගෙන ගැනීමට වාසනාව ලැබුණු පුද්ගලයෙකි. මා හට හෙළිදරව් කිරීමට වුමණාවක් තිබුණද, මාගේ පවුලේ ඇතැම් කාරණා හෙළිදරව් කිරීම එතරම් සුදුසු නැති බව මා සිතමි. නමුත්,  මාගේ සේවයට අදාළ ඇතැම් කරණු ප්‍රයෝජනයට ගනිමින් මෙම සටහන ලියා තැබීමට තීරණය කළෙමි. මන්ද, වත්මන් සමාජ වටපිටාව අනාගත අඳුරු සේයාවන් පල ප්‍රතිමූර්තියක් වී ඇති බැවින් ඇතැම් වැදගත් කරනු ගැන මාගේ අදහස ප්‍රකාශ කිරීම අනාගතයේ එල්ල විය හැකි අභියෝග ජය ගැනීමට හේතුවේ යැයි මා සිතන හෙයිණි.  

විශේෂයෙන්, වත්මන් ආණ්ඩුව විසින්, පාස්කු ඉරිදා ප්‍රහාරය යනුවෙන් බොහෝ දෙනෙකු විසින් හඳුන්වන ලංකා ඉතිහාසයේ ඉස්ලාම් භක්තික අන්තවාදීන් විසින් කළ පළමු බරපතළ  ත්‍රස්ත ක්‍රියාව ගැන විමර්ෂණය කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් පත්කර ඇති විශේෂ කාරක සභාවේ කටයුතු වලට පිටිවහලක් වීම සඳහා මාගේ අදහස් දැක්වීම වැදගත් යැයි සිතමි. එම සභාව ඉදිරියේ ප්‍රධාන පුද්ගලයින් රාශියක් සාක්ෂි දී ඇත. විශේෂයෙන්  ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික නියෝජ්‍යය පොලිස්පති සිසිර මෙන්ඩිස්‌ මහතා, ඇපපිට නිදහස් කොට ඇති  නියෝජ්‍ය පොලිස් අධිකාරි නාලක ද සිල්වා මහතා, ආරක්ෂක අමාත්‍යංශයේ වත්මන් ලේකම්  ශාන්ත කොට්ටෙගොඩ මහතා, ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු ප්‍රනාන්දු, සහ අනිවාර්යය නිවාඩු යවා ඇති පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා යන මහත්වරුන් මෙම විශේෂ සභාව ඉදිරියේ සාක්‍ෂී දෙනු ලැබූහ. මොවුහු සාක්ෂි ලබාදුන් ආකාරය සහ එම සාක්ෂිවලදී හෙළිදරව් නොකළ යුතු ඇතැම් කාරණා හෙළිදරව් කළ ආකාරය ගැන මා ඉතාම කනගාටුවට පත්වෙමි.

දේශපාලනඥයින් අවස්ථාවාදීන් බව අපි සියල්ලෝම දන්නෙමු. නමුත්, රාජ්‍යයේ ගරුත්වය සහ ප්‍රතිරූපය වෙනුවෙන් රටේ ජනතාවගෙන් බහුතරය විශ්වාසය තබාගෙන සිටින නිලධාරීන්ට අවස්ථාවාදීන් ලෙස පමණක් කටයුතු කළහැකිද? මෙය මා මාගේ සැඟවී ගතකළ  ජීවිතයේදී නැවත නැවතත් අත්දැකීමට සිදුවී ඇති අවාසනාවන්ත කාරණයකි.

