ශ්‍රී ලංකාව: දේශපාලන රික්තය

මාර්ග අනතුරු වලින් 170 දෙනෙක් සහ ඩෙංගුවලින් විශාල පිරිසක් ජනවාරි මාසයේදී මිය යති

| ආසියානු මානව හිමිකම් කොමිසමේ නිවේදනයකි

( 01.02.2012 | lankaguardian.com) පසුගිය ජනවාරි 28 වැනිදා පමණක් මාර්ග අනතුරු වලින් 17 දෙනෙකු මරුමුවට පත් වූහ. ඒගැන පොලිසිය නිකුත් කළ නිවේදනයට අනුව එය එක් දිනක් ඇතුළතදී සිදු වූ විශාලතම අනතුරු සංඛාව ලෙස සැලකේ. පොලිසියද අදාළ නිවේදන නිකුත් කිරීමට පමණක් සීමා වී ඇති බව අවිනීත සහ පාලනය කරගැනීම ශක්තියක් නොමැති රියදුරන්ට එරෙහිව ක්‍රියාමාර්ගයක් නොගන්නා බව සනාථ වී ඇත්තේ පසුගියදා එක්තරා නියෝජය ඇමතිවරයෙකුගේ බෑණනුවන් කෙනෙකු විසින් යතුරු පැදි තුනක් හප්පා පුදගලයින් දෙදෙනෙකු මරා දමා සහ තවත් විශාල පිරිසට තුවාල සිදු කිරීමෙන් පසු ප්‍රදේශය භාර ජෙයිෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් ඔහු නිදහස් කරනු ලැබීමෙන් පෙනේ.

ජනවාරී මාසයේ ගෙවීගිය දින 29 ඇතුළතදී පමණක් සිදු වූ ප්‍රභල මාර්ග අනතුරු සංඛ්‍යාව 156 ක් වන අතර ඉන් 170 දෙනෙකු මිය ගියහ. එම කාල පරිචේදය තුළදී ඩෙංගු ආසාධිත රෝගීන් සංඛ්‍යාව 2449 දෙනෙකු වූ අතර ඒ හේතුවෙන් මිය යන සංඛ්‍යාව වර්ධනය වෙමින් තිබේ. මේඅතර සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ඩෙංගු නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කළේය. ඩෙංගු වැළඳීමෙන් මිය ගිය අසාධිතයින් අතර 27 හැවිරිදි වෛද්‍යවරයෙකුද වේ. වසංගත ඝාතකයෙකුට එරෙහිව කටයුතු කිරීම සඳහා ඇති ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනීම සඳහා ඩෙංගු සතියක් ප්‍රකාශ කිරීමෙන් සිදු වී ඇත්තේ ජනතාව අතර මෝදුවෙමින් පවතින් ඉච්ඡාභංගතත්වයට පැලැස්තර විසඳුමක් දැමීමය.

තවද ඩෙංගු උණ වැළඳීමෙන් මිය යන සංඛ්‍යාව සහ මාර්ග අනතුරුවලින් මිය යන සංඛ්‍යාව වර්ග දෙකකට බෙදා වෙන් කළ හැකි නමුත් ඉන් පිළිබිඹු වන්නේ රට මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා ආණ්ඩුවට ඇති නොහැකියාවයි. නොහැකියාව ව්‍යුහගත වී තිබේ. ප්‍රචාරණ කටයුතු වලට වඩා එහා ගිය අදාළ ගැටලු සඳහා සාධනීය ඍජු මැදිහත්වීමක් සහිත යාන්ත්‍රණයක් ආණ්ඩුවෙන් පිළිබිඹු නොවේ. එනම් ආණ්ඩුවේ සාධනීය හැකියාව අඩුපාඩුවලින් පිරී තිබේ. මේ නිසා භූමි මට්ටමේ ගැටලු සඳහා යොමු විය හැකි කිසිඳු සාධනීය යාන්ත්‍රනයක් බල ගැන්වීම සඳහා සියලුම බලාධිකාරිය තමන් යටතට නතු කොට ගෙන සිටින විධායක ජනාධිපතිවරයාට ප්‍රතිපත්තිමය තීරණයක් නැත.

අනවරත දේශපාලන මැදිහත්වීම හේතුවෙන් ජාතියේ ප්‍රතිපත්තිමය ක්‍රමය හාස්‍යජනක තත්වයට පත් වී තිබේ. වගකීමක් සහිත වූ ක්‍රමවේදයක් කිසිඳු ප්‍රඥාගෝචර විලාසයකින් තව දුරටත් සිදු නොවන බව සනාත වී තිබේ. එසේම ඇමතිවරයෙකුගේ බෑණකු වූ පලියට, මාර්ග අනතුරුවලට වග කිව යුතු බීමත් රියදුරෙකු ගැන ස්වාධීන තීරණ ගැනීමට පොලිසයට නොහැකිය. ස්වාධීනව කටයුතු කිරීමට පොලිසියට හැකියාවක් නොමැති බව මෑතකදී ජනාධිපතිවරයාගේ සහෝදරයා මෙන්ම ආරක්ෂක ලේඛම් වරයා තමන්ගේ දීර්ඝ කතාවකදී අවධාරනය කරනු ලැබීය. ඉහලින් සිදුකෙරෙන දේශපාලන මර්ධනය හේතුවෙන් එවැනි පරම සත්‍යන් නොසලකා හැරීම නිසා ක්‍රමවේදය මියැදී ඇත. මේ නිසා පොලිසිය කෙරෙහි ඇති විශ්වාසය බිඳවැටීම හේතුවෙන් ආණ්ඩුවට පවා විශේෂ කාර්ය බලකාය මත යැපීමට සිදු වී තිබේ.

පොලිස්යේ කඩාවැටීම හා සාමන අකාරයෙන් සෞඛ්‍ය ක්‍රමයද බිඳ වැටී තිබේ. ඒ වෙනුවට රූපවාහිනී ඇතුළු මුලික මාධ්‍ය විසින් අඛණ්ඩ ප්‍රචාරණය ක්‍රමවේදයක් සිදු කරමින් සිටියි. කෙසේ වෙතත් ඝාතක රෝගයක් බවට පත් වී ඇති ඩෙංගු වසංගතය තුරන් කිරීම සඳහා වග කිවයුතු කිසිවෙක් නැත.

සෑම තැනම දුෂණය ව්‍යාප්ත වී පැවතීම ආණ්ඩුවේ අසමර්ථතවයේ පිළිබිඹුවට හේතු වන මුලික කාරණය වේ. නමුත් දුෂණය නැවත්වීම සඳහා කිසිඳු වැඩපිළිවෙලකට තල්ලු වෙන හෝඩුවාවක්වත් ආණ්ඩුවෙන් දක්නට නොලැබේ. එනම් නියෝග කිරීමට අනුව කටයුතු කිරීම සඳහා ආණ්ඩුවට ක්‍රමවේදයක් නැති වූ තැන දුෂණය වැනි කාරණයක් සමඟ කටයුතු කිරීමටද නොහැකි වීම නිශ්චිත කාරණයකි.

මේ කාරණා හමුවේ රටේ ජනතාව මුහුණ දෙන මුලික ගැටලුව වන්නේ මාර්ග අනතුරුවලින්, ඩෙංගු ව්‍යාප්තියෙන් මෙන්ම අනෙකුත් සමාජ ගැටලුවලින් තමන් බේරා ගැනීමට හැක්කේ කාටද යන්නයි. එවැනි උත්සහයක් ගන්නා කිසිම අධිකාරියක් කිසිවෙකුට හඳුනා ගැනීමට නොහැකිය.

රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම මෙවැනි අවලාදයන් මතු වෙමින් තිබේ. මෑතකදී සිදු වූ මාර්ග අනතුරු වලින් මිය ගිය අයගේ ඥාතීන් සහ ප්‍රදේශවාසින් විසින් පවත්වනු ලැබූ විරෝධතා වලදී ඔවුහු පොලිසිය සමඟ කේන්තියෙන් වචන භාවිතාකරන ආකාරය දක්නට ලැබුණි. මෙවැනි මරණ සඳහා ශෝකය ප්‍රකශ කරමින් හඬ නගා හඬනු වෙනුවට පොලිසිය සමඟ අඬදබර කරගැනීම දේශපාලන අධිකාරියේ කිසිඳු ප්‍රතිචාරයක් සඳහා පිටිවහලක් නොවේ. එසේම ඩෙංගු හේතුවෙන් මියයන සංඛ්‍යාව දිනෙන් දිනම ඉහළ යෑම අතිශය සංවේදීජනක බලාපොරොත්තු රහිත විලාපයකට හේතුවෙමින් තිබේ.

එසේම විපක්ෂ දේශපාලන පක්ෂ කිසිවකටද මෙවැනි ගැටලූ සඳහා කිසිම පිළිතුරක් නොමැත. ඔවුන්ගේ කාලයෙන් වැඩි කොටසක් මිඩංගු කරනු ලබන්නේ ඔවුන්ගේම ක්‍රෝධයන් පිරිමසා ගැනීමටය.

මේ සියල්ල විසින්ම ශ්‍රී ලංකාවේ භයානක දේශපාලන රික්තයක් නිර්මාණය කොට තිබේ.