මා බුද්ධි අංශයට පළමු පෙළ තොරතුරු සපයනන්නෙකු ලෙස සම්බන්ධ වූයේ  ආර්. ප්‍රේමදාස මහතා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය වී මාස කිහිපයක් ගිය පසුය. මාගේ සක්‍රීය සේවය ආරම්භ වූයේ 1995 අප්‍රේල් මාසයේදී තෙවැනි ඊළාම් සටන ආරම්භ වීමට මාස කිහිපයකට පෙරදීය. කොටි සංවිධානයේ මුහුදු කොටි බලකාය විසින් නාවික හමුදාවට අයත් සූරයා සහ රණසුරු බෝට්ටු දෙක පුපුරා හැර සටන විරාමය අවසන් කළේය. ඉන් මාසයකට පසු කොටි සංවිධානයේ සාමාජිකයින් විසින් ත්‍රිකුණාමලය දිස්ත්‍රක්කයේ කල්ලරව ගමේදී සාමන්‍යය වැසියන් 42කු පමණ මරා දැමූහ. එය  මාගේ ජීවිතය වෙනස් කළඑක් ප්‍රධාන සිදුවීමක් විය. මන්ද, මා කාලයක් තිස්සේ දැන හඳුනාගත් සිංහල ජාතික මිතුරියක්ද මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවාය.

මේ අකාරයෙන්,  තාවකාලීක ඇස්බන්ධනයක් වූ සටන් විරාමය බිඳී ගොස් කොටි සංවිධානය තම මෙහෙයුම් ආරම්භ කරනු ලැබීය. කොටි සංවිධනානය සෑම් මිසයිල ලෙස සාමන්‍යයෙන් හඳුන්වන ස්ටින්ගර් වර්ගයේ ආයුධ පළමුවරට තම සංවිධානයට එකතු කරගත්තේ මේ කාලයේදීය. ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය හමුවේ තිබු අභියෝගය ඉතාම සංකීර්ණ වෙමින් පැවතුණි. බුද්ධි අංශවලට තම අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා වඩාත් ප්‍රවේශමෙන් කටයුතු කිරීමට සිදු විය. කෙසේ වෙතත්, තෙවැනි  ඊළාම් සටන අවසාන වනවිට සමස්ථ ශ්‍රී ලංකා භූමියෙන් සීයට 30ක ප්‍රමාණයක් කොටි සංවිධානය විසින් පාලනය කරනු ලැබීය.   

විවිධ දේශපාලන අවශ්‍යතාවයන් නිසා ඉතාම අමිහිරි අත්දැකීම් රාශියකට මුහුණදීම හේතුවෙන් ආරක්ෂක අංශ වලට තොරතුරු සැපයීම  සඳහා පුද්ගලයින් (මෝල්) බඳවා ගැනීමද ඉතාම දුෂ්කර කාර්යයක් වි තිබුණි. මේ හේතුවෙන් පොට්ටු අම්මාන්ගේ ටොසි ඔත්තුසේවයට ඉතාම ශක්තිමත්ව රටපුරා විසිරීමට අවශ්‍යය පරිසරය සකස් විය. එම ඔත්තු සේවය එතරම් දුරකට ව්‍යාප්ත වීමට හේතුව වූයේ, කොටි සංවිධානය, තම බුද්ධි අංශය ඉතාම මැනවින් රැකබලා ගත්  හෙයිනි. ඒ වගේම, ආරක්ෂක අංශවල පැවති අසමගිකම් කොටි සංවිධානයට ආශීර්වාදයක් විය. මේ නිසා බොහෝ දෙනෙකුට ජීවීතයෙන් වන්දි ගෙවීමට සිදුවිය. සේවයට එකතු වී වසර කිහිපයකින් පසු මාහට හමු වූ එක්  අමතක නොවන චරිතවත් පුද්ගලයෙකු වූයේ   කන්දයියා යෝහරාසාය. ප්ලොට් මොහාන් ලෙස බොහෝ දෙනෙකු අතර ප්‍රචලිත ඔහු පසුකාලයකදී කොළඹදී කොටි සංවිධානය විසින් මරා දැමුණු ලැබීය. ඔහු, බුද්ධි අංශයට විශාල සේවයක් කළේය. අපට වැදගත් වූයේ මෙහෙයුමක් කරන විදිය නොව, අපි එම මෙහෙයුමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්නය.

බොහෝ තොරතුරු දෙන්නන් සතුරු ප්‍රහාර වලින් මියයන විට හෝ තුවාල ලබන විට අපට අවබෝධ වූ මූලික කාරණයක් තිබුණි. එනම්, බුද්ධි අංශවල දියුණුව සහ ඒවාගේ අවශ්‍යතාවයන් ගැන බොහෝ  දේශපාලනඥයින් කතාබහ කළද ඒවා ගැන එතරම් අවබෝධයක් ඔවුහුට තිබුණු බවක් අපට නොපෙනුණි. ඇතැම් දේශපාලනඥයින් රටට ආදරය කරණ බව මිනිසුන් ඉදිරියේ ඒත්තු ගැන්වීම සඳහා බුද්ධි අංශ ගැන කතා  කළහ. තවත් සමහරුන්, ඕනෑම කුණුගොඩක් බුද්ධි අංශ මත පැටවීමට පහසු නිසා බුද්ධි අංශ ඔවුහුගේ ප්‍රධාන මාතෘකාව බවට පත්විය. නමුත්, බුද්ධි අංශයක පැවතිය යුතු මූලික ධර්මතාවයන්, ඒවායේ ජාතික මෙහෙවර, ඒවා දියුණු කිරීම සඳහා ගතයුතු රාජ්‍යය ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ආදිය ගැන කිසිම ගැඹුරු දැනීමක් බොහෝ දෙනෙකුට නොතිබුණි.

අපි මුහුණ දුන් අභියෝග, අපේ පවුල්වල පැවති  දුෂ්කරතා තේරුම් ගැනීම, ආදී කාරණා සඳහා මෙම ආයතනවල ඉහළපෙලේ සිටියේ ඉතාම සුළු පිරිසකි. භූමි මට්ටමේ මෙහෙයුම්කරුවන් ලෙස අපට මුහුණ දීමට තිබු අභියෝග රාශියක් වූ අතර ඉහළ නිලධාරීන් බොහෝ දෙනෙකු උත්සහ කරනු ලැබුවේ, තොරතුරු කරුවන්ගෙන් ලැබෙන තොරතුරු විවිධ දේශපාලන අරමුණු වෙනුවෙන් ඉතාම අප්‍රසන්න ලෙස භාවිතා කිරීමටය. මේ නිසා ඇතැම් දේශපාලනඥයින් සේම මෙම බුද්ධි සේවාවල සේවය කළ නිලධාරීන්ද, ජාතික අවශ්‍යතාවයන් වලට වඩා තම පෞද්ගලික අවශ්‍යතා සහ අරමුණු වලට මූලිකත්වය ලබාදුන් අවස්ථා රාශියක් තිබේ. බොහෝ දෙනෙකු පමණ ඉක්මවා වර්ණනා කරනු ලබන රාජපක්ෂ යුගය කෙරෙහිද, තොරතුරු ලබාදෙන්නන් වශයෙන් අප බොහෝ දෙනෙකුට එතරම් ප්‍රියමනාපයක් නොතිබුණි.  බලයට පත් වූ සහ විපක්ෂය නියෝජනය කරන බොහෝ දේශපාලනඥයින්ට බුද්ධි අංශ ගැන එතරම් අවබෝධයක් නොතිබීම බොහෝ අවස්ථාවලදී සතුරන්ට ඉතාම පහසු පරිසරයක් නිර්මාණය කළේය. එම අනවබෝධය රටේ ජනතාව, මාධ්‍යය සහ අනෙකුත් සමාජ කණ්ඩායම් අතර විශාල හිස්බවක් නිර්මාණය කර තිබේ. 

තොරතුරු එකතු කරන්නන් ලෙස දිවයිනේ සෑම තැනකටම  යෑම, හමුවෙන ඕනෑම තරාතිරකම පුද්ගලයෙකු සමග අදහස් හුවමාරු කරගැනීම ඉතාම වැදගත් වේ. මේ සඳහා අදාළ ප්‍රදේශ ගැන දැනුවත් වීම පමණක් නොව එම පිරිස් අනුගමනය කරන ප්‍රාදේශීය භාෂා ගැන අවබෝධ කරගැනීම අත්‍යවශ්‍යය කාරණයකි. එසේම, තම සතුරා, සතුරාගේ සතුරා ගැන පමණක් නොව තම මිතුරා සහ මිතුරාගේ මිතුරන් ගැනද එක හා සමාන අවධානයෙන් සිටීම අත්‍යවශ්‍යය වේ. අපි විසින් එකතු කරන තොරතුරු මත බොහෝමයක් මෙහෙයුම් තීරණය වේ. මේ නිසා ලැබෙන සෑම තොරතුරක්ම බරපතල තොරතුරු වේ. එම තොරතුරු මත පදනම් වී  සතුරු ප්‍රහාර වළක්වා ගැනීම සඳහා අවශ්‍යය බලය ඇති අධිකාරිය, ලැබෙන සෑම තොරතුරක්ම බරපතළ ලෙස සැලකිය යුතු වේ. 

පාර්ලිමේන්තු විශේෂ සභාව ඉදිරියේ සාක්ෂි දුන් බොහෝ දෙනෙකු ඉදිරිපත් කළ අදහසක්  වූයේ රාජ්‍යය බුද්ධි අංශ ප්‍රධානියා ලබාදුන් තොරතුරු ප්‍රකාරව අප්‍රේල් 09 වැනිදා ජාතික බුද්ධි ප්‍රධානියා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාට තොරතුරු දැනුම් දී ඇති බවයි. එසේම, අනිවාර්යය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාද මෙම කාරණය සනාථ කළේය. මෙහිදී මෙම නිලධාරීන් දෙදෙනා ඇතුළු  අනෙකුත් අය රාජ්‍යය බුද්ධි සේවයේ  අධ්‍යක්ෂක ඉලක්ක කරගෙන ප්‍රහාර මාලාවක්   එල්ල කරනු ලැබුවෝය. කුමන හෝ හේතුවකට ඇතැම් මාධ්‍යය මෙම නිලධාරීන්ගේ අවශ්‍යතාව ඉටු කළේය. මට දැනෙන හැටියට මෙම ප්‍රහාර මාලාවේ අරමුණ  රාජ්‍යය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකවරයා මානවසිකව ඇදවැට්ටවීම සහ ඔහුගේ අනන්‍යතාවය මාධ්‍යය ඉදිරියේ හෙළිදරව් කිරීමය.

බුද්ධි අංශයට සමබන්ධ වී  තොරතුරු සපයන්නෙකු ලෙස යුදහමුදා බුද්ධිසේවයේ සහ රාජ්‍යය බුද්ධි සේවයේ කටයුතු කළ අයෙකු ලෙස  මා හට පෙනෙන්නේ මෙහිදී රාජ්‍යය බුද්ධි සේවයෙන් කිසිඳු වරදක් සිදු වී නැති බවයි. රාජ්‍යය බුද්ධි සේවයේ වත්මන් ප්‍රධානියා සමග කිසිම දිනක මා කටයුතු කොට නැති නමුත්, සාක්ෂි ලබා දුන්  නිලධාරීන්ගේ සාක්ෂි ගැන සැලකීමේදී පෙනීයන මූලික කරණය නම් රාජ්‍යය බුද්ධි සේවය ප්‍රහාරයට දින දහහතරකට පමණ පෙර අදාළ ප්‍රහාරය ගැන 90% ක පමණ තොරතුරු ජාතික බුද්ධි ප්‍රධානියාට දැනුම් දී ඇති බවයි.

එම ලැබුණු තොරතුරු, ජාතික බුද්ධි ප්‍රධානියාද, ආරක්ෂක ලේකම්වරයාට සහ පොලිස්පතිතුමාට දැනුම් දී තිබේ. නමුත්, හිටපු ආරක්ෂක ලේකම් මෙන්ම අනිවාර්යය නිවාඩු යවා ඇති පොලිස්පතිතුමා කියන්නේ, තොරතුරු ලබා දුන්නද අදාළ වගකිව යුතු පාර්ශ්වය එතරම් බරපතළ ලෙස දන්වමින් එම තොරතුරු ලබානොදුන් බවයි. මෙය අසත්‍ය කාරණයකි.

සිසිර මෙන්ඩිස් මහතා විසින් තම සාක්ෂියේදී සඳහන් කරනු ලැබුවේ, "අයිස් ඔන්ලි" සහ "ටොප් සීක්‍රට්" ලෙස වර්ගීකරණය කරනු ලැබූ ලිපියක් පොලිස්පතිතුමාට සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමාට යැවූ බවය. එලෙස වර්ගීකරණය කරනු ලැබූ ලිපියක් බරපතළ ලෙස නොදැනුණේ ඇයිද? යන ගැටලුව ඕනෑම අයෙකුට මතුවන මූලික ගැටලුවකි. එසේම, බරපතළ ලෙස දැන්වීමට නම් අනුගමනය කළයුතු වෙනත් ක්‍රියාමාර්ගයක් (එනම් පරුෂ වචනයෙන් බැණීම හෝ කම්මුල් ප්‍රහාරයක් එල්ල කිරීම වැනි ක්‍රමයක් අනුගමනය කිරීම) තිබේද යන්න අදාළ නිලධාරීන් පැහැදිළි කළයුතුව තිබේ. මේ නිසා රාජ්‍යය බුද්ධි සේවයේ අධ්‍යක්‍ෂක ලෙස කටයුතු කරන ජේයිෂ්ඨ නියෝජ්‍යය පොලිස්අධිකාරි නිලන්ත ජයවර්ධන මහතාට චෝදනා කිරීමට උත්සහ කිරීම අසාදාරණ කටයුත්තක් පමණක් නොව එය රටේ මහජනතාව නොමග යැවීමට උත්සහ කිරීමකි. නිවැරදිව කටයුතු සිදුකළ තම සගයාගේ රෙදි ගැලවීමට යෑමෙන් පළමුව නිරුවත්වන්නේ තමන් බව මෙම සාක්ෂිකරුවන් බොහෝ දෙනෙකුට අමතක වී ඇත.  "ටොප් සීක්‍රට්” ලෙස වර්ගීකරණය කරනු ලබන්නේ ඉතාම බරපතළ කාරණයක් වනබව  ඔත්තුසේවා ගැන අයන්න දන්නා පුද්ගලයින් පවා දනිති.

කෙසේ වෙතත්, දේශපාලන අවශ්‍යතාවයන් පිරිමසා ගැනීම සඳහා පෙනෙන සත්‍යය අමතක කිරීම කාලාන්තරයක් තිස්සේ මේ රටේ තිබුණු පුරුද්ද වේ. මේ හේතුවෙන්, ඉතාම දක්ෂ බුද්ධි අංශ සාමාජිකයින්ට සහ නිලධාරීන්ට ජීවිතය පවා අහිමි විය. ජීවිත අහිමිවීම් වලින් බොහෝමයක් සිදුවූයේ අනවශ්‍යය අවස්ථාවලදී එම බුද්ධි අංශ නිලධාරීන්ගේ සහ සාමාජිකයින්ගේ අනන්‍යතාවයන් හෙළිදරව් කිරීම හේතුවෙනි. මෙම කනගාටුදායක වැඩපිළිවෙලේ සාක්ෂිකරුවෙකු ලෙස මා එය ඉතාම පැහැදිළිව මතක් කරන්නෙමි.  

මා හට මේ ආකාරයෙන් ලිවීමට හැකි වූයේ ඉතාම වාසනාවන්ත ලෙස අවස්ථා රාශියකදී ජීවිතය බේරා ගැනීමට අල්ලාහ් දෙවියන්වහන්සේ උදව්කළ නිසායැයි මා විශ්වාස කරමි. අදටත් මා ඇතුළු සගයින් විසින් සිදුකළ මෙහෙයුම් ගැන දන්නේ ඉතාම සුළුපිරිසක් පමණි. එසේම, අපේ පවුලේ සාමාජිකයින් පවා අපි බුද්ධි අංශයට සම්බන්ධ වී සේවය කළ බව තවමත් දන්නේ නැත.  එක්තරා මොහොතක අල්ලාහ් දෙවියන්ගේ නාමයෙන් සහ ආශීර්වාදයෙන්, අපි ඉපැදුණු මේ රට අනතුරට ලක් වූ අවස්ථාවේදී බේරා ගැනීමේමොහොත උදා වී ඇති බව අදිටන් කරගත් හෙයින් අපි ඊට සම්බන්ධ වූයෙමු.

රාජ්‍යයක බුද්ධි සේවා වගවීමට සහ වගකීම්වලට යටත්විය යුතු බව පරම සත්‍යයකි. නමුත්, විවිධ දේශපාලන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා එම ආයතන වල ආකෘතිය, ඒවා මෙහෙයුම්කරන ආකාරය, ආදීය ගැන ප්‍රසිද්ධ සමාජයේ කතාබහා වීම එතරම් හොඳ පුරුද්දක් ලෙස මා දකින්නේ නැත. අපි අපේ බුද්ධි අංශ සහ ඒවායේ මෙහෙයුම්කරුවන් නඩත්තු කළ යුත්තේ පරම්පරා ගණනාවක් ඉදිරියට සිතීමෙන් මිස පටු දේශපාලන වාසී ලබා ගැනීමේ අපේක්ෂාවෙන් නොවේ.  මා කිසිම පුද්ගලයෙකු නිවැරදි කිරීම සඳහා මෙම සටහන නොලියු බවත් ප්‍රතිපත්තිමය වශයෙන් රටේ ආරක්ෂාව සහ ඉදිරි දියුණුව අපේක්ෂාවෙන් පමණක් මෙම සටන ලියු බවත් මෙහිදී සඳහන් කිරීමට කැමැත්තෙමි.

ඉන්ෂාල්ලාහ්!

2020: ගෝඨා - රනිල් මිතුදමේ ඇති රහස කුමක්ද?

ගෝඨාබගේ ඉදිරිපත් වීම, රනිල්ට වාසියක් වන බව ඔප්පු කරනු ලැබුවේ, අද ඊයෙක නොවේ

කතුවැකිය 

ලංකාවේ දේශපාලනය යනු, හිතලුවක් නොව, හිතලුවක් සේ මතුපිට තලය තුළ හැසිරෙමින් අභ්‍යන්තර ව්‍යුහය තුළ සැරිසරන ඉතාම ශූක්‍ෂම සිදුවීම් දාමයක ප්‍රතිඵලයකි. මෛත්‍රිපාල සිරිසේන මහතාට තවත් වාරයක් ජනාධිපතිධූරයේ සිටීම සඳහා දැඩි වුවමණාවක්  තිබේ. එම වුමණාවේ ඇති පරාමිතීන්, මූලික කරගෙන පසුගිය ඔක්තෝම්බර් මාසයේදී හෙතම විසින් දියත් කළ මෙරට දේශපාලන ඉතිහාසයේ වඩාත් කූඨතම දේශපාලනික උපාය ගැන යළිත් විමසා බැලීම වැදගත් වේ.  

රනිල් වික්‍රමසිංහ 
දින 52ක් පුරා සිදු වූ දේශපාලන කලහය අවසානයේ ප්‍රතිඵල දෙකක් අප හමුවේ නිර්මාණය විය. පළමුවැන්න, මහින්ද රාජපක්ෂ මහතා වටා ගොඩ නැගෙමින් තිබු විශාල ජන බලවේගය බෙදී වෙන්වී ඇති අතර එය කේඩෑරී වෙමින් තිබේ. එය, එය විසින්ම ප්‍රශ්ණ කරන තත්වයකට තල්ලු වී ඇති අතර මීට පෙර එකිනෙකා අතර පැවති සමගිය දෙදරා ගොස් තිබේ. දෙවැන්න, එක්සත් ජාතික පක්ෂයට එරෙහිව ගොඩ නැගෙමින් තිබු ප්‍රභල ජනතා විරෝධය තනුක වී තිබේ. 

මෙම මූලික දේශපාලන ප්‍රවණතාවයන් දෙක විසින් නිර්මාණය කොට ඇති තෙවැනි දේශපාලන සන්තෑසිය නම්, මෛත්‍රිපාල නිශ්චිත දේශපාලන බලවේගයක් බවට පත් කිරීමය. ඔහු සතුව ඇති ජන බලය ඉතාම සීමා සහිත  වුවත් එය මීළඟ දේශපාලන වෙනස ඇතිකිරීමට හෝ පවතින දේශපාලනික තත්වය ඉදිරියට රැගෙන යෑම සඳහා ප්‍රත්ක්ෂේප කළ නොහැකි කාරණයක් බවට පත් වී තිබේ. නමුත්, මෙය මහින්ද පාර්ශවය මෙන්ම එක්සත් ජාතික පක්ෂය අවතක්සේරු කර ඇති ස්වභාවයක් පෙන්නුම් කරනු ලබයි. 

දැනට පවතින දේශපාලන තත්වය වඩාත් සරලව ගෙන බැලුවහොත් මෙසේ විග්‍රහ කළ හැකිය. එක්සත් ජාතික පක්ෂයට රනිල් වික්‍රමසිංහ මහතා මීලඟ ජනාධිපතිධූර අපේක්ෂකයා බවට පත් කිරීමේ වුමණාවක් තිබේ. අනෙක් පසින් ගෝඨාබය රාජපක්ෂ මහතාට රටේ ජනාධිපති වීම සඳහා දැඩි වුමණාවක් තිබේ. කරු සහ සජිත් යනු ඒක්සත් ජාතික  පක්ෂයේ ( පෙරමුණෙ) සැබෑ දේශපාලන සැලසුම සාර්ථක කර ගැනීම සඳහා භාවිත කරන මූලික විෂයන් පමණි. කරුණු කෙසේ වුවද ප්‍රතික්ෂේප කළ නොහැකි කාරණයක් තිබේ. එනම්, රනිල් මෙහිදී දේශපාලනික වාසනාවන්තයා ලෙස මතුවෙමින් සිටීමයි.  

ගෝඨාගේ ඉදිරිපත්වීම රනිල්ට වාසියක් මිස අවාසියක් නොවේ. මෙනිසා, රනිල්, ගෝඨා බේරා ගැනීමට කළ හැකි ඕනෑම දෙයක් සිදුකරමින් ජනාධිපතිවරණ වේදිකාව දක්වා ඔහු රැගෙන ඒමට අවශ්‍යය කටයුතු සිදුකළ හැකිය.

ගෝඨාට එරෙහිව ඇමරිකාවේ නඩු පවරා ඇතැයි ඊයේ දිනයේ පල වූ පුවත් හා සමාන දෑ ඉදිරි දින වලදීද ප්‍රචාරය විය හැකි නමුත්, ඔහුට ජනාධිපතිවරණයකට ඉදිරිපත්වීම සඳහා එවැනි දෑ එතරම් බලපෑමක් සිදු කරනු ඇතියි සිතිය නොහැකිය. නීතියේ මූලික පිළිගැනීම යනු, " චූදිතයෙකු ස්වාධීන අධිකරණ ක්‍රමවේදයක් ඔස්සේ වරදකරුවකු කරන තෙක් ඔහු නිවැරදි කරුය." යම්කිසි කාරණයකට, සැකකරුවකු වූ පමණින් ඔහුට හෝ ඇයට හිමි මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමට ලෝකයේ කිසිඳු රටකට බලයක් නැත.  

කෙසේ හෝ වේවා, ගෝඨාගේ  ඉදිරිපත් වීම, රනිල්ට වාසියක් වන්නේ මන්ද? විසඳාගත යුතු මූලික කාරණය මෙයයි. 

ගෝඨාබගේ ඉදිරිපත් වීම, රනිල්ට වාසියක් වන බව ඔප්පු කරනු ලැබුවේ, අද ඊයෙක නොවේ. එය ඔප්පු වූයේ 2005, මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරයට ඉදිරිපත් වීමෙන් පසු මුහුණ දුන් අසීරු තත්වයටය.

මහින්ද, කොටි සංවිධනයට මුදල් දී, රනිල්ගේ ජයග්‍රහණය වළක්වා කෙසේ හෝ ජනාධිපති ධූරය ලබා ගැනීමට සමත් වූ බව පැවසුවේ අදාළ ගනුදෙනුව ගැන වඩාත් හොඳින් දැනසිටි ශ්‍රීපති සූර්යාරච්චිය. එය කිසිවකු විසින් ප්‍රත්ක්ෂේප නොකළහ. මහින්ද මෙය අමතක කොට ඇතැයි සිතිය නොහැකිය. නමුත් පසුගිය ඔක්තෝම්බර් මාසය දක්වා මහින්ද ගොඩ නගමින් සිටි දේශපාලන බලය එම සියලු අභියෝග ජයගැනීමට හැකි බලවේගයකි. නමුත් එහි හුළං ගොස් දැන් පැටලී ඇත්තේ උභතෝකෝටිකයකය.

2020 යනු වසර 15 කට පසු උදාවන තත්වයයි. උතුරු නැගෙනහිර ජනතා කැමැත්ත රනිල්ට අවාසි ආකාරයෙන් හැසිරවීම සඳහා ප්‍රභල දේශපාලන බලවේගයක් ගොඩ නැගී නැත. එසේම, දෙමළ සහ මුස්ලිම් ජන සංඛ්‍යාව සීග්‍රයෙන් වැඩි වී ඇති අතර, ඔවුහුට හිමි ඡන්දබලයද ඊට සමගාමීව වැඩි වී තිබේ.  ඊට අමතරව, දකුණේ දේශපාලනය විවිධ පාර්ශවයන් මූලික කරගෙන බෙදී තිබේ. මහින්ද, අභිමුඛව සිටින ඇතැමුන්ට මෛත්‍රී අරහං වන අතර තවත් අයවලුන්ට ගෝඨා අරහංය. ඔක්තොම්බර් මාසයේදී සිදු කළ දේශපාලන ක්‍රමෝපාය විසින් හිතා මතා හෝ අහම්බෙන් සිදු කරනු ලැබූ ප්‍රභල දේශපාලන මෙහෙයුම එයයි. 

එනයින් බලන කල මෛත්‍රී එහිදී දැනුවත්ව හෝ නොදැනුවත්ව සහෝගය දක්වා ඇත්තේ රනිල් වික්‍රමසිංහට මිස මහින්ද රාජපක්ෂට නොවේ. මෙම තත්වය හමුවේ, රනිල් වික්‍රමසිංහ මහතා, තමන්ට එරෙහිව දේශපාලන බලවේගයක් නිර්මාණය නොවීමට අවශ්‍යය පරිසරය සකස් කළහොත්, මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අරමුණ එනම් දෙවැනිවරටත් ජනාධිපති වීමේ සිහිනය බොඳ වනු ඇත.

තම මෙහෙයුම සාර්ථක කරගැනීම සඳහා  වික්‍රමසිංහ මහතා, ගෝඨා තමන්ට රිසි අයුරින් භාවිතා නොකරාවී යැයි කිව නොහැකිය.සියල්ලට හොරෙන්, ඉතාම ශක්තිමත් වී ඇති මෙම ගෝඨා-රනිල් මිතුදමේ රහස මෙයයි.  

අපේ බුවා කරළියට


නවතම දේශපාලන හාස්‍ය උත්පාදන වැඩසටහන "අපේ බුවා" අද දින සිට ආරම්භ විය. ටී.ටී.වී. ආයතනය විසින් නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කරන මෙම වැඩසටහන සතියේ සෑම අඟහරුවාදා දිනයකදීම විකාශය කරනු ලබන්නේ යුටියුබ් ඔස්සේය